මානසික සුවතාවය ඇති දරුවෙක්…

අද දරුවා හෙට ලෝකයේ හිමිකරුවා බව අමුතුවෙන් කිව යුතු සිද්ධාන්තයක් නොවෙයි. දරුවා ඒ තරමටම වැදගත් නම් අද වැඩිහිටින් විසින් දරුවාගේ ශාරිරික සහ මානසික සුවතාවය ගැන වැඩි අවධානයකින් කටයුතු කිරීම ඉතාම වැදගත්.ශාරිරික සෙ!ඛ්‍ය ගැන එතරම් ගැටලුවක් අද නොමැති තත්වයක් පවතින්නේ බොහෝ රෝගාබාධයන් ගැන වැඩිහිටි පරම්පරාවට ලබා දී තිබෙන දැණුවත්බව නිසයි. ඒත් මේ ශාරිරික සෞඛ්‍යයට සමගාමී ලෙසින් දරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්වය දෙමව්පියන් දක්වන අවධානය ප්‍රමාණවත්ද…?

තරුණ දරුවන්ගේ මරණ අතර අද මුල් තැනට ගැනෙන්නේ මාර්ග අනතුරු. ඒ අතර දෙවැනි තැනට ගැනෙන්නේ සිය දිවි හානි කර ගැනීම බව කනගාටුවෙන් වුනත් සදහන් කළ යුතුයි.2018 වසරේ පොලිස් වාර්තාවට අනුව වයස අවුරුදු 8 සිට 16 අතර දරුවන්ගෙන් 76 දෛනක් සිය දිවි හානි කර ගෙන ඇති අතර එයින් 65 දෙනෙක් පාසල් දරුවන්. සිය දිවි හානි කර ගැනීමට තැත් කර ජීවිතය බේරා ගත් පිරිස මීටත් ඉහළ අගයක් ගන්නවා.

තරුණ දරුවන් අත පය කපා ගැනීමේ සිදුවීම් තවත් ප්‍රවනතාවයක්. මෙය බටහිර ලෝකයෙන් ලබා ගත් ආභාෂයක්. තමන්ගේ මානසික ආතතිය පිට කිරිමට අත, පය (කලවා ) කපා ගැනීම සිදු වුනත් සමහර විට මෙය නිවසේ අයවත් දන්නේ නැහැ. මෙය මානසික ආතතිමය තත්වයක් නිසා දරුවාගේ එවැනි තත්වයක් දුටුවොත් විමසිලිමත් වීම වැදගත්.

  • එහෙමනම් මේ තත්වය අප හඳුනා ගන්නේ කොහොමද..?

දරුවන් සහ නව යොවුන් දරුවන්ගේ මානසික ආතතිමය තත්වයන් අපට කල් තබා හදුනා ගත හැකියි. වෛද්‍යවරුන් සදහන් කරන අන්දමට උග්‍ර තත්වයට පත් වීමට පෙරාතුව 60% ක් පමණ දෙමව්පියන්ට හදුනා ගන්න පුලුවනි.

  • සමහර විට ඔබ මෙහෙම හිතුවොත්…

මේ කිරිසප්යන්ට මොන මානසික ආතතියද..? ඔබ වැරදියි. දරුවන්ට උපතේ පටන්ම මානසික ආතතිමය තත්වයන් ඇති වෙන්න පුලුවනි.

මොකද අපි කරන්නේ…

දරුවන් සම සමීප සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. දරුවා ස්ර්ශ කිරීම, දරුවා සමග කතා කිරීම, නිතර දරුවා අසල ගැවසීම මගින් ඔවුන්ගේ මානසික ආතතිමය තත්වය දුරු කර ගැනීමට පුලුවනි.

  • දෙමව්පියන්ට අවබෝධයක් නැහැ.

දරුවන් හදන්න අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ කිව්වත් ඇත්තටම පෞරසයෙන් පිරුන දරුවෙක් ගොඩ නැගීමට නම් දෙමව්පියන්ටත් ඒ ගැන අධයාපනයක් ලබා ගැනීම ඉතාම වැදගත්. අද ‘‘පේරන්ටින් “ හෙවත් දෙමව්පියකරනය ගැන දැනුවත් කිරීම් ඉතාම දුර්ලභයි. ඒ නිසා දරුවන්ගේ මානසික නීරෝගීතාවය ගැන දෙමව්පියන්ටත් එතරම් අවබෝධයක් නැහැ. ඒ නිසා පවතින සමාජ රටාව තුළ දෙමව්පියකරණය ඉතාම වැදගත් බවත් අමතක කළ යුතු නැහැ.

  • හිතමිතුරු වෙන්න

දරුවන්ට සමීප වෙන තරමටම දරුවා ඔබ සමග හිතමිතුරුකරණය ගොඩ නගා ගැනී. එවිට දරුවාගේ හිතේ ඇති වෙහෙසකර සිතුවිලි දෙමව්පියන් සමග බෙදා හදා ගනු ඇත. එය හිත නිදහස් වීමක්. අද වැඩිහිටියන්ට පවා උපදෙස් දෙන ‘‘හිතමිතුරුකරණය “ මේ සම්බන්ධතාවය මගින් ගොඩ නගා ගැනීමට පුලුවන්.

දරුවකුගේ ආතතිමය තත්වය තේරුම් ගන්නේ…

  • වෙනදාට වඩා කේන්ති යනවා.හැබැයි දෙමව්පියන් සමග පමණයි. බාහිර පුද්ගලයන් සමග බොහොම හොදින් සිටිනවා.
  • හුදෙකලාව ඉන්න කැමැත්තක් දක්වනවා.
  • ප්‍රේම සම්බන්ධතාවයන්ට වෙනදා නැති උනන්දුවක් ඇති වෙනවා.
  • විද්්‍යුත් උපාංග සමග හුදෙකලා වෙනවා.
  • මම අසරණයි යන ආත්මානුකම්පාවෙන් පීඩා විඳිනවා.

[ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවැති දේශනයක් ඇසුරිනි.]

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here