- Advertisement -

ශ්‍රවණ දුර්වලතා උපතේදීම හඳුනා ගත හැකියි.

-

නව මාසයක් කුසේ දරාගෙන දරුවෙකුට උපත දුන් පමණින්ම දෙමව්පියන්ට සෑහීමට පත් වෙන්න බැහැ. ඊට හේතුව මේ දරුවාගේ ඇති ශාරීරික දුබලතාවයන් හඳුනා ගැනීමට සාමාන්ය කාලයක් ගත වෙනවා. කන ඇසීම, ඇවිදීම, පෙනිම, කතා කිරීම වැනි මේ හැකියාවන් දරුවාට තිබෙනවාද….? නැද්ද….? යන සැකයෙන් දෙමව්පියන් පසුවෙනවා. මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ජාතික රෝහලේ උගුර, කන, නාසය, පිළිබඳ විශේෂඥ වෛද්ය එස්.සෙල්වරත්නම් මහතා.

උපතේදී ශ්රවණ ආබාධිත තත්වයක් නොතිබුන දරුවෙකු අතරමග කාලයේදී ශ්රවණ ආබාධිත තත්වයට පත් වීමට අවස්ථාවන් තිබෙනවාද…? 

- Advertisement -

උපතේදී ශ්රවණ ආබාධිත තත්වයක් නොතිබුන දරුවෙකුට සිදු වෙන අනතුරක් නිසා හිසට ඇති වෙන තුවාල, මොලේ උණ, එච්.අයි.වී වෛරස ආසාදිත වීම, කම්මුල්ගාය රෝග තත්වය නිසා ශ්රවණය පිලිබඳ ගැටළු ඇති වෙන්න පුලුවනි. සමහර විට දරුවාගේ මේ තත්වය පැහැදිලිව නොපෙනුනත් පංතියේදී ඇහුම්කන් නොදීම, නිවසේදී මව්පියන් කියන දේ වෙනුවෙන් ප්රතිචාර නොදක්වා සිටීම, රූපවාහිනියේ ශබ්දය වැඩි කිරීම  වැනි හැසිරීම් නිසා දරුවාගේ දුර්වලතාවය හඳුනා ගැනීමට පුලුවනි.

මේ වයසේ දරුවන් වෙනුවෙන් සිදු කරන Pure tone audio-gram පරීක්ෂණය මගින් ලබා දෙන ශබ්ද ආශ්රය කර ගෙන ඔවුන්ගේ ශ්රවණ මටට්ම හඳුනා ගෙන ඒ අයටත් ශ්රවණ ආධාරක ලබා දෙනවා. ඔවුන්ගේ අධ්යාපනය පවත්වා ගෙන යන්න හැකියාව ඇති විදිහට මේ උපකරණයෙන් ඔවුන්ට පහසුවක් ලැබෙනවා. අපි එතැනින් නවත්වන්නේ නැහැ.  

කන ඇසෙන්නේ නැති දරුවෙකු අනිවාර්යෙන්ම කතා කිරීමේ නොහැකි හෙවත් ගොළු බවට පත් වීමට පුළුවනිද…?

සම්පූර්ණයෙන්ම බිහිරි බවට පත් දරුවන්ට කතා කිරීම අපහසුයි. ඊට හේතුව දරුවාට පරිසරයෙන් වචන ග්රහණය කර ගැනීමට බැහැ. ඒ නිසා ඔවුන්ට වාග්කෝෂයක් ගොඩ නගා ගැනීමට අපහසුයි. නමුත් උපතේදීම ශ්රවණය පිලිබඳව තිබෙන දුර්වලතාවය හඳුනා ගත්තොත් ඒ වෙනුවෙන් ප්රතිකාර සිද්ධ වෙන නිසා දරුවාගේ කථනයත් පහසු වෙනවා. ඒ වගේම ශ්රවණ දුර්වලතාවයන් ඇති දරුවන්ට කථන පුහුණුව (Speech therapy) මගින් කතාව පහසු කිරීම හැකියාව තිබෙනවා.

දරුවෙකුට ඇසීම අඩුවීමට බලපාන තවත් හේතු…

ඇතැම් ඖෂධ නිසාත් කනට හානි සිද්ධ වෙනවා..

