බොහෝ දෙමාපියන් තම දරුවන්ට තරවටු කොට, ඔවුන්ව හික්මවීමට තැත් කරයි. මෙය පිළිගත් ජනප්‍රිය ක්‍රමයකි. උදාහරණයක් වශයෙන්, දෙමාපියකු තම දරුවා වෙත මෙලෙස සැර වැර කරන විට “එළවලු ටික කෑවේ නැත්තම්, ටීවී බලන්න දෙන්නේ නෑ” දරුවා මීට මෙසේ පිලිතුරු දිය හැක. “කමක් නෑ, මං එහෙනං නිදා ගන්නම්”. මෙයින් දෙමාපියන් කෝපයට හා පීඩාවට පත් වේ. තරවටු කිරීම් වරදින අවස්ථා බොහෝමයක් ඇත. මෙය සාමාන්‍ය දෙයකි. එහෙත් කල්පනාකාරිව කටයුතු කල යුතු අරගල ද තිබේ. දෙමාපියන් විසින් පහත ක්‍රම වේද 8 න් වැළකී සිටීමෙන්, යෝග්‍ය සහ අයෝග්‍ය හැසිරීම් සඳහා නිශ්චිත සීමා පැනවිය හැක.
බොරු කීම
ඇමරිකාවේ New Jersey හි වෙසෙන මවක් වන ජිනා කේන්ට අනුව, දරුවන් හික්මවීමේ ක්‍රමයක් ලෙස බොරු කීම සැම අවස්ථාවකදීම වැරදීමට ඉඩ ඇත. එක් දිනක්, ඇයගේ දියණිය වන ක්ලෝඊ තමාව රැක බලාගන්නාගේ (Baby Sitter) නිවසට යෑමේ අකමැත්තෙන් වාහනයෙන් පිටතට බැසිය නොහැකි බව පවසා මුරණ්ඩු විය. ඉන් අනතුරුව ජීනා අසල ඇති නිවසක් පෙන්වා, එහි ලෙන් වැසියන් වාසය කරන බව පවසා ඇයව බියට පත් කලේය. ලෙන් වැසියන්ට අසාමාන්‍ය බියක් දැක්වූ ක්ලෝඊ එය අසා සැණෙකින් වාහනයෙන් එලියට බැස ඇයව බලගන්නා ගේ නිවසට දුව ගියාය. සතියකට පසු, තම දියණියව රැක බලාගන්නා, ජීනා වෙත පැමිණ ඇය වෙසෙන අහල පහල දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තිබේ දැයි විමසා සිටියාය. ක්ලෝඊ මේ පිළිබඳ ඇය සමඟ පැවසීම මීට හේතුවක් විය. මෙයින් ජීනා පසුතැවිල්ලට පත් විය. මන්ද කිවහොත් ක්ලෝඊ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැඳවීම දැඩි අරගලයක් වන බැවිනි.
විසඳුම.
දරුවා සමඟ සංවේදීව කටයුතු කිරීම මීට මනා විකල්පයක් වේ. තම දියණිය මුරණ්ඩු වූ අවස්ථාවේ, ජීනාට මෙසේ පැවසිය හැකිව තිබුණි. ” සමහර වෙලාවල්වලට, ඔයාට එයාගේ ගෙදර යන්න හිතෙන්නෑ කියල මට තේරෙනව. අම්මටත් වෙලාවකට ඔෆිස් යන්න හිතෙන්නෑ.” දරුවා සමඟ සංවේදීව සන්නිවේදනය කිරීමෙන් හා බොරු කීමෙන් වැළකී සිටීමෙන්, ඔබගේ සඳුදා උදෑසන තවත් ප්‍රසන්න හා සරල වේ.
ඔබගේ වචනයට අනුගත නොවීම.
අනතුරු ඇඟවූවත් , තරවටු කලත් එය අනුගමනය නොකිරීම, දරුවා තවත් අකීකරු වීමට හේතු වෙයි. උදාහරණයක් හැටියට, පවුලේ වැඩිමහල් දරුවා තම නංගීගේ හෝ මල්ලීගේ සෙල්ලම් බඩුවක් බලෙන් උදුරා ගත් විට දෙමාපියකු ලෙස ඔබ ඔහුට/ඇයට “ඔයා ආපහු ඒ සෙල්ලම් බඩුව නංගිට දුන්නැත්තම් , මං ඒක සදහටම අරං තියා ගන්නව” යනුවෙන් සැර කල යුතුය. මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක නොකලේ නම්, දරුවා දිගින් දිගටම තම බාල සහෝදරියගේ සෙල්ලම් බඩුව උදුරා ගනියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙමාපිය මැදිහත්වීමක් පවතින තාක් දරුවාගේ ඉහත කී නොමනා හැසිරීම තව දිගු කාලයක් පවතියි.
විසඳුම
ප්‍රතිවිපාකයක් ලෙස කිසියම් අනතුරු ඇඟවීමක් කරන්න. දරුවා නැවතත් අකීකරු ලෙස හැසිරුනේ නම්, ප්‍රතිවිපාකයක් ලෙස දඬුවම ලබා දෙන්න.
