- Advertisement -

කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ….

-

අම්මා,තාත්තා වුනත් නිවසේ සිටින විට පුංචි පුංචි ආරවුල් ඇති කර ගන්නවා.එය සාමාන්‍ය තත්වයක්.දෙන්නා දෙමහල්ලන්ගේ සණ්ඩු සරුවල් බත් හැලිය ඉදෙන තෙක් විතරයි කිව්වත් සමහර දෙමව්පියන් මේවා දිගින් දිගටම ගෙනියනවා.

ඇත්තටම දෙමව්පියෝ රණ්ඩු වෙන්නේ ඇයි…

- Advertisement -

ආර්ථික හේතු-මේ තත්වය සණ්ඩු සරුවල් වීමෙන් හෝ බහින්බස් වීමෙන් විසඳා ගන්න බැහැ.මුදල් ආදායම වගේම වියදම ගලපා ගැනීම එතරම් පහසු කාර්යක් නොවෙයි.නමුත් එය සණ්ඩුවකින් විසඳෙන්නෙත් නැහැ.

පවුල්වල සාමාජිකයන් නිසා-එක හැලියේ බත් කෑවාත් කුසය වෙනස් කියනවා වගේ සමහර පවුල්වල නැන්දම්මා.නෑනා වැනි නීතියෙන් සම්බන්ධ වුන නෑදැයෝ බොහොම සීරුවට දෙන්නා දෙමහල්ලන් අතර අරගල ඇති කරනවා.ඒ වගේ වේලාවට සැමියා ,බිරිඳ මේ ගැන අවබෝධයෙන් කටයුතු කරමින් දෙපැත්තම බේරා ගන්න ඕන.

දරුවන් නිසා-දරුවන් වැරදි කිරීමෙන් පවුල් අතර බොහෝ අරගල ඇති වෙනවා.දරුවා වැරද්දක් කළත්, දරුවාට තදින් අවවාද දුන්නත් අන්තිමේදී දෙමව්පියෝ පැටලෙන පැටලිල්ල දවස් ගණනාවක් අළු යට ගිනි වගේ පුපුරු ගහනවා.

මානසික ආතතිය- බොහෝ වේලාවට මානසික ආතතිය පිටට පේන්නෙත් නැහැ.අඩුම වශයෙන් ආතතියට පත් තැනැත්තාවත් ඒ ගැන දන්නේ නැහැ.නමුත් සිද්ධ වෙන්නේ නිතරම අඩදබර විතරයි.නමුත් ඒවා පිටවෙන්නේ හොස්ස අගින් මැස්සා යන්න බැරි විදිහටයි.

වෙහෙස- නිවසක කටයුතු, රැකියාව ,සමාජ සම්බන්ධතාවයන්,දරුවන්ගේ වගකීම් ..මේ

සියල්ලම දරන්න ගියාමත් ටිකක් අපහසුයි.සමහර විට මේ වගකීම් දෙන්නා අතර බෙදා ගැනීමකුත් නැහැ.එහෙම වුනාම ඇති වෙන වෙහෙස පිටවෙන්නේ මත ගැටුම් විදිහටයි.

 

දෙමව්පියෝ නිතරම රණ්ඩු වෙනවා නම්..

දෙමව්පියෝ නිතරම රණ්ඩු වෙනවා නම් ඒ නිවස ප්‍රසන්න නැහැ. සාමාන්‍යයෙන් පවුලේ අයට තමාගේ නිවස තරම් ප්‍රසන්න තැනැක් ලෝකයේ වෙනත් කොතැනකවත් නැති තරම් වුනොත් එය සැබැවින්ම පසන් නිවසක්.ඒ වුනත් අම්මා තාත්තා මත ගැටෙන,බහින් බස් වෙන නිවසක දරුවන්ට මේ පසන් නිවසක අයිතිය නොදැනීම අහිමි වෙනවා.

  • දරුවන් හා දෙමව්පියන් අතර සම්බන්ධතාවය

අම්මා,තාත්තා නිතරම දුම්මල වරම අරගෙන ඉන්නවා නම් දරුවන්ට ඔවුන් සමග මනා සන්නිවේදනයක් ගොඩ නගා ගැනීම අපහසුයි.බොහෝ වේලාවට මේ පීඩනය පිට වෙන්නේ දරුවා වෙතින් නිසා ඔවුන් අම්මා හෝ තාත්තා ආව්ස වෙලා ඉනන්වා නම් කතාවට යන්නත් බයයි.ඒ නිසාම දරුවන් නිතරම ජීවත් වෙන්නේ බිය,සැකය පිරුන පරිසරයකයි.

  • දරුවන්ගේ මානසික තත්වයට ගැලපෙන්නේම නැහැ.

දරුවන්ගේ බාල කාලයේ ලබන සුන්දර අත්දැකීම් මත ඔවුන්ගේ අනාගතය පෝෂණය වෙනවා.දරුවන් සතුටින් ඉන්න කැමැතියි. ආදරය ලබන්න,ආදරය විඳින්න..කැමැතියි.ඒත් නිතර ගැටෙන දෙමව්පියන් සිටින නිවසකදී දරුවාට මේ සියල්ල අහිමි වෙනවා. අම්මා නිතරම ඉන්නේ තමන්ට ජීවිතේ එපා වුණා වගේ..තාත්තාට පොඩ්ඩක් ඇත්තම් තරහ යනවා.එවන් පසුබිමක දරුවා බොහොම අසරණයි.ඔවුන්ගේ සිතුවිලි කියන්න,අහන්න කෙනෙක් නැහැ. මේ නිසා දරුවා බෙහෙවින්ම මානසික කම්පනයකින් කාලය ගෙවනවා.

  • දරුවාගේ අනාගතයට ඇති වෙන බලපෑම

දරුවාට නිවසේ තියෙන්නේ අනාදරය,අනාරක්ෂිතබව නම් ඒ තත්වය දරුවා සමග නොදැනීම වර්ධනය වෙනවා.ඔවුන් සමාජයට නිරාවරනය වුනාමත් මේ පීඩනය නිසා සමාජය සමග පවත්නා සම්බන්ධතාවයන් එතරම් යහපත් පරිදි පවත්වා ගැනීමට අපහසු චරිත බවට පත් වෙනවා.නිතරම මානසිකව පීඩනයෙන්, සිටීම නිසා දරුවාගේ හිතේ ඇත්තේ ප්‍රචන්ඩ සිතුවිලි. තාත්තා නිතරම අම්මාට දොස් නගන, බඩු මුට්ටු පොළවේ ගසන, අම්මා නිතරම තාත්තාව විවේචනය කරන පවුල් පසුබිමකින් දරුවෙකුගේ හිතේ ඇති වෙන්නේ ප්‍රචණ්ඩත්වයයි.ඒ නිසා පවුල තුළ මොන අන්දමේ අරගල තිබුනත් දරුවන් ඉදිරියේ ඒවා ප්‍රචණ්ඩකාරී ලෙසින් මුදා හරින්න එපා.එලෙස පීඩාකාරි පරිසරයක හැදෙන වැඩෙන දරුවා අනාගතයේදී ප්‍රචන්ඩතාරීව හැසිරෙන නිසා දෙමව්පියන් ලෙසින් ඔබ අද දවසේ පවුලේ සමගිය පවත්වා ගැනීමට වඩාත් උනන්දු වෙන්න.එය දරුවන්ට ආදරය කරන දෙමව්පියන්ගේ සැබෑම සෙනෙහසයි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article