ළමා අපයෝජනය ගැන වූ සඳහනත් සමග අපේ හිතේ නැගෙන්නේ දරුවන්ට එරෙහිව සිදු වෙන ලිංගික අපයෝජනයන් ගැනයි.
පියා නිවසට පැමිණි පසු තමන්ට පහර දෙයි ද? එසේ නැතහොත් කුමන දඬුවමක් දෙයි ද? යනුවෙන් සිතීමෙන් එම කුඩා දරුවාගේ මනස පැය ගණනක් ව්‍යාකූලව පැවතිය හැකි බව ළමා මනෝ චිකිත්සකයින්ගේ අදහසයි.
ගොඩක් දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ වචනවලින්, ක්‍රියාවෙන් තමන්ගේ ම දරුවන් අපයෝජනය ලක් වෙන බව. ළමා අපයෝජනය කියන්නේ ලිංගික අපයෝජනය විතරක් නෙවේ. ලිංගික අපයෝජන බොහෝ විට සිද්ධ වෙන්නේ, පවුලෙන් පිට පුද්ගලයින්ගෙන්. ඒත්, ශාරීරික, මානසික සහ නොසලකා හැරීම් කියන අපයෝජන බොහෝවිට පවුලෙන් හෝ පාසලෙන් සිද්ධ වෙන්නේ. බොහෝ විට දෙමාපියන්, ගුරුවරුන් අතින් නොදැනුවත්ව ම දරුවන් අපයෝජනයට ලක් වෙනවා
ළමා මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙවැනි සිද්ධි නිරන්තරයෙන් සිදුවීම නිසා දරුවාගේ හිත තුළ ඇති වන කාංසාව වැනි හැඟීම් නිසා වැඩිහිටි වියේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකි බවය.
ළමා අපයෝජනය යනු කුමක් ද?
ළමා අපයෝජනය පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනෙකු තුළ පවතින අදහසක් වන්නේ, ළමුන්ට එරෙහිව සිදු වන ලිංගික අපයෝජනයන්ය. එහෙත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ප්‍රධාන ක්‍රම 4ක් ඔස්සේ ළමා අපයෝජනය සිදු වන බවය.
- ශාරීරික අපයෝජනය-23 % ක්
- මානසික අපයෝජනය- 36 % ක්
- ලිංගික අපයෝජනය-18 %
- නොසලකා හැරීම- 16 % ක්
විදිහට හඳුන්වා දෙන්න පුලුවනි.. ඉහත දත්ත විශ්ලේෂණයේදී පැහැදිලිව පෙනී යන්නේ, ලෝකයේ සමස්ත දරුවන්ගෙන් 75%ක ප්‍රතිශතයක් ශාරීරික, මානසික සහ නොසලකා හැරීම් යන ක්‍රම ඔස්සේ අපයෝජනයට ලක් වන බවය.
එසේ නම්, ලිංගික අපයෝජනය තරමට ම සෙසු අපයෝජන නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි.
ශාරීරික අපයෝජනය හඳුනා ගනිමු…
උක්ත වචනය කී විටම ඔබට ඒ ගැන නැවත නැවැත පැහැදිලි කිරීමට අටුවා ටීකා අවශ්‍ය නැති වුනත් ඔබ හිතනවාට වඩා වැඩි පරාසයක මේ අදහස ව්‍යාප්ත වෙනවා. ඒ අනුව
දරුවන් ශාරීරික හිංසනය මගින් පීඩාවට ලක් කිරීමය. පහර දීම, දණ ගැස්සවීම, අව්වේ සිටවා තැබීම, දඬුවමක් ලෙස ආහාර නොදීම ආදී ක්‍රියා ශාරීරික අපයෝජන ලෙස හැඳින්වේ.ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, සෑම වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු ම ළමා කාලයේදී ශාරීරික අපයෝජනයට ලක්ව තිබේ.ළමා කාලයේදී දරුවෙක් ශාරිරිකව අපයෝජනයට ලක් වුනොත් ඒ පීඩනය මේ දරුවා තමාගේ අණසකට යටත්ව සිටින පුද්ගලයින් වෙනුවෙන් නොදැනීම මුදා හරින මානසිකත්වයකට පත් වෙන බැව් ‘ළමා හිංසනයට තිත’ නමැති සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවයට සඳහන් කර තිබෙනවා.
