අම්මා ආදරේ මල්ලිට එහෙම නැත්නම් අයියට…දියණිවරුන් මේ විදිහට කියද්දී පුත්තුන්ගේ චෝදනාව එල්ල වෙන්නේ තාත්තට
තාත්තා ආදරේ නංගිට එහෙම නැත්නම් අක්කට…ඒත් දෙමව්පියන් මේ අදහසට එකග වෙන්නේ නැහැ.
අපිට දුව පුතා වෙනසක් නැහැ දෙන්නම අපේ දරුවෝ..
ඔව් ඒක ඇත්ත…දරුවෙක් කියන්නේ සංසාරගත බැදීමක්. ඒ නිසා දෙමව්පියන්ට දුව හෝ පුතා කියන වෙනසක් නැතුව ඔවුන් දරුවන්ට එක සමානව ආදරේ කළත් දරුවන්ට මේ විදිහට හිතෙන්නේ ඇයි…?
දරුවන් කියන විදිහට පුංචි හෝ වෙනසක් තියෙනවාද…?
දරුවන්ගේ හිත්වල මේ අන්දමේ සිතුවිලි වගා වීම එතරම් හොද දෙයක් නොවෙයි. බාල කාලයේ පටන්ම අම්මා මට වෙනස් විදිහට සැලකුවේ..එහෙම නැත්නම් තාත්තා මට ආදරේ කළේ නැහැ කියන ස්ථාවර ගොඩ නගා ගැනීමත් එතරම් හොද දෙයක් නොවෙයි.
මනෝවිද්‍යාත්මක පදනමක් තිබෙනවා..
මනෝවිද්‍යාවේ පියා ලෙස සැලකෙන ”සිග්මන් ප්‍රොයිඩ් ” සදහන් කරන අන්දමට දරුවෙකුගේ උපතින් වසර හතරක් හෝ පහක් වැනි කාලයේදී ඔවුන් තමන්ගේ ලිංගික අවයවයන් වෙත යොමු වෙනවා මිසක විරුද්ධ ලිංගිකයන් වෙනුවෙන් ආකර්ශනයක් ඇති කර ගන්නේ නැහැ. ඒ නිසාම මේ අවධිය ”ලිංග රූප ” අවදිය යනුවෙන් හැදින්වෙනවා.
ඔන්න ඉරිසියාව පටන් ගන්නවා
දරුවෙකුගේ පෞරෂ වර්ධනය සමග පිරිමි දරුවන් තමන්ගේ පියාට ඊර්ශ්‍යා කරන්න පටන් ගන්නවා. මෙම ඊඩිපස් සංකීර්ණය ”ඉලෙක්ට්‍රා මානසිකත්වය ” යනුවෙන් හැඳින්වෙනවා. ගැහැණු දරුවාගේ ඊඩිපස් සංකීර්ණයේදී තමන්ගේ මව කෙරෙහි ඊර්ශ්‍යාවත්, පියා කෙරෙහි ඇළුම් කිරීමටත් පටන් ගන්නවා.
සැඟවුන අවදියේදී හැසිරීම
ප්‍රොයිඩ් පෙන්වා දෙන අන්දමට වයස අවුරුදු පහෙන් පසුව පිරිමි ළමයාගේ වගේම ගැහැණු දරුවන්ගේ මනෝලිංගික ක්‍රියාකාරකම් තාවකාලිකව සැගවෙනවා.
අයෙත් පටන් ගන්නේ..
දරුවන්ගේ ප්‍රජනන ලිංගික අවධියේදී ඔවුන්ගේ ශාරිරික වගේම මානසික වෙනස්කම් ඇති වෙනවා. මේ කාලයේදී දරුවන් අතර විරුද්ධ ලිංගිකයන් වෙනුවෙන් ඇල්ම අති වෙනවා.
ඒත් මනෝවිද්‍යාවටම ඉඩ දී සිටින්න බැහැ
අපේ මනසේ හැසිරීම මේ විදිහට සිදු වුනත් සිග්මන් ප්‍රොයිඩ් පවා සදහන් කරන්නේ ලිංගරූප අවධියේදී දරුවන්ගේ මානසික තත්වය දෙමව්පියන් තේරුම් ගත යුතු බවයි.දරුවන්ගේ මනසේ හැදිරීම ඒ විදිහට සිදු වුනත් අම්මා..වගේම තාත්තා අක්කට..අයියට..මල්ලිට..නංගිට සමානව ආදරෙයි කියන ආකල්පය දරුවන්ගේ හදවතේ ගොඩ නැගීම අනිවාර්යෙන්ම සිදු වුය යුතුයි.
