- Advertisement -

ගර්භනී භාවයේදී ඇති වන අපහසුතා හා ඊට පිළියම්

-

ගැබිනි සමයේ කාන්තාවකට නොයෙකුත් අපහසුතා ඇති වන බව අපි කොතෙකුත් කතා කට ඇති. ගැබිනි මවක් ආහාර හා සම්බන්ධව වගේම ඉරියව් පිළිබඳවත් සැලකිලිමත් වීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ ගැබිනි සමයේ ඇතිවන බොහොමයක් සංකුලතා දරු ප්‍රසුතියත් එක්කම මග හැරී යාමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා. අපි මේ ලිපියේදී පේෂී පද්ධතිය ආශ්‍රිතවත් ජනන මුත්‍රල පද්ධතිය ආශ්‍රිතවත් ගැබිනි මවකට ඇති විය හැකි අබාධ තත්ත්වයන් පිළිබඳව සාකච්ජා කරමු.

පේශී පද්ධතිය ආශ්‍රිතව ගැබිනි සමයේ ඇති විය හැකි ආබාධ

කොන්දේ වේදනාව – Back Pain :

- Advertisement -

backe-pain-in-pregnant-mother

ක්‍රමානුකූලව ඇති වන බර වැඩිවීමත් සමගම හා ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වීමෙන් දුර්වල උදර පේශී ඇදීමත් සමඟ මෙම කොන්දේ වේදනාව ඇති විය හැකිය

මෙම තත්ත්වය යම් ප්‍රමාණයකට මඟහරවා ගැනීම සඳහා,

  • ස්ථාපිත පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් වීම
  • ඉරියව් නිවැරදිව පවත්වා ගැනීම පිළිබඳ සැමවිටම කල්පනාකාරී වීම
  • ඉඳ ගැනීම, හිට ගැනීම, වැතිරීම හා සාමාන්‍ය චලනයන් සිදු කිරීම
  • සැමවිටම පහසු ඉරියව් භාවිතය
  • හාන්සි වීමෙන් පසු කකුල යටින් කොට්ට තබා එසවීම

කෙණ්ඩා පෙරලීම :

මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඇති වන්නේ පාදයේ කෙණ්ඩා පේශියේය. රාත්‍රී කාලයේදී වැඩි විය හැකිය. මෙයද ගැබිනි මව්වරුන් අතර සුලබ තත්ත්ත්වයකි. මෙයට නිශ්චිතවම හේතුවක් කිව නොහැක. නමුත් පහත සඳහන් පහත සඳහන් තත්වයන්ගේ වෙනස් විඅ නිසා මෙය සිදු වන බව විශ්වාස කෙරේ.

  • විටමින් B හා කැල්සියම් අඩුවීම
  • රුධිරය නිසි ලෙස නොලැබීම
  • රුධිරයේ PH අගය වෙනස්වීම
  • විද්‍යුත් ශ්ලඨක (සෝඩියම් පොටසියම් වැනි අයන)

මෙම තත්ත්තවය මඟහැරවීමට නම්,

  • රාත්‍රියට නින්දට පෙර කකුල උණු ජල බඳුනක් තුළ දමා මෘදු ලෙස චලනය කිරීම
  • නිදන විට ඇඳේ පා දෙසින් 20cm-25cm එසවීම
  • වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය විටමින් B සංකීර්ණය හා කැල්සියම් නිසි අයුරින් ලබා ගැනීම
ලිංගික පද්ධතිය හා මුත්‍රල පද්ධතිය :

මුත්‍රා පිටවන වාර ගණන වැඩි වීම :

මෙය පළමු වරට ඇති වන්නේ ගැබිනි සමයේ පළමු කාර්තුවේදිය. දිනෙන් දින ගර්භාෂය වැඩෙනවාත් සමගම  එමගින් මුත්‍රාශයට යෙදෙන පීඩනය මෙයට හේතුවයි. පළමු කාර්තුව අවසන් වීමත් සමගම ගර්භාෂය උදරයේ ඉහළට ගමන් කිරීම නිසා මෙම තත්ත්වය ඉබේම මඟහැරේ. එසේ වුවද මෙම තත්ත්වය නැවත ඇතිවිය හැකිය. ඒ ප්‍රසුතිය ආසන්නයේදී දරුවාගේ හිස යෝනි කුහරය තුළට ඇතුළු වීම නිසාය. මේ කාලවලදී ගැබිනි මවකට මුත්‍රා ආසාධන වරින් වර ඇති විය හැකි අතර එය හඳුනා වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ.

Leu Korrhoea :

ගැබිනි සමයේදී වේදනාවක්, කැසීමක් ඇති නොවී සුදු පැහැති යෝනි ශ්‍රාවයක් ශ්‍රාවය වීම මේ තත්ත්වයයි. පෞද්ගලික පවිත්‍රතාවය රැකගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමත් ඒ පිළිබඳව උපරිම අවධානය යොමු කිරීමත් මෙහිදී වැදගත් වේ. සාමාන්‍යයෙන් දිනකට 3-4 වතාවක් සාමාන්‍ය ජලයෙන් පිරිසිදු කිරීමෙන් මෙවැනි තත්ත්වයන් මගහරවා ගත හැකිය. එසේම,

  • කපු යට ඇඳුම් ඇදීම
  • තද යට ඇඳුම් නොඇඳීම
  • කැසීම, වේදනාව ඇත්නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම කල යුතුය.
වෛද්‍ය A.M.S. පතිරණ හා හෙද නිලධාරිනී ගංගා කුමාරි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article