- Advertisement -

හිතකර තරඟකාරීත්වයකට දරුවා උනන්දු කරන්නේ කෙසේද?

-

දරුවන්තුල තුල ඇති තරගකාරීත්වය යන්න වර්තමාන සමාජයේ විවාදයට තුඩුදී ඇති මාතෘකාවකි. බොහෝ විද්වතුන් සඳහන් කරන පරිදී මනුෂ්‍ය වර්ගයාට තරඟකාරී බව ස්වභාවිකව පිහිටා නැත. එහෙත් එම තරඟකරී තත්වය දෙමව්පියන් සහ පවුල තුලින් ටිකෙන් ටික නිර්මාණය කරනු ලබයි. බොහෝ අය පවසන පරිදී දරුවන් තරඟකාරී වූ විට, තම ජීවන කුසලතා තවදුරත් දියුණු වී, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සාර්ථක තත්වයට පත්වේ.

දරුවන් අතිශයින්ම තරඟකාරී වූ විටද, තරඟකාරීත්වය ගොඩාක් අඩුවූ විටද, එම දරුවන් තම අනාගත සිහිනය සැබෑ කරගැනීමට අපොහොසත් වේ. එය හරියට දෙපැත්ත මුවහත් වූ කඩුවක් වැනිය. මෙම වාදයෙහි එක්තරා සත්‍ය කරුණක් මගහැර ඇත. මෙම තරඟකාරීත්වය දරුවෙකුට හොඳද නරකද යන ප්‍රශ්නය පමනක්ම නොවෙයි, එම තරඟකාරීත්වය ඔවුන් කෙසේ තෙරුම් ගනීද යන්නයි.

- Advertisement -

“තරඟකාරීත්වය” යන්න එතරම් සැලකිල්ලක් නොවුනත්, අවශ්‍ය මොහොතේදී දරුවා තරගකාරීත්වයට මුහුනදෙන ආකාරය හා ඔහුගේ එම හැකියාව පිලිබද සැලකිලිමත් විය යුතුය.

තරඟකාරීත්වය දිනීම හා පැරදීම යන දෙකෙන් ස්වාධීන විය යුතුය.

දරුවන් තරගකාරීත්වයට විවිධ ආකාරයට සමබන්ධ විය හැක. නියත ජය හා පරාජයන් තිබෙන තරග හෝ ක්‍රීඩා මින් ප්‍රධාන වේ. එහෙත් එම තරඟකාරීත්වය ගෙදර හා පන්ති කාමරයේද පෙනෙන්නට ඇත. මෙය ඵලදායී විය හැක. ධනාත්මකව මේ දෙස බැලූවිට, තරඟකාරීත්වයේදී ඔවුන් ප්‍රතිවාදියාත් සමඟ තරඟ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් ඉහලට යාමට පොළඹවයි.

මේ ආකාරයේ තරඟ වල තිබෙන අගය දෙමාපියන් හඳුනා ගත යුතුය, මන්ද මෙමගින් දරුවා මහන්සි වී තම උපරිමය කිරීමට උත්සහ දරයි. දරුවා තම උපරිමය කිරීම කෙරෙහි අවධානය යොමුකරනවාද එසෙත් නැත්නම් දිනුම හා පැරදුම කෙරෙහි සැලකිලිමත් වනවාද යන්න පිලිබඳ සොයා බලන්න. දරුවා උපරිමයට යාමට අවධානය යොමු කරනවාට වඩා, දිනුම හා පැරදුම පිලිබඳව වැඩි අවධානය යොමු කලහොත් ඔවුන් අමාරුවේ වැටීමට පුලුවනි. මවුපියන්ද පැරදුම පිලිබඳ තම දරුවන් බය කිරීමට අවශ්‍ය නැත.

ජයග්‍රාහකයා කවුද යන වග නොසලකා, ප්‍රතිවාදියාගේ දක්ෂකම පිලිබඳ අගය කරන ලෙස දෙමවුපියන් තම දරුවන්ට ඉගැන්විය යුතුය. දරුවාට ඉගැන්වීමට තවත් හොඳ ආදර්ශයක් තමයි කවුරුහෝ තමන්ට වඩා හොඳ හෝ දුර්වල ප්‍රගතිය ඇති අය සිටියහැකි බවයි. අවසන් ප්‍රතිඵලය කුමක් වුවත් තම දරුවාගේ උත්සහය පිළිබඳ ප්‍රශංසා කරන්න.

තරඟකාරීත්වය දරුවාට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

අධ්‍යනයන්ට අනුව, තරඟයකදී ඔහුටම හෝ ඇයටම ගරු කරන ආකාරය ඔවුන් ඉගෙන ගනී. එමෙන්ම මෙයින් ඉගෙන ගැනීමට ඇති තවත් කරුණක් නම් ඊරිසියාව, තරහව වැනි හැඟීම් පාලනය කිරීමයි. එමෙන්ම දරුවන්ට කල හැකි උපරිමය කිරීමට දිරිගැන්විය යුතුය. එය කල නොහැකිනම් නොසලකා හැරිය යුතුය. මේවා දරුවාගේ ජීවිතයට ඉතා වැදගත් ආදර්ශයන් වේ. දෙමවුපියන්ට තම දරුවන්ට තරඟ වලට සහභාගී වීමට අනුබල දිය හැක. එහෙත් දිනුම පැරදුමට වඩා වැදගත් වන්නේ හොඳ ආකල්පයක් ඇති කිරීම බව ඔවුන්ට අවධාරණය කල යුතුය.

දරුවන්ට විවිධ තරඟ සඳහා ඉදිරිපත් වීමට අනුබල දිය යුතුය. නිපුණතා, ක්‍රීඩා වනි දේවල් සඳහා ඔවුන් දක්ෂ නැති විය හැක. දෙමවුපියන්ගේ අනුග්‍රහයෙන්, මෙවැනි අත්දැකීම් උදව්ව්වෙන් දරුවාව අගය කිරීම මෙම තරඟයේ වටිනාකමයි. ඔවුන්ද ජය පරාජය පිලිබඳ අවධානය යොමු නොකර තම තමන්ගේ වටිනාකම තේරුම් ගනී.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article