- Advertisement -

උදෑසන අපහසුතාවය

-

 

ගැබිණිබව සමග ඇති වෙන උදෑසන වමනය රෝග තත්වයක් නොවුනත් සාමාන්‍ය අපහසුතාවයක්. මේ අන්දමින් වමනය ඇති වෙන්නේ අපේ සිරුරේ ඇති වෙන හෝර්මෝන වෙනස්කම නිසයි. morning sickness එහෙම නැත්නම් උදේට ඇති වෙන වමනය සහ Vomiting During Pregnancy (NVP)  ඔක්කාරය නිසා ගැබිණි අවදියේදී 80 % ක් පමණ පීඩා විදිනවා. මෙය මුල් සති 6 සහ 12 අතර කාලයට සීමා වුනත් සමහර කාන්තාවන්ට සති 16 ක් පමණ කාලයක් පවතින්නත් පුලුවනි.ගැබිණි කාලයේ ඇති වෙන මේ අපහසුතාවයට හේතු කීපයක් තිබෙනවා.

- Advertisement -
  • ඊස්ට්‍රජන්(estrogen) හෝර්මෝන මටට්ම ඉහළ යෑම.
  • රුධිරයේ සීනි මටට්ම අඩු වීම.
  • human chorionic gonadotropin (hCG)මට්ටම ඉහළ යෑම
  • ප්‍රොෙජස්ට්‍රෝනprogesterone මටට්ම ඉහළ යෑම.
  • ගන්ධයන්ට සංවේදි වීම.

ඒ වුනත් සාමාන්‍ය පමණට වඩා වමනය සිදු වුනොත් පෝෂණය පිලිබඳ දුර්වලතාවයන් වගේම විජලන තත්වයන්ද ඇති වෙන්න පුලුවනි. ඒ නිසා මේ අසහනකාරී වමනය තත්වයෙන් ඔබ මිදෙන්නේ කෙසේද…ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි සුලු පිලිවෙත් කීපයක් මේ…

ගැබිණිබව සමග ගෙවන මුල් සති හයක කාලයේදී ආහාර පිසින සුවදත් ඉතාම අපුලයි. ඒ නිසා මේ කාලසීමාවේදී වෙනත් අයෙකු ලවා ආහාර පිසගැනීමට තිබෙනවා නම් වඩාත් හොදයි. අපහසුතාවයෙන් ආහාර පිසින විට තවත් මේ උදෑසන අපහසුව වැඩි වීමට පුලුවනි.

වමනය සිදු වෙන නිසා ඔබ ආහර ගත් සැනම වතුර පානය කරන්න එපා. ජලය අපිට අවශ්‍ය නිසා ආහාරයට පෙරාතුව හෝ ආහාරයෙන් යම් කාලමාත්‍රාවක් එනම් විනාඩි 30 කට වගේ පසුව ජලය පානය කරන්න.

ගැබිණි කාලයේ මුල් සමයේදී ඔබට වෙනදා වගේ ආහාර වෙනුවෙන් ප්‍රියතාවයක් ඇත්තේ නැහැ. වෙනදාට කැමැත්තෙන් ආහාරයට ගත් දේ වුනත් දැන් බොහොම අරුචියි.ඒ නිසා ඔබ මේ මුල් කාලයේදී කැමැති ආහාර පමණක් ගන්න. අකමැති දේ බලහත්කාරයෙන් කෑමට ගන්න එපා.

තෙල් සහ බැදුම් වර්ග ජීරණය අපහසු නිසා මුල් තුන්මාසය එහෙම නැත්නම් උදෑසන වමන සමයේදී දුරස් කලොත් වඩාත් හොදයි. එකවර වැඩි ප්‍රමාණයකින් ආහාර නොගෙන පැය දෙකකට වරක් කුඩා මාත්‍රාවකින් ආහාර ගන්න. ඒ වගේම බ්ලෙන්ඩ් කර ගැනීමත් වමන තත්වයෙන් මිදෙන්න පහසුවක් වේවි.

ආහාර ගත් සැනින්ම නින්දට යෑමත් වමනය වැඩි වීමට හේතුවක් වෙන නිසා ආහාර ගත් සැනම නින්දට යන්නත් එපා.

