- Advertisement -

බඩගිනි පැටියාට අලිගැටපේර

-

අම්මේ බඩගිනියි…පැටියා දුවගෙන ආවා.

ඉන්න බිස්කට් දෙන්නම්..අම්මා අත් දෙකටම බිස්කට් දෙකක්ම දුන්නේ ටික වෙලාවක් යනකම් බඩගිනි විප්ලවය නැති වෙන හින්දා..

- Advertisement -

බිස්කට්වල ගුණයක් ඇතෑ…ඔය දරුවට අලිගැට පේර ගෙඩියක් හදලා දෙන්න..අර ගස් යට කුණු වෙවි අලිගැට පේර වැටිලා..අත්තම්මා කිව්වා

අනේ දැන් ඕවාට වෙලාවක් නැහැ. මට උයන්න වෙලා යනවා.ඔය බිස්කට් ඇති.

ඒ වුනත් අලිගැටපේර පැටියාගේ  පොඩි ‍බඩගින්නට විතරක් නොවෙයි,පැටියා කුස දරණ අම්මලාටත් ගුණදායක ආහාරයක්. 

අලිගැටපේර ග්‍රෑම් 40 ක ගුණ

ශක්තිය කැලරි 64

මේදය ග්‍රෑම් 6 යි.

කාබොහයිඩ්රේට ග්‍රෑම් 3.4

තන්තු ග්‍රෑම් 3 යි.

මේ ගුණයන්ට අතිරේකව විටමින් C, E, K සහ B-6 අඩංගුයි.රයිබොෆ්ලේවින්,ෆෝලේට්, pantothenic අම්ලය,ඔමේගා 3,මැග්නීසියිම්, පොටෑසියම් සහ බිටා කැරොටින්වලින් සමන්විත නිසා නිරෝගි ගැබ් ගැනීමක් වෙනුවෙන් අලිගැටපේර ඉතාම ගුණදායකයි. නිරෝගී ගැබ් ගැනීමක් සඳහා ෆෝලේට් අතිශයින් වැදගත් වේ.අලිගැටපේර ප්‍රමාණවත් ලෙස ආහාරයට ගැනීමෙන් ගබ්සා වීමේ හා neural tube දෝෂ ඇතිවීමේ අවදානම අඩු කරයි.

මීයන් ආශ්‍රිත පරීක්ෂණ

අලිගැට පේර කලළ ආරක්ෂවට ඇති වැදගත්කම අලලා මැක්හිල් විශ්ව විද්‍යාලය විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.එහිදී අලිගැටපේර ආහාරයට ලබා දුන් මීයනේගේ 


මැක්ගිල් විශ්ව විද්‍යාලයේ මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ ෆෝලේට් ඌනතාවය ඇති මීයන්ගේ විවිධ උපත් ආබාධ ෆෝලේට් ඇති මීයන්ට සාපේක්ෂව 30% කින් ඉහළ ගොස් ඇති බවයි.ඒ නිසා ගැබිණි මව්වරුන්ටත් අලිගැටපේර බෙහෙවින් ගුණදායකයි.

මානසික සෞඛ්‍ය

අද නිතරම අපට ඇසෙන මානසික ආතතිමය තත්වයෙන් දුරස් වීමට නම් අලිගැටපේර ආහාරයට ගන්න.අලිගැටපේරවල ඇති ෆෝලේට් මගින් homocysteine ගොඩ නැගෙන නිසා මොළයට යහපත් රුධිර සංසරනයක් ලැබී යහපත් මානසික සෞඛ්‍ය තත්වයක් ඇති කරනවා.

පැටියාගේ  රස හඳුනන දිවට

පුංචි පැටව් රස ගැන දැනීම ලබා ගන්නේ ඔවුන්ට ලැබෙන මුල් ආහාර අනුවයි.ඔහියෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ රොබට් මරේ සදහන් කරන්නේ පුංචි කාලයේදී අලිගැටපේර ආහාරයට ලබා දුන් විට සීනි වෙනුවෙන්පොඩිත්තන්ගේ උනන්දුව අඩු වෙන බවයි.

විවිධ විදිහට දෙන්න පුලුවනි.

  • අලිගැටපේර මද ආහාරයට දීම.
  • පළතුරු සලාදයට අලිගැටපේර එකතු කිරීම.
  • අලිගැටපේර යුෂ පානය
  • ආහාර පිළියෙල කරන විට බටර් සහ මයෝනිස් චීස් වෙනුවට අලිගැටපේර යොදා ගන්න පුලුවනි.

 

අම්මා,තාත්තාගේ නිරෝගිතාවයට

දරුවාට ආදරෙයි නම් අම්මා,තාත්තා නිරෝගිව සිටීම වැදගත්. අද බෝනොවන රෝගයන්හි ගොදුරුබවට පත් වෙන සීඝ්‍රතාවය ඉතාම ඉහලයි.අගිලැටපේරවල අන්තර්ගත ස්වභාවික ශාඛ sterol මගින් රුධිරගත කොලස්ටරෝල් ගිනුම වගේම හිතකර කොලස්ටරෝල් මට්ටම හොඳින් පවත්වා ගෙන යනවා.

පිළිකා කියන්නේ අපි විසින්ම ගොඩ නගා ගත්ත ලෙඩක් වෙන්නත් පුළුවන් නැත්නම් ආරෙට එන රෝගයක් වෙන්නත් පුළුවන්.අලිගැටපේරවල  ඇති  ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා නැති කිරීමේ හැකියාවෙන් යුක්තයි. ආතරයිටිස් සහ වකුගඩු රෝග තත්වයට ගුණදායකයි.

අම්මාගේ ලස්සනට

දරුවා ලැබුනාට පස්සේ රුව ලස්සන වෙන්න සැලොන් යන්නත් බැහැ. ඒ වුනත් අලිගැටපේර සත්කාරයක් මගින් අම්මාගේ ලස්සන රැක ගන්න අවස්ථාව ලැබී තිබෙනවා.අලිගැටපේරවල ඇති විටමින් ‘සී” නිසා සම රැළි වැටීම වලක්වා ගන්න පුලුවනි.ඒ වගේම හිරු එලියට නිරාවරනය වීමෙන් ඇති වෙන සමේ රැලි වැටීම් වලක්වා අම්මාගේ ඇසටත් ආරක්ෂාව ලැබෙනවා.ඒ නිසා අලිගැටපේර පේස්ට් එකක් සාදාගෙන මුහුණේ ආලේප කිරීම නිවසේ ඉදන්ම තමන්ටම සිදු කර ගත හැකි සත්කාරයක්.

ඊටත් වාරෙට හැදෙන පළතුරු ආහාරයට ගැනීම ජීවිතයේ තවත් අත්දැකීමක්

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article