අපේ දරුවන් අපිත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ…

අපේ දරුවන් අපිත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ…අද බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන් නිසා මේ තත්වයට පත්ව සිටිනවා. මෙය  ඉතාම සංවේදී තත්වයක්. ඒත් අපි දරුවන් පවුලෙන් දුරස් නොවන විදිහට රදවා ගන්නේ කොහොමද..?.

අත්දැකීම් නිසා අපේ ජීවිතය පෝෂණය වෙන බවට වූ පිලිගැනීම අතීතයේ පටන්ම අප අතර පැවැතුනා.පරම්පරාවෙන් පරම්පරාවටම මේ ගැන තහවුරුව තිබුනත් දැන් අත්දැකීම් ්නිසා ජීවිතය පෝෂණය වෙන බව පර්යේෂණ මගිනුත්  සනාථ වී තිබෙනවා. හාවර්ඩ් සහ කොලම්බියානු විශ්ව විද්‍යාල මගින් ඒකාබද්ධව සිදු කරන ලද මෙම අධ්‍යනයන් මගින් පෙන්වා දුන්නේ  දරුවන්ගේ මොළය හුරු වී තිබෙන්නේ අත්දැකීම්වලින් ඉගෙනගැනීමට බවයි.

ඔවුන් මේ වෙනුවෙන් සිදු කරන ලද පර්යේෂනයේදී දරුවන්ට පින්තූර ආශ්‍රිත ක්‍රීඩාවක් ලබා දී එහිදී දරුවන්ගේ මොළයේ ප්‍රතිචාර ස්කෑන් යන්ත්‍රයක ආධාරයෙන් පරීක්ෂා කරනු ලැබුවා. මේ අධ්‍යනය වෙනුවෙන් වයස අවුරුදු 13 සිට 17 අතර වයසේ දරුවන් 41 ක් සහ වයස අවුරුදු 20 සිට 30 අතර තරුණ පිරිසත් සම්බන්ධ  කර ගත්තා.එම අධ්‍යනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ දරුවා අපෙන් ඈත් නොවන විදිහට දෙමව්පියන්ගේ හැසිරීම් රටාව ගොඩ නගා ගත යුතු බවයි.

සෙනහස දක්වන්න…

දරුවන්ට මව්පියන්ගේ සෙනහස අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒ නිසා කිසිම විටෙකදී දරුවන්ට සෙනහස නොදක්වා සිටින්න එපා. දෙමව්පියන් විදිහට ඔබට කොතෙකුත් ප්‍රහ්න ගැටුම් තිබුනත් ඒ සියල්ල අතරේ දරුවන් ගැන අමතක කරන්න එපා.දරුවන් බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ මව්පියන්ගේ සෙනහසයි. ඒය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දැඩි බලපෑක් ඇති කරනවා. වර්තමානයේදී විවිධ අපචාරයන්ට ගොදුරුව සිටින දරුවන් ගැන පසුවිපරම් කිරීමේදී පෙනී යන්නේ බාල කාලයේදී ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මව්පිය බාල කාලයේදී දෙමව්පිය සෙනෙහස අහිමි වුන දරුවන් බවයි. ඒ නිසා නිතරම දරුවන්ට සෙනහස දක්වන්න අමතක කරන්න එපා.

ලේ ඥාතීන් අතර සම්බන්ධතාවයන් ගොඩ නගන්න

අද සමාජය යන රටාවට අනුව තුන්වැනි පරම්පරාව තමන්ගේ ඥාතීන් සමග කිසිම ගණුදෙනුවක් ගොඩ නගා ගැනීමට අපොහොසත් පිරිසක් බවට පත්ව සිටී. බොහෝ විට අද තරුණ දරුවන්ගේ ආකල්පය වී තිබෙන්නේ තමන් අතට තම අත මිසක බාහිර පුද්ගලයන්ගෙන් ශක්තියක් අවශ්‍ය නැති බවයි. ඒත් මේ ආකල්පය නිසා වැඩිහිටි ඥාතීන් අතර දැඩි කලකිරීමක් ගොඩ නැගී තිබෙන්නේ ඔවුන්ගේ බාල කාලයේදී වැඩිහිටියන්ට දක්වන ලද ආදරය, ගරුත්වය අද දරුවන් වෙතින් ඔවුන්ට නොලැබී යෑමයි. මේ තත්වයත් සාධාරණ කරමින් තරුණ දරුවන් කියන්නේ කාලයේ තාලයට අනුව පරම්පරාවන් අතර වෙනසක් ඇති වීම නිසා ඔවුන් සහලේ ඤාතීන් සමග එතරම් සමීප වීමක් නොමැති වීම සාමාන්‍ය තත්වයක් බවයි. එහෙත්..අපි කිසිම අයෙකුට හුදෙකලා ජීවිතය වෙතින් එතරම් සුබවාදී ප්‍රතිචාර ලැබෙන්නේ නැත. තරුණ ජවය සමග ඒ අන්දමින් කල්පනා කළත් කවදා හෝ දිනක ඔවුන්ට මේ වැඩිහිටි ඤාතීන්ගේ අවශ්‍යතාවය තදින්ම දැනෙන දිනයක් එලැඹෙනු ඇත. ඒ නිසා නිතරම සහ ලේ ඤාතීන් සමග සම්බන්ධතාවයන් ගොඩ නැගීම දෙමව්පියන්ගේ වගකීමක් විය යුතුය.

