ශ්‍රී ලංකාව තුළ මේ වන විට සීග්‍රයෙන් පැතිර යන COVID-19 වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ අරමුණෙන් ලබාදෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම් “කොවිලෝ” එන්නත පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතු වී තිබෙනවා.
ඒ හේතුව මත සයිනොෆාර්ම් “කොවිලෝ” එන්නත පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මෙසේ දක්වා ඇත.
- සයිනොෆාර්ම් “කොවිලෝ” එන්නත, අක්‍රීය SARS-CoV-2 ප්‍රතිදේහජනක සහ පොස්පේට්-බෆර්ඩ් සේලයින් (PBS) හා ඇලුමිනියම් හයිඩ්රොක්සයිඩ් අඩංගු එන්නතකි.
- සයිනොෆාර්ම් “කොවිලෝ” එන්නත ලබා දීමට නිර්දේශිත වයස් සීමාවන් වන්නේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි වයස් ඛාණ්ඩවලටයි. (ශ්‍රී ලංකාව තුළ දැනට ලබා දෙන්නේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට පමණි)
- සයිනොෆාර්ම් “කොවිලෝ” එන්නත ලබාදීමේදී මාත්‍රා දෙකක් (මිලි ලීටර් 0.5) ලෙස ඩෙල්ටොයිඩ් මාංශ පේශිය (ඉහළ හස්තය) තුළට අභ්‍යන්තරව ලබා දෙන අතරම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාත්‍රා දෙක අතර සති 3 – 4 ක කාල පරතරයක් නිර්දේශ කරයි.
- සැපයුම් ගැටළු හේතුවෙන් සෞඛ්‍ය අංශ සේවකයින්ට සහ වෙනත් රෝග ඇති සහ නැති වැඩිහිටියන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. මෙය සිදු කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා මාර්ග සිතියමට අනුවයි
- මෙම එන්නතෙහි මාත්‍රාව වෙනත් COVID-19 එන්නත් සමග මිශ්‍ර කර ලබාගැනීමේ හැකියාව පිළිබඳ දත්ත නොමැත. මාත්‍රා දෙකටම එකම නිෂ්පාදනයක් භාවිත කිරීම නිර්දේශ කරනු ලැබේ. මෙම නිර්දේශ පසුව වෙනස් විය හැකිය.
- උග්‍ර උණ රෝගයකින් පෙළෙන ඕනෑම අයෙකු (ශරීර උෂ්ණත්වය 38.5 C ට වඩා වැඩි) එන්නත් කිරීම කල් දැමිය යුතුය. (ඔබට උණ වැළඳී ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න)
- ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ද නිර්දේශ කරයි.
- දරුණු COVID-19 අවදානම වැඩි කරන බවට හඳුනාගෙන ඇති වෙනත් රෝග ඇති පුද්ගලයින් සඳහා එන්නත් කිරීම නිර්දේශ කෙරේ.
- එන්නත ලබා ගැනීම නිසා ගැබ් ගැනීම ප්‍රමාද කිරීමේ අවශ්‍යතාවක් නැත
- ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ ගර්භණී කාන්තාවන් සඳහා ද COVID-19 එන්නත එන්නත් කිරීම ගැටළුවක් නොමැති බවයි (මේ පිළිබද ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න)
- අනෙකුත් වැඩිහිටියන්ට සමානවම මව්කිරි දෙන කාන්තාවන් සඳහා ද එන්නත භාවිත කිරීම නිර්දේශ කරයි.
- එන්නත ලබා දීම නිසා මව්කිරි දීම අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි.
- ඔබට මින් පෙර කොවිඩ් 19 රෝගය වැළඳී තිබුනත් (රෝග ලක්ෂණ සහිත/ රෝග ලක්ෂණ රහිත) ආසාදන ඉතිහාසය නොසලකා එන්නත ලබා ගත හැකිය.
- කොරෝනා අසනීපයෙන් සුවය ලැබීමෙන් පසුව සහ හුදකලා වීම අත්හිටුවීමේ නිර්ණායක සපුරා ගන්නා තුරු PCR තහවුරු කළ COVID-19 සහිත පුද්ගලයින්ට එන්නත ලබා නොදිය යුතුය.
- එන්නත ලබා දීමෙන් පසු COVID-19 සඳහා ප්‍රතිශක්තිය තක්සේරු කිරීමට ඇන්ටිබොඩි පරීක්ෂණ දැනට නිර්දේශ නොකරයි.
ඉතින් ඔබත් මේ ගැන දැනුවත් වී එන්නතකරණයට සහභාගී වන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ
වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා