- Advertisement -

ළදරු පාසල් අධ්‍යාපනයේදී දරුවාට ලැබෙන්නේ මොනවාද..?

-

දරුවා ළදරු පාසලට ඇතුලත් කලාම අම්මලාගේ ලොකු උනන්දුවක් තිබෙන්නේ දරුවා අකුරක් ලියනවා එහෙම නැත්නම් කියවනවා දකින්නයි. ඒ වුනත් ඔබ ළදරු පාසල් අධ්‍යාපනයේදී කිසිම දිනක දරුවා වෙතින් අකුරු කියවන ලියන හැකියාවන් බලාපොරොත්තු වෙන්න එපා.එහෙමනම් ළදරු පාසල් අධ්‍යාපනයේදී දරුවාට ලැබෙන්නේ මොනවාද..?

දරුවාගේ හසුරු කුසලතාවයන්..

- Advertisement -

පුංචි පැටියාට තවම වයස අවුරුදු පහක්වත් නොවුන තැන ඔවුන්ගේ මොළය අකුරට සූදානම් නැහැ. ඒ වුනත් මේ කාලයේදී කතුරක් අරගෙන රවුම් කපන්න..අලවන්න…කඩදාසි ගුලි කරන්න වැනි ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔවුන්ගේ අවධානය යොමු වීම ඉතාම හොදින් සිදු වෙනවා.මේ නිසා දරුවාට කඩදාසි ආදිය කපන්න, වැලි ඇනීම වැනි කටයුතු වෙනුවෙන් ඉඩ පරිසරය සකසා දීම වැදගත්.විිවධ වර්ණයේ කඩදාසි ගුලි කර රවුමක් වටා අලවන්න. දොඩම්, ඇපල් වැනි වෘත්තාකාර පළතුරු කපන්න, අදින්න දරුවාට උදව් ලබා දීම අකුරු නොලියනවා කියමින් ලතැවෙනවාට වඩා වැදගත්.

ළදරුපාසලේ ගුරුතුමියට විතරක්ම බැහැ..

දරුවෙක් ළදරු පාසලට ඇතුලත් කලාට පසුව දැන් අපි නිදහස් යැයි දෙමව්පියන්ට සැනසුම් සුසුම් හෙලන්න බැහැ.ළදරුපාසලේ වුනත් දරුවා ගත කරන්නේ සීමිත කාලයක්. මේ සීමාව තුළ ළදරු පාසලේ ගුරුතුමියට දරුවා වෙනුවෙන් විශාල කාර්යභාරයක් කිරීම අපහසුයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබත් දරුවාගේ කුසලතාවයන් වර්ධනය වෙනුවෙන් උදව් කිරීම වඩාත් සුදුසුයි.

දෙමව්පියන් විදිහට ඔබට කළ හැකි දේ..

අපට ඉතින් ඉගැන්වීමේ ශිල්ප නැහැනේ…සමහර විට ඔබ මේ විදිහට හිතන්න පුලුවන්. ඒත් ඔබට දරුවාට බොහෝ දේ උගන්වන්න ඔබ ඇසුරේදීම පුලුවනි. ඒ වෙනුවෙන් ඔබ අධ්‍යාපනඥයෙකු වීම අවශ්‍ය නැහැ.

උස, මිටි, දිග, කොට…ආදි සංකල්ප දරුවා ඇසුරු කරන උපකරණ ආශ්‍රය කර ගෙනම පෙන්වන්න පුලුවන්. පුතාගේ ලොකු බෝලය, එහෙම නැත්නම් පුංචි බෝලය, දිග බැට් එක , මේ විදිහට ඔවුන් සමග ඇති වස්තූන් සම්බන්ධ කර ගෙන මේ සංකල්ප පැහැදිලි කර දෙන්න පුලුවන්.

පරිසරයේ සම්බන්ධතාවයන් කියා දෙන්න…

වැස්ස වැටුනාම තෙමෙනවා. අව්වට දාඩිය දානවා…මල් පිපෙනවා..පරවුනාම වැටෙනවා.. මේ වගේ පරිසරයේ සංසිද්ධීන් ඉතාම සරල විදිහට ඔවුන්ගේම අත්දැකීම් මගින් දරුවාට පෙන්වා දෙන්න දෙමව්පියන්ට පුලුවන්. මේ සදහා පංතිකාමරයක් අවශ්‍ය නැහැ.නිවසේ සිටින විට, පාර තොට ගමන් කරන විට දරුවාට මේ වගේ සංසිද්ධීන් පෙන්වා දෙන්න කිසිම බාධාවක් නැහැ.

රටාවන් ගැනත් කියාදෙන්න පුලුවන්.

අපේ පරිසරයේ රිද්මය දරුවා හොදින් දැන හැඳින ගැනීම අවශ්‍ය වෙනවා.කුරුල්ලන් පියඹන හැටි,තරු පායන හැටි , ඉර බහින අන්දම වැනි පරිසරයේ රිද්මය ගැනත් දරුවාට යම් අවබෝධයක් ලබා දීමට විහාල වචන පරිමාවක් අවශ්‍ය නැහැ.ඔබ පෙන්වා දෙන දෙයින් දරුවා ලබන දැණුම අනාගතයේදී ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සදහා විශාල මග පෙන්වීමක් ලබා දෙනු ඇති.

ළදරු පාසලක් තෝරා ගන්නේ කොහොමද…?

අද දෙමව්පියන්ට දිනපතා පාසලක් තෝරා ගන්නවාට සමාන පීඩනයක් ළදරු පාසලක් තෝරා ගැනීමේදි වැදගත්.මේ නිසා මලක් වගේ පුංචි දරුවා කැටුව කිලෝමීටර් ගණනාවක් දුර ගෙවීම අවශ්‍ය නැහැ. ඔබට ළගම ළදරු පාසල වුනත් දරුවා වෙනුවෙන් ගැලපෙනවාදැයි යන තීරණය ඔබටම ලබා ගත හැකියි.

  • ළදරු පාසලේ ගුරුවරැන්ගේ සුදුසුකම් සහ දරුවන් වෙනුවෙන් ඔවුන් දක්වන අවධානය
  • ළදරු පාසලේ පරිසරය දරුවාට නිදහසේ දුවන්න, පනින්න සහ ආරක්ෂිත ලෙස තිබීම.
  • දරුවා සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවය වෙනුවෙන් ඇති අවස්ථාව
  • ළදරු පාසලේ දිනචරියාව සහ   දරුවාගේ සංවර්ධනයට ඇති සම්බන්ධතාව ය.
  • ළදරු පාසල මුල් කර ගෙන බාහිර පරිසරය තුළ පවත්නා කීර්තිනාමය සහ දෝෂාරෝපණයන් ද මේ සදහා ඔබට පාදක කර ගත හැකියි.

එසේ නම් ළදරුපාසලක් වෙත ඔබේ දරුවා යොමු  කිරීම යනු ඔවුන්ගේ ජීවිතයේ එක් සංසිද්ධියක් පමණි.ඒ වෙනුවෙන් දෙමව්පියන් විසින් ගත යුතු ක්‍රියාමාර්ග සහ දෙමව්පියන් විසින් ඒ වෙනුවෙන් දරුවා මෙහෙයවීම ගැනත් දැන සිටීමත් වැදගත්.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article