එහෙම සිදු නොවුනොත් මොකද වෙන්නේ..?
- දරුවන් අතර අම්මා සහ තාත්තා වෙනුවෙන් ගොඩනැගෙන විරෝධය-
ඇතැම් පවුල්වල වැඩිහිටි දරුවන් පවා ඔවුන්ගේ ළමා කාලයේ අත්දැකීම් පාදක කර ගෙන දෙමව්පියන්ට දොස් නගන අවස්ථා ගැන ඔබ අසා ඇති. ඒ අන්දමින් දෙමව්පියන් මුල් කර ගත් අප්‍රසාදයන් දරුවන් තුළ ගොඩ නැගී පසුකාලයකදී ඒවා දෙමව්පියන්ට පහර දීමේ ආයුධ වශයෙන් යොදා ගන්නවා.
- සහෝදරයන් අතරත් ගැටුම්
පවුලක සහෝදරයන් අතර සමගියක් නැති වීම දෙමව්පියන්ට ඉමහත් වේදනාවක්. බාලවයසේදී දරුවන් අතර සිගිති සණ්ඩු සරුවල් තිබුනත් ඒවා දරුවන් සමග ලොකු මහත් වීම නිසා පවුලක ප්‍රසන්න වාතාවරණයක් ගොඩ නැගෙන්නේ නැහැ. මේ තත්වය ඇති වීමට බාලකාලයේදී ඔවුන්ගේ සිත්වල ගොඩ නැගෙන මනෝභාවයන් වඩාත් හේතු වෙන බැව් අමතක කරන්න එපා.
සිග්මන් ප්‍රොයිඩ් සදහන් කරන ඔහුගේම මේ අත්දැකීම කියවන්න…
ප්‍රොයිඞ්ගේ බාල කාලය අලලා අර්නස්ට් ජෝන්ස් සඳහන් කරන කරුණු කීපයක් අනුව ඔහුගේ චරිතය වෙනුවෙන් බාලකාලයේ සංසිද්ධීන් මොන තරම් බලපෑමක් කලේද යන්න පැහැදිලි වේ. සිග්මන් ප්‍රොයිඞ්ගේ පියා දෙවැනි කසාදයක් කර ගත් අයෙකි. ඔහුට පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙක් සිටියේය. මේ වන විට ඔහුගේ පියාගේ වයස අවුරුදු 42 ක් වූ අතර මවගේ වයස 21 කි. දෙවැනි විවාහයේ කුළුදුලේ උපන් සිග්මන් ප්‍රොයිඞ් බාල සහෝදර ජුලියස්ගේ උපතට බෙහෙවින් වෛර කොට ඇත්තේ මෙතෙක් මවගෙන් ලත් ආදර උණුසුම ඔහු වෙතින් දුරස්ථ වී ගිය නිසාය.මෙම සිතුවිල්ල ඔහුට මොන තරම් බලපෑමක් කළේද කිවහොත් මාස අටක් ගෙවුන තැන මියගිය ජුලියස් වෙනුවෙන් ප්‍රොයිඞ් මහත් සතුටට පත් වුයේ යාන්තම් කරදරය හමාරයි….. යන මානසිකත්වයෙන් යැයි පසුකාලයේ ඔහු මහත් කම්පනයෙන් සඳහන් කොට ඇත.
එහෙමනම් දරුවන් නොදරුවන් කාලයේදී ඔවුන්ගේ හිතේ ඇති වෙන මේ මානසිකත්වය මොන තරම් දරුණුද කියලා අපේ දෙමව්පියන්ට දැන් හිතේවි. නමුත් මෙය සිතුවිල්ලකට පමණක් සීමා කරන්න එපා.ඔබ දරුවන් තුළ එවැනි මානසිකත්වයක් ගොඩ නැගීමට නම් ඉඩ නොදෙන විදිහට හැසිරීම ඉතාම වැදගත්