සමහර ප්‍රතිජීවක නිසා කනට හානි සිදු වෙන්න පුලුවනි. වකුගඩු රෝග, පිලිකා වගේම ඒඞ්ස් රෝග වලට ලබා දෙන ඖෂධ නිසා කනට හානි වෙන්න පුලුවනි.

කනට වතුර ගියාට කන් බෙරය හොඳින් තිබෙනවා නම් මේ වතුර ආපසු එනවා. ඒ නිසා කනේ වතුර කොට්න් බඞ් වැනි දේ දාලා ඉවත් කිරීම අවශ්ය නැහැ. කන් කලාඳුරු වුනත් කඩන්න ගියොත් ඒවා තවත් ඇතුලට තල්ලු වෙනවා. එහෙම වුනාම ඇසීමේ ගැටලු ඇති වුනත් කලාඳුරු ඉවත් කලාම නැවත ඇසීමේ තත්වය හොඳ අතට හැරෙනවා.

හෙම්බිරිස්සාව වැඩිවුනාම 

අපේ නාසය සහ කන එකට සම්බන්ධයි. හෙම්බිරිස්සාව තත්වයේදී නාසය ඔස්සේ බැක්ටීරියා සහ වෛරස කනට ගමන් කරනවා. මැද කනේ සැරව පිරුනාම  සැරව යන්න තැනක් නැති නිසා කන් බෙරය හිල් කර ගෙන පිටතට ගලනවා.නිතර නිතර මේ තත්වය ඇති වීමත් පසුකාලීනව ශ්රවණ තත්වයට වගේම විවිධ අතුරු රෝග තත්වයන්ටත් බලපාන්න පුලුවනි.

කනට ඇට වර්ග දා ගත්තාම

කනට ඇට වර්ග දාගත්තාම වතුර දාන්න හොඳ නැහැ. එහෙම වුනාම ඇට පෙඟිලා හිරවෙන්න පුලුවනි. ඒ නිසා ළඟම තියෙන රෝහලට ගියාම කනට අනතුරක් නොවන විදිහට මේවා ඉවත් කරනවා.

මැද කනට හානි වීම

මැද කනට  වතුර පිරීම, පැසවීම වැනි රෝග තත්වයන් නිසා තාවකාලිකව ඇසීමේ ගැටළු ඇති වන්න පුලුවන් ඒ වුනත් එය ශ්රවණ තත්වය පිළිබඳව ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඖෂධීය හෝ ශල්යකර්ම මගින් යථා තත්වයට පත් කරන ගන්න පුලුවනි. නමුත් මැද කනට විශාල විදිහට හානි සිදු වෙලා තිබුනොත් ඇසීමේ බාධාවන් ඇති වෙන්න ඉඩ තිබෙනවා.

කනට සතුන් ඇතුලුවීම

කනට සතෙකු ඇතුළු වුනොත් ඒ කෘමියා මරණයට පත් කරලා එයින් පසුව අරන් දානවා. කිනිතුල්ලන් වැනි සතුන් කන් බෙරය අල්ලා ගෙන සිටිනවා. එය තද වේදනාවක්. කිනිතුල්ලාගේ විස නිසා මුහුණට එන ස්නායුවලට හානි සිදු වෙලා මුහුණ පැත්තකට යෑම වැනි මේ විදිහට කිනිතුල්ලන් වැනි සතුන් කනට ඇතුලු වුනාම විවිධ දියර කනට ඇතුලු නොකොට රෝහලකට යෑම අවශයි. එවිට කිනිතුල්ලා මැරෙන්න බේත් දාලා සතියකින් හෝ නියම කරන දිනකදී කනට හානියක් සිදු නොවන විදිහට මලකුණ ඉවත් කරනවා.

