යම් යම් කාල සීමා තුල වරින් වර කියවෙන විවිධ රෝග තත්ත්ව මතුවීම බොහෝවිට පවතින කාලගුණයට හෝ පවත්නා යම් යම් අවස්ථාවන් හා සම්බන්ධ වෙන බව අප දන්නවා. ඒ වගෙ අහබු ලෙස අපිට අහන්න ලැබුණු තවත් රෝගී තත්ත්වයක් තමයි ලිස්ටීරියාව. ලිස්ටීරියාව කියන්නෙ ආහාර හා සම්බන්ධ වූ රෝගී තත්ත්වයක් වගේම වසංගතයක් ලෙස පැතිරිය හැකි නමුත් දුර්ලභ රෝග තත්ත්වයක්.
ලිස්ටීරියාව ඇති වන්නේ කොහොමද?
සාමාන්‍ය ස්වාභාවික පරිසරය තුල දක්නට හැකි විශබීජයක් වන ලිස්ටීරියා මොනොසමජිනස් නම් වූ බැක්ටීරියාව මේ රෝගයට හේතුවයි.
ලිස්ටීරියාව ඇති කරන බැක්ටීරියාව ශරීරයට ඇතුළු විය හැක්කේ කෙසේද?
- පස තුල මෙන්ම පරිසරය තුළ ඇති අමුවෙන් ගන්නා ආහාර (එළවළු, පළතුරු, සලාද වර්ග) මගින්
- කුණු වූ හෝ නරක් වූ එළවලු/පළතුරු මගින්
- නොපිසූ මස් මගින්
- ජීවානුහරණය නොකල කිරි එනම් පැස්ටීකරණය නොකළ කිරි මගින්
- බැක්ටීරියා මගින් ආසාදනය වූ ආහාර පාරිභෝජනය කිරීම මගින්
ආහාර සෞඛ්‍ය හා සොයා බැලීමේදී
- සෑම ආහාරයක්ම නැවුම්ව හා පිරිසිදුව පැවතීම
- ආහාර නිවැරදි සහ පිරිසිදු ලෙස ගබඩා කිරීම
- පිරිසිදු ලෙස ආහාර සකස් කිරීම
සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට ආහාරය නිශ්පාදනයේ සිට එය සකස් කරගන්නා අවස්ථාව දක්වා වගේම එය ආහාරයට ගන්නා තෙක්ද නිවැරදි සෞඛ්‍ය පිලිවෙත් සිදුවිය යුතුයි. එසේ නොවන අවස්ථාවලදී ආහාර සුරක්ෂිතතාවය බිද වැටෙන අතරම ආහාරය මගින් ඇති කළ හැකි පෝෂණයට දූෂණය මගින් සිදු වූ ප්‍රතික්‍රියාව ඉස්මතු මන අතරම ලිස්ටීරියා යනු එවැනි අවස්ථාවක ප්‍රතිඵලයකි.
මෑත කාලය තුල ලංකාවේ දක්නට ලැබුණු මේ රෝගී තත්ත්වයට මූලික හේතුවක් ලෙස කිරි ආහාර හැඳින්වූවා. කිරි අමුවෙන් ආහාරයට ගන්නවා වගේම කිරි ගබඩා කිරීම ශීතකරණය තුල සිදුවුවද ඒවා නියමිත ක්‍රම අනුව සැකසීම සිදු නොවීම එයට හේතුවයි. කිරි කල්තබා ගැනීමේදී පැස්ටීකරණය කළ යුතු අතරම එසේ පැස්ටීකරණය කළ කිරි නියමිත උෂ්ණත්වයේදී විෂබීජහරණයට ලක් කළ ඇසුරුම්වල ගබඩා කරන හෙයින් විෂ වීමක් සිදු නොවුණද එසේ නොකරන ලද කිරිවල මෙම බැක්ටීරියාව පැවතුනහොත් ඒ මගින් මෙම රෝග තත්‍ත්වය ඇතිවීම වැළැක්විය නොහැකියි. එසේ හෙයින් නිවැරදි හා නිසි ලෙස සකස් කිරීමෙන් පසු කිරි ආහාරයට ගතයුතු වනවා මෙන්ම මස් වර්ග ද එසේ නිවැරදි හා නිසි ලෙස පිසීම සිදුකල යුතුයි. එසේම අමුවෙන් ආහාරයට ගන්නා වෙනත් එළවලු පළතුරු ද පලා වර්ග ද ආහාරයට පෙර පිරිසුදු කිරීම නිසි ලෙස කල යුතුයි. මෙම ආහාරයන් ශීතකරණය තුල ගබඩා කිරීමේදී අවශ්‍ය උෂ්ණත්වයට අනුව වෙන් වෙන් ලෙස තැබීම වැදගත්. එසේ නොවන විට ආසාදිත වූ ආහාර මගින් අනෙකුත් ආහාරද දූෂණයට ලක් විය හැකියි.සාමාන්‍යයෙන් ආහාර පාන හරහා පැතිරෙන බොහෝමයක් ලෙඩ රෝග මගින් පීඩාවට පත්වන්නේත් ආහාර ජීරණ පද්ධතියමයි.
