කිරි කැටියෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවන තවත් හේතු 5ක්

Newborn-Care-Unit

නව ජන්ම ළදරුවෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට සිදුවන හේතු පිළිබඳව අපි මිට පෙර ලිපියකදිත් සාකච්ජා කල ඔබට මතක ඇති. මේ ම ලිපියෙන් දැක්වෙන්නේත් එසේ වීමට බලපෑ හැකි තවත් අවස්ථා පහක් පිළිබඳවයි.

01). වලිප්පුව – Convulsion ඇති වීම

හදිසියේ ඇතිවන ස්නායු ක‍්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා මෙම තත්ත්වය ඇති වේ. මෙයට හේතූ ලෙස,

  • උපත් අනතුරු Birth Injuries
  • ආවෘති දාහය (මොළයේ පටල ප‍්‍රදාහය – Ineninrtics)
  • මොළය තුල රුධිර ගැලීම
  • පරිවෘත්තීය රෝග
  • රුධිරයේ සීනි අඩුවීම
  • රුධිරයේ කැල්සියම් අඩුවීම හෝ
  • රුධිරයේ සෝඩියම් අඩුවීම හෝ වැඩිවීම

මීට අමතරව ශරීර උෂ්ණත්වය වැඩිවූ විටද මෙවැනි තත්ත්වයක් සමහර ළදරුවන් තුළ දැකිය හැක.

මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර ලෙස,

i) අවශ්‍ය නම් කෘත‍්‍රීම ශ්වසනය ලබාදීම :

  • වා මග පැහැදිලි කිරීම. ශ‍්‍රාවයක් ඇත්නම් ඉවත් කිරීමට ඵලදායී ස්වසනයක්, ප‍්‍රමාණවත් රුධිර සැපයුමක් ඇති දැයි නිරීක්‍ෂණය. අවශ්‍ය නම් ඔක්සිජන් ලබාදීම
  • කැනියුලාවක් ඇතුළු කරගැනීම හා රුධිරය සම්පූර්ණ වාර්තාවක් සඳහා (Full Blood Count), රුධිරයේ සීනි පරීක්‍ෂාව (Random blood sugar), රුධිර කැල්සියම් හා විද්‍යුත් ශ්ලඵක (සෝඩියම්, පොටෑසියම්) පරීක්‍ෂාව සඳහා ගැනීම

ii) රුධිරයේ සීනි මට්ටම 45mg/dl වඩා අඩු නම් 10% Dextrose ආම්ලයිකය බර අනුව ලබාදීම 

iii) කැල්සියම් ප‍්‍රමාණය අඩු නම් Calcium gluconate මගින් නිවැරදි කිරීම

iv) තවදුරටත් ආක්ෂේප පවතී නම් ප‍්‍රති ආක්ෂේප ඖෂධ (Anti Convulsire drug) ලබාදීම (උදා: Phenobarbitone IV, Levateracetum IV)

v) ප‍්‍රති ආක්ෂේප මගින් ද මෙම තත්ත්වය අඩු නොවුනි නම් Midazalam ඖෂධය N.Salin හා එකතු කර ශිරාවක් ඔස්සේ ආම්ලයිතයක් ලෙස ලබාදීම

තීව‍්‍ර අවස්ථාව සමනය වූ පසුව මොළයේ ස්කෑන් පරීක්‍ෂණය (USS brain)  හා (ECG) පරීක්‍ෂණය කරගැනීම වැදගත් වේ.

02). කාමලාව (Jaundice)

සම හා ඇසේ සුදු පැහැ කොටසේ  (Sclera)  කහ පැහැයක් ගැනීමයි. මෙය ආකර 2 කි.

i) භෞතවේදීය කාමලාව (Physiological Jaundice)

පැය 24-72 කහ පැහැය ඇති වේ. මේරූ දරුවෙකුගේ නම් දින 4-5 දී ද නොමේරූ දරුවෙකුගේ නම් දින 7 දී ද නොපෙනී යයි.

ii) ව්‍යථවේදීය කාමලාව (Pathological Jaundice) මුල් පැය 24 තුලදී ඇති වේ

මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර ලෙස,

  • ප‍්‍රභා ප‍්‍රතිකාරය (Phototherapy)  :CFL, LED  බල්බ යොදා ගනිමින් Florescent Light Phototherapy Machine ආධාරයෙන් ප්‍රභා ප්‍රතිකාර ලබාදීම සිදුවේ.

