- Advertisement -

ඔබේ පුංචි පැටියටත් මෙන්න මේ විදියට තෙල් සම්භාහනයක් කළොත් නරකද?

-

තෙල්වලින් දරුවා සම්භාහනය කිරීම දරුවන්ගේ වර්ධනයට ඵලදායී වන බව ඔබ අසා ඇති. එසේම මෙවැනි තෙල් සම්භාහනයක් මගින් මව හා දරුවා අතර බැඳීම ද වර්ධනය වේ. දරුවාගේ විවිධ සංවේදන ක්‍රියාකාරී වීම මෙහිදී සිදුවන තවත් එක් වැදගත් දෙයකි.  ඇල්ලීම (Touch), අතගෑම යන සංවේදනය මුලින්ම වර්ධනය වන්නේ මව්කුස තුලදීය. එය වැඩිපුර සංවර්ධනය වන්නේ උපතේදී වන අතර එමගින් අයිතිය, පිළිගැනීම හා විශ්වාසය ගොඩනැගේ. එවිට ඔක්සිටොසින් හෝමෝනය නිදහස් වන අතර එය Love Hormone නම් වේ.

ළදරුවෙකු සම්භාහනය සඳහා භාවිත කල හැකි තෙල් වර්ග

- Advertisement -
  • තල තෙල් –
  • ඔලිව් තෙල්
  • ආමන්ඩ් තෙල්

තල තෙල් මගින් සිසිලසක් ලැබෙන අතර පහසුවෙන් උරා ගනී. එසේම දිලීර හා බැක්ටීරියා නාශක ගුණයක් ද ඇත. ස්වභාවික තෙල් වර්ග භාවිතය වඩා සුදුසු වේ.

ඔබේ පැටියාට තෙල් සම්භාහනය ලබාදීමේදී

  • සම්භාහනය ලබාදෙන වේලාව පිළිබඳව විමසිලිමත් වන්න. බොහෝ දරුවන් සම්භාහනයෙන් පසුව නිදාගනියි. එම නිසා දරුවා නිදාගැනීමට සුදුසු වේලාව මේ සඳහා යොදාගන්න.
  • සම්භාහනයේදී බලයක් නොයොදන්න. ඇල්ලීම/අතගෑමක් ආකාරයෙන් සිදු කරන්න.
  • Essential oil භාවිත කරන විට අවශ්‍ය ප්‍රමාණයට තනුක කරගන්න.
  • තෙල්වල උෂ්ණත්වය පරීක්‍ෂා කළ යුතු අතර වඩා උණුසුම්ව හා වඩා සීතල තෙල් භාවිත නොකරන්න.
  • සම්භාහනය සිදු කරන පුද්ගලයාගේ අත් උණුසුම් කරගත යුතු අතර වියලි හා පිරිසිදු විය යුතු බව සිහි තබා ගන්න.
  • තෙල් මිලදී ගැනීමට පෙර කල් ඉකුත් වීමේ දිනය පරීක්‍ෂා කරන්න.
  • තද ගන්ධයක් සහිත තෙල් භාවිත නොකරන්න. ආහාර ආශ්‍රිතව ඇති තෙල් භාවිත කරන්න. හේතුව ඒවා ගිලුනද හානියක් නොවීමයි.
  • කිසිවිටෙකත් Mineral oil භාවිතා නොකරන්න.

 පැටියාට සම්භාහනය ලබා දෙන ක්‍රමය

  • දරුවා තබාගැනීම සඳහා ස්ථානයක් සකස් කරගෙන ඒ මත රෙද්දක් එලන්න.
  • අවශ්‍ය තෙල් සූදානම් කරගන්න
  • දරුවා සම්භාහනය කිරීමෙන් පසු එතීමට රෙද්දක් ගන්න
  • දරුවා උඩු අතට තබන්න
  • තෙල් ස්වල්පයක් අත්ලට ගෙන අත්ල හොඳින් අතුල්ලා උණුසුම් කරගන්න.
  • දරුවාගේ පාදයේ සිට වළලුකර දෙසට එනම් ඉහළට මහපටඟිල්ල භාවිත කරමින් සම්භාහනය කරන්න. එක් පාදයක් සඳහා විනාඩි 5-10 ගත කරන්න. ඒ ආකාරයට අනෙක් පාදයට ද ලබාදෙන්න. විලුඹ සඳහාද සම්භාහනය ලබාදෙන්න.
  • උදරය මත වක්‍රාකාරව (ඔරලෝසුවේ කටුව කරකැවෙන පැත්තට) වක්‍රාකාරව සම්භාහනය කරන්න.
  • උරස කොටසෙහි පාදයේ හැඩය ගන්නා ආකාරයට සම්භාහනය කරන්න.
  • දරුවාගේ දෙඅත් පහළ සිට ඉහළට සම්භාහනය කරන්න.
  • දරුවාගේ මුහුණ සම්භාහනයේදී මුඛයේ යටි හනුව දිගේද (jaw line) තොල් වටා රවුමටද, ඇහි බැම දිගේ හා නළල දිගට සම්භාහනය කරන්න.
  • හිසේ අත්‍රතවය (Scalp) මත ඇඟිලි තුඩුවලින් සම්භාහනය කරන්න.
  • දරුවා අනෙක් අතට හරවා මුහුණ පැත්තකට කරන්න. කොඳු ඇට පෙළ දිගේ පහළට මහපටඟිල්ලෙන් සම්භාහනය කරන්න.
  • දරුවාගේ තුනටිය පෙදෙසේ සිට කලව දක්වා පහළට දරුවා සම්භාහනය කරන්න. ඉන්පසුව දරුවා ඔතා නිදි කරවන්න.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article