කොවිඩ් වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නත් ලබා ගැනීමේදී අපි එය අනාගතයට කල් තබන ප්‍රවනතාවයක් තිබෙනවා. ලැබෙන එන්නත ගැන නොව හොදම එන්නත ගැන වෙහෙසෙනවාට වඩා ඥානාන්විත පියවර ලෙසින් සැලකෙන්නේ මුලින් ලැබෙන එන්නත ලබා ගැනීමයි. ප්‍රතිශක්ති එන්නතක් මගින් ලබා දෙන සඵලතාවය හෙවත් පුද්ගලයාට කොවිඩ් ආසාදිත වීමෙන් පසුව රෝග තත්වය බරපතල නොවීමට සහ මරණයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් ඇති අවස්ථාව 82% කින් අඩුයි. (එයින් අදහස් වෙන්නේ රෝගයෙන් ආසාදිත නොවීමේ සම්භාව්‍යතාවය 82% කින් අඩු බවක් නොවේ )
කොවිඩ් එන්නත් ක්‍රියාකාරිත්වය
- AstraZeneca $ Covishield එන්නත
මෙම එන්නත මගින් ප්‍රෝටිනය නිපදවීමට අදාල DNA ජාන කොටස මිනිස් සිරුරට හානි නොවන වෙනත් DNA වෛරසයක් ඇතුලත බහා මිනිස් සිරුරට ඇතුලු කරනවා. සෛලය තුළ DNA කොටස නිදහස් වී එම ප්‍රෝටීනය මගින් ඇති කරන Spike protein මගින් ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය ප්‍රතිදේහ ගොඩ නගනවා.
- ෆයසර් සහ මොඩර්නා
ෆයසිර් සහ මොඩර්නා යන එන්නත් දෙකම හැඳින්වෙන්නේ mRNA (Messenger RNA) එන්නත් ලෙසයි. ඊට හේතුව මෙම එන්නත් නිපදවීම සිදු කර ඇත්තේ ජාන කේත (genetic code) කොටස් නැනෝ අංශුවක දවටා සිරුරට ඇතුලු කරනවා. මෙම එන්නත් මගින් 90% ක සඵලතාවයක් ලැබෙනවා.
- Sinopharm එන්නත
චීනයේ නිෂ්පාදිත මෙම එන්නතේදී කොවිඩ් වෛරසය සිරුරට ඇතුලු කරනවා. ප්‍රෝටින කොටස නිදහස් වීම නිසා ප්‍රතිශක්තිකරණය ගොඩ නැගෙන අතර මුල් අදියරේදී මෙහි සඵලතාවය 50 % ක් වුනත් පසුව මේ අගය වැඩි වී තිබෙනවා.
කොවිඩ් එන්නතේ ප්‍රතිඵල…
කොවිඩ් එන්නත අද ලබා ගත්තම හෙට වසංගතය අඩු වීමේ ප්‍රවනතාවයක් අපේක්ෂා කරන්න බැහැ. එහි ප්‍රතිඵල කෙටිකාලීනව ලබා ගැනීමේ යම් අපහසුවක් තිබුනත් මධ්‍යකාලීන සහ දිගුකාලීනව අපට ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
එන්නතේ දෙවැනි මාත්‍රාවක්…
කොවිඩ් 19 වෙනුවෙන් ලබා දෙන ප්‍රතිශක්තිය මාත්‍රා දෙකකින් යුක්තයි. මුල් මාත්‍රාව ලබා ගෙන යම් අන්තරයකින් දෙවැනි මාත්‍රාව ලබා ගැනීම අවශ්‍ය වෙනවා. මුල් මාත්‍රාවෙන් ලබා දෙන ප්‍රතිශක්තිය දෙවැනි මාත්‍රාවෙන් බලගැන්වීමක් ( boost) සිදු වෙනවා.
කොවිෂීල්ඩ්, ස්පුට්නික් සහ එන්නත්වල මුල් මාත්‍රාව මගින් යම් ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා. දෙවැනි මාත්‍රාව ලබා ගන්නා තෙක් කොවිඩ් ආසාදනය වුනත් ප්‍රබල සංකුලතාවයන් ඇති වීම වගේම මාරාන්තික තත්වයෙන් ආරක්ෂාව ලැබෙනවා.
Sinopharm එන්නත මුල් මාත්‍රාවෙන් පමණක් ප්‍රතිශක්තිය ලැබෙන්නේ නැහැ. මුල් මාත්‍රාවෙන් ශරීර ප්‍රතිශක්තිය ගොඩ නගා ගැනීමටත් සති දෙකක පමණ කාලයක් අවශ්‍ය වෙනවා.
ඇස්ට්‍රාසෙනිකා මුල් මාත්‍රාව ලබා ගෙන සති හතරක් තුළ දෙවැනි මාත්‍රාව ලබා ගැනීම ගැන මුලින් සඳහන් වුනත් මුල් මාත්‍රාවෙන් සති දොළහ සිට දහසයකින් පසුව ශරීර ප්‍රතිශක්තිකරණය ගොඩ නැගෙනවා. ඒ නිසා දෙවැනි මාත්‍රාවට සුදුසු කාලය ලෙසින් සති 12- 16 කට පසු කාලය පෙන්වා දි තිබෙනවා.
මද සරු බව ඇති වෙනවාද..?
කොවිඩ් එන්නත ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් මද සරු බවට පත් වෙනවාද යන්න ගැන වාර්තාවන් නැහැ.
පාසල් සහ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට
එන්නත් පරීක්ෂණ වෙනුවෙන් වූ සායනික අධ්‍යනයන් සඳහා වූ නියැඳියට වයස අවුරුදු 20 ට අඩු පිරිස ඇතුලත් වුනේ නැහැ. එහෙත් මේ වෙන විට කැනඩාව සහ සිංගප්පුරුව විසින් වයස අවුරුදු 12 සිට 15 අතර දරුවන් වෙනුවෙන් ෆයසර් එන්නත ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඇස්ට්‍රා සෙනිකා ” සයිනොෆාම් “සහ ස්පුට්නික් එන්නත මේ කන්ඩායමට ලබා දීම තවමත් නිර්දේශ වී නැහැ.
අපේ රටේ විශ්ව විද්‍යාල වගේම වෙනත් උසස් අධ්‍යාපන ආයතනයන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ප්‍රජාව ඇතුලත් වෙන්නේ වයස අවුරුදු 30 ට අඩු කණ්ඩාටමටයි.ඔවුන් කොවිඩ් 19 වසංගතය හමුවේ අවදානම් කණ්ඩායමක් ලෙස සලකන්නේ නැහැ.
ඒ වුනත් නේවාසිකාගාර සහ පංති කාමර හැසිරීම සමග සමාජයේ ගැවසීම වැඩි නිසා ඔවුන්ටත් ප්‍රතිශක්තිකරණය අවශ්‍යයි.
අතුරු සංකුලතාවයන්…
කොවිඩ් 19 වෙනුවෙන් ලබා දෙන ප්‍රතිශක්තිකරනය සමග අතුරු සංකුලතාවයන් ඇති වීමේ අවදානම ගැනත් බොහෝ බිය තිබෙනවා. එන්නතකින් පසුව සංකුලතාවයන් ඇති වීමට පුළුවන් වුනත් එවැනි වාර්තා වීම් දුර්ලභයි.
කොවිඩ් ආසාදිත වූ පුද්ගලයෙක් එන්නත් ලබා ගැනීම
කොවිඩ් ආසාදනය වුන පුද්ගලයෙකුගේ සිරුරේ දෙසතියක් පමණ කාලයක් ප්‍රතිදේහ ගොඩ නැගී තිබෙනවා. ඒ නිසා ඔවුන්ට එන්නත් ලබා දිය යුත්තේ ප්‍රතිදේහ හීන වෙන කාලයක් හෙවත් මාස කීපයක් පමණ ගෙවුන විටයි.
ආසාත්මිකතාවයන් හෝ බෝ නොවන රෝග පිලිබඳ ඉතිහාසයක් ඇත්නම් එන්නත ලබා ගැනීම..
ආසාත්මිකතාවයන් ගැන කිව්වොත් විශාල පරාසායක පැතිරෙන දෙයක්. එය කොටස් දෙකකට බෙදා පෙන්වන්න පුලුවනි.
- ආහාර ,ඖෂධ වැනි දේ වෙනුවෙන් ඇති වුන සුලු ආසාත්මිකතාවයන්
- ආසාත්මිකතාවයකට පත් වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ ඉතිහාසයක් තිබීම
එන්නත ලබා ගැනීමේදී ආසාත්මිකතාවයන් ගැන යම් චකිතයක් ඇත්නම් ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වෙත පැහැදිලිව සහ නිරවුල්ව පවසන්න. බෝ නොවන රෝග තත්වයක පසු වෙන පුද්ගලයන්ට එන්නත ලබා ගැනීම ආරක්ෂාවක් මිසක කිසිදු ලෙසකින් හානියක් සිදු වෙන්නේ නැහැ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ Rotaract සංගමය විසින් ZOOM තාක්ෂනය ඔස්සේ පවත්වන ලද Get vaccinated සාකච්චාව ඇසුරිනි.
සහභාගිත්වය
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සහ මහජන සෞඛ්‍ය පිලිබඳව ආසියානු පැසිපික් අධ්‍යන සංසදයේ උප සභාපති ඉන්දික කරුණාතිලක මහතා
සහ
කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වෛද්‍ය මනුජ වීරසිංහ මහතා