- Advertisement -

අපි දරුවන්ට To do ලැයිස්තුවක් සකස් කරමු.

-

දරුවන්ට කාලයේ වටිනාකම ගැන පැහැදිලි කරද්දී ඔබ සම්ප්‍රදායික විදිහට කාලය රත්රන්වලට සමාන කරන්න එපා.අපේ දෙමව්පියන් දැන් මේ උපමාවෙන් ඈත් වෙන්න කාලය ඇවිත්.

ඇත්තටම රත්රන් කියන්නේ වටිනාකම මනින මානයක්. එහි වටිනාකම කාලයෙන් කාලයට වෙනස් වෙනවා. නමුත් කාලයේ වටිනාකම අපට කිසිසේත්ම කිසිවකට සමාන කරන්න බැහැ. ඒ තරමටම කාලය වටිනවා. අපේ ජීවිතයේ දවස් ඉතිරි කර ගැනීමට නම් අපි තත්පර ඉතිරි කරන අන්දම දරුවන්ට කියා දීම ඉතාම වැදගත්.

- Advertisement -

කාලකළමනාකරණයේ නියමුවා බුදුරජාණන්වහන්සේය.

බුදුරජාණන්වහන්සේගේ වසර හතලිස් පහක ධර්මප්‍රචාරනයේදී වැදගත්ම මෙහෙයුම වුනේ කාලය කළමනාකරණය කර ගැනීමයි.බුදුරජානණ්වහන්සේ විසින් දවස කාලසටහනක් අනුව බෙදා ගෙන කටයුතු කළ නිසා උන්වහන්සේ ලෝකයාගේ සුව සෙත වෙනුවෙන් කටයුතු කිරීමේදී වඩාත් සාර්ථක නායකත්වයක් ලබා දුන්නා. ඒ නිසා ඔබත් බුදුරජාණන්වහන්සේගේ කාලසටහනකට අනුව කාල කාළමණාකරනය කටයුතු කළ අන්දම දරුවාට කියා දෙන්න.

කාලසටහනක් අනුව කටයුතු කිරීම

කාලසටහනක් අනුව කටයුතු කිරීමේදී දරුවාට දවස තුළ කළ යුතු දේ වෙනුවෙන් යම් රටාවක් නිර්මානය කරන්න. නමුත් කාලසටහන යනු බිත්තියේ එල්ලා ඇති කාඩ්බෝඩ් කැබැල්ලකට සීමා විය යුතු නැහැ.

කාලසටහන ආකර්ශණීය වීම

කාලසටහන දකින විටත් එය දරුවාට මානසික වදයක් විය යුතු නැහැ. ඒ වගේම කාලසටහනේ හැමදාම එකම රටාවක් තිබීමත් එතරම් සුදුසු නැහැ. මෙය බොහොම නම්‍යශීලී විදිහට දරුවාගේ අවශ්‍යතාවය අනුව ගොඩ නැගීම වැදගත්.

කාලසටහන යාන්ත්‍රික වීම

කාලසටහනක් කියන්නේ යාන්ත්‍රික මෙහෙයුමක් නොවේ. දවස් තුන්සිය හැටපහම එකම රටාවක් තුළ අනිවාර්යෙන් හැඩ ගැසීමක් කිසිසේත්ම විය යුතු නැහැ. ඒ නිසා කාලසටහනකින් දරුවාගේ අධ්‍යාපනයට වගේම සෙල්ලමට,විනෝදාංශයකට,පුද්ගලයන් අතර සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමටත් අවසරය තිබිය යුතුයි.

කාලසටහනකින් දරුවාගේ විවේකය සීමා විය යුතු නැහැ.

කාලසටහන යන රාමුවකින් දරුවාගේ විවේකය සීමා කළ යුතු නැහැ.ඔහු මෙම කාලසටහන අනුව හසුරවමින් යාන්ත්‍රික හෙවත් රොබෝ චරිතයක් බවට පත් කිම කිසිසේත්ම විය යුතු නැහැ. ඒ නිසා දරුවාටත් විවේකයන් අවශ්‍ය වෙනවා. විවේකය පමණට වඩා වැඩි වීම වගේම අනවශ්‍ය අන්දමින් විවේකය සීමා කිරීමත් එතරම් සුදුසු නොවන නිසා කාලසටහන යන රාමුවකින් දරුවාගේ විවේකය සීමා කරන්න එපා.

