- Advertisement -

විටමින් B අපේ ශරීරයට වැදගත් වෙන්නේ මේ නිසයි

-

සැමවිටම නිරෝගීව ජීවිත් වීමට වෙහෙසෙන අපි කවුරුත් අපිට මෙන්ම අපේ දරුවන්ටත් නිසි සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට අවශ්‍ය මොනවාද යන්න පිළිබඳව නිරතුරුවම කල්පනාකාරී වෙනවා. අන්න ඒ අතරින් ඉතාම වැදගත් මෙන්ම මව්වරුන්ගේ වැඩි අවධානයක් යොමු වන දෙයක් ලෙස විටමින් වර්ග දැක්විය හැකියි. ඇතැම් මව්වරුන් වෛද්‍යවරුන්ගෙන් තම දරුවාට විටමින් වර්ගයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටින අවස්ථා ද නැතිවාම නොවේ. අන්න ඒ නිසාම විටමින් පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වන අතරම මේ ලිපිය තුළින් අපි විටමින් B ගැන දැනුවත් වෙමු. යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යයක් ඉටු කරන විටමින් B සංකීර්ණය විවිධ විටමින් B කාණ්ඩ වලින් යුක්ත වෙයි. 

B1– තයමින් – Thiamine

- Advertisement -

B2 – රයිඩෝෆ්ලේවින් – Riboflavin

B3 – නයසින් – Niacin (නිකොටින් අම්ලය)

B5 – පැන්ටොතනික් අම්ලය – Pantothenic acid

B6 – පිරිඩොක්සින් – Pyridoxine

B7 –  බයොටින් – Biotin

B9– ෆෝලේට් – Folate

B12– 

විටමින් B යනු නිරෝගීමත් ශරීරයක building blocks ලෙස හැඳින්විය හැක. ඉහත විටමින් වර්ග වලින් පහත කාර්යයන් ශරීරයට ඉටු කර දෙනු ලබයි. 

  • විටමින් B1 – මේදය දහනයෙන් ශක්තිය නිපදවයි. මොළය, හෘදය වැනි වැදගත් අවයවවල ක‍්‍රියාකාරීත්වය වැඩි කරයි. 
  • විටමින් B2 – ඔක්සිහාරක ගුණයක් පවතී. Free radicals වලින් ශරීර සෛල ආරක්‍ෂා කරයි.
  • විටමින් B3– රුධිරවාහිනී රෝග ඇති වීමේ අවදානම අඩු කරයි. 
  • විටමින් B5– හෝමෝන නිෂ්පාදනයට, ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ශක්තිය නිපදවීමට වැදගත් වේ
  • විටමින් B6 – ස්නායු සෛල වටා ඇති ආරක්‍ෂිත පටලය වන මයලින් නිෂ්පාදනයට උපකාරී වේ
  • විටමින් B7– පරිවෘත්තීය සඳහා, නිරෝගීමත් සම, හිසකෙස්, නියපොතු සඳහා වැදගත් වේ
  • විටමින් B9– ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට දායක වේ
  • විටමින් B12– නිරෝගී ස්නායු සෛල, රුධිර සෛල නිෂ්පාදනයට වැදගත් වේ

 

මීට අමතරව

  • ශරීර සෛලවල සෞඛ්‍යමත් බව පවත්වා ගැනීමට
  • රතු රුධිරාණු වර්ධනයට
  • මනා පෙනීමක් ලැබීමට
  • මනා ආහාර ජීර්ණයක් සඳහා
  • ආහාර රුචිය වැඩි කිරීමට
  • පේශිවල තානය පවත්වා ගැනීමටද වැදගත් වේ. 

විටමින් B සංකීර්ණයේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වය සඳහා දිනක අවශ්‍යතාවය පහත පරිදි දැක්විය හැක. 

විටමින් ඛාණ්ඩය ස්ත්‍රී පුරුෂ
B1 1.1mg 1.2ng
B5 1.1mg 1.3ng
B3 14mg 16mg
B2 5mg 5ng
B6 1.3ng 1.3ng
B7 30μg 30μg
B9 400μg 400μg
B12 2.4μg 2.4μg

 

ආහාර මගින් සිරුරට ලැබෙන විටමින් වර්ග නිසි පරිදි සිරුරට ලැබීම වළක්වන රෝග තත්ත්ව 

  1. Celiac diseaseආරයේ බලපෑමක් ඇති මේ තත්ත්වය ස්වයං ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ රෝගයකි. කුඩා අන්තකවල ආස්තරයට බලපෑම් ඇති කිරීමෙන් සමහර පෝෂක අවශෝෂණය නොකරයි. 
  2. HIV ආසාධනය
  3. Crohn’s diseaseඅන්තක තුල ඇති වන ප‍්‍රදාහමය තත්ත්වයකි. අවශෝෂණයට බාධා ඇති වේ. 
  4. මධ්‍යසාරවලට ඇබ්බැහි වීම
  5. වකුගඩු රෝග
  6. ස්වයං ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ රෝග
  • SLE
  • රුමටොයිඩ් ආතරයිටීස් (සන්ධි ආබාධ)
  • පළමු වර්ගයේ දියවැඩියාව
  1. අන්තකවල ප‍්‍රදාහමය රෝග
  2. දියවැඩියාව
  3. මානසික අවපීඩනය
  4. ඇල්ෂයමර් රෝගය (මොළයේ ස්නායු සෛල විනාශ වීමෙන් ඇති වන රෝගයක්)
  5. පිළිකා තත්ත්ව

විටමින් B ඌනතාවයේදී පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ 

  • සමේ දද කුෂ්ඨ ඇති වීම.
  • මුඛය වටා පිපිරීම
  • තොලෙහි සම පිපිරීම
  • දිව ඉදිමීම
  • තෙහෙට්ටුව/දුර්වල බව
  • ව්‍යාකූල බව
  • නොරිස්සුම් සහගත බව හා මානසික අවපීඩනය
  • ඔක්කාරය
  • උදරයේ මස්පිඬු පෙරලීම
  • පාචනය හෝ මල බද්ධය
  • අතේ හා පාදයේ හිරිවැටීම

ඉහත ලක්‍ෂණ පැවතුනද ප‍්‍රතිකාර නොගැනීම හේතුවෙන් තත්ත්වය උග‍්‍ර වේ. මෙහිදී,

  • නීරක්තිය
  • ජීර්ණ ගැටලු
  • සමේ රෝග
  • ආසාධන
  • පර්යන්ත ස්නායු රෝග ඇති වේ. 

විටමින් B12ඌනතාවය නිසා හිංසක නීරක්තිය (Pernicious anemia) තත්ත්වය ඇති වේ. මෙහිදී සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා රතු රුධිරාණු ප‍්‍රමාණය අඩු වේ. මේ සඳහා ප‍්‍රධාන හේතුව වන්නේ ස්වයං ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලියේදී අමාශයේ නිපදවන මූලද්‍රව්‍ය වන Intrinsic factor නිෂ්පාදනය කිරීමට නොහැකි වීමයි. මෙම සාධකය ආහාරවල ඇති විටමින් B12 අවශෝෂණය සඳහා අවශ්‍ය වේ. විටමින් B12අත්‍යවශ්‍ය පෝෂකයක් වන අතර ඉන් ශරීරය තුළ රුධිර සෛල නිෂ්පාදනය හා එහි ක‍්‍රියාවන් මනා ලෙස සිදුකිරීමට උපකාරී වේ. විටමින් B12ඌනතාවය මගින් ස්නායු හා සම්බන්ධ මානසික රෝග ඇති වීමේ අවධානම වැඩි කරයි. 

උදා: Alzheimer රෝගය.