 

දැන් දරුවෙකු උපත ලැබූ පසුව ශ්රවණ තත්වයන් ගැන සැක හැර දැනගැනීමේ හැකියාව තිබෙනවා. දරුවෙකුගේ ශ්රවණ තත්වයන් දුර්වල වීමට හේතු කීපයක් බලපානවා. මේ පරිසරය දරුවා මව්කුස සිටින කාලයේ පටන්ම ඇති වෙන්න ඉඩ තිබෙනවා. මේ අවදානම් විදිහට…

මවගේ ගර්භාෂයේ සිටියදී මවට ඇති වෙන රෝග සංකුලතාවයන්

මවට ඇති වෙන වෛරස තත්වයන්

මවට ලබා දෙන එන්නත් නිසා

මවගේ වැටීම් වැනි තත්වයන්

අඩු බර දරු උපත්

නොමේරූ දරුවෙකු වීම සහ ලබා දෙන ඖෂධ

පරම්පරාවෙන් 

මෙපමණ කාලයක් දරුවන්ගේ අවදානමක් තිබුණ දරුවන්ගේ පමණක් ශ්රවණ තත්වය පරීක්ෂා කලත් දැන් ලෝක සෞඛ්ය සංවිධානය මගින් දියත් කර තිබෙන Universal screening program සෑම දරුවෙකුගේ උපත සමග ශ්රවණ තත්වය පරීක්ෂා කර බැලීමේ ව්යාපෘතියක් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව කනට ඇතුළු කරන කුඩා යන්ත්රයක් (Otoacustic Emission) (OAE) මගින් ඇතුලු කනේ සිට ශබ්දය නිකුත් වීම හඳුනා ගන්න පුලුවන්. ඒ මගින්  ස්නායු තත්වය හොඳින් හඳුනා ගැනීමට පුලුවනි. හඳුනා මේ පරීක්ෂනයේදී  සැකයක් නැත්නම් දරුවාගේ ශ්රවණ තත්වය නීරෝගී බව තහවුරු කරනවා. 

යම් විදිහකින් මේ අවස්ථාවේදී යම් අඩුපාඩුවක් හඳුනා ගැනීමට සිදු වුනොත් තවත් පරීක්ෂණයක් වෙනුවෙන් යොමු කරනවා. ඒ පරීක්ෂණය හඳුන්වන්නේ ERA හෙවත් evoke respoce audiometry යනුවෙනුයි. එහිදී ලබා දෙන ශබ්දය මැද කනට ගිහින් ස්නායු පද්ධතිය ඔස්සේ මොළයට ගමන් කරනවා. සාමාන්ය ශ්රවණ තත්වයේදී මේ මාර්ගය පැහැදිලියි.

මේ පරීක්ෂන මගින් දරුවාගේ ශ්රවණ තත්වය ගැන දුර්වලතාවයක් ගැන වාර්තාවක් නැති වුනත් අඩු බර දරු උපත් ඇති දරුවන්, නොමේරූ ඒකකයේ සිටි දරුවන්, සෙංගමාලය වැනි රෝග තත්වයට ප්රතිකාර ලබා දුන් දරුවන් ගැන තව දුරටත් පසුවිපරම් කරමින් ඔවුන්ගේ ශ්රවණ තත්වය ගැන පරීක්ෂා කරනවා.

මේ තත්වයේදී කනට ලබා දෙන අඩු ශබ්ද සිට වැඩි ශබ්ද දක්වා පරාසයක දෙන ශබ්ද මගින් දරුවාගේ ශ්රවණ දුර්වලතාවයේ මටට්ම හඳුනා ගන්නවා. ඒ අවස්ථාවේදීත් අඩුපාඩුවක් හඳුනා ගන්න ලැබුනොත් විශේෂ ශල්ය කර්මයක් මගින් hearing aids එහෙම නැත්නම් ශ්රවණ උපකාර ලබා දීම නිර්දේශ කරනවා. මේ නිසා දරුවන්ගේ ශ්රවණාබාධ හඳුනා ගෙන ලබා දෙන ප්රතිකාර නිසා ඔවුන්ගේ ශ්රවණ තත්වය වගේම කතා කිරීමට ඇති අපහසුතාවයන්ටත් පිලියම් ලැබෙනවා. මේ  විදිහට ශ්රවණ ආධාරක ලබා දෙන දරුවන් ගැනත් අපේ  පසුවිපරම් සිදු වෙනවා.

ශ්රවණ ආධාරක මගිනුත් සාර්ථක ප්රතිඵල ලැබෙන්නේ නැත්නම් හෝ ශ්රවණ තත්වය දුර්වල නම් කර්ණ සංඛ බද්ධ කිරීමේ ක්රියාවලියට දරුවා යොමු කරනවා.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article