ආසාදිත පුද්ගලයෙකු පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?
- තද උදර වේදනාව
- පාචනය
- හිසේ කැක්කුම
- අධික උණ
මෙම රෝග ලක්ෂණ මගින් තවත් සංකූලතා ඇති විය හැකිය. එනම් පාචනය ශරීරය වියළීම හේතුවෙන් විජලනයට පත් වී ශරීරයේ අතිවන ලවණ ඌනතා නිසා ඇතිවන මස්පිඩු වේදනාව, කොන්දේ කැක්කුම ආදී සාමාන්‍ය උණකදී ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ ද ඇති විය හැකිය.
විෂබීජය ශරීරගත වූ පසුව පළමු සතිය තුළම රෝග ලක්ශණ පෙන්විය හැකි වුවද ඇතැම් විට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා මසකින් පමණ පසුව වුවත් රෝග ලක්ෂණ මතු විය හැකි වීම අවදානම් තත්ත්වයකි.
එමෙන්ම වෛරස් මගින් ඇති වන රෝගවලට වඩා බරපතල වන්නෙ මෙවන් බැක්ටීරියාවන් නිපදවන ධූලක ඉතාමත් විෂ සහිත වීමයි. එසේ හෙයින් බරපතල අර්බුදකාරි තත්ත්වයන් මෙන්ම මාරාන්තික තත්ත්වයන් පවා එවන් ධූලකවලට ඇති කිරීමේ හැකියාව පවතී. සාමාන්‍ය පාචනයකදී ශරීරයෙන් පිටවන ලවණ හා තරල ප්‍රමාණය අඩු වී විජලනයට පත්වීම සිදුවුවද මෙහිදී සිදු විය හැකි බරපතල තත්ත්වය වන්නේ වන්නෙ බැක්ටීරියා මගින් සාදන ධුලකවල විෂ හේතුවෙන් රෝගී තත්ත්වය උත්සන්න වීමයි. අනෙක් අවදානම වන්නේ මෙය දුලබ රෝග තත්ත්වයක් නිසා අනුමාන කිරීම සිදුවන අවස්ථා අවම විය හැකි බැවින් හඳුනා ගැනීමට ප්‍රමාද වීමයි. බොහෝ බැක්ටීරියා ක්‍රියාකාරිත්වයේදී සිදුවන්නෙ ඒ මගින් පිටකරනු ලබන විෂ මගින් නිපදවන ධූලක මාරන්තික වීමයි.එසේ හෙයින් මෙවන් තත්ත්වයන් ඇත්වීම දුලබ වුවද ප්‍රතිපලය භයානක විය හැකිවනවා.
ලිස්ටීරියා ආසානය අවදානම් විය හැක්කේ කාටද?
-
- ගර්භණී මව්වරුන් – මවට මෙන්ම කලලයට ද දැඩි බලපෑම් ඇති විය හැකි අතරම ගබ්සාවට ලක්වීම, නොමේරු දරු උපත්, කුස තුල සිටින දරුවා ද රෝගයට ගොදුරු වීම නිසා අස්ථි පද්ධතියටද බලපෑම් එල්ල වීම සිදු විය හැකියි.
- ළදරුවන් – සන්ධි දුර්වල වීම මගින් ඇති වන ආතරයිටීස් වැනි තත්ත්වයන් ඇති වීම
- වයෝවෘද්ධ එනම් වයස් ගතවූවන්
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇති පුද්ගලයන් – විශබීජ ශරීර ගත වූ විට ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීම අසීරු හෙයින් බරපතල තත්ත්වයන් ඇති වීමේ අවදානම ඉහළයි
සෑමවිටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යන්න
ඔබට රෝගය බෝවි ඇතැයි සැකයක් ඇත්නම් හෝ රෝගියෙකු සමීපව කටයුතු කළේ නම් රෝග ලක්ෂණ නොමැති වුවද විමසිලිමත් වීම වැදගත් වෙන්න (ඇතැමුන්ට රෝග ලක්ෂණ රහිතව ද ආසාදනය වීමට හැකි බැවිනි.)
