ලෝකයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වෙන්නේ පින්ලන්තයේ. ඒත් මේ විදිහට එක් රටක් පාදක කර ගෙන ලෝකයේ සමස්තය ගැන අනුමාන අපිට ගොඩ නගා ගන්න බැහැ.අල්ජසීරා පුවත් සේවය පවා මේ ගැන අදහස් දක්වමින් කියා සිටින්නේ ලෝකයේ කුමන රටක වුනත් මානසිකව පීඩනයෙන් සිටින පිරිස් ඕනෑ තරම් සිටින බවයි. ලෝක සෞඛය සංවිධානය සඳහන් කරන විදිහට අනාගතයේදී සෑම පුද්ගලයන් හතර දෙනෙක්ගෙන් එක් අයෙක්ම මානසික සෞඛ්‍යය අතින් පිරිහුන තත්වයක පසු විය හැකි බවයි. අපි හැම දෙනෙක්ම ජීවිතයේ හැම දවසකම මානසිකව යම් යම් ගැටුම්වලට මුහුණ දෙනවා. මේ තත්වය නිසා අපි මානසික රෝගීන් බවට පත් වෙන අතර ඒ වෙනුවෙන් බලපාන තවත් හේතු කීපයක් තිබෙනවා.
■ ප්‍රවේණිය
■ ආහාර රටාව
■ ව්‍යායාම
■ පරිසර දූෂණය
■ මානසික ආතතිය
මානසික රෝග බොහෝ දුරට දරුණු තත්වයට පත් වෙන්නේ අපේම වැරැද්දෙන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසට ඌනපූරණය කරමින් වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරනවා..
මානසික රෝග පිළිබඳව අපේ සමාජයේ පවතින දුර්මත නිසා මෙම රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම ඇතැම් වේලාවට බොහොම කල් යන අවස්ථා තිබෙනවා. ඒ තත්වය නිසා සිද්ධ වෙන්නේ නියපපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරොවෙන් කපන තරමටම බරපතල තත්වයට පත් වෙනවා. එහෙත් මානසික රෝග තත්වයක් වුනත් කල් තබා හඳුනා ගත් විට ප්‍රතිකාර කිරීම අපහසු නැහැ. එහෙමනම් අපේ රටේ මානසික රෝග හඳුනා ගැනීම ඇත්තටම පරක්කු වෙන්නේ
බොහොම දෙනා මුලින්ම මානසික රෝග තත්වයන් පැහැදිලිව හඳුනා ගන්නේ නැහැ. සමහර අවස්ථා තිබෙනවා මේවා මානසික රෝග විදිහට තෝරා බේරා ගන්න බැරි තරහටම සාමාන්‍යයයි.සමහර අයගේ අසීමිත පිරිසිදුකම, තනිවම ඉන්න දක්වන බිය, සතුන්ට දක්වන බිය, තමන් මැරෙයි කියලා එහෙම නැත්නම් තමන්ට විපතක් වෙයි කියල හිතෙන අනියත බිය…මේ සාමාන්‍ය හැසිරීම් අතරෙත් මානසික රෝග තත්වයක පෙරනිමිති තිබුනත් අපි ඒවා පැහැදිලිව හඳුනා ගන්නේ නැහැ.
■ මානසික රෝග වෙනුවෙන් ඔවුන් මුලින්ම රෝහල්ගත වෙන්න තිබුනා නේද…?
ඒ තත්වය ඔවුන්ට පමණක් නොවෙයි. බොහොම දෙනාට සාධාරණයි. එකක් අපි අතර තිබෙන මානසික රෝග ගැන අපිට වැටහීමක් නැහැ. ඒ නිසා ප්‍රතිකාර ගත යුතුද…ප්‍රතිකාර ගන්නේ කාගෙන්ද…. යොමු වෙන්නේ කොතැනටද…..වගේ ප්‍රශ්න රාශියක් නැතුවාම නොවෙයි.
■ මානසික රෝග වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාරම ලබා ගත යුතුද…..?
