දරුවන් විද්‍යාත්මක සාහිත්‍ය්‍ය වෙනුවෙන් යොමු කරන්න

පුංචි පැටව් පොත් පත් කියවන්නේ නැතැයි යන චෝදනාව හැම දෙමව්පියෙකුගේම සිත් තැවුලට කාරණාවක්.ඒ අතරම පොත් පත් කියවන විටත් දරුවන්ගේ රුචිකත්වය එක් එක් දරුවාට සාපේක්ෂව බොහොම වෙනස්.සමහර දරුවන් පොත් පත් කියවීමට උනන්දුවක් තිබුනත් වැදගැම්මක් ඇති පොත් පත් කියවීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.විශේෂයෙන් විද්‍යාත්මක ප්‍රබන්ධ සාහිත්‍ය කියවීම ගැන දරුවන් අතර තිබෙන ප්‍රවනතාවය බොහොම දුර්වල බැව් විවිධ අධ්‍යනයන් මගිනුත් පෙනී ගොස් තිබෙනවා.

මේ ගැන උදාහරණ දක්වමින් විස්කොන්සින්හි මැඩිසන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ අකුරු කියවීමේ සාක්ෂරතාවය තිබෙන වැඩිහිටියන් අතර පවා සෞඛ්‍ය ගැන ඇති දැණුම ඉතාම දුර්වල බවයි. ඊට හේතුව වී තිබෙන්නේ ඔවුන් සෞඛ්‍ය ගැන ලියැවුන පොත් පත් කියවීම ගැන ඇති උනන්දුව බොහොම දුර්වල මට්ටමක තිබෙන නිසා බවත් හදුනා ගෙන තිබෙනවා.

  • රුවන් විද්යාත්මක සාහිත්‍යය ගැන උනන්දුවක් නැත්තේ ඇයි….?

මේ ගැනත් මැඩිසන් සරසවියේ පර්යේෂකයන්ගේ අවදානය යොමු වුණා. අධ්‍යනයේ ප්‍රධාණී මයිකල් ඩේවින්ස්ටන් පෙන්වා දෙන්නේ විදයාත්මක සාහිත්‍යය තුළ තිබෙන පාරිභාසික වචන නිසා දරුවන් අතර කියවන ඇල්ම හීන වී තිබෙන බවයි. ඒ නිසාම දරුවන්ට විදයාත්මක ප්‍රබන්ධ සාහිත්‍යය ගැන පොත් පත් කියැවීම දුෂ්කර යැයි තිබෙන පිලිගැනීම නිසා විදයාත්මක සාහිත්‍යය ගැන ඔවුන් තුළ තිබෙන්නේ බොහොම පසුගාමී බවක්.

  • එහෙමනම් වැඩිහිටියන් විදිහට කළ යුත්තේ මොනවාද…?

සමහර වැඩිහිටියන් අතර විද්‍යාත්මක දැණුම බොහොම ඉහලයි. ඒත් තමන්ගේ දරුවන්ටවත් මේ දැණුම සම්ප්‍රේෂනය වීමේ තිබෙන්නේ බොහොම උදාසීනතාවයක්. ඒ නිසා තමන්ගේ දැණුම දරුවන් සමග බෙදා ගැනීම වැදගත්. මෙයින් අදහස් වෙන්නේ අම්මා තාත්තා විද්‍යාඥයින් වීම නම් නොවෙයි.හැම දෙමව්පියෙකුටම යම් අන්දමින් දැණුමක් තිබෙනවා. එදිනෙදා ජීවිතයේ බොහෝ කරුණු කාරනාවන් පිටුපසින් ඇති විදයාත්මක හේතු ඵල සම්බන්ධතාවයන් ඔවුන්ට අමුතු නැහැ. ඒ නිසා තමන් දන්නා විදිහට ඒ ගැනත් දරුවන්ට කරුණු කියා දීමට හැකියාව තිබෙනවා. මලක් පිපෙන හැටි, පරවෙන හැටි, වැස්ස වහින හැටි දරුවාට ගැලපෙන සහ හේතුඵල සම්බන්ධතාවයට අනුකූලව කියා දීමට වැඩිහිටියන්ට දැණුම් තේරුම් තිබෙනවා.

  • කියවන විට අහගෙන ඉන්න..