වෛද්‍යවරයා විසින් නියම කරන ප්‍රතිජීවක ඖෂධ නිසි උපදෙස් පිළිපදිමින් ලබා ගන්න. අනෙකුත් රෝග ලක්ෂණ සඳහා ලබා දෙන වේදනා නාෂක, ලවණ වර්ග හෝ විටමින් අඩංගු ඖෂධ ලබා ගත යුත්තේ ද වෛද්‍යවරයා විසින් ලබා දුනු උපදෙස් අනුව බව අමතක නොකරන්න
ඖෂධ භාවිතයේදී නියමිත ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත කාල පරාසයන් තුලදී රෝගියාට ලබාදීම වැදගත් වනවා. ප්‍රතිජීවක ඖෂධ ලබාගන්න ඕනෑම තත්ත්වයකදී එම ඖෂධයේ නියමිත මාත්‍රාව, නියමිත වේලාවට ලබාදීම මගින් ධූලකයේ විශ ක්‍රමයෙන් බාලකර නිශේධනය කිරීමට හැකියාව ලැබෙනවා. එසේ නොවුනු විට එම ප්‍රතිජීවක ඖෂධය මගින් විෂ බීජට එරෙහිව ඇති කරන්නා වූ ප්‍රතිරෝධය හේතුවෙන් ඖෂධ ලබාදීම නිෂපල වන්නෙ රෝගයට බරපතල ලෙස ඇති වන ප්‍රතිරෝධය හේතුවෙනි. මෙය සමස්ථ සමාජයට බරපතල තර්ජනයක් එල්ලවිය හැකි අවස්ථාවක් හෙයින් ඕනෑම අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ ලබාදීමේදී නියමිත ඖෂධය නියමිත මාත්‍රාවෙන් නියමිත කාල පරාසයක් තුළ අත්‍යවශ්‍ය වේල් ගනන රෝගියාට ලබාදීම සදහා කැපවීම උනන්දුව ඇතිකර ගැනීම සහ දැනුම වර්ධනය කර ගැනීම සමස්ථ සමාජයටම බලපැවැත්වෙන ගැටලුවක් නිරාකරණය කර ගැනීමට වගකීමක් වනවා.
මෙම රෝගය බොහෝදුරට සෑම විටම රෝග ලක්ෂණ ඇති නොකරන මුත් රෝගය ඇති වූ විට ඒ නිසා ඇතිවන මරණ අනුපාතය ඉහළ හෙයින් සැලකිලිමත් වීම වැදගත් වනවා.
බොහෝ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්ව වලදී ඇතිවන පාචන තත්ත්වයන් නිසා විජලනයට ලක්වීම හේතුවෙන් ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුවද මෙම රෝග තත්ත්වයේදී ඉන් ඔබ්බට ගිය විට විශ වීම නිසා එනම් යෙජස්ටීමියා තත්ත්වයට පත්ව බරපතල වීම සිදුවන හෙයින් විශබීජ ශරීර ගතවීම් වලදී සැළකිලිමත් වීම වැදගත්.
බොහෝ විට මෙවන් වූ බැක්ටීරියා ආසාදන රුධිර පරීක්ෂණ මගින් හදුනාගත යුතුවන හෙයින් ආහාර විශවීම් ලක්ශණ පෙන්වන සෑම විටකම ඒ සදහා වූ රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම වැදගත් වන්නෙ එම විශබීජය හදුනාගෙන ඊට ගැලපෙන ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වන බැවිනි.
ආහාර සෞඛ්‍ය සම්භන්දයෙන් සෑමදෙනාගේම අවධානය යොමුවිය යුත්තෙ දැනුම ලබාගැනීම මගින් බොහෝ තත්ත්වයන්ට නිවැරදි ලෙස මුහුණු දීමට එය අවස්ථාවක් වන හෙයිනි.
ආහාර සුරක්ෂිතතාවය යන්නෙන්ද අදහස් වන්නේ යම් ආහාරයක් නිශ්පාදනයේ සිට අස්වනු නෙලීම, එය ප්‍රවාහනය, ගබඩා කිරීම එය පාරිභෝජනය යන දාමයේ සියලුම අවස්ථාවන් සදහා නිවැරදි වූ සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීමයි. එසේ හෙයින් ආහාර නිශ්පාදන කාර්යයේ සිට ආහාර පරිභෝජනය දක්වා දිවෙන ගමන් මගේ සියලු තත්ත්වයන් සොයා බැලීමත් නිවැරදි ලෙස නිවැරදි දර්ශක හෝ තත්ත්වයන් හදුනාගැනීමට හැකිවෙන දැනුම වැඩිකර ගැනීමත් සමස්ථ ප්‍රජාවේම වගකීමක්. එසේ හෙයින් නිශ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනයද ඇතුලුව ඒ අතර කාලය තුලදී ආහාරයෙ ගුණාත්මක භාවයට සිදුවන සියලු තර්ජන හදුනාගැනීමට හැකි ලෙස දැනුම ගොඩනගා ගැනීම සැමගේම වගකීමක්. එසේම නිශ්පාදිත ආහාරයක අඩංගු දේවල් නියමිත ප්‍රමිතියෙන් අඩංගු වී ඇතිද ඒවායෙ ප්‍රමිතියට හානි නොවන ලෙස ගබඩාකර ඇතිද යන්නත් ආහාරයක් මිලදී ගැනීමට හෝ පාරිභෝජනයට පෙර විමසිලිමත් වීම වැදගත්.
එසේ හෙයින් ආහාර ගබඩාකිරීමේදී පිසූ ආහාර හා නොපිසූ ආහාර එකට ගබඩා කර ඇතිද යන්න පවා විමසිලිමත් වීම වැදගත්. එසේම ආපනශාලා වල ආහාර සුරක්ෂිතතාවය කෙසේ පවතීද යන්න පිළිබද විමසිලිමත් වීම කුසගින්නට ආහාර ලබා ගැනීමට පෙර වැදගත්. එසේම ආපනශාලා තුල ආහාර පිසීමෙ ක්‍රියාවලියේ නිරත පුද්ගලයන්ගෙ නිරෝගී තාව මෙන්ම ඔවුන්ගෙ නිවැරදි සෞඛ්‍ය පිලිවෙත් පිළිබදව විමසිලිමත් වීම තමන්ගෙ සෞඛ්‍ය ආරක්ශා කරගැනීමට එක ලෙස වැදගත් වෙනවා.
ඒවා සොයා බැලීමෙන් නොනැවතී, නිවැරදි කලයුතු තැන් නිවැරදි කිරීම සදහා අවශ්‍ය කරන මහජන සහය පැමිණිලි සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට හො සෞඛ්‍ය වෛද්‍ය නිළදාරීන් වෙත යොමු කිරීමද ඒවා පිළිබද ක්‍රියාත්මක වීම පිළිබඳව නැවත පසුවිපරම් කර බැලීම මගින් නිවැරදි ආහාර සුරක්ෂිතතාවයක් ඇතිවීම සමස්ථ ප්‍රජාවටම මහගු සේවාවක් සැලසීමක් වනවා.
සියලු කරුණු සලකා බැලීමේදී ආහාර සෞඛ්‍ය යන්න බඩගින්නට ආහාර ලබාගැනීමට පමණක් සීමා නොවන බවත් ආහාරයේ ඇති සියලුම තත්‍ත්ව ආහාර මාර්ග පද්ධතිය ලෙඩ නොකරන ගුණාත්මක පෝෂණයක් සපයා සියලු ඉන්ද්‍රියන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි තත්ත්වයක් වෙත රැගෙන යන්නක් බවත් හුදෙක් එය කායික පෝශණයට පමණක් වෙන්වූවන් නොවන බවත් පැහැදිලියි. එසේ හෙයින් සෞඛ්‍ය යන්න නිවැරදි ලෙස අර්ථ දැක්වෙන කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්ම යන වාක්‍ය කණ්ඩයට නිවැරදි වූ අර්ථයක් ලැබෙනුයේ මූලිකවම ශරීරයෙ වර්ධනයට, ශක්තිය සැපයීම හා ආරක්ශාවට හේතුකාරක වන නිවැරදි වූ ආහාර රටාවකට අපි හුරුවීම තුලින් බව වැටෙහෙනු ඇති. එසෙ හෙයින් ජීවයේ පැවැත්මට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන්ගෙ සුපිරිසිදු බව තවදුරටත් ආරක්ශා වන අයුරින් කටයුතු කිරීම මිනිස් ජීවිතයන්ට මහත් ආලෝකයක් උදාකරනු ඇති.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල