හාහාපුරා කියලා පුංචි පැටියෙක් කුසට ආ බව දැනගත්තම බොහොම සතුටින් ඒ සුබ පණිවිඩය දෙපාර්ශවයේ මව්පියන්ට ලබා දෙන එක තමයි ඕනෙම යුවළකගේ පළවෙනිම කාර්යය. අනිත් හැම කටයුත්තක්ම ඉන්පස්සේ. මේ ඉන් පස්සේ කළ යුතු කටයුතු සියල්ල ගැන පළමු දරු ප්රපිළිසිඳ ගැනීමේදී මව්පිය යුවළට වැඩි අදහසක් නැහැ. ගැබිනි මවක් සායනයට හෝ වෛද්‍යවරයෙක් වෙත යොමු වන තැන සිට සිදු විය යුතු දේවල් ගැන අපි අද කතා කරමු.
-
- ගැබ් ගත් බව දැනගත් වහාම ඔබ කළ යුත්තේ මොනවාදකාන්තාවක් ගැබ් ගෙන ඇති බව දැනගත් වහාම කලලයට සති අට සම්පූර්ණ වීමට පෙර ගැබිනි මවක් තමාට අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වීම සාමාන්‍ය ක්‍රමයයි. ඒ අනුව ඇය මුලින්ම හමුවන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියයි. ඉන් පසු සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයෙක් වෙත ඇයව යොමු කෙරෙන අතරම ඇයගේ තත්ත්වය පරීක්ෂා කොට අවශ්‍ය නම් ඇය විශේෂඥ වෙද්‍ය සානයනකට යොමු කෙරෙනවා. සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ ඒ ආකාරයෙන් වුවත් රැකියාව නිසා හෝ වෙනත් හේතු නිසා ඇතැම් මව්වරුන් රජයේ සායනයට සහභාගී නොවී ගැබ්ගත් වහාම හොඳම නාරි හා ප්‍රසව වෛද්‍යවරයා සොයා බලා ඒ වෛද්‍යවරයා පෞද්ගලිකව හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගන්නවා.
- ගැබිනි කාන්තාවක් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් වෙන පැමිණි විට ඇයගේ මූලික සායන වාරයේදී සිදු වන්නේ මොනවාද?
ගැබිනි කාන්තාවගේ සායනික ඉතිහාසය පරීක්ෂා කිරීම මෙහිදී මූලිකව සිදු වෙනවා. එනම් පෙර පැවති රෝගී තත්ත්ව, පෙර පැවති ගර්භනී බාවයන් (මීට පෙර ගැබ් ගැනිමක් සිදුව ඇත් නම් ප්‍රසූතිය සිදු වූ ආකාරය, ඒ ගැබ්ගැනීමේදී ඇති වූ සංකූලතා වැනි දේ) පිළිබඳව වගේම යම් යම් දවද්ය පරීක්ෂණ වෙතත ගැබිනි මව යොමු කෙරෙනවා.
- ගැබිනි කාන්තාවක් නාරි හා ප්‍රසව වෛද්‍යවරයා හමුවන පළමු දිනයේ රැගෙන ආ යුත්තේ මොනවාද?
මූලික සායනයට පැමිණෙන කොට පෙර ලබා ගත් වෛද්‍ය වාර්තා, එනම් සැත්කමකට යොමු වූවා නම් ඒ කාඩ්පත්, පෙර ප්‍රසූතියේ වාර්තා ඇතුළු වෙනත් ලෙඩ රෝග සම්බන්ධව ඇති වාර්තා වමන්ම ලබා ගන්නා ඖෂධ වර්ග ඇත්නම් ඒ පිළිබඳව තොරතුරු රැගෙන ඒම ඉතාම වැදගත්. සරලවම කිව්වොත් මොනයම් ආකාරයේ වෛද්‍ය වාර්තා ඔබ ළඟ තිබේ නම් ඒවා ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. ගැබිනි සමයේ මුල් කාලයේදී නාරි හා ප්‍රසව වෛද්‍යවරයා හමුවන්නේ මසකට වරක් පමණයි. පළමු හමු වීමේදීම සියලු වාර්තා රැගෙන ඒමෙන් නැවත හමුවීමට පැමිණීම යෙදන දින තෙක් ප්‍රමාද නොවී ගැටලු කාරී තත්ත්ව ඇතිනම් ඒ සඳහා මුල් අවධියේදීම අවශ්‍ය පියවර වෙත යොමු වෙන්න අපට හැකියාව ලැබෙනවා.
- ගැබිනි මවක් වෛද්‍යවරයෙක් හමු විය යුත්තේ මසකට වරක් පමණද?
ගැබිනි මවගේ ඇති සංකූලතා මත වෛද්‍යවරයා හමුවන දිනය වෙනස් විය හැකියි. කිසිම සංකූලතාවයක් නොමැති මව්වරුන් සාමානයයෙන් විශේෂඥ සායනයට පැමිණීමට අවශ්‍ය වෙන්නේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන පරීක්ෂණ වාර්තා ලබාගැනීමට හෝ යම් ගැටලුවක් මතු වුවොත් පමණයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හෝ රෝහලේ දී පැවැත්වෙන සායනයට මව්වරුන් සහභාගි වෙනවා. නැවත විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්නේ අවසාන මාසයේදීයි. නමුත් සායනවලට සහභාගී නොවන මව්වරුන් එනම් පෞද්ගලිකව වෛද්‍යවරයා හමුවෙන මව්වරුන් මුල් කාලය තුළ මසකට වරක් වශයෙනුත් අවසාන කාලයේදී මසකට දෙවරක් වහයෙනුත්පරීක්ෂා කෙරෙනවා. එතැනදීත් සංකූලතා ඇති මව්වරුන් නිතර පරීක්ෂාවට බදුන් විය හැකියි.
- ගැබිනි මවක් යොමු විය යුතු පරීක්ෂණ මොනවාද? ඒවා සිදු කිරීමේ වැදගත්කම කුමක්ද?
රුධිර පරීක්ෂණ මගින් රුධිර ඝනය, හිමොග්ලොබින් මට්ටම මැන බැලීම, රුධිරගත සීනි ප්‍රමාණය මැන බැලීම, රුධිර පීඩනය මැන බැලීම වැනි පරීකෂණ වෛද්‍ය නිර්දේෂ මත සිදු කළ යුතුයි. ඒ වගේම ස්කෑන් පරීක්ෂණ මගින් දරුවාගේ වර්ධනය හා යම් සංකූලතා පවතීය යන්න පිළිබඳව සොයා බැලීම සිදු කෙරෙනවා.
- රුධිර ඝනය පරීක්ෂා කිරීමේ වැදගත්කම කුමක්ද?
ඔව්. මවගේ රුධර ගණය (-) එනම් නෙගටිව් වෙලා පියාගේ රැධිර ගණය (+) වුනොත් දරුවාගේ රුධිර ගණය (+) වීමට ප්‍රවණතාවයක් තියෙනවා. එහෙම අවස්ථාවකදී මවගේ යම් ප්‍රතිදේහ මගින් දරුවාට නොයෙක් සංකූලතා ඇති විය හැකියි. එවැනි තත්ත්ව වළක්වා ගන්න නම් අපි කල්තියා ඒ පිළිබදව දැනුවත් විය යුතුමයි. ඒ විතරක් නෙවෙයි, මවට රුධිරය ලබාදීමට අපිට සිදු වුනොත් එහිදීත් රුධිර ගණය දැන සිටිම වැදගත්. යම් හදිසි තත්ත්වයක් මත රුධිර ගණය පරීක්ෂා කිරීමට කාලය මදි විය හැකියි. ඒ ප්‍රමාදය මවට පමණක් නොවෙයි කුස සිටින දරුවාටත් ගැටලු ඇති කළ හැකියි.
- ගැබිනි මවගේ ප්‍රසූති දිනය සැකසෙන්නේ කෙසේද?
කාන්තාවට අවසන් වරට ඔසප් සිදු වූ දිනය මත තමයි සාමානයයෙන් ප්‍රසූත දිනය අපි නිර්ණය කරන්නේ. එනම් අවසාන වරට ඔසප් වූ දිනයේ සිට සති 40ක් (දින 280) ගත වූ පසු ප්‍රසූතිය සිදු වෙන බවට ගනනය කෙරෙනවා. නමුත් ඒ දිනය වෙනස් වෙන ඉඩකඩ වැඩියි. නමුත් ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාගේ වර්ධනය පරීක්ෂා කොට එයට අනුව ප්‍රසූතිය සිදුවන නිවැරදි දිනය අනුමාන කළ හැකියි.
- ගැබිනි මවක් තම ආහාර රටාව සකස් කරගත යුත්තේ කෙසේද?
නිරෝගී දරු පැටියෙක් බිහිකරන්න නම් ගැබිනි මවගේ පෝෂණය ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා දරුවෙකු ලැබෙන්නට පෙර සිටම කාන්තාවක් හොඳ පෝෂණයක් ලබා ගැනීම ඉතාම වැදගත්. දරුවා කුස පිළිසඳ ගන්නා විට මවක් නිසි පෝෂණ මට්ටමක සිටීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ගැබිනි සමයේ වැඩි පුර ආහාර ගැනිම වගේම අඩුවෙන් ආහාර ගැනීම කියන දෙවිදියම නුසුදුසුයි. වැඩිපුර ආහාර ගැනීම නිසා ස්තූලතාවයට පත්වීම වගේම අඩුවෙන් ආහාර ගැනීම නිසා දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති විම විය හැකියි. සාමාන්‍යයෙන් මුල් සති 20 – 25 අතර කාලය තුළ දරු පිළිසිඳ ගැනීමට පෙර සිටම ලබා ගත් ආහාර රටාවටම යොමු වීමේ ගැටලුවක් නැහැ. නමුත් ඉන්පසුව ක්‍රමයෙන් ආහාර රටාවේ කැලරි 200ක පමණ වැඩි කිරීමක් සිදු කරන්න අපි උපදෙස් දෙනවා.
- ගැබිනි මව්වරුන්ට ඖෂධ වර්ග ලබා දෙනවාද? ඒ කුමන හේතු මතද?එමගින් කුස සිටින දරුවාට බලපෑමක් නැතද?
සාමාන්‍යයෙන් ගැබිනි මවකට නිර්දේශ වෙන්නේ අවශ්‍ය විටමින් වර්ග (යම් පෝෂක අඩුපාඩුවක් ප්‍රතිස්තාපනය කිරීමට) කිහිපයක් පමණයි. ඒවා කිසිදු විටෙක මවට හෝ දරුවාට හානිකර වන්නේ නැහැ.
දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිටම පෝලික් අම්ල විටමිනය – දරුවන්ගේ කොදුඇට පෙළ ආශ්‍රිතව ඇති විය හැකි සුසුම්නාව හා ස්නායු පටක පිටතට පැමිණීම, හිස් කබලේ කොටස් නැති දරුවන් බිහි වීම වැනි දරුණු රෝග තත්ත්ව වළක්වාගන්නට මෙය දරු පිළිසිඳ ගැනීමට පෙර සිටම ලබා ගන්නා ලෙස මව්වරුන්ට නිර්දේශ කරනවා.
යකඩ පෙති – ගැබිනි මව්වරුන් ඉන්නවා ගැබ් ගැනීමට පෙර සිටම යකඩ ඌනතාවයෙන් පෙලෙන. ඒ වගේම ගගැබ් ගැනීමත් සමගම යකඩ ඌතාවයට ගොදුරු වෙන. ගැබිනි මව නීරක්තියට පත් වීම වළක්වා ගැනීමට යකඩ පෙති නිර්දේශ කිරීම සිදුකරනවා. ඒත් එක්කම යකඩ හොඳුනි අවහෝෂණය වීම සදහා විටමින් සී ලබා ගන්නා ලෙසත් වෛද්‍යවරු උපදෙස් ලබා දෙනවා.
කැල්සියම් පෙති – මෙය යකඩ පෙති සහ විටමින් පෙති සමග එකට ලබා නොගත යුතුයි. කැල්සියම් කියන්නේත් විටමිනයක් මිස ඖෂධයක් නොවේ.
යම් යම් සංකූලතා මත ඇතැම් මව්වරුන්ට මව්වරුන්ට අවශ්‍ය ඖෂධ (යම් රෝගයක් මර්දනය කිරීමට හෝ පාලනය කිරීමට) වෛද්‍යවරු විසින් නිර්දේශ කරනවා. මව දියවැඩියාව, අධි රුධිර පීඩනය, අපස්මාරය වැනි රෝග තත්ත්වයක සිටිනවා නම් හෝ මුත්‍ර ආසාදන, අසාත්මිකතා හෝ පැපොළ වැනි වෙනත් බෝවන රෝග ඇති වුවහොත් දරුවාට කිසිදු හානියක් නොවන ආකාරයේ ඖෂධ නිසි මාත්‍රාව ගැබිනි මවට වෛද්‍යවරු නියම කරනවා. නමුත් කිසිදු විටෙක වෛද්‍ය නිර්දේශයකින් තොරව ගැබිනි මවක් ඖෂධ ලබා නොගත යුතු බව කිව යුතුමයි. ගැබිනි මවකට යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වුවොත් වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යවශ්‍ය බව අමතක නොකළ යුතුයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා
මහමෝදර ශික්ෂණ රෝහල