බිලිරුබින් මට්ටම පරික්ෂා කරමින් එය වැඩි නම් ප්‍රභා ප්‍රතිකාරය දෙගුණ කරනු ඇත.ඉන් ද සුවය නොලැබුනහොත් රුධිර හුවමාරුව (Blood exchange) සිදු කරයි.

03). නවජ සුති ප‍්‍රතිය (Neonatal Sepsis)

ශරීර ගතව සිටින බැක්ටීරියා රුධිරයට එක්වීම නිසා ඇතිවන ආසාධන තත්ත්වයකි. මේ තත්ත්වය ඇති කිරීමට වැඩිපුරම බලපාන බැක්ටීරියා වර්ග ලෙස E-Coli, B Streptococci, staphylococci  යන බැක්ටීරියා වර්ග හැඳින්විය හැකිය. මෙසේ  මෙම බැක්ටීරියාවන් රුධිරයට එක්වීම නිසා එම රුධිරය සංසරණය වන සෑම අවයවයකම හානිදායක තත්ත්ව ඇති කරයි.

මෙම තත්ත්වය හඳුනාගැනීම සඳහා සිදු කරන පරීක්‍ෂණ :

  • රුධිර වගා කිරීම (Blood Culture)
  • සම්පූර්ණ රුධිර පරික්ෂාව (Full blood count)
  • C-Reactive Protein (CRP)
  • මුත‍්‍රා වගාව (Urine culture)
  • සුසුම්නා තරලය පරීක්‍ෂාව (Cerebro Spinal Fluid)
  • Chest X-ray

ප‍්‍රතිකාර ලෙස :

  • වා මඟ පැහැදිලිව තබාගැනීම
  • ස්වසන අපහසුතා ඇත්නම් කෘතීම ස්වසන යන්ත‍්‍රයකට සවි කිරීම
  • රුධිර සංසරණය පවත්වා ගැනීම
  • රුධිරයේ සාමාන්‍ය සීනි මට්ටම පවත්වා ගැනීම
  • රුධිර ගැලීමක් ඇත්නම් විටමින් K iv ලබාදීම
  • තරලය ශිරා මගින් ශරීර ගත කරන අතර තීව‍්‍ර අවස්ථාව මගහැරෙන තුරු මුඛයෙන් කිසිවක් නොදේ
  • රුධිරයේ ඔක්සිජන් මට්ටම පවත්වා ගැනීම (90% – 94%)
  • රුධිරය වගා කිරීම හරහා සුදුසු ප‍්‍රතිජෛවක ලබාදීම
04). ආජන්මන හෘද රෝග (- Congenital Heart Disease )

දරුවා උපදින විට හෘද බිත්තියේ හෘද කපාට, රුධිර වාහිනීවල ආබාධ සහිතව උපදී. විවිධ රෝග තත්ත්ව සඳහා විවිධ ප‍්‍රතිකාර ඇත.

ප‍්‍රතිකාර ලෙස :

  • ඖෂධ ලබාදීම
  • හෘදය විවෘත කිරීම හරහා කරන ශල්‍යකර්ම
  • හෘද කැතීටරකරණය Cardiac Catheterization
  • බාහිර උපකරණ සම්බන්ධ කිරීම (උදා: Pace Maker – අසාමාන්‍ය හද ගැස්ම පාලනය කරයි)

Implantable cardioverter defibrillator – ජීවිතයට තර්ජනය විය හැකි හද ගැස්ම පාලනය කරයි

05). දරුවන් තුළ ඇතිවන ශල්‍ය තත්ත්ව – Surgical Conditions of New Born

  • ගුදය නොපැවතීම (Imperferated Anus)
  • අන්තක කොටස් මිය යාම (NEC – Necrotizing Entero Colitis)
  • මහා ප්‍රාචීරය හරහා උදර කුහරයේ අවයව උරස් කුහරයට පැමිණීම (Diaphragmatic Hernia)
  • ග‍්‍රහනියේ පටුවීම (Duodenal Atreshia)
  • ස්වාසනාලය හා අන්ත ශ්‍රෝතය අතර සම්බන්ධතාවයක් ඇති වීම (TOF (Tracheo Oesophageal Fistala)

ඉහත ශල්‍ය තත්ත්වයන් සඳහා ශල්‍යකර්ම සිදු කරයි.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය E.M.S ඒකනායක මහතා සමග සුතිකා පුහුණුව ලැබූ හෙද නිලධාරීනි ක්‍රිෂාන්ති ගංගා මහත්මිය විසින්  සකසන ලද ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here