- Advertisement -

දරුවන් සමග ගණුදෙණු කරන්නේ මෙහෙමයි…

-

දරුවන් සමග ගණුදෙනු කරන එකත් අපි හිතන තරම් පහසු නැහැ.
ඒ ඇයි කිව්වොත් අපේ මට්ටමින් දරුවන් ගැන හිතන්න බැහැ. ඒ
වගේම දරුවන්ගේ මානසිකත්වය  කියවීමත් සමහර විට අපහසු
වෙනවා. අපි දරුවන් වෙතින් ගරු කිරීම් බලාපොරොත්තු වෙනවා නම්
ඔවුන් හැඩගැස්විය යුත්තේ කොහොමද…?

දරුවාට ගරු කරන්න..

- Advertisement -

දරුවා නිවසේ පුංචිම සාමාජිකයා බව ඇත්ත. ඒ අද දවසට පමණයි.
ඔවුන් හෙට දිනයේ සමාජයේ වගකිව යුතු චරිත බවට පත් වෙනවා.
ඒ නිසා ඔබ දරුවාට ගරුත්වයකින් කටයුතු කිරීම ඉතාම වැදගත්
තවත් පැත්තකින් මේ මගේ ලෙයින් මසින් උපන් දරුවාය යන
සංකල්පයෙන්ද දෙමව්පියන් යුක්ත වෙනවා නම් දරුවා වෙනුවෙන්
ගරු කිරීමට අමුතුවෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය නැහැ.

දරුවන් පුංචි වුනත් ගරුත්වය ලබන්න හරිම කැමැතියි. ඒ ගැන
කිසිම වරදක් කියන්න බැහැ. දරුවන් අපේ අණසක යටතේ හැසිරෙන
චරිත වුනත් ඔවුන් තුළත් යම් ආත්මාභිමානයක් තිබෙනවා. ඒ නිසා
දරුවන්ට අපි ගරු කරන්න ඕනයැ…ඒක හරි පුදුම කතාවක්නේ කියල
කිසිම විටෙක හිතන්න එපා. අපි යම් ලෙසකින් අද දවසේ දරුවන්ට
ගරු නොකරනවා නම් ඔවුන්ගෙන් අපට ගරුත්වයක් අනාගතයේදී
බලාපොරොත්තු වෙන්නත් බැහැ. එතැනදී වැඩිහිටියන් විදිහට අපට
ලොකු හිත් රිදිමක් ඇති වෙනවා. එය සාධාරණ වුනත් අපි දරුවන්
වෙනුවෙන් හැසිරෙන සලකන විදිය අනුව අපට ඔවුන් හෙට දවසේ සලකනු ඇති.

ආදරයෙන් සලකන්න..

දරුවන් ආදාරය ලබන්න බොහොම කැමැතියි. එය අමුත්තක් නොවේ.
හැම පුද්ගලයෙක්ම ආදරයට ආදරය කරනවා.නමුත් බොහෝ
දෙමව්පියන් දරුවන්ට ආදරය පෙන්වන්න කැමැති නැහැ. එය
දරුවාගේ අනර්ථයට හේතු වෙතැයි අනුමාන කරමින් ආදරේ තියෙන්නේ අපේ හිතේ..ආදරේ පෙන්නුවොත් විනාසයි කියල හිතනවා නම් ඇත්තටම ඔබ වැරදියි.දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ ආදරයේ සීමාවන් නැහැ. කොන්දේසි නැහැ.ඒ වගේම දරුවාට
දැනෙන්න ආදරය කිරීම ඉතාම වැදගත්.දෙමව්පියන් වෙතින් දරුවාට
ආදරය, ආරක්ෂාව ලැබෙනවා නම් ඔවුන් ඔබට ගරු කරන දරුවන්
බවට නොදැනීම පත් වේවි.

දරුවාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න…

අද දවසේ නම් බොහෝ දෙමව්පියන් තුළ ළමා මානසිකත්වය ගැන
තිබෙන වැටහීම නිසා දරුවන්ගේ පෞද්ගලිකත්වය ගැන වැඩියෙන්
උනන්දුයි. ඒත් අතීතයේදී ඇතැමි දෙමව්පියන් දරුවන්ට ප්‍රසිද්ධියේ
අපහාස කිරීම, අවමන් කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වනු ලැබුවා.
එවිට දරුවා ලැජ්ජාවට පත්ව නැවත එම වැරැද්ද නොකරන තැනට
පත් වෙතැයි දෙමව්පියන් විසින් විශ්වාස කරනු ලැබුවා. මේ තත්වය
ඉතාම අහිතකර විදිහට දරුවාට බලපානවා. ඔබ දරුවා ප්‍රසිද්ධියේ
අපහාසයට පත් කිරීමෙන් ඇති වෙන ලැජ්ජාව ඉතා තදින් ඔවුන්ගේ
හිතේ තැන්පත් වීම පමණක් නොව ඒ ගැන ඇති කේන්තිය කොයියම්
හෝ මොහොතක පලිගැනීමක් ලෙසින් පිටවීමට ඉඩ තිබෙනවා. ඒ
නිසා කුමන වරදක් කළත් ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ අපහාස කිරීම
නොකළ යුතු දඬුවම් ක්‍රමයක් බවත් තරයේම හිතට ගන්න.

දරුවන් සමග කාලය ගෙවන්න

අද හැම අම්මා තාත්තා කෙනෙක්ම කාර්ය බහුල ජීවිතයක් ගෙවන
බවට පොදු මතයක් ගොඩ නගා ගෙන තිබෙනවා.ඒ නිසා දරුවන්
සමග කාලයක් ගෙවන්න අපට වේලාවක් නැහැ කියන පොදු මතයක
පිහිටා සිටිනවා. නමුත් ඔබ දරුවන් සමග කාලය ගත කිරීමට කෙසේ
හෝ වේලාවක් සොයා ගන්න.ඔබ දරුවා අද දවසේ හුදෙකලා කිරීම
යනු මව්පියන් ගැන කිසිම අන්දමකින් ගරුත්වයක් හෝ දැඩි බැදීමක්
ඔවුන් තුළ ගොඩ නැගීමට මේ පරිසරය හේතු වේ.

ගතකරන කාලය සුන්දර වීම

දරුවන් සමග කාලය ගත කරනවා වගේම මේ කාලයත් ඉතා සුන්දර
වීම වැදගත්. එහෙත් දරුවන් සමග කාලය ගෙවීමට ඔබ සූදානමින් සිටියත් අදාල කාලය සතුටින් ගෙවා ගැනීමට නොහැකි නම් දරුවා තුළ ඔබ මුල් කර ගෙන ගෞරවනීය හැගීමක් ඇති වෙන්නේ නැත. ඒ නිසා දරුවන් සමග කාලය ගෙවීම වගේම ගෙවන කාලය සතුටින්
ගෙවන්නට හැකි නම් දරුවා ඔබ මුල් කර ගෙන ගෞරවනීය හැගීමකින් කටයුතු කරනු ඇත.

විධාන එපා.

දරුවා සමග මව්පියන්ගේ සම්බන්ධතාවය ඉතා වැදගත් බව රහසක්
නොවේ.ඒ වුනත් මේ කාලයේදී නිතරම විධාන එපා. දරුවාට හැම දෙයක්ම කරන්න එපා…යන විධානය ලබා දීමට වඩා බොහොම සුන්දර අන්දමින් අන්තර් සන්නිවේදනය ගොඩ නගා ගැනීම වැදගත්.

දරුවා ගොඩ නගන්න.

දරුවෙක් සමාජයට හිතකාමී ලෙසින් ගොඩ නැගීම දෙමව්පියන්ගේ
වගකීමයි.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ ශාරිරික
වර්ධනයට සමගාමීව ඔවුන් ආත්ම ශක්තියෙන් යුක්ත චරිත ලෙසින්
සමාජගත කිරීම ඉතා වැදගත්.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article