විටමින් B අඩංගු ආහාර

  • මුහුදු මාළු – බලයා, සැමන්, මාළු කටුව සහිත මාළු, දැල්ලා
  • නිවිති වැනි කොළ පැහැති එළවළු
  • අල, බීට් රූට්, බෝංචි, බිම්මල්
  • සියලුම ධාන්‍ය හා ඇට වර්ග
  • අලිගැට පේර, කෙසෙල්, පැඟිරි කුලයේ පලතුරු
  • සෝයා නිෂ්පාදන
  • යෝගට්
  • කටුව සහිත ඇට වර්ග
  • හරක් මස්/ඌරු මස්

විටමින් B අවශ්‍යතාවය පහත තත්ත්වවලදී වැඩි වේ. 

  • වයස අවුරුදු 50 වැඩිවීම
  • ගර්භණී වීම
  • අන්තකවල රෝග
  • කාලීන වෙනත් රෝග
  • එළවළු පමණක් ආහාරයට ගැනීම (Vegetarian)

විටමින් B අධි මාත‍්‍රාවක් ගත් විට

සාමාන්‍යයෙන් විටමින් B ජලයේ දියවන විටමිනයකි. මේවා ශරීරයේ ගබඩා නොවන අතර මුත‍්‍රා සමග වැඩිපුර ප‍්‍රමාණය පිටවී යයි. නමුත් වෛද්‍ය උපදෙස් නොමැතිව ඌනතාවයක් නොමැතිව විටමින් B ගැනීමෙන් පහත ලක්‍ෂණ ඇති විය හැක. 

  • අධික පිපාසය
  • සමේ රෝග
  • බොඳ වී පෙනීම
  • උදර පේශී පෙරලීම
  • ඔක්කාරය හා වමනය
  • මුත‍්‍රා පිටවීම අධික වීම
  • පාචනය
  • සම රත් පැහැ ගැන්වීම – Skin flushing

විටමින් B ඛාණ්ඩ මගින් ඇති විය හැකි අතුරු ආබාධ

  • විටමින් B3 (නයසීන්) මගින් රුධිරය සීනි ප‍්‍රමාණය වැඩි කරවිය හැකි අතරම දියවැඩියාව සහිත රෝගීන් B3නොගත යුතුය. 
  • විටමින් B3 (නයසීන්/නිකොටින් අම්ලය) හා අනෙක් විටමින් B වර්ග අධික වීමෙන්, පාචනය, රුධිර ගැලීම් ඇති කරයි. දිනක මාත‍්‍රාව 500mg වේ. 3000mg යට වඩා අධිකව ගැනීමෙන් අක්මාවට හානිකර වේ. වමනය ඇති වේ. 

විටමින් B, ඖෂධ සමග අන්තර් ක‍්‍රියාකරන්නේ කෙසේද?

පහත ඖෂධ විටමින් B සමග අන්තර් ක‍්‍රියාකර විටමින් B මට්ටම අඩු කරයි. 

  • රුධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධ
  • පිළිකා සඳහා ලබාදෙන ඖෂධ වලින් B9 මට්ටම අඩු කරයි. 
  • අපස්මාරය (වලිප්පුව) සඳහා ලබාදෙන ඖෂධ මගින් B3 , B6 , B9 මට්ටම අඩු කරයි. 
  • ක්‍ෂර රෝගය සඳහා ලබාදෙන ඖෂධ වලින් B3 , B6 මට්ටම අඩු කරයි. 
  • අන්තක රෝග සඳහා දෙන ඖෂධ මගින් B9 මට්ටම අඩු කරයි. 
  • විශේෂ ප‍්‍රති ජෛවක, තුවාල සඳහා, දියවැඩියාව සඳහා, නිතර උගුරට ඒම (GERD – Gastro Esophageal Reflan Disease) ආදිය සඳහා දෙන ඖෂධ වලින් විටමින් B12 ඌනතාවය ඇති කරයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article