- Advertisement -

ළමා කාලය සුන්දර අත්දැකීමක් කරන්න.

-

දරුවෙක් බාලකාලය ගෙවන අන්දම අනුව ඔවුන්ගේ අනාගතය සම්පූර්නයෙන්ම නිර්මානය වෙනවා. ඒ නිසා දරුවන් පුංචි වුනත් ඔවුන්ගේ සුන්දර ළමා ලෝකය වැඩිහිටියන්ගේ ප්‍රතිචාර නිසා බොහෝ සෙයින් වෙනස් වෙන්න පුලුවනි. මේ නිසා අද දෙමව්පියන්ට දරුවන්ගේ මානසිකත්වයට ගැලපෙන අන්දමට තමාගේ හැසිරීම කෙසේ විය යුතුදැයි අවබෝධයක් තිබීම ඉතාම වැදගත්.ඒ නිසා ඔබ දරුවා මුල් කර ගෙන වැඩිහිටි මානසිකත්වයකින් ඔවුන් දෙස නොබලා දරුවාගේ ලෝකයෙන් බැලීම වැදගත්. එහෙමනම් දරුවෙකුගේ ළමා කාලය සැබෑ සුන්දර අත්දැකීමක් ලෙසින් නිර්මානනය කරන්නේ කොහොමද…?

 

- Advertisement -

දරුවන්ගේ ආතතිය ගැන හිතන්න

දරුවන්ට මොන ආතතියක්ද කියල අප හිතුවත් ඔවුන්ටත් විවිධ මානසික ගැටුම් තිබෙනවා.ඒ නිසා ඔවුන්ගේ පෙර පුරුදු හැසිරීම් වෙනස් වෙන්න පුලුවනි.එවැනි අවස්ථාවන්හිදී දරුවාට තරවටු කරනවා වෙනුවට ඔහුගේ ආතතිමය තත්වය ගැන තේරුම් ගෙන ඒ තත්වය කළමනාකරණය කිරීම දෙමව්පියන්ගේ වගකීමක්

වැඩ අඩු කරන්න…

අපේ දෙමව්පියන්ගේ ආකල්පය වී තිබෙන්නේ ළමා කාලය තියෙන්නේ ඉගෙන ගන්න…ඒ නිසා මේ කාලයෙන් උූපරිම ප්‍රෙයා්ජන අරගෙන ඉගෙන ගැනීම මිසක වෙනත් දෙයක් අවශ්‍ය නැති බවයි.ඒ නිසාම අතිරේක පංති,පුද්ගලික පංති ඉගෙන ගැනීම වැනි විවිධ විදිහට ඉගෙණුම බරක් බවට පත් කර ගන්නවා.දරුවෙකුට විෂය නිර්දේශයක් නිර්මානය කරන්නේ මොළයේ ධාරිතාවය අනුව වුනත් දෙමව්පියන්ගේ කෙළවරක් නැති දැනුම් පිපාසය නිසා දරුවා විශාල පීඩනයකට පත් වෙනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට දරුවාට හැකි තරම් අධ්‍යාපනයේ බර අඩු කිරීමත් දෙමව්පියන්ගේ වගකීමක්.

පවුලක් විදිහට ජීවත් වෙන්න

අද පවුල කියන්නේ පවුල තුලම විතැන් වුන සංස්ථාවක්.අම්මා කාර්යාලයේ හෝ වෙනත් රැකියාවක නිරත වෙනවා. ඇය දිවා කාලයට නිවසේ නැහැ.රාජකාරී අවසානයේ නිවසට පැමිණි තැන පටන් ඇය නිවසේ ගෘහ කටයුතු වෙනුවෙන් සීමා වෙනවා. පියා නිවසට එන්නේ ටිකක් රූ බෝ වෙලා. එතැන් පටන් ඔහු ජංගම දුරකථනයේ. එවිට පවුල තුළ ඇත්තටම පවුලක් නැහැ.ඒ නිසා දරුවා හුදෙකලා චරිතයක් බවට පත් වෙනවා. මේ හුදෙකලාව දරුවාගේ පෞරෂයට ඉතාම අහිතකර විදිහට බලපානවා.

සෙල්ලමට ඉඩ දෙන්න

අද කාලයේ සෙල්ලම කියන්නේ තහනම් වචනයක්. පොත පතින් තොර ලෝකයක් දරුවාට නැහැ. ඒ වුනත් සෙලල්ම කියන්නේ විනාශයක් නොවෙයි.දරුවන්ට සෙලල්මට අවසර දෙන්න.එය දරුවාගේ ශාරිරික වගේම මානසික නීරෝගීතාවයටත් ඉතාම හිතකර තත්වයක්.

රූපවාහිනිය සීමා කරන්න..

දරුවා රූපවාහිනියට ඇබ්බැහි වුනාම ඔවුන් එතැනින් මුදවා ගැනීම එතරම් පහසු නැහැ.දරුවා සහ දෙමව්පියන් අතර ගැටුම පටන් ගන්නේ එතැනින්.ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවාට ගැලපෙන වැඩ සටහන් තෝරා දීම සහ කාලය පාලනය කරමින් රූපවාහිනිය නැරඹීමට අවසර දීම ඉතාම වැදගත්.

උදෑසන සන්සුන් කරන්න

අද හැම නිවසකම උදෑසන ඉතාම කලබලයි. ඒ වුනත් දරුවාගේ දවස සන්සුන් මනසකින් ආරම්භ කිරීමට නම් උදය ඉතා ප්‍රසන්න අත්දැකීමක් කරන්න. අවදි වුන තැන පටන්ම දරුවාට බැනීම, චෝදනා කිරීම වෙනුවට අද දවස බොහොම සුබය යන ධනාත්මක බව දරුවාගේ හිතට දෙන්න. එයින් දවස අරඹන දරුවාගේ සකුට දවස පුරාම පවතින අතර එයින් ලැබෙන ශක්තිය ඔහුගේ ජීවිතයටත් ආශිර්වාදයක් වෙනු ඇති.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article