- Advertisement -

තරහ යන්නේ නැත්තේ කාටද..?

-

අනේ මට නම් තරහ යන්නේ  නැහැ..අපි කිසිම කෛනකුට ඒ විදිහට ස්වයං සහතිකයක් දෙන්න බැහැ.ඔබ මේ විදිහට සිතන්න.. ඔබ බස් රථයකට නැගි විට රියදුරාගේ වේගය බාල කරන විට..වාහනය ඔබ පදවන්නේ නම් වෙනත් වාහනයක් ඔබේ වාහනය ඉස්සර කළ විට ඔබට නොදැනීම තරහා යනවා. ඒ නිසා අපි කිසිමි කෙනෙකුට තරහ නොයන බවට සහතික වෙන්න බැහැ. අපේ පවුලක වුනත් දරුවන් මව්පියන් අතර ගණු දෙණු කරන විට තරහ ඇති වෙනවා. ඒක සාමාන්‍ය තත්වයක් වුනත් අපි තරහ සමග ගණු දෙණු කරන ආකාරය අනුව එහි ප්‍රතිචාර වෙනස්.

ඔහොම තරහ ගත්තොත් ඉක්මනටම නාකි වෙනවා…

- Advertisement -

ඔබට මේ කියමන අසා පුරුදු ඇති. එහි සත්‍යාසත්‍යතාවය දැන් විවිධ පර්යේෂන මගින් පවා තහවුරු වී තිබෙනවා.කොටින්ම අද වෙන විට වැඩි ප්‍රමාණයක් වාහන අනතුරුවලට පවා හේතුව කෝපය බැව් මිචිගන් වෛද්‍ය විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබෙනවා. ඉතිං මේ ගැන වැඩි විස්තර ඔබට අවහ්‍ය නැහැ. ගේට්ටුවෙන් එළියට වාහනය ගත් තැන සිට නැවත ගරාජයට වාහනය ගාල් කරන තෙක් මේ සිතුවිල්ල ඔබ සමග හොදින් ගණුදෙණු කරනවා ඇති.

කෝපය අප කාටත් පොදුයි…

කෝපය අපි කාටත් පොදුයි.ඉතින් පොඩ්ඩන්ට කියල එහි වෙනසක් නැහැ.ඔවුන් පොඩි වුනත් අපි වගේම අන්තර් සමාජ සම්බන්ධතාවයන්හිදී ගණු දෙණු කරන පිරිසක්. ඒ නිසා කෝපය ඇති වුනා කියල ඔබ අමුතුවෙන් තැවෙන්න එපා. ඒ වුනත් එක් එක් දරුවාගේ ගති පැවැතුම් වෙනස්. ඒ නිසාම ඔවුන් කෝපය ඉදිරියේ ප්‍රතිචාර දක්වන ආකාරයත් වෙනස්.

සමහර දරුවන් පරාජයට කැමැති නැහැ…

දරුවන් අතරත පරාජය බාර ගන්න අකමැති දරුවන් ඉන්නවා. ක්‍රිඩාවකදී වුන් තමන් ලද පරාජය බාර ගැනීමට අකමැතිව සෙල්ලම් කළ පිරිස සමග ගැටුම් ඇති කර ගන්නා දරුවන් සිටිනවා. කොටින්ම  නව යොවුන් වයසේ පසු වෙන දරුවන් වුනත් නිවාසාන්තර ක්‍රිඩා තරගයේදී, අන්තර් පාසල් ක්‍රිකට් තරඟ වලදී ගැටුම් ඇති කර ගැනීමේ සිදුවීම් ඉතාම සුලබයි. මේ තැනට හේතු වෙන්නේ ඔවුන් තුළ තිබෙන පරාජය බාර ගැනීමට ඇති අකමැත්ත බව අමතක කරන්න එපා.ඒ නිසා ජය වගේම පරාජයත් ජීවිතයේ අපට විදින්න ලැබෙන බැව් දරුවන්ට පුංචි කාලයේ පටන්ම කියා දෙන්න.

ඉලක්කය වැරදීම

අපේ ජීවිතයේ යම් යම් ඉලක්ක තිබෙනවා. දෙමව්පියන්ගේ බොහෝ ඉලක්ක ගොඩ නැගෙන්නේ දරුවන් මුල් කර ගෙන බව ඇත්ත. ඒ වගේම දරුවන්ටත් පුංචි වුනත් ඉලක්ක තිබෙනවා. සමහර අවස්ථාවලදි දරුවන්ගේ අසමත්වීම්, පරාජයන් නිසා මව්පියන් කෝපයට පත් වෙනවා.උදාහරණයක් විදිහට පංතියේ හොද මටට්මක දරුවා නොසිටියොත් මව්පියන්ට දරුවා ගැන කෝපයක් වගේම නිරන්තරව ලබා දෙන අවවාද නිසා දරුවන්ට මව්පියන් ගැන කෝපයක් ඇති වෙනවා. නමුත් මෙවැනි අවස්ථාවන් ගැන මැදිහත් සිතින් ඉවසීම පුරුදු කිරීම ඉතාම වැදගත්.මෙය ඉතාම දැඩි මානසික ප්‍රශ්නයක්. සමහර මව්වරුන්ට තමාගේ ඊළග ඉලක්කය ගැහැනු හෝ පිරිමි දරුවෙක් වුනොත්…දරුවා  ලැබුන පසුව ඇගේ ඉලකක්ගත සිතුවිල්ල ඉටු නොවුනොත් දරුවා  මුල් කර ගෙන පවා කෝපයක් ඇති වෙන අවස්ථාවන් තිබෙන බවට මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ඒ නිසා දරුවන්ටත් මෙය කියා දෙන්න. ජීවිතයේ ඉලක්ක ගොඩ නගා ගත යුතුයි. නමුත් ඒවා බිඳ වැටෙන්නත් පුළුවනි. ඉලක්ක කියන්නේ අනිවාර්යෙන්ම ඉෂ්ට වෙන දෙයක් නොවයි. ඒවා අතරමග බිඳ වැටෙන්න පුළුවනි. ඒ නිසා බිඳ වැටීම් ගැන තරහක් ඇති කර ගැනීම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට නැවතත් උත්සාහ කරන්න. ඉලක්ක ජය ගැනීමට හැකි වාතාවරණය සකස් කර ගන්න.බිඳ වැටුන තැනින් නැගිටින්න.

කෝපය විවිධ විදිහට ප්‍රදර්ශනය වෙනවා.

කෝපය කී විට අපි හිතන්නේ නාලාගිරි ඇතා වගේ චන්ඩ හැසිරීම් විය හැකියි.නමුත් හැම දෙනාගේම කෝපය ඒ විදිහට සාජුවම ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. අද පාසල් දරුවන් අතරත් ගැස්ට්‍රයිටිස් , ඉරුවාරදය වැනි රෝග තත්වයන් බහුල බැව් ස්ටැෆරඩ් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අර්වින් යැලුම් සහ වෛද්‍ය ඩාන් ජැක්සන් සදහන් කරනවා. ඒ නිසා අප ගන්නා ආහාරපානවලට වඩා මෙවැනි රෝගාබාධයන්ට තරහ යෑම නිසා ඇති වෙන අහිතකර හෝර්මෝන ස්‍රාවයන්ගේ බලපෑම ඉතාම ප්‍රබල ලෙසින් හේතු වෙන බැව් දැන් අද්‍යනයන් මගින් හඳුනා ගෙනත් තිබෙනවා.

කෝපය පිට කරන්න

කෝපය එක්රුස් කිරීමට වඩා පිට කිරීම ඉතා වැදගත්. ඔබට කෝපයට හේතු වෙන යම් සිදු විමක් ඇති වුනොත් එය පැසව පැසවා සිතේ තබා ගන්න එපා.බොහෝ අය විවිධ අන්දමින් කෝපය පිට කරනවා. සමහරු අතට අහුවෙන දේ පොළවේ ගසනවා.. එහෙම නැත්නම් දත් මිටි කනවා. හිසකෙස් තමා අතින්ම ඇද ගන්නවා. සමහර විට දරුණු අවස්ථාවන්ට ගිය විට අනුන්ටත් හානි කරන්න පුළුවනි.මේ අතර තවත් පිරිසක් කෝපය පිටතට පෙන්වන්නේ නැහැ. එහෙත් ඔවුන්ගේ හිතේ කෝපය ගින්නක් සේ ඇවිලෙනවා.ඒ නිසා තමන්ට කෝපයක් ඇති වුන විට එය එය පාලනය කර ගැනීමට වෙනත් මාර්ගයක් අනුගමනය කිරීම වඩාත් ඵලදායක බැව් මනෝ වෛද්‍යවරුන් පවා සඳහන් කරනවා.

  • කෝපය ඇති වුන විට එතැන ඉන්න එපා.
  • දහයට ගනින්න
  • වෙනත් කටයුතත්ක නිරත වෙන්න.

සමීප පුද්ගලයන් සමග තරහක් ඇති වුනොත්…?

ඔබ සමග සමීප පුද්ගලයෙකු සමග තරහක් ඇති වුනොත් තරහට නිමිති වූ කාරණය ගැන කියන්න. ඒ ගැන සාකච්ඡා කරන්න. දරුවෙකුට වුනත් තාත්තාට තරහ ගියේ ඔයාගේ මේ වැරදි කටයුතත් නිසායැයි කියනන්. බිරිද සමග තරහක් ඇති වුනොත් ඇයටත් ඒ නිමිත්ත කියන්න. හොඳම මිතුරා සමග වුනත් තරහට නිමිති වූ කරුණු කාරනාවන් බෙදා හදා ගන්නට පුළුවනි. ඒ නිසා ඉක්මන් කෝපය හොඳ නැහැ ..කියන සිතුවිල්ල හිතේ තදින් තහවුරු කර ගන්න. ඒ අනුව කටයුතු කරන්න.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article