- Advertisement -

ඇදුම, පීනස නිසා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ආසාත්මික වෙතැයි බිය වෙන්න එපා.

-

කොවිඩ් වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගැනීමේදී අපේ සිතේ යම් බියක් ඇති වෙනවා. සාමාන්‍ය පුද්ගලයන් විදිහට එය සාධාරණ සිතුවිල්ලක්. මේ විදිහට බියක් ඇති වෙන්නේ ඇයි..?

  • තවමත් කොවිඩ් ප්‍රතිශක්ති  එන්නත ලෝකයට අලුත්
  • ඒ වගේම එන්නතේ පසු අවස්ථාවන් ගැන ලැබී ඇති  දත්ත  ප්‍රමාණවත් මදි.
  • තමන්ට ආසාත්මික වෙතැයි වූ බිය

සාමාන්‍යයෙන් එන්නතක් සමාජගත කිරීම වෙනුවෙන් වසර ගණනාවක් ගත වුනත් පවතින වසංගත තත්වය ඉදිරියේ කොවිඩ් ප්‍රතිශක්ති එන්නත වසර එකහමාරක්  වැනි කෙටි කාලසීමාවක් තුළ සමාජගත වුණා.නමුත් හදිසි තත්වයක් යටතේ වුනත් එන්නතක් සමාජගත කිරීමේදී අනුගමනය කරන එකදු පිලිවෙතක් හෝ අතපසු කළේ නැහැ.

- Advertisement -

ආසාත්මික වුනොත්…?

මේ අතර බොහෝ දෙනෙකුගේ හිතේ තමන්ට මෙම එන්නත ආසාත්මික වෙතැයි බියක් තිබෙනවා.ඇදුම, පීනස වැනි තත්වයන් තිබෙන නිසා එන්නත මට ආසාත්මික වුනොත්…? එහෙම නැත්නම් තක්කාලි , අඹ, අච්චාරු කෑවාම මගේ ඇඟ කසලා පලු දානවා. ඒ නිසා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත මට අගුණ වුනොත්…?

මෙවැනි බිය ඇති කර ගන්න එපා.

ආසාත්මිකතාවයක් යනුවෙන් හදුන්වන්නේ Allergy ඇති වෙන්නේ විවිධ හේතුන්ට නිරාවරණය වීම සමග ප්‍රතිශක්ති පද්ධතිය ඒ වෙනුවෙන් දක්වන එක්තරා ප්‍රතිචාරයක් නිසා කිව්වොත් නිවරැදියි.ආහාර,ඖෂධ, කෘමි සතුන් , පරිසරය වැනි දේ වෙනුවෙන් ඔබ ආසාත්මික වෙන්න පුලුවනි. උදාහරණයක් විදිහට උදේ පාන්දර පින්නට නිරාවරනය වුනොත්…උෂ්ණ ආහාරයක් ගැනීමෙන් පසුව සිරුර කැසීම, පලු දැමීම හෝ කරප්පං ඇති වීම වැනි තත්වයන් එබේ ජීවිතයේදීත් ඇති වෙලා ඇති. මේවා කාලය සමග අවසාන වෙන සුලු ආසාත්මිකතාවයන්.

දරුණු ආසාත්මිකතාවයන් ඇති වෙලා ඇති..

සමහර විට ඉහතින් දක්වන ලද ආසාත්මිකතාවයන් වෙනුවට සමහර විට ඔබ උග්‍ර ආසාත්මිකතාවයන්ටත් ගොදුරු වුන පුද්ගලයෙක් වෙන්නත් පුලුවනි.මෙවැනි අවස්ථාවකදී හුස්ම ගැනීමේ අපහසුතාවය , දිව, තොල් ඉදිමී ගිලිම, කතා කිරීම අපහසු වීම, රුධිර පීඩනය අඩු වීම, බඩ බුරුල් වීම, නොනවත්වාම ඇති වෙන වමනය ක්ලාන්තය, කල්පනාව අඩු විම වැනි රෝග තත්වයන් ඇති වෙන්න පුලුවනි.මේ තත්වය මාරාන්තික ආසාත්මිකතාවය (Anaphylaxis) යනුවෙන් හැඳින්වෙනවා.

කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ආසාත්මික වෙන අවස්ථා…

ඕනෑම පුද්ගලයෙකුට කොවිඩ් එන්නතක් ආසාත්මික වෙන අවස්ථා දෙකක් තිබෙනවා.

පළමු එන්නත් මාත්‍රාව ලබා ගැනීමේදී දරුණු ලෙස ආසාත්මික  වූ අය 

එන්නත් මාත්‍රාවේ අඩංගු සංඝටකයන්ට මීට පෙරාතුව දරුණු ලෙස ආසාත්මික වූ අය

මෙවැනි ආසාත්මිකතාවයක් ඇති වෙන්නේ  ඇයි….?

ඇස්ට්‍රා සෙනිකා එන්නතේ ඇති ”පොලිසෝබියේට්” (polysorbate) සංඝටකය නිසා යම් ආකාරයක ගැටළුවක් ඇති වෙන්න පුලුවනි. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි වාර්තා වීම් ඇත්තේ ඉතාමත් කලාතුරකින්.

ෆයිසර් සහ මොඩර්නා එන්නත්වල අඩංගු ”පොලිඑතලින් ග්ලයිකෝජල් ” glycol (polyethylene glycol) වැනි සංඝටකවලට ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවනි. මේ සංඝටකය එන්නත් ලෙසින් ලබා දෙන ප්‍රතිජීවක ඖෂධවල වගේම සුවඳ විලවුන් වලත් අන්තර්ගතව තිබෙනවා.යම් පුද්ගලයෙක් ”පොලිඑතලින් ග්ලයිකෝජල් ”ආසාත්මිකතාවයක් දක්වනවා නම් ඒ පුද්ගලයාට එවැනි සංඝටක අඩංගු එන්නත මගින් ආසාත්මිකතාවයක් ඇති වෙන්න පුලුවනි.

ආසාත්මිකතාවයක් ඇති වුනොත්…?

සමහර විට ඔබට දරුණු ආසාත්මිකතාවයන් (Anaphylaxis) ගැන ඉතිහාසයක් නැතැත් කොවිඩ් ප්‍රතිශක්ති එන්නතේ පළමු මාත්‍රාව ඔබට ආසාත්මික වෙන්න පුලුවනි. එවැනි තත්වයක් ඇති වුනොත් ඔබට දෙවැනි මාත්‍රාව විදිහට වෙනත් එන්නතක් ලබා දීමට කටයුතු කරනවා. දෙවැනි මාත්‍රාවේ රසායන සංඝටකයන් ඔබට ආසාත්මිකතාවයන් ඇති නොවන ලෙසින් ගලපා ගැනීම මෙතැනදී සිදු වෙනවා. ඔබ ආසාත්මික වුනොත් ඒ ගැන ලබා ගත් වාර්තාව අනුව දෙවැනි මාත්‍රාව ලබා දීමට භාවිතා කරන එන්නත් වර්ගය ගැන තීරණයක් සිදු වෙනවා.

ඔබට ඇති ආසාත්මිකතාවයන් එන්නත ගැනීමට පෙරාතුව සදහන් කරන්න.

සැබැවින්ම සුලු ආසාත්මිතාවයක් එන්නත ප්‍රතික්ෂෙප කිරීමට කිසිම ලෙසකින් සාධාරණ හේතුවක් නොවෙයි. ඔබට එක්තරා දවසක අන්නාසි ආහාරයට ගැනීමෙන් පලු නැගී තිබුනොත්..මල් පරාග, දුවිලි මයිටාවන්ට නිරාවරනය වීමට අපහසු ලෙසින් ආසාත්මිකතාවයන් ඇති වෙනවා නම් ඒවා එන්නත ප්‍රතික්ෂෙප කිරීමට හේතුවක් නොවෙයි.

ඒ වගේම උග්‍ර ආසාත්මිකතාවයක් ඇති පුද්ගලයෙක් වුනත් කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැහැ…

කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබා දෙන සෑම ප්‍රජා මධ්‍යස්ථානයක්ම එන්නත් ලබා දීමෙන් පසුව ඇති වෙන තත්වය කළමනාකරණයට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. එන්නත ලබා ගෙන විනාඩි 20 ක කාලයක් මධ්‍යස්ථානයේ රඳවා ගෙන පසුවිපරම් කරනවා. පැය හතරක් තුළ ආසාත්මිකතාවයක් ඇති වීමට ඉඩ තිබුනත් ලංකාවේ එවැනි වාර්තාවන් ඇත්තේ ඉතාමත්ම කලාතුරකින් පමණයි.

ඒ වගේම උග්‍ර ආසාත්මිකතාවයන් ඇති පුද්ගලයන් එන්නත ලබා ගැනීමට පෙරාතුව තමාගේ රෝග ඉතිහාසය වගේම පසුගිය වෛද්‍ය පරීක්ෂන වාර්තාවන්ද රුගෙන යෑම ඉතා වැදගත්.සත්‍ය කිව්වොත් එන්නත නොලැබෙතැයි බියක් ඇති කර ගෙන රෝග තත්වයන් සගවන්න එපා.ඔබේ සැබෑ තත්වය සදහන් කළ විට එන්නත ලබා දීම වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ලබා දිය හැකි රජයේ රෝහලක් වෙත ගොස් එන්නත ලබා ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා.

එන්නතෙන් පසුව ඇති වෙන තවත් අපහසුතාවයන්..

එන්නත ලබා ගැනීමෙන් පසුව ඔබට උණ , හිසරදය අත ඉදිමීම, වේදනාව. තුවාල මුඛය කැසීම වැනි සුළු තත්වයන් ඇති වෙන්න පුලුවනි. ඒවා ආසාත්මිකතාවයන් යැයි වරදවා වටහා ගන්න එපා. ඒ වගේම වයස අවුරුදු 18 සිට 30 අතර කාණ්ඩයේ පිරිස බොහෝ අවස්ථාවලදී එන්නත ලබා ගැනීමේදී ක්ලාන්ත වෙනවා. එයත් ආසාත්මිකතාවයක් නොවෙයි.

එන්නත ලබා ගැනීමට පැමිණෙන පසුබිම නිසා විය හැකියි…

ඔබ එන්නත ලබා ගැනීමේදී කුසගින්නේ පැමිණීම, අධික ලෙසින් වෙහෙස වීම හෝ දිගු වේලාවක්  අව්වේ සිටිම නිසා ඇති විඩාව ක්ලාන්තයට හේතුවක් වෙන්න පුලුවනි. ඒ නිසා එන්නත ලබා ගැනීමට පෙරාතුව හොඳින් ආහාර ගෙන විවේකීව පැමිණෙන්න.

කොහොම වුනත් කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබා ගැනීමෙන් පසුව ඔබට ආසාත්මිකතාවයන් ගැන පුරෝකථනයන් තැබීම අපහසුයි. නමුත් එන්නත් නොගෙන සිටීම නිසා ඔබ කොවිඩ් ආසාදිත වීමට ඇති හැකියාව ඉතාම ඉහළ තත්වයක ඇති බවත් අමතක කරන්න එපා.ඒ නිසා ඔබ දරුණු අන්දමේ ආසාත්මිකතාවයන්ට ගොදුරු වුන බවට අතීත අත්දැකීම් ඇත්නම් ඒ බව එන්නත් ලබා දීමට පෙරාතුව අදාල මධ්‍යස්ථානයේ වෛද්‍ය කන්ඩායම දැණුවත් කරන්න. එවිට සුරක්ෂිත ලෙසින් එන්නත ලබා ගැනීමට සුදුසු පරිසර තත්වයක් ඔවුන් විසින් ඔබට සලසා දෙනු ඇත.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article