දැන් දිරවීමට පහසු විදිහට කැඳ, පළතුරුවර්ඝ. විශේසයෙන් ඇඹුල් වර්ග මේ කාලයේදී වැඩියෙන් ආහාරයට ගන්න. ඒ වගේම තම්බා ගත් එළවලු සහ සුප් වලින් අවශ්‍ය පෝෂණය ලබා ගැනීම ගැනත් අවදානයෙන් සිටින්න.  ප්‍රසව සහ නාරි වෛද්‍ය විශේෂඥ සහ Expecting 411. ග්‍රන්ථයේ කර්තෘ ‘‘ මයිකල් (Michele Hakakha, M.D., FACOG) හකහා “ සඳහන් කරන විදිහට දෙහි සහ ලෙමන් මේ කාලයේ ඇති වෙන අප්‍රියතාවයට හොද විසදුමක් ලබා දේවි. ලෙමන් සුවඳ පවා ගැබිණි මවට තිබෙන ඔක්කාරයට පිලියමක් විදිහට ඔහු පෙන්වා දෙනවා. මේ නිසා ඇතැම් කාන්තාවන් මේ කාලයේදී ලෙමන් සුවඳ ඇති විලවුන්, ඉටිපන්දම් දල්වා ගැනීමටත් උනන්දුයි.

කැෆේන් සහ පැණිබීම ඒ වගේම සමහර විට කෝලා පාන වර්ග ඔබ කැමැත්තෙන් පානය කරන්න පුලුවනි. ඒ වුනත් මේ පාන වර්ග නම් ගැබිණිකාලයට කොහෙත්ම සුදුසු නැහැ.මේ සියල්ලටම වඩා පිරිසිදු වතුරට ලෙමන් යුෂ මිරිකා ගෙන පානය කරන්න. එය විජලනයට වගේම ප්‍රියතාවයෙන් පානය කරන්නත් පුලුවනි.

ඒ අතර ටෙක්සාස්හි නාරි සහ ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ‘‘ මාරියා ප්‍රැන්සිස් “ සඳහන් කරන මේ ප්‍රතිකාර ගැනත් අත්හදා බලන්නකෝ..

චීන වෛද්‍ය විද්‍යාවට අනුව ඉගුරු ඉතා හොඳ ඖෂධයක්. ගැබිණි කාලයේදීත් ඉගුරු යොදා ගත් තේ ඒ වගේම ඉගුරු ආලේපිත ආහාර වර්ග මගින් උදෑසන ඇති වෙන වමන සහ ඔක්කාරයට පහසුවක් ලැබේවි.

මිශ්‍ර විදිහට ආහාර ගන්න. අපිට මේ කාලයේදී ආහාර ගැන නම් තිබෙන්නේ අරුචියක්. ඒත් දරු කලලය වැඩෙන්නත් අවශ්‍ය පෝෂණය අවශ්‍ය නිසා මිශ්‍ර විදිහට ආහාර ගන්න. ඇතත්ටම එකාකාර රටාව නිසා ආහාර අප්‍රසන්න වෙන්න පුලුවනි. ඒ වුනාට අපථ්‍ය නොවන සහ පෝෂණ ඌනතාවයන් ඇති නොවන විදිහට පළතුරු, ඇට වර්ග, සාමාන්‍ය පැනිරසයක් ඇතුලත් විදිහට ආහාරය විවිධත්වයෙන් සකස් කර ගන්න.

මේ කාලයේදී සායනයෙන් ලබා දෙන පෝලික් අම්ලය වැනි අත්‍යවශ්‍ය විටමින් නොගෙන ඉන්නත් එපා.

වමනය යනවා යැයි සිතා ජලය පානය නොකර සිටීම ඉතා අනතුරුදායකයි. ඒ නිසා වතුර එක්වර නොව විටින් විට උගුරක් දෙකක් විදිහට වමනය පාලනය කරමින් පානයට උත්සාහ කරන්න. ඊට අතිරේකව පළතුරු යුෂ සහ දියර සහිත පළතුරු උදාහණ විදිහට කොමඩු වැනි පළතුරු ආහාරයට ගන්නත් පුලුවනි.

Family & Home වෙබ් අඩවියේ Morning Sickness Remedies

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article