- Advertisement -

පිරිමි දරුවන් බෝනික්කන් සෙල්ලමට අකමැතියි

-

පිරිමි දරුවෙකු බෝනික්කෙක් සමග සෙල්ලම්  කරනවා දුටුවොත් අපි ඒ දරුවාගේ ආත්මයම නැති කරනවා.

අයියෝ…ගෑනු ළමයෙක් වගෙයිනේ…මොනවද මේ බෝනික්කෝ වට කර ගෙන…ඒ වගේම ගැහැණු දැරියක් සෙලල්ම් පිස්තෝලයක් එහෙම නැත්නම් සෙල්ලම් මෝටර් රථයක් සමග ගනුදෙනු කළොත් අපි කියන්නේ මෙයා හරියට පිරිමි ළමයෙක් වගෙයි..ඕවා පිරිමි ළමයින්ගේ සෙල්ලම්  බඩු…

- Advertisement -
  • ඇත්තටම සෙල්ලම්බඩුවල වර්ගීකරනයක් තිබෙනවාද..?.

ඈත යුගයක පටන් ගැහැණු දරුවන් බෝනික්කන් සමග ක්‍රිඩා කිරීමටත් පිරිමි දරුවන් විවිධ ආයුධ සමග ක්‍රිඩා කිරීමටත් යම් නැඹුරුතාවයක් තිබුනා. මේ සිදුවීම පදනම් කර ගෙන මනෝවිද්‍යාඥයින් විසිනුත් විවිධ අධ්‍යනයන් සිදු කරනු ලැබුවා. මේ අධ්‍යනයන්ගේ ආරම්භය 1930 වැනි ඈත යුගයක් දක්වා දිවෙනවා.

  • ගැහැණු දරුවන් බෝනික්කන්ට කැමැත්තක් දක්වන්නේ ඇයි….?

ගැහැණු දරුවන් අනාගතයේදී පවුලක් තුළ වැදගත් චරිතයක්. බාල කාලයේ පටන් අම්මා පවුල තුළ හැසිරෙන අන්දම ගැහැනු දරුවා දකිනවා. ඒ නිස ඇයට තමන්ගේ අනාගත වගකීම ගැනත් යම් ඉවක් ඇති වෙනවා. ඉඩ තිබෙන වේලාවක ගැහැනු දරුවන්ගේ සෙල්ලම් දිහා බලා සිටියොත් ඔවුන් ඇත්තටම  අද රඟපාන්නේ ඔවුන්ගේ අනාගත භූමිකාව නොවේදැයි ඔබටත් හිතේවි. උයන පිහන, දරුවාට නාවන, ඇදුම් අන්දවන සහ නිදිකරවන ..ආදි මේ සියල්ලම බෝනික්කා මුල් කර ගෙන ඇය නිරූපනය කරනවා. හදිසියේවත් මේ සෙල්ලමට  පිරිමි දරුවෙක් සම්බන්ධ වුනොත් ඔහුට නිවසේ පියාගේ චරිතය ලබා දීමටත් ගැහැණු දරුවන් පසුබට වෙන්නේ නැහැ.

  • මානසික සතුට…

ගැහැණු දරුවන් මේ අන්දමින් බෝනික්කන් සමග සෙල්ලම්  කිරීමෙන් මහත් සතුටක් වින්දනය කරනවා. ඒ නිසා බාල කාලයේ ඔවුන්ට එසේ සෙල්ලම් කිරීමට බාධා කළ යුතු නැහැ.එය ඇත්තටම ඔවුන්ගේ අනාගත සිහින මාලිගාව කිව්වත් වරදක් නැහැ.

  • වගකීම හදුනා ගන්නවා…

ගැහැණු දරුවා අනාගත මවක්. ඇයත් මතු දවසේදී දරු මුනුපුරන් ලබන චරිතයක්.බෝනික්කා නලවන, කවන, පොවන හැම ඉරියව්වකින්ම ප්‍රදර්ශනය වෙන්නේ දරුවා මුල් කර ගත් ඇයගේ වගකීම නොවේදැයි එදෙස බලා සිටින ඔබට පෙන්වි.සද්ද කරන්න එපා…බබා දොයි..අනේ මේ ටික කන්න..පැටියෝ යැයි ඇය බෝනික්කා ආමන්ත්‍රණය කරනු ඇත. ඒ ආමන්ත්‍රනයෙන් පෙනී යන්නේ දරුවන් මුල් කර ගෙන ඇගේ හදවතේ පවතින අනාගත වගකීමක සැබෑම සේයාවක්.