කාලසටහන දිගුකාලීන නොවිය යුතුයි.

බොහෝ දෙමව්පියන් කාලසටහනක් නිර්මානය කරන්නේ දිගුකාලීනවයි. කොටින්ම මාසයක් වැනි කාලයක් වෙනුවෙන් හෝ කාලසටහනක් අවම වශයෙන් සීමා කරනවා. නමුත් එය නොවිය යුත්තක්. අපට හෙට දිනයක් ගැන බලාපොරොත්තු තැබීම අපහසුයි. ඒ නිසා නිතරම කාලසටහන තාවකාලික ලෙසින් සකස් කිරීම වැදගත්. 

ඒ නිසා අපි  To do  ලැයිස්තුවක් සකස් කරමු.

ඇතැම් දේවල් කාලය සමග වෙනස් විය යුතු නිසා අපිත් කාලසටහන වෙනුවට ”ටු ඩු ” ලැයිස්තුවක් නිර්මානය කිරීම වැදගත් වේවි. මෙහිදී දරුවාටම එය නිර්මානය කිරීමේ අයිතිය ලබා දෙන්න. අද දවසේ ඔවුන් කළ යුතු වැඩ ලැයිස්තුවක් සකස් කරන්න.දවස අවසානයේදී එම ලැයිස්තුවේ දරුවා විසින් සිදු කළ වැඩකටයුතු වලට සලකුණක් යොදන්න. 

අත්‍යවශ්‍ය දේ මුලටම ඇවිත්

සම්ප්‍රදායික කාලසටහනකට වඩා කෙටි කාලයක් හෙවත් අවම වහයෙන් දවසක් වෙනුවෙන් ”ටු ඩු ” ලැයිස්තුවක් සකස් කරන විට ප්‍රමුඛතාවය ලැබෙන්නේ අත්‍යවශය්‍යකටයුතු වලටයි.එතැනින් පසුව අවශ්‍ය සහ එතරම් වැදගත් නොවන කටයුතු වෙනුවෙන් දවස පෙළ ගසා ගැනීමට දරුවාට ස්වාධීන අයිතියක් ලැබෙනවා.නමුත් කාලසටහනක් යනු පෙර සැලසුමක් නිසා දරුවාට මෙම ස්වාධීන අයිතිය නොලැබී යෑමට පුලුවනි. ඒ නිසාම ඔවුන්ගේ අත්‍යවශය කටයුතු එක් පැත්තකින් මග හැරෙන අතර තවත් අන්දමකින් කාලසටහන යනු නිකම්ම ලියවිල්ලක් බවට පත් වේවි. ඒ ඇයි කිව්වොත් අනපේක්සිත අන්දමින් දවසක් වෙනුවෙන් නව අවශ්‍යතාවයන් ඇති වෙන විට දරුවාට කාලසටහනක් තුළ සිරවෙන්නත් බැහැ.

ඇතැම් වැඩ කොටස් මග හැරී ගියොත්…? 

කලබල වෙන්න එපා. හෙට දවස සැලසුම් කරන විට අතපසු වී වැඩ කොටස් නැවත එකතු කරන්න.සමහර වැඩ කොටස් අද දවසේදීත් කිරීමට අපහසු වුනොත් ඒවා තවත් දිනයක් වෙනුවෙන් වෙන් කරන්න.උදාහරණයක් විදිහට දරුවා ගෙවත්ත සැලසුම් කිරීමට සකස් කිරීමට සූදානම් වී ඇතුව සිටියත් අධික ලෙස වැසි සමයක් අනපේක්ෂිත ලෙසින් පටන් ගෙන ඇත්නම් දරුවාට මෙම කාර්යය තව දුරටත් අනාගතය වෙනුවෙන් කල් තැබීමට සිදු වේවි.එවැනි කටයුතු ”ටු ඩූ ” ලැයිස්තුවෙන් තාවකාලිකව ඉවත් කිරීමට සිදු වේවි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article