ඝන ආහාර දීමට කාලය ඇවිත්

පුංචි පැටියා මෙලොව එලිය දුටු දවසේ පටන් අම්මාට තාත්තාට අවශ්‍ය වෙන්නේ තමන්ගේ දරු පැටියා ඉක්මනින් උස් මහත් කර ගන්නයි. ඒ නිසාම ඉක්මනින් ඝන ආහාර දෙන දවස කවදා උදා වෙයිදැයි අම්මා හීන මවනවා. මේ ගැන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් උපදෙස් ලැබෙනවා. කැලැන්ඩර් ක්‍රමයට ඝන ආහාර දෙන දිනය තිබුනත් එක් එක් දරුවාගේ වර්ධන වේගය වෙනස්. ඒ නිසාම දරුවාට හොදින් ආහාර ගිලීමේ හැකියාව ඇති වීමත් අවශ්‍යයි. ඒ නිසාම ඝන ආහාර පටන් ගන්න නම් දරුවාගේ මේ හැකියාවන් තිබෙනවදැයි අම්මාටත් සහතික වීමට පුලුවනි.

දරුවාගේ හිස කෙලින් තබා ගැනීමට පුලුවන්ද ?

දරුවාට හිස කෙලින් තබා ගැනීමේ හැකියාව නැත්නම් ඝන ආහාර ගිලීමේදී පිටඋගුරේ යෑම වැනි අපහසුතාවයන් දරුවාට ඇති වෙන්න පුලුවන්. ඒ නිසා දරුවාගේ හිස කෙලින් තබා ගැනීමට හැකියාවක් ලැබීම තාම වැදගත්.

ඒ වගේම ගෙල ප්‍රදේශය පාලනය

අපි ආහාර කවන පොවන විට දරුවාට බෙල්ල පාලනයකින් තබා ගැනීමට නොහැකි නම් එය අපහසුතාවයක්. ඒ නිසා ඝන ආහාර දීම ආරම්භ වන විට බෙල්ල දරුවාට පාලනයකින් තබා ගැනීමට හැකියාව තිබීමත් ඉතාම වැදගත්.

උදව් ඇතුව වාඩිවීමට පුලුවන් වීම

ඝන ආහර ලබා දෙන විට දරුවාට වාඩි වී සිටීමේ හැකියාව තිබීම ඉතාම වැදගත්. නිදා ගෙන සිටින ඉරියව්වෙන් ආහාර දීම සුදුසු නැහැ. එවිට අතරමග සිරවීමට පුලුවන්. ඒ නිසා දරුවා වාඩි කරවා ගෙන දෙනවා නම් ඔවුන්ට ඔබ වාඩි කලාට පසුව ටික වේලාවක් හෝ එම ඉරියව්වෙන් සිටීමේ හැකියාව තිබීම වැදගත්.

ආහාරය දෙසට දරුවා යොමු වීම

සාමාන්‍යයෙන් ආහාරයක් ලබා දෙන විට දරුවාට ඒ වෙතට කට දිගු කිරීමේ හැකියාව තිබීමත් ඉතාම වැදගත්.

ගිලීමට පුලුවන්ද…

මව්කිරි වැනි දයරයෙන් පෝෂණය වුන දරුවාට ආහාර ගිලීමේ හැකියාව තිබෙනවාදැයි දැන ගන්න. සමහර විට දරුවාට ආහාර ගිලින්නේ නැතුව නටේ තබා ගෙනම සිටින්න පුලුවනි. ඒ නිසා ඝන ආහාර පටන් ගන්නා විට දරුවාට ගිලීමේ හැකියාව තිබීමත් වැදගත්.

ආහාර ළං කරන විට කට ඇරීම

ආහාරයක් ලං කරන විට කට ඇරීමේ  හැකියාවත් දරුවාට තිබෙනවා නම් ඝන ආහාර පටන් ගැනීමට  හොඳම කාලයයි.

ඝන ආහාර පටන් ගන්නේ කොහොමද…

ඝන ආහාර පටන් ගන්නා විට දරුවාට එහි රසයක් ගැන තේරුමක් නැහැ. ඒ නිසා මුලින්ම දරුවාගේ තොලේ ටිකක් ආලේප කරන්න. එවිට ඔහු එයින් දැනෙන රසය දිව ඔස්සේ ග්‍රහණය කර ගන්නවා.ඊටපසුව ඝන ආහාරයට ක්‍රමයෙන් සම්බන්ධ වීමට පටන් ගන්නවා.

කුඩා කටවල් දෙන්න..

