මිග්රේන් හිසරදය සුලබ රෝග තත්වයක්. බොහෝ විට වයස අවුරුදු 10 න් ඉහළ සිට අවුරුදු පණහ පමණ වයස් කාණ්ඩයේදී සුලබවම මිග්රේන් රෝගීන් හඳුනා ගැනීමට පුලුවනි. මිග්රෙන් කියන්නේ තෙරපීමක් සමග ඇති වෙන ඉහිල් වීම (Throbbing- pain )ක්.
සමහර විට ඔළුවේ එක් පැත්තකින් එන වේදනාවක්. වම් පැත්තෙන් හෝ දකුනු පැත්තෙන් ඇති වෙන්න පුලුවනි. අද දකුනු පැත්නේ ඇති වුනොත් හෙට වම් පැත්තෙන් ඇති වෙන්න පුලුවනි. ඇහැ යටින් වගේම. හිස පිටුපසින්, ඉදිරියෙන් ඇති වෙන්නත් පුලුවනි.මිග්රේන් ඇති වෙන වාර ගණන සීමා කිරීමටත් අපහසුයි.
මිග්රේන් හිසරදය තත්වය ඇති වෙන්නේ ඇයි…?
මොළයේ රසායනික සංයුතිය වෙනස් වීම නිසා මොළය ඇතුලත සහ පිටත පිහිටා තිබෙන රුධිර වාහිනී තාවකාලිකව තෙරපීම නිසා ස්නායුවලට බලපෑම් ඇති වෙනවා. බොහෝ විට රුධිර වාහිනී ප්‍රසාරනය වෙනවා.
- පවුල් ආරයේ මිග්රේන් රෝගය ගැන ඉතිහාසයක් තිබීම.
- හෝර්මෝන වෙනස් වීම්
කාන්තාවන් අතර මේ හිසරද තත්වය පිරිමින්ට සාපේක්ෂව වැඩියෙන් දකින්න ලැබෙනවා. ආර්තවහරණයට පත් කාන්තාවන් අතර මිග්රේන් හිසරදය තත්වය අඩු මට්ටමක පවතිනවා.ඒ වගේම කාන්තාවන්ගේ ඔසප් වීමට දින දෙක තුනකට පෙරාතුව ඇති වෙන මිග්රේන් හිසරදය තත්වය ඔසප් දින දෙක තුනක කාලයක් පවතින්නත් පුලුවනි.ගැබිණි කාන්තාවන්ගේ ගැබ් දරණ කාලයේදී මිග්රේන් හිසරදය ඇති වීම අඩුයි.
- මානසික තත්වයන් බලපානවා…
අද කාලයේ දරුවන් අතර මිග්රේන් හිසරදය තත්වය ඇති වීමට මානසික ආතතිය, හේතුවක්.
අධික වෙහෙස සහ සෞන්දර්යාත්මක රස වින්දනයක් නොලැබීම
මාර්ගගත අධ්‍යාපනය හෙවත් ඔන්ලයින් වෙනුවෙන් කාලය ගෙවීම.
ප්‍රමාණවත් නින්දක් නොලැබීම.
- හෝර්මෝන ප්‍රතිකාර
උපත්පාලනය වෙනුවෙන් ගනු ලබන ඖෂධ
ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෝන් සම්බන්ධ ඖෂධ (combine- hormone),හෝර්මෝන ප්‍රතිස්ථාපන (hormone replacement) ප්‍රතිකාර වෙනුවෙන් ලබා දෙන ඖෂධ
ඔබ මිග්රේන් හිසරද තත්වයෙන් පසු වෙනවා නම් සමහර විට හෝර්මෝන ප්‍රතිකාරවලදී මිග්රේන් තත්වය ඇති වෙන්න පුලුවනි. නමුත් ඖෂධ පාවිච්චි කිරීමෙන් මිග්රේන් හිසරදය ඇති නොවේ.
- ආහාර පුරුදු
අපේ ආහාර පුරුදු මිග්රේන් හිසරදයට බලපාන්න පුලුවනි. දවසේ ආහාර වේල් මග හැරීම හෝ අනවශ්‍ය අන්දමින් බඩගින්නේ සිටීම .