උදාහරණයක් ලෙස “විනෝදයේ විරාමය” (Time-Out : නිශ්චිත වේලාවක් කිසිදු දෙයක් නොකර නිශ්ශබ්ද සිටීමට සැලැස්වීම ) යනු දරුවාගේ නොමනා හැසිරීම සඳහා ලබා දිය හැකි ප්‍රතිවිපාක දඬුවමකි. දරුවා දිගටම අකීකරු ලෙස හැසිරින්නේ නම්, එම ස්ථානයෙන් ඉවත් වන්න. දෙවන වතාවේ ද මෙලෙසම සිදුවන විට, ප්‍රතිවිපාක දඬුවම පිළිබඳ මතක් කර දෙන්න.
වඩාත් හොඳ දෙමව්පියා වන්නේ කවුරුන්ද?
දෙමාපිය යුවලක් තම දරුවන් සමඟ උද්‍යානයට ගොස් අයිස් ක්‍රීම් මිලදී ගන්නා අවස්ථාවක් සිතට ගනිමු. මෙහිදී දරුවකු අකීකරු ලෙස හැසිරුණු විට, නිසි ලෙස හැසිරුණේ නැතිනම්, අයිස්ක්‍රීම් ලබා නොදෙන බව දෙමාපියන් දරුවාට අනතුරු අඟවයි. දරුවා මෙම අවවාදය නොසලකා හැර කෑ මොර දෙමින් නැවතත් නොමනා ලෙස හැසිරෙන්නට ගනියි. මිනිත්තු කිහිපයකට පසු, මෙයින් පීඩාවට පත් පියා බැරිම තැන දරුවාට අයිස් ක්‍රීම් ලබා දෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ, දරුවාව හික්මීම සඳහා මව විසින් ගනු ලැබූ ප්‍රයත්නයේ වටිනාකම නැති වී දරුවාට අම්මාට වඩා තාත්තා හොඳ යැයි හැඟීමක් ඇතිවීමයි.
දරුවන් වෙත සීමා පැනවීමේදී දෙමාපියන් එකමුතු වී තීරණ ගත යුතුය. මෙලෙස දරුවාට එක් දෙමාපියකු පමණක් විනය භාර පුද්ගලයා ලෙසද අනිත් කෙනා සැරවැරකම් නැති හොඳ දෙමව්පියා ලෙසද දිස්වීම වළක්වා ගත හැක. කෙසේ නමුත් මව සහ පියා යන දෙදෙනාටම එකම වැරදි සඳහා දෙයාකාරයෙන් ප්‍රිතිවිපාක දඬුවම් නියම කල හැක. දරුවා ඔබට වඩා ඈත ස්ථානයක සිටින්නේ නම්, දෙමාපියන්ට මේ පිළිබඳව ඇති විකල්ප මාර්ග සාකච්ඡා කොට ලබා දිය යුතු ප්‍රතිවිපාක දඬුවම එක්ව තීරණය කරල හැක.
දරුවාගේ හැසිරිම් රටාව අනුව යම් කොන්දේසි මත ඔහුට/ඇයට තෑගි ලබා දීම අවම කරන්න.
රාත්‍රි අහාරය ගැනීම වැනි යම් නිශ්චිත කාර්යයක් සාර්ථකව සම්පූර්ණ කලහොත් , කෑමක් ලබා දීම වැනි මාර්ග වලින් දරුවාව නිතරම දිරිමත් කිරීමට දෙමාපියන් පුරුදු වී සිටිති. මෙහි ගැටලුව වන්නේ, දරුවා රාත්‍රී ආහාරය ගන්නා සෑම විටකම එම දීමනාව බලාපොරොත්තු වීමයි. සමහර වීට, මෙම පෙළඹවීමට පෙර දරුවා නිසි ආකාරව ඔහුගේ/ඇයගේ ආහාර වේල නොගත්තා වන්නට පුලුවන.
විසඳුම.
මෙවැනි දීමනා ලබා දිය යුත්තේ අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණි. උදාහරණයක් ලෙස,දරුවා කැටුව අවන්හලකට හෝ සාප්පු සවාරි යාමේදි මෙම ක්‍රමය යොදා ගත හැක. වඩාත් ප්‍රායෝගික හා දිගු කල් පවතින විසඳුමක් සඳහා කල යුත්තේ දරුවාගේ යහපත් හැසිරීම් ශක්තිමත් කොට ඒවා දිරිමත් කිරීමයි. “ඔබ “X” ක්‍රියාව කලහොත් මම ඔබට “Y” ලබා දෙමි” යන උපාය යොදා ගැනීමෙන් දෙමාපියන් වැළකී සිටිය යුතුය. මේ වෙනුවට “අත්තම්මාගේ ගෙදර,පුතා අද හොඳින් හැසිරුනා”, යන කියමන් මඟින් තම දරුවාගේ යහපත් හැසිරීම අගය කිරීම කල යුතු වේ.