අම්මාට අවශ්‍ය වෙන්නේ දරුවාට නියමිත මාත්‍රාව කෙසේ හෝ ඔහුගේ කුසයට ඇතුලු කිරීමටයි. ඒ නිසා ඇය ලොකු ලොකු කටවල් හදා ගන්නේ ” අනේ කොහොම හරි මේ ටික කවා ගත්තොත්…යන බලාපොරොත්තුවෙන්. ඒ වුනත් දරුවාට ලොකු කටවල් කවන විට එය අප්‍රිය වීමට පුලුවන්. ඒ නිසා නිතරම කුඩා කටවල් කැවීම දරුවාට ප්‍රිය උපදවන දෙයක් වීමට පුලුවනි.

ආහාර රසය විවිධ කරන්න.

මුලින්ම පටන් ගන්නා බත් තලපය මතම රැදී නොසිට ක්‍රමයෙන් විවිධ රස දරුවාට එක් කරන්න. කාලය සමග දරුවා වැඩෙන නිසා පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් මත මස්, මාලු, බටර්, පලා වර්ග එකතු කිරීමට පුලුවන්. එකාකාර රසයට වඩා දරුවා විවිධ රසයන්ට ප්‍රිය කරාවි.

සමහර ආහාර අපථ්‍ය වෙන්න පුලුවනි..

අපි පොතේ හැටියට පෝෂණය ගලපා ගත්තත් සමහර ආහාර වෙනුවෙන් දරුවා අප්‍රිය කිරීම විතරක් නොවෙයි, ඔහුට ඒවා ආසාත්මිකතාවයක් දැක්වීමටත් පුලුවනි. උදාහරණයක් විදිහට සමහර දරුවන් බිත්තරවලට ආසාත්මික වීමට පුලුවනි.ඝන ආහාර පිළියෙල කරන විට විවිධ ආහාර වර්ග එක් කරන නිසා එයිනුත් දරුවා ආසාත්මිකතාවයක් දක්වන ආහාරය වෙන් කර හදුනා ගැනීම ඉතාම වැදගත්.එතැනින් පසුව දරුවාට අසාත්මිකතාවය දක්වන ආහාරය එකතු නොකර සිටීමට පුලුවනි.

කුස පිරුනාම ප්‍රතික්ෂෙප කරාවි..

දරුවාට කුස පිරුන විට ඔහු තව දුරටත් දෙන ආහාරය ප්‍රතික්ෂෙප කරාවි.එවිට බලහත්කාරයෙන් දරුවාට කවන්න එපා. එය දරුවාට මානසික වධයක් වේවි. ඒ නිසා දරුවා තරයේම ප්‍රතික්ෂෙප කරනවා නම් එයින් ඔබ්බට ඔහුට වධයක් නොවන්න.

ආහාර කවන විට ඔබ දරුවා අසල සිටින්න…

දරුවාට ආහාර කවන අතරවාරයේ ඔබ වෙනත් කාර්යක නිරත වීම එතරම් සුදුසු නැත. දරුවන් අසලම රැඳී සිටීම තාම වැදගත්. සමහර විට ඔහු හැන්ද ඔබගෙන් ඉල්ලා ගෙන තනියම ආහාර ගැනීමට ඉල්ලා සිටින්නට පුලුවනි. එවිට ඒ වෙනුවෙනුත් ඉඩ දෙන්න. හැන්දටත් දරුවා හුරු වීම වැදගත්. ඒ වගේම දරුවා හුදෙකලා කර ඔබ එතැනින් අයින්ව ගියොත් විවිධ දේ ආහාරයට එක් කර ගැනීමට පුලුවනි. ආහාරය හලා දැමීමට පුලුවන්. ආහාරය දිගු වේලාවක් විවෘතව තබනවාට වඩා ටිකින් ටික බෙදා ගන්න. නිරාවරනය තබන විට ක්ෂුද්‍රජීවින් එක් වීමට වගේම ආහාරය සීතල වීමට පුලුවනි.එවිට ආහාරයේ ප්‍රියතාවය නැති වීමට පුලුවනි.

ඉවසීමත් වැදගත්

දරුවන්ට ආහාර කවන පොවන විට අම්මාගේ ඉවසීමත් වැදගත්.ඉවසීම නැතුව දරුවාට ආහාර ලබා දීම පහසු නැහැ. සැර වැරයෙනුත් මේ දේවල් කිරීම අපහසුයි වගේම ඒ තරම් සුදුසු නැහැ. ඇයි කිව්වොත් අපි දරුවා සෙනෙහසින් පෝෂණය කිරීම ඉතාම අවශ්‍ය නිසයි. අම්මලා විදිහට උයා පිහල කන්න දුන්නාම දරුවාග් රෙලිය ඉදිරියේ තරහත් යන එක ඇත්ත වුනත් අපි ඉතින් අම්මලානේ..ඒ නිසා ඉවසීමෙන් දරුවාගේ පෝෂණයට අවශ්‍ය විදිහට කවා පොවා ඇති දැඩි කර ගනිමු නේද.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here