- සමහර ආහාර වලින් මිග්රේන් ඇති වීම
මිග්රේන් නමුත් ඒ වෙනුවෙන් පොදු වට්ටෝරුවක් නැහැ. එක් එක් අයට විවිධ ආහාර නිසා මිග්රේන් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා මිග්රේන් වෙනුවෙන් පොදු ආහාර ලැයිස්තුවක් සඳහන් කිරීම අපහසුයි.නමුත් යම් ආහාරයකින් තමන්ට මිග්රේන් ඇති වෙන බව දැනෙනවා නම් එම ආහාරයෙන් දුරස් වීම වැදගත්.
පාරිසරික හේතු
පරිසරයේ ඇති ආර්ද්‍රතාවය , සීතල, අධික ශබ්ද, ආලෝකය , විලවුන් සුවඳකූරු වැනි දේවල් වෙනුවෙන් හිසරදය උත්සන්න වීමට පුලුවනි.
කායික ක්‍රියාකාරකම්
අධික ලෙස සිරුර වෙහෙසවීම සහ අධික ලෙස ව්‍යායාමයන්හි යෙදීම..නමුත් සිරුර වෙහෙසවීම නිසා මිග්රේන් ඇති නොවේ.
මිග්රේන් වර්ග කීපයක් තිබෙනවා
නිමිති පහල වීම-මිග්රේන් හිසරදයට පෙරාතුව ඇස ඉදිරියේ විදුලි කෙටීමක් වැනි යම් පූර්ව ලක්ෂණ ඇති වෙනවා. එවිට රෝගියාට දැන් හිසරදය ඇති වීමට ආසන්න බැව් තේරෙනවා.
Migraine with out aura- මේ අවස්ථාවේදී හිසරදය තත්වය ගැන කිසිම සංඥාවක් නැහැ.
මිග්රේන් හිසරදය තත්වය සමග ඇති රෝග ලක්ෂණ
හිසරදය/ ඔක්කාරය/වමනය/ ඇස ඉදිරියේ විදුලි කෙටීම වැනි තත්වයක්/ඇස් නිලංකාර වීම/ පරිසරයේ ආලෝකය සහ ශබ්ද දරා ගැනීමේ අපහසුතාවය/වෙහෙසකර බව/ කතා කිරීමට අකමැත්ත/ කැරකැවිල්ල/ අවදානය දැක්වීමේ අපහසුතාවයක්ලාන්තය : මෙය සාමාන්‍ය ක්ලාන්ත තත්වයක්. ආඝාතය සමග ඇති වෙන විසඥ වීම නොවේ.)දහඩිය දැමීම හෝ සීතල ගතිය/තරහ යෑම/ නොරිස්සුම් ගතිය/ආහාර අරුචිය /මුහුණ,අත, දිව, තොල් වැනි ස්ථානයන්හි හිරිවැටෙන ගතිය
කලාතුරකින් මේ තත්වය ඇති වෙන්න පුලුවනි.
කුඩා දරුවන්ට මිග්රේන් හිසරද තත්වය ඇති වීම බොහොම අඩු තත්වයක පවතී. සමහර විට කුඩා දරුවන්ගේ මිග්රේන් හිසරදය තත්වය සමග උදර වේදනාව, මල බුරුල් වී පිටවෙන්න පුලුවනි.නමුත් උදරයේ වේදනාව හෝ මල බුරුල් වී පිටවීම මිග්රේන් හිසරදය තත්වය යැයි වරදවා වටහා ගත යුතු නැහැ. මෙය එසේ විය හැකි බවට තිබෙන සම්භාව්‍යතාවයක් පමණයි.
මිග්රේන් හිසරදයට ප්‍රතිකාර අවශ්‍යද..?
මිග්රේන් හිසරදය වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව සාමාන්‍ය වේදනා නාශකයකින් සුවපත් වෙන්නත් පුලුවනි. එසේ නොමැතිව දින ගණනක් පවතින, නිරන්තරව ඇති වෙනවා නම් පවුලේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගන්න පුලුවනි.
මිග්රේන් හිසරදයේ අනතුරු සංඥාවන් හෙවත් red flag
මිග්රේන් හිසරදය තත්වය සමග පහත දැක්වෙන රෝග දක්නට ලැබෙනවා නම් වහාම රෝගියා රෝහල්ගත කිරීම වැදගත්.එය දරුණු අවස්තාවක පෙර නිමිත්තක්. ඒවා red flag ලෙස සැලකිය යුතුයි
හිසරදය සමග රෝගියාගේ සිරුරේ පැත්තක් පණ නැති විම, ආඝාතය Stroke
කථා කිරීමේ අපහසුතාවය හෝ කතාව පැටලිලි සහිත වීම, මානසික ව්‍යාකුලතාවය වෙනදාට වඩා හිසරදය දරුනු සහිත හෝ අසාමාාන්‍ය බව දැනීම, හිසරදය සමග උණ ගතිය, (මොළයට විෂබිජයක් ඇතුලු වීම නිසා උණ වැනි රෝග තත්වයක් ඇති වීමට පුලුවනි.) පෙනීම ද්විගුණ වී පෙනීම හෝ Fit හෙවත් අපස්මාර තත්වයක් ඇති බවක් දැනේ නම් රෝගියා නොපමාව රෝහල්ගත කළ යුතුයි.
මිග්රේන් රෝගය නිශ්චිත ලෙස හඳුනා ගැනීමට පරීක්ෂණ…
මිග්රේන් රෝගය නිශ්චිත ලෙස හඳුනා ගැනීමට පරීක්ෂණ නැහැ.රුධිර පරීක්ෂණ මගින් මිග්රේන් රෝගය ගැන තහවුරුවීමක් කරන්න බැහැ. රෝගියා සමග සාකච්ඡා කිරීමෙන් සහ කායික පරීක්ෂා කිරීමෙන් රෝග ලක්ෂණ අනුව තීරණය කරනවා. ඒ නිසා මිග්රේන් රෝගින්ට “මිග්රේන් දිනපොතක් (migraine diary) භාවිතා කිරීම වැදගත්.එවිට හිසරදය ඇති වෙන දිනය, වෙලාව සටහන් කරනවා. එම කාල අන්තරය , ආහාර සහ රටාව අනුව තහවුරු වීමක් ලබා ගත හැකියි.
මිග්රේන් හිසරදය ඉතා දරුනු අන්දමට තිබෙනවා නම් ඒ ගැන යම් සැකයක් රෝගියාට ඇති වෙන්න පුලුවනි. ඖෂධ මගින් අඩු නොවේ නම් ස්නායු වෛද්‍යවරයෙක් හමු වෙන්න. CT හෝ MRI වැනි පරීක්ෂාවක් කරන්න පුලුවනි. මෙම පරීක්ෂන අතුරු රෝග තත්වය ගැන ඇති සැකය මත මිස මිග්රේන් තත්වය හඳුනා ගැනීමට සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂනයක් නොවෙයි.
මිග්රේන් තත්වයට සුදුසු ප්‍රතිකාර
විවේකය ඉතා වැදගත්.
මිග්රේන් තත්වය දරා ගැනීම අපහසු නම් සාමාන්‍ය වේදනා නාශකයක් ලබා ගන්න.පැරසිටමෝල් කාණ්ඩයේ ඖෂධයක් ඒ වෙනුවෙන් සුදුසුයි.
වේදනානාශක ලබා ගැනීමේදී…
වෛද්‍ය අවවාද මත පමණක් ලබා ගන්න.
අවශ්‍ය මාත්‍රාවට වඩා අඩු / වැඩි කරන්න එපා.
පමණට වඩා වේදනා නාශක ඖෂධ පාවිච්චි කිරීම සහ වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ලබා ගැනීමෙන්( medicine over use ) අක්මාවට හානි සිදු වෙන්න පුලුවනි.
ප්‍රති- වමන පෙති- මිග්රේන් හිසරදය සමග ඇති වෙන වමනය තත්වයට සහනයක් ලෙස ප්‍රති- වමන ( anti- vomit ) පෙති නිර්දේශ කරනවා.
මිග්රේන් නිසා අනාගත අවදානමක් තිබෙනවාද…?
මිග්රේන් රෝග තත්වය ඇති අය අනාගතයේදී Stroke ආඝාත තත්වයට ගොදුරු විමේ සුලූ අවදානමක් ඇත.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
එම්.ටී.එම් රිෆ්සි මහතා..(MBBS,MD,FRCP,(UK) FCCP
ස්නායුරෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සහ හිටපු සභාපති ශ්‍රි ලංකා ජාතික ආඝාත සංගමය