  • අත්දැකීම් ප්‍රතිනිර්මානයක්…

බෝනික්කන් සමග සෙල්ලම් කරන දියණිවරුන් දකින විට සමහර විට ඇය ප්‍රතිනර්මානය කරන්නේ ඔබේ පවුලේම ඇය ලද අත්දැකීම් විය හැකියි. අම්මා උයන පිහන විට අනුගමනය කරන ඉරියව් , කතා බහ මේ සියල්ලම බෝනික්කා නිමිති කර ගෙන ඇය වෙතින් දකින්නට හැකියාව ලැබෙනවා

  • අලුත්ම අධ්‍යනය වාර්තාව

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ  පර්යේෂකයින් පිරිසක් විසින් මෑතකදී බෝනික්කන් දහ දරුවන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය අලලා අධ්‍යනයක් පවත්වනු ලැබුවා.ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ පිරිමි දරුවන් විවිධ ආයුධ සමග ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන්නේ ඔවුන්ගේ ආවේගශීලීත්වය සහ ආරක්ෂාව පිලිබඳව ඇති සංකල්ප නිසා බවයි. ඒ නිසා අවි ආයුධ සහ විවිධ වාහන සමග වූ සම්බන්ධතාවය පිරිමි දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම බවයි. මෙම පර්යේෂකයින් සදහන් කරන්නේ පිරිමි දරුවන්ට‘‘ ෆුඩ් ප්‍රොෙසසරයක් “දුන්නත් ඔවුන් එය හසුරුවන්නේ සෙල්ලම් පිස්තෝලයක ආකාරයටයි.මේ අධ්‍යනයට තවත් ඌනපුරන සපයමින් එංගලන්ත සභාව පෙන්වා දෙන්නේ සෙල්ලම් තුවක්කු, පිස්තෝල සමග ක්‍රිඩාවට යොමු වුන දරුවන් පාසලේදීත් තමන්ගේ සමවයස් කන්ඩායම් බිය වැද්දීමට වැඩි නැඹුරුතාවයක් දැක්වූ බවයි. එහෙත්..හමුදා සෙබලුන්ගේ තොප්පි, බදපටි ආදියට වැඩි කැමැත්තක් දැක්වූ දරුවන් තුළ මේ අන්දමේ ආවේගශීලීත්වයක් දක්නට නොලැබුන බවත් ඔවුන් සදහන් කර තිබුණා.

1932 වසරේ එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාව බලා ගමන්ගත් ‘‘එමි ජොන්සන්“ සහ 1932 වසරේ අත්ලාන්තික් සාගර ඔස්සේ ගමන් ගත් ‘‘එමිලියා හාර්ට්“ පෙන්වා දෙන්නේ ගැහැණු දරුව්න්ගේ සෙල්ලම්බඩු ලබා දුන් ඇතැම් අවස්ථාවන්හිදී පිරිමි දරුවන් බෙහෙවින් කෝපයට පත් වූ බවයි.

ඒ අතරේදී මේ පර්යේෂකයින්ගේ තවත් අලුත් හදුනා ගැනීමක් තිබෙනවා. අද බොහෝ ගැහැණු දරුවන් වැඩි කැමැත්තක් දක්වන්නේ සම්ප්‍රදායික බෝනික්කන්ට වඩා මෝස්තකාරියන්ට බව ඔවුන්ගේ හදුනාගැනීමට ග්‍රහණය වුන තවත් වැදගත් කරුණක්.

ඒ අතරම සෙල්ලම් බඩු මිළට ගැනීමේදී දෙමව්පියන් විසින් අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් ඔවුන් හදුනා ගෙන තිබෙනවා. මෙම සෙල්ලම්බඩුවල ඇති ආලේපනයන්හි විෂ රසායනයන් දරුවන්ට ඉතා අහිතකර විදිහට බලපෑමට පුලුවන්. ඒ නිසා ඇස රවටන ආලේපන නිසා දරුවන්ට විය හැකි හානිය ගැනත් වැඩිහිටියන් දැනුවත්ව සිටීම ඉතාම වැදගත් බැව් මෙම අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙනවා.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article