- Advertisement -

ළදරුවන්ගේ කතා කිරීමේ සහ භාෂා හැසිරවීමේ කඩඉම

-

භාෂා හැසිරවීමේ අත්දැකීම, දරුවන් අනිවාර්යයෙන් අත්විඳිය යුතු බව දෙමව්පියන් වන ඔබ දැනසිටිය යුතු කාරණයකි. විශාල ළදරුවන් සංඛ්‍යාවක් සහභාගි කරමින් කරන ලබන සමහර පරීක්ෂණ වල ලබාගත් නිගමනයන් වල කරුණු මෙහිදී පැහැදිලි කර ඇත. දරුවන් තම තමන්ගේ වැඩීමේ වේගය අනුව කතාකිරීමේ හැකියාවද වර්ධනය කරයි. හැම දරුවෙකුම එකම වේලාවල ඉගෙන නොගනී. දෙමව්පියන් වශයෙන් දරුවන්ගේ ජීවිතයට වැදගත් වන කඩයිම් පිලිබඳ අවධානයෙන් සහ දරුවන් එම කඩයිම් නිසිලෙස පසුකරමින් යනවාද යන්න ඔබ සොයා බැලිය යුතුය. යම් දරුවෙකු එසේ යම් කඩයිමක් පසු නොකරනවා නම් හෝ පමා වෙනවා නම්, විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම ඉතා වැදගත් වේ.

පහත දක්වා ඇති වයස් සීමාවන් තුල දරුවන් පසුකල යුතු, කතා කිරීමේ සහ භාෂා හැසිරවීමේ කඩයිම් පිලිබඳව විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

- Advertisement -

උපන් දවසේ සිට මාස 3ක කාලය තෙක්

සන්නිවේදනය සඳහා සවන් දීම, ඇසීම සහ ප්‍රකාශ කලදේ කුමක්ද යන්න තේරුම්ගැනීම යන සියල්ල සම්බන්ධ වේ. උපන් දවසේ සිට මාස තුනක් දක්වා ළදරුවන්ට විවිධ කඩයිම් වලට මුහුණදීමට සිදුවේ. ඔවුන්ගේ මුහුණෙන් ප්‍රීතිය සහ වේදනාව උචිත අවස්ථා වලදී පෙන්නුම් කරයි. උදාහරණයක් වශයෙන්, දරුවා මව දුටු අවස්ථා වලදී කූ කූ ගා ශබ්ද කරමින් සෙමින් කෙඳිරි ගැසීමට පටන් ගැනීමට පුලුවන්. එසේම දරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු නොවූ අවස්ථා වලදී හැඬීමට පටන් ගැනීමට පුලුවනි. විවිධ හඬවල් හඳුනා ගැනීමටද දරුවන් ඉගෙන ගන්නා අතර මෙම කාලයේදී සිනාසීමද හඳුනා ගනී. එමෙන්ම සමහර ශබ්ද වලට ගැස්සී බියවීමට පුලුවනි.

මාස 4 සිට මාස 6ක කාලය තෙක්

දරුවන් මෙම කාලයේදී, ඔවුන්ගේ හිස සහ ඇස්, විවිධ ශබ්ද එන දිසාවන් වෙත හැරීමට පටන් ගනී. ඔවුන් මෙම ශබ්දවලට සමානව නැවත කෙඳිරි ගෑමට පටන් ගනී. දරුවන් නාදය සහ කටහඬට ප්‍රතිචාර දැකිවීමට පටන් ගනී. කරදර, වේදනාව සහ ප්‍රීති අවස්ථාවන් වලට මෙම වයස පසුවන දරුවන්ට මුහුණදීමට සිදුවේ. රූපවාහිනියෙන් සහ සෙල්ලම්බඩු වලින් පිටවන ශබ්ද වලට අවධානය යොමු කිරීමට මෙම වයසේ දරුවන් පටන් ගනී.

මාස 7 සිට මාස 12ක කාලය තෙක්

මෙම වයස් සීමාවේ දරුවන්ට හැංගි මුත්තන් වැනි සෙල්ලම් කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. දරුවාගේ කෙඳිරීම, අකුරු කිහිපයක් එකතුවක් ලෙස ඔබට ඇසීමට පුලුවනි. සමහර දරුවන්, ඔවුන්ගේ පලමු වචනය ලෙස අම්මා, තාත්තා වැනි වචන කීමට ඉඩ ඇත. එමෙන්ම වෙනත් පහසු වචන ග්‍රහණය කර ගැනීමට පටන් ගනී. දරුවන් විවිධ ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට පටන් ගනී.

මාස 12 සිට මාස 24ක කාලය තෙක්

මෙම වයසේ පසුවන දරුවන් විවිධ සුපුරුදු වස්තූන් පෙන්වීමට පටන් ගනී. දරුවන් එම වස්තූන් හොඳින් නිරීක්ෂණය කරමින් ප්‍රශ්න ඇසීමට පටන් ගනී. ඔවුන් සරල අණ අනුගමනය සහ සම්පූර්ණ කිරීමට පටන් ගනී. ඔවුන් වචන එකතු කර කතා කිරීම සඳහා වාක්‍යයක් සම්පූර්ණ කිරීමටද පටන් ගනී. මෙම වයසේ දරුවන් කවි සින්දු ගායනා කිරීමට සහ කතන්දර ඇසීමට කැමැත්තෙන් දක්වයි.

සාරාංශය

බොහෝ දරුවන්ගෙන් අත්දකින ලද කඩයිම් පිලිබඳව සාරාංශයක් මෙහිදී පැහැදිලි කරයි. සමහර දරුවන් වේලාවට මෙම කඩයිම් පසු කරද්දී, සමහරුන් මෙම කඩයිම් වෙලාවට කලින් හෝ ප්‍රමාදවී පසු කරයි. මෙහි සඳහන් වන කරුණු, නියම වශයෙන් රටාව නිරීක්ෂණය කරන ලද්දකි. දරුවාගේ වැඩීමත් සමඟම මෙම කඩයිම් පසු කිරීම් සිදු නොවනවානම්, විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් සහ උදවු ලබා ගත යුතුය. එවිට විශේෂ කතා කිරීමේ සහ ශ්‍රවණ පරීක්ෂාවක් සූදානම් කිරීමට ඔබේ වෛද්‍යවරයා උනන්දු වෙයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article