ඒ වගේම දෙමාපියන් තම දරුවාගේ හැසිරීමෙන් කලකිරුණු අවස්ථාවල, ඒ පිළිබඳව ඔවුන්ට අවධාරණය කල යුතුය. උදාහරණයක් හැටියට, තාත්තා විසින් අම්මාට තෑග්ගක් ලෙස ලබා දුන් ප්‍රියතම අත් ඔරලෝසුව, දරුවා කඩා දැමුවහොත්, මවක් ලෙස ඔබට දැනෙන සංවේදි හැඟීම් දරුවා වෙත ප්‍රකාශ කල යුතුය. මේ තුලින් දරුවා තමා කල දේ පිළිබඳ මෙනෙහි කිරීමට පටන් ගනියි.
නීති වෙනස් කිරීමට සූදානම් වන්න.
ප්‍රතිවිපාක දඬුවම් නිවසේදී සාර්ථක ලෙස ක්‍රියාත්මක වූවත්, නිවසින් පිටදී දරුවා එය අයුතු ලෙස භාවිතා කිරීමට ඉඩ ඇත. උදාහරණයක් හැටියට, අකීකරු ලෙස හැසිරෙන දරුවාට අතුල් පහර දීම නිවස තුල කල හැකි වුවත් දරුවා මෙය පාසලේදි හෝ උද්‍යනයේදි අනුකරණය කිරීමෙන් ප්‍රශ්නය තවත් බරපතල කල හැක. මෙය ගුරුවරයෙකු හෝ වෙනත් වැඩිහිටියෙකු නිරීක්ෂණය කොට දෙමාපියන් හට පැමිණිලි කලේ නම්, දඬුවම් කිරීම සඳහා දෙමාපියන් ලෙස ඔබ “විනෝද විරාමය” (Time-Out) වැනි වෙනත් විකල්පයක් තෝරා ගත යුතුව ඇත. මන්ද, මෙහි දරුවා මත වගකීම පැටවීම සාධාරණ නොවන හෙයිනි.
විසඳුම
වැඩිහිටියන්ගේ නොමනා හැසිරීම්, දරුවන් අනුකරණය කිරීමට පෙළඹේ. මේ නිසා දරුවන් වෙත පැවරූ නීති දෙමාපියන් අනුගමනය කිරීමද වැදගත් වේ. මන්ද, දෙමාපියන් ආදර්ශමත් ලෙස නොහැසිරෙන විට, දරුවන් එය ඔවුන් වෙත දැනුම් දෙනු ලැබේ. උදාහරණයක් ලෙස, ජනේලයෙන් පිට සෙල්ලම් බඩු විසි කිරීම නොකල යුතු දෙයක් නම්, දෙමාපියන් ලෙස ඔබත් කාමරයෙන් කාමරයට බඩු විසි කිරීමෙන් වැලකිය යුතුයි. දරුවා ඔබව මැනවින් නිරීක්ෂණය කරනු ලබන අතර, යම් හෙයකින් වැරද්දක් වුවහොත් එය අවධාරණය කිරීමටත් දරුවා නොපැකිළේ.
කෝපය සහ පීඩනය පිට කිරීම.
දරුවකු රැක බලා ගැනීම පහසු කර්තව්‍යයක් නොවේ. මේ සඳහා අසීමිත ඉවසීමක් අවශ්‍ය වේ. විවිධ හේතු නිසා සමහර අවස්ථාවන් හීදී මෙම ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් දෙමාපියන් එම කෝපය දරුවා මත පිට කිරීමට ඉඩ ඇත. මෙම ආවේගශීලි හැසිරීම කාර්ය බහුල ජීවිතයක් ගත කරන පවුල් වල දක්නට ලැබෙන සාමාන්‍ය දෙයකි. සිත් තුල පවතින ඔවුන්ගේ ඒ ආවේග, කෑ මොර දීමෙන්, කේන්තියෙන් පසුවීමෙන් හා අසභ්‍ය වචනයෙන් බැන වැදීමෙන් පිට කරනු ලැබේ.
විසඳුම
“විරාමයක් ලබා ගැනීම” දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් එක සේ යෝග්‍ය ක්‍රමයකි. ඉවසීමේ සීමාව පසු කරන අවස්ථාවේදි, සිත වෙනාතකට යොමු කරන්න. දරුවාගේ හැසිරීම සමඟ කටයුතු කිරීමට පෙර හොඳ හුස්මක් ගෙන, වතුර වීදුරුවක් බී දහය දක්වා ගනින්න. දරුවා සම්බන්ධයෙන් කටයුතු කිරීම ඔබේ සහකාරියට හෝ සහකරුට පවරා ඔබට සන්සුන් වීම සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගත හැක. දරුවන්ට දෙමාපියන්ගේ සීමාවන් මැනවින් තේරුම් ගත හැකි බැවින්, ආවේගශීලි අවස්ථාවