- Advertisement -

කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝග

-

බොහෝ කාන්තාවන් තුළ ඇති නොදැණුවත්බව, රෝගාබාධ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම හෙටට කල් තැබීම වැනි තමන්ගේම පාර්ශවයේ අඩු පාඩු නිසා ස්ත්‍රි ප්‍රජනන පද්ධතියේ රෝග සංකුලතාවයන් පිළිකා වැනි මාරාන්තික රෝග තත්වයන් දක්වා පැතිරෙන්න පුළුවනි. එහෙමනම් කාන්තාවන් විසින් වැඩි අවධානයක් දැක්විය යුතු ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි පිළිකා තත්වයන් මොනවාදැයි විමසා බලමු.

ස්ත්‍රි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන පිලිකා රෝග

- Advertisement -

ස්ත්‍රි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන පිලිකා රෝග තත්වයන් ගැන සඳහන් කලොත් එය කොටස් තුනකින් පෙන්වන්න පුළුවනි.

  • ගර්භාෂ පිළිකා- Endometriosis  cancer
  • ගැබ්ගෙල පිළිකා- cervical cancer
  • ඩිම්බ කෝෂ පිළිකා ovarian cancer

ගැබ් ගෙල පිළිකා පියයුරු ස්ත්‍රි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොවුනත් එය පිළිකා අතර  දෙවැනි තැනට පත් වෙනවා.

ගැබිගෙල පිළිකාවක රෝග ලක්ෂණ

  • ආර්තවයන්  දෙකක්  අතර රුධිරවහනය සිදු වීම.
  • ලිංගික එක්වීමකින් පසුව රුධිර වහනය
  • ආර්තවයෙන් පසු රුධිර වහනය

ගැබ් ගෙල පිලිකාව කලින් හඳුනා ගන්න පුලුවන්…

ගැබ් ගෙල පිළිකාවන් කල් තබා හඳුනා ගැනීමට පුළුවනි. ඒ වෙනුවෙන් සිදු කරන පැප් පරීක්ෂණ රජයේ රෝහල්වල නාරිවේද සායනයන්හි  සිදු කරනවා. ඹබ වයස අවුරුදු 35 ට වැඩි කාන්තාවක් නම් මෙම සායනයන් මගින් පැප් පරීක්ෂනයක් නොමිලයේ සිදු කර ගැනීමට අවස්ථාව තිබෙනවා. පැප් පරීක්ෂණයකින් පිළිකා රෝග තත්වයක් ගැන සැක ඇති වුනොත්  කොල්පොස්කොපි  (colposcopy) පරීක්ෂණයක් 

මෙවැනි පරීක්ෂනයකින් පිළිකා සෛල පිළිබඳව තහවුරු වාර්තාවක්  ලැබුනොත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ආරම්භ කරනවා. අදාල පිළිකාව පවතින ස්ථානය  හඳුනා ගෙන අදාල කොටස් ඉවත් කිරීම හෝ විකිරන ප්‍රතිකාර මගින් සුව කිරීමට පුළුවනි

ගැබ්ගෙල පිළිකා රෝගී කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම අවශ්‍යම නැහැ. ඒ වෙනුවෙන් විකිරණ ප්‍රතිකාර ලබා දීමටත් පුලුවන්. එය පිළිකාවේ පැතිරීම අනුව සිදු වෙනවා.

ගර්භාෂ පිළිකා…

ගර්භාෂය කී සැනින් අපට මතක් වෙන්නේ කාන්තාවකගේ ආර්තවය එහෙම නැත්නම් ඔසප් චක්‍රය ගැනයි. මාසික සුද්ධ වීම මේ හැඳින්වීම ඉතාම නිවරැදි ගැලපීමක්. මාස් පතා සිදු වෙන ඔසප් වීමත් සමග ගර්භාෂයේ ඇතුලු බිත්තිය ගැලවී යනවා. මාසික ඔසප් වීම නිසි පරිදි සිදු නොවුනෙහොත් ගර්භාෂයේ ඇතුලත බිත්ති ඝන වීමට පටන් ගන්නවා. එය පසුකාලීනව පිළිකා තත්වයක් දක්වා වර්ධනය වීමට පුලුවනි.ගර්භාෂ පිළිකා රෝග තත්වයක් හඳුනා  ගැනීමේදී යම් යම් රෝග ලක්ෂන පවතිනවා.

  • ආර්තවහරනයෙන් පසුව සිදු වෙන රුධිර වහනය
  • මාසික ඔසප් වීම ක්‍රමානුකූලව සිදු නොවීම.

තරබාරුව සහ PCOS (Polycystic ovary syndrome) සහිත කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ සිදු වෙන අක්‍රමිකතාවයන්  නිසා පසුකාලීනව ගර්භාෂ පිළිකා ඇති වීමට ඉඩ තිබෙනවා.

ගර්භාෂ පිළිකා රෝග තත්වයක් බව තහවුරුකර ගැනීම

ඉහත රෝග ලක්ෂණ සහිත කාන්තාවන්ගේ මූලික පරීක්ෂණයක් ලෙසින ගර්භාෂයේ Scan පරීක්ෂනයක් ලබා ගන්නවා. නමුත් එයින් පමණක් තීරණයක් ලබා ගැනීම අපහසුයි.Scan පරීක්ෂණයේ යම් සැකයක් තිබුනොත් D&C  (Dilation and curettage   ) පටක පරීක්ෂනයක් ලබා ගන්නවා. ගර්භාෂ බිත්තියේ  පටක පරීක්ෂාවකින් පසුව පිළිකා රෝග තත්වයක් ගැන ගහවුරුවක් ලබා ගැනීමට පුළුවනි.

ගර්භාෂ පිළිකා රෝග තත්වයක් තිබුනොත්…?

ගර්භාෂ පිළිකාවක් ගැන තහවුරුවක් ලැබුනොත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම සිදු වෙනවා. බොහෝ දෙනෙක් ගර්භාෂය තිබුනොත් පිළිකා තත්වයක් ඇති වෙයි කියන සැකය නිසා අනාගත ආරක්ෂාව වෙනුවෙන් ස්ව කැමැත්තෙන්ම ගර්භාෂය ඉවත් කිරීම ශල්‍ය කර්ම සිදු කර ගන්නවා.නමුත් එසේ සිදු කළ පමණින්ම ගර්භාෂ පිළිකාවෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ අන්දමින් ගර්භාෂය ඉවත් කළ කාන්තාවන්ටත් ගර්භාෂ පිළිකා ඇති වීමේ අවදානම තිබෙනවා. ඒ නිසා ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයේදී ගර්භාෂය පමණක් නොව  වසා ගැටිති  සහ පිළිකාව පැතිරී ඇත්නම් අදාල කොටස් ඉවත් කිරීමටත් සිදු වෙනවා.ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයෙන් පසුව විකිරණ ප්‍රතිකාර ලබා දීම අවශ්‍යයි. ගැබ් ගෙල සහ ගර්භාෂ පිළිකා ඉහළ සුව වීමේ අගයක් ඇති පිලිකා රෝග තත්වයක්.

ඩිම්බ කෝෂ පිලිකා… 

මුලින් සඳහන් කළ පිළිකා තත්වයන්ට සාපේක්ෂව බැලුවොත් ඩිම්බ කෝෂ පිළිකා තත්වයන් කල් තබා හඳුනා ගැනීම අපහසුයි. ශරීර අභ්‍යන්තරයේ ඇති අවයවයක් නිසා පහසුවෙන් හඳුනා ගැනීම පහසු නැහැ. බොහෝ විට ඩිම්බ කෝෂ පිළිකාවක  සුවිශේෂී රෝග ලක්ෂන පෙන්නුම් කිරීමක් නැහැ. නමුත් ඩිම්බ කෝෂ පිළිකා තත්වයක් ඇති බවට සංඥාවන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ කීපයක් තිබෙනවා.

  • යටි බඩ ප්‍රදේශයේ වේදනාව
  • මල පහ පිලිබඳ ගැටළු
  • බඩ පිපුම

නමුත් මේ රෝග ලක්ෂණ ඩිම්බ කෝෂ පිළිකාවකට පමණක් නොව වෙනත් රෝග තත්වයන් සඳහාත් ඇති වෙන්න පුළුවනි. ඒ නිසා ඔබ කලබල විය යුතු නැහැ.

නමුත් ඔබ වයස අවුරුදු පණහ ඉක්මවා ඇති කාන්තාවක් නම්  ඔබේ රෝග තත්වයන් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්.  ඒ වගේ ඩිම්බ කෝෂ පිළිකාවක් පැප් පරීක්ෂණයකින් හඳුනා ගැනීම අපහසුයි. ඒ නිසා රුධිර පරීක්ෂනයක් ලබා ගැනීමට සිදු වෙනවා. Scan පරීක්ෂනයකින් පසුව ඩිම්බ කෝෂ පිළිකාවක් බව තහවුරු වුනොත්  රෝගියා ශල්‍ය කර්මයක් සඳහා යොමු කරනවා. නමුත් පැතිරීම වැඩි නම් ශල්‍ය කර්මයට පෙරාතුව  විකිරණ ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ශල්‍ය කර්මය සිදු කරනවා. 

ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්වයන්ගෙන් ආරක්ෂාව වීමට…

කාන්තාවක් ලෙසින් ඔබ ප්‍රජනන පද්ධතියේ පිළිකා ඇති වීමට තිබෙන අවදානම් සාධක හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසා ඔබේ ඔසප් වීම් පිළිබඳ ගැටලු ඇත්නම් ඒවා නොසලකා සිටින්න එපා. ඔසප් ප්‍රමාදය, ඔසප් වාර දෙකක් අතර ඔසප් වීම වැනි රෝග තත්වයන් ගැන සැලකිලිමත් වෙන්න.

තරබාරු කාන්තාවන් ඉතා පහසුවෙන් සන්ධි රෝග තත්වයට පත් විය හැකියි. ඒ නිසා ඔබේ ආහාර රටාව, ක්‍රියාකාරී ජීවන රටාව මගින් තරබාරුව පාලනය කර ගන්න. එවිට ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සංකුලතාවයන්ගෙන් මිදී නිරෝගී ජීවිතයක් ගත කිරීමේ ආශිර්වාදය ඔබට ලැබේවි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

නාරි සහ ප්‍රසව පිළිකා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර මහතා

ජාතික පිළිකා ආයතනය (අපේක්ෂා රෝහල)

මහරගම


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article