ඒ නිසා ඇය පෙන්වා දෙන්නේ “කෙතරම් සියුම් වුණත්, දරුවෙකුට යහපතක් වෙයි කියලා හිතලාවත් ශාරීරික දඬුවම් කිරීම ළමා අයිතීන් උල්ලංඝණය කිරීමක්. දඬුවම් මේ ගැන වැඩි දුරටත් අදහස් ඉදිරිපත් කරන ඇය පෙන්වා දෙන්නේ දරුවාට එරෙහිව වූ කෘරත්වය ඇති වෙන්නේ ඔවුන්ගේම ආදරණීයන් අතිනුයි. මේ තත්වය අපි හිතන තරම් සරල නැහැ. 2018 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වූ ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 9512න් 2413ක් ළමුන්ට එරෙහි කෲරත්වය සම්බන්ධව බැව් වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය ඉහත පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.
මානසික අපයෝජනය
ශාරිරික අපයෝජනය වගේම දරුවන් මානසිකවත් අපයෝජනයට පත් වුනත් ඒ ගැන අඩුම වශයෙන් දෙමව්පියන්වත් දන්නේ නැති බව ඇය වැඩි දුරටත් පෙන්වා දෙනවා.
අපි දරුවන් ගේ වැරැදි හැසිරීම් ඉදිරියේ ඔවුන් මෙල්ල කිරීමට ඉන්න…අද තාත්තා අවාම හොඳවායින් වේවැල් පාර දෙකක් ඉල්ලලා දෙන්නම්…දරුවාගේ වැරැදද්ක් ඉදිරියේ ඔබේ මේ සඳහනත් ඔවුන්් මානසික අපයෝජනයට පත් කිරීමක් බැව් සමහර විට ඔබ තවමත් දන්නේ නැතුවත් ඇති.මේ විදිහට දරුවන් මානසික අපයෝජනයට පත් වුනොත් අනාගතයේදී ඔවුන් තුළ විවිධ දුබලතාවයන් ප්‍රදර්ශනය වීමට පුලුවනි.
- හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීම (අධික කෝපය)
- බොරු කීම, සොරකම් කිරීම, වංචාවන්ට පුරුදු වීම
- දෙමාපියන්ට එරෙහි වීම (අධ්‍යාපන කටයුතුවල නිරත වීම ප්‍රතික්ෂේප කිරීම)
- කළකිරීමකින් සහ කනස්සල්ලෙන් ජීවත් වීම
නොසලකා හැරීම
වැඩිහිටියන් නොදැණුවත්ව වුනත් දරුවන් නොසලකා හැරීම නිසා ඔවුන් මානසික අපයෝජනයට පත් වෙනවා.නොසලකා හැරීම සිදු වෙන අවස්ථා කීපයක් තිබෙනවා.මේවා ඔබ නොසලකන තරමටම සුලු වුනත් එයින් දරුවාට සිදු වෙන මානසික බලපෑම එතරම් සුලුවෙන් නම් හිතන්න එපා.
- දරුවන්ට ඇහුම්කන් නොදීම
- දරුවන් පෝෂණය නොකිරීම
- දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා හැරීම
- දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොදීම
- අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳව සැලකිලිමත් නොවීම
- දරුවන්ට අවශ්‍ය රැකවරණය නොදීම
- දරුවන් සමග යහපත් සබඳතාවක් නොපැවැත්වීම
[බී.බී.සී ඇසුරිනි]
පුන්‍යා චාන්දනී ද සිල්වා