- Advertisement -

බ්‍රිතාන්‍යයට දක්ෂ දැරිය අපේ රටෙන්

-

නිෂී උග්ගල්ල තවම කටේ කිරි සුවඳවත් නොගිය දොලොස් හැවිරිදි දැරියක්. දැනට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටියත් ඇය ශ්‍රි ලාංකික සම්භවයක් ඇති දියණියක්. නිශීගේ පියා  නීලංග උග්ගල්ල වූ අතර මව  ශිරෝමි ජයසිංහ නම් වූවාය. ඇය පිළිබඳව කතා බහ ගොඩ නැගුනේ පසුගිය දිනක චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන “Child Genius” වැඩසටහනේදී මේ පුංචි දියණිය ලත් ජයග්‍රහණය නිසාය. බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් සමග උරින් උර ගැටුන ඇය ”දක්ෂතම දැරිය” ලෙසින් ජගත් කීර්තිය ලැබුවාය.

තම දියණියගේ හැකියාවන් ගැන නිහතමානී ආඩම්බරයකින් කතා කරන ඇගේ පියා නිලංග උග්ගල්ල සදහන් කරන්නේ තම දියණිය කුඩා කාලයේ පටන්ම ඇගේ වයසේ දරුවන්ට සාපේක්ෂව බෙහෙවින් වෙනස් අන්දමින් කටයුතු කරන ලද බවයි. ඔවුන් දියණිය මුල් කර ගෙන අතීතාවර්ජනයේ යෙදෙමින් කියා සිටියේ ඇය ළදරු පාසලේදී  පවා බෙහෙවින් ඉදිරියෙන් සිටි අතර මේ විශේෂත්වය කොතරම්ද යත් ලදරු පාසල් ගුරුවරියට නිෂී වෙනුවෙන් අලුත් ක්‍රියාකාරකම් සකස් කිරීමට පවා සිදු වුන බවයි.

- Advertisement -

ඒ වගේම වෙනත් දරුවන් සෙල්ලම් බඩු සමග කාලය ගෙවද්දී අපේ දුවට උවමනා වුනේ ප්‍රහේලිකා හදන්න. පුංචි කාලයේ පටන්ම ඇගේ තිබුන මේ දක්ෂතාවය නිසා පංති තුනක් ඉහළට හෙවත් ඇයට ට්‍රිබල් ප්‍රමෝෂන්  ලැබුන බවත් පියා සදහන් කලේය. ඒ තරමටම අපේ දුව පුංචි කාලයේ පටන්ම විශේෂ දක්ෂකම් පෙන්නුවා…

  • ඇගේ පියාගේ මේ සටහන අපේ දෙමව්පියන්ට නම් බොහොම වැදගත්…

අපි කවදාවත්ම නිෂි ටියුෂන් යැව්වේ නැහැ. ඇයට බොහොම නිදහසේ ඉන්න දුන්නා. ලංකාවේ දෙමව්පියන් වගේ මෙහේදී ටියුෂන් තරගයක් නැහැ. අපි තවම දුවට වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියන අභියෝග දීලා නැහැ. එයාට අවශ්‍ය විදිහට එයා යන මාර්ගය එයාගේ හැකියාවෙන්ම හැදේවි…ඒත් නිෂීගේ නම් අනාගත බලාපොරොත්තුවක් තියෙනවා.. ඒ, එයාගේ ප්‍රියතම විද්‍යාඥයා වන අභාවප්‍රාප්ත මහාචාර්ය ස්ටීවන් හෝකින් ගත් මග යමින් අනාගතයේ දිනෙක භෞතික විද්‍යාඥවරියක් වීමටයි.

අපි නිතරම නිෂී සමග එලිමහනේ ඇවිදින්න යනවා. එයාට බයිසිකල් පදින්න නිදහස දෙනවා. ශ්‍රි ලංකාවට ආවාම අනිවාර්යෙන් උඩවලවේ යන්න නිෂීට උවමනායි.

මේ වැඩසටහන වෙනුවෙන් වුනත් අපේ කිසිම බලකිරීමක් තිබුනේ නැහැ. එයාගේ උවමනාවෙන් ඉදිරිපත් වුනේ.

තමන්ගේ ජයග්‍රහණය ගැන අදහස් ඉදිරිපත් කරමින් නිෂී විසින් කරන සිංහල  පුවත් සේවය මගින් නිෂීගෙන් අපේ රටේ දරුවන් වෙනුවෙන් ඇගේ අදහස් ගැන සිදු කරන ලද විමසීමට මේ විදිහට පිලිතුරු දුන්නා.

”දැනුම වැඩි කරන්න හොඳම විදිය පොත් කියවන එක. ඉන්ටර්නෙට් තියනව නම් ඒකෙන් ඔයාලගේ දැනුම ගොඩක් වැඩි කරන්න පුළුවන්”

“ඔයාල ආස විෂයයක් තෝරගෙන ඒක ගැන මහන්සි වෙලා වැඩ කරන්න. ඉස්කෝලෙන් උගන්වන දේවලට අමතරව වැඩිපුර දේවල් හොයාගෙන ඉගෙන ගන්න. වැඩිහිටියන් කියන කල් ඉන්නේ නැතිව තමන්ගේ වුවමනාවෙන් වැඩ කරන්න. එතකොට ඉගෙන ගන්න දේවල් ආසාවෙන් කරන්න පුළුවන්. ඔයාල හැමෝට ම Good Luck!.”මේ නිෂී අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා දෙන පණිවිඩයයි.

බී.බී.සී පුවත් ඇසුරිනි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article