මානසික රෝග වෙනුවෙන් ඖෂධ ප්‍රතිකාර වගේම මනෝචිකිත්සක ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය අවස්ථා තිබෙනවා. බොහෝ දෙනා මනෝචිකිත්සක ප්‍රතිකාර පිළිබඳව දැනුවත් නැහැ.ඒ වගේම මානසික රෝග සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන පහසුකම් ඉතාම අල්පයි. මේ නිසා මානසික රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා නිසි පහසුකම් නැති වීම නිසාත් මේ රෝගීන්ගේ තත්වය සුව අතර පත් කර ගැනීම අපහසුයි.
■ මානසික රෝග පිළිබඳව තිබෙන දුර්මත….
බොහොම දෙනා හිතන්නේ මානසික රෝග වැළඳුනාම දැන් ඉතින් සදාකාලිකවම මානසික රෝගියෙක් බවයි. එහෙම වෙන්නේ නැහැ. පුද්ගලයාගේ පවතින අසමතුලිත බවට ප්‍රතිකාර ලබා දීමෙන් ඔහු නැවත සාමාන්‍ය තත්වයටම සමාජගත කළ හැකියි.
■ මානසික රෝගීන් සමාජයේ අපවාදයට ලක් කිරීමක් වෙනවාද…?
මානසික රෝගියෙක්ය යන ලේබලයෙන් එම තැනැත්තා හඳුන්වන්න පුරුදු පුහුණුව සිටීම ඉතා වැරදියි. ඇතැම් විවාහ යෝජනාවන් පවා පවුලේ යම් කෙනෙක් මානසික රෝග තත්වයෙන් පසු වුන තොරතුරු දැනගත්තාම බිඳ වැටෙනවා. සමාජය මෙම රෝගීන් අවතැන් කරන නිසා ඔවුන් නොදැනම හුදෙකලා චරිත බවට පත් වෙන විට තව තවත් තත්වය නරක අතට හැරෙනවා.
■ යෝග සහ භාවනාවන් මගින් කාංසාව විශාදය වැනි මානසික රෝගවලට සහනයක් ලැබෙනවාය යන අදහස…
මෑතකදී හාවර්ඞ් විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරන ලද පර්යේෂන වාර්තාවක සඳහන් අන්දමට යෝග සහ භාවනාවන් මගින් මානසික රෝගාබාධයන්ට සහනය ලැබෙන බව හඳුනා ගෙන තිබෙනවා. මෙම අධ්‍යනයට කාන්තාවන් 91 දෙනෙක් තෝරා ගෙන මුල් අදියරේදී ඔවුන්ට පැය 12 ක කාලයක් භාවනාවේ යෙදීමට අවස්ථාව ලබා දුන්නා. දෙවැනි අදියරේදී සතියක කාලයක් යෝග ව්‍යායාමයන්හි යෙදෙන්නට අවස්ථාව සලසා දුන්නා. සැසි වාරය අවසානයේදී ලබා ගත් වාර්තාවන් මගින් පෙනී ගියේ මෙම පිරිස ඉතා යහපත් මානසික සෞඛ්‍ය තත්වයකට පත්ව සිටි බවයි. මේ විදිහට බලද්දී අපිට මානසික ඇති වෙන විවිධ අපහසුතාවයන් වෙනුවෙන් දැන් නොයෙක් පිළියම් තිබෙනවා.
■ එහෙමනම් මේ රෝගීන් සමාජය පිළිගන්නේ කොහොමද….
ඇත්තටම ඔවුන් සාමාන්‍ය උදවිය විදිහට හිතන්න පුළුවන්. අතීතයේදී ක්ෂයරෝගය , ලාදුරු වැනි රෝගීන් සමාජයෙන් කොන් වුන තත්වයට පත්ව සිටියත් වෛද්‍ය විද්‍යාවේ සංවර්ධනය සහ සමාජය ලබා තිබෙන දැණුවත්බව නිසා මේ රෝගීන් සුවය ලබා ඉතා හොඳින් සමාජය සමග ගණුදෙණු කරනවා. මානසිකව යම් වෙනස්වීමක් ඇති වෙලා ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගත්තාට පසුව දෙවතාවක් ඒ තැනැත්තා ගැන හිතන්න අවශ්‍ය නැහැ. දැන් ඔහු හෝ ඇය සාමාන්‍ය නීරෝගී පුද්ගලයෙක්…..
අල්ජසීරා පුවත් ඇසුරින්