පෙරදිග ලෝකයේ බොහොම දෙනාගේ වැඩි කැමැත්ත තිබෙන්නේ කියවන විට අහගෙන ඉන්නයි. අතීතයේදී වුනත් බණ මඩුවට රැස්වෙලා ධර්ම දේශකයන්ගේ දේශනාවන් බොහොම හොදින් ශ්‍රවණය කලා. මේ කාලයේ බොහොම දෙනාට අකුරු ලියන සහ කියවන හැකියාව තිබුනෙත් නැහැ. ඒ වුනත් මන්ගේ ඇසූ පිරූ තැන් මගින් උපයා ගත් දැණුම ඉතාම ඉහලින් තිබුනා.මේ තත්වය අදටත් බොහොම හොදින් ගැලපෙන බැව් දැන් පර්යේෂකයන්ගේ පිලිගැනීම වී තිබෙනවා.

විස්කොන්සින්හි මැඩිසන් විශ්ව විද්‍යාලයේ මයිකල් ඩේවිඩ්සන් ඇතුලු පර්යේෂකයන් පෙන්වා දෙන්නේ විදයාත්මක දැණුම ගැන පරිණත නොවුන පුද්ගලයන් අතරට මේ දැණුම සම්ප්‍රේෂණය වීමට නම් හොඳම දේ විදයාත්මක පොත් පත් ඔවුන්ට ඇසෙන සේ කියැවීමයි.එවිට පොත් පත් කියවන්න කම්මැලි වුනත් ඇහුම්කන් දීම මගින් යම් දැණුමක් ලබා ගන්නවා. ඒ වගේම යමකට ඇහුම්කන් දීමටත් දරුවන් හැකියාව ලබා ගන්නවා.

  • කාලය සමග දියුණුවක් ලැබේවි

මුලදී මේ විදිහට ඇහුම්කන් දෙන්න ලැබෙන හුරු පුරුදු නොදැනීම දියුණු වීමට පටන් ගනන්වා. ඒ අවස්තාව වෙද්දී දරුවාටත් විදයාත්මක පොතක් පතක් කියවන්න ආසාවක් ඇති වෙනවා. ඒ නිසා වෙනදා වගේ අහගෙන ඉන්නවා වෙනුනට ඔවුන් විසින්ම පොත් පත් කියවීමට හුරුවක් ලබා ගන්නවා.

  • තවත් දැණුම සොයනවා

දැන් තමා විසින්ම පොත් පත් කියවන දරුවා  එතැන් පටන් තව දුරටත් විද්‍යාත්මක සාහිතයය ගැන විමසන කුතුහලය පටන් ගන්නවා.එය දරුව ලබන විශාල සංවර්ධනයක්.

  • විද්යාත්මක සාහිත්‍යය  වැදගත් ඇයි

ගණිතය සහ විද්‍යාව ගැන දරුවා යොමු කරවන දෙමව්පියන් ඊට සාපේක්ෂව විද්‍යාත්මක සාහිත්‍යය වෙතට දරුවන් යොමු කිරීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වුනත් විද්‍යාත්මක සාහිත්‍යය ගැන කරුණු කියවන දරුවාගේ නිර්මානශීලීත්වය වැඩි දියුණු වෙනවා. මේ තුලින් නව නිර්මාණ බිහි කිරීමට ඔවුන් උනන්දුවක් දක්වනවා. අද බොහෝ නව නපැයුම්කරුවන් අතර පාසල් දරුවන් ඉතාම ඉදිරියෙන් සිටිනවා. මේ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දැණුම පොත් පත් කියැවීමෙන් ලබා ගැනීමට ඉතාම පහසුවෙන් පුලුවනි.

එහෙමනම් අනේ අපේ පුතා විදයා පොතක් පතක් තියා පත්තරයක ලිපියක්වත් කියවන්නේ නැතැයි  දුක් වෙන්න එපා. උක්ත පර්යේෂනයෙන් පෙන්වා දෙන විදිහට එය එතරම් අසීරු කරුණකුත් නොවෙයි. මෙම අධ්‍යන වාර්තාව P.N.A.S සඟරාවේ  Using Narratives & story telling communication science මාතෘකාව යටතේ ප්‍රකාශයට පත් වී තිබෙනවා.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here