පවුල් ඉතිහාසය ගැන දරුවන් සමග කතා කරන්න.

හැම දෙමව්පියෙකුටම පවුලේ යම් ඉතිහාසයක් තිබෙනවා. මේ ඉතිහාසයේදී ඔබ ලද අත්දැකීම් බොහෝ ඇති. ඒ අතරින් දරුවන්ට ඵලදායී ලෙසින් වැදගත් වෙන සිදුවීම් දරුවන් සමග බෙදා ගන්න. ඔබේ අත්දැකීම් සහ ඔබ අතීතයේදී අභියෝග ජයගත් අන්දම දරුවන්ටත් ඔවුන්ගේ ජීවිත ජයගැනීමට මනා වූ අත්වැලක් සපයනු ඇත.

දරුවන් දෙමව්පියන් සමග කාලය ගෙවන්න කැමැතියි

දෙමව්පියන්ට දරුවන් තරම් සම්පතක් නොමැත්තා සේම දරුවන්ටත් දෙමව්පියන් තරම් වටිනා අයෙකු තවත් නැත. ඒ නිසා දරුවන්ට දෙමව්පියන් ඇසුරේ කාලය ගත කිරීමට ඉඩ දෙන්න. අද මව් පිය දූ දරු සම්බන්ධතාවය ලිහී යෑමට බොහෝ සෙයින් බලපාන්නේ දෙමව්පියන් සහ දරුවන් අතර පවත්නා දුරස් බවයි. බාල කාලයේ පටන්ම ගොඩ නැගෙන මේ දුරස් බව නිසා පසුකාලයේදී දරුවන්ට දෙමව්පියන් නුරුස්නා ගතියක් ඇති වීම වැනි දරුණු තත්වයක් දක්වාම මේ අරගලය බරපතල විය හැකිය.

දරුවන් විනෝදයට කැමැතියි.

දරුවන් මල් වගේ කියන්නා සේම ඔවුන්ගේ හිත් බෙහෙවින්ම ලපටියි. මෙලෙකයි. ඒ නිසා නිතරම් සතුට, විනෝදය ඔවුන්ගේ අපේක්ෂාවයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවන්ගේ හිතට සතුට ලැබෙන දේ වෙනස් විය හැකියි. ඒ නිසා ඔබේ දරුවා සතුටට පත් වන්නේ කෙසේදැයි ඔබ විසින් හඳුනා ගැනීම ඉතාම වැදගත්. දරුවන්ගේ හිත කියවන හොඳම සුත්‍රය දන්නේ දෙමව්පියන් නිසා ඔබ එයින් උපරිම වාසිය ලබා ගැනීම ඉතාම වැදගත්.

පවුලේ උදවිය එකට කාලය ගෙවන විට දරුවන් සමග විහිලුවෙන් , විනෝදයෙන් ඉන්න. ඔවුන්ට සිනාවිය හැකි දේ කියන්න. සිනාවට ඉඩ සලසා දෙන්න. සිනාසෙන වි නිදහස් වෙන සතුටු හෝර්මෝනයෙන් දරුවාට බොහෝ වාසි අත් වෙනු ඇති.

සති අන්තය වෙනස් අන්දමින් ගෙවන්න..

සතියේ දින පහම ඒකාකාරී ලෙසින් ගෙවන නිසා සති අන්තයේදී යම් වෙනසක් තිබීමත් වැදගත්. ඒ නිසා සති අන්තයේදී විනෝදගමනක්, නෑගමනක් , එසේත් නැත්නම් චිත්‍රපටයක් හෝ වෙනත් විශේෂ අවස්ථාවක් වෙනුවෙන් යොදවන්න. ඒ වගේම ආගමික කටයුතු සදහාත් දරුවන් කැටුව සහභාගී වීමත් ඉතාම වැදගත්.

[බිබිසි පුවත් සහ වෙනත් තොරතුරු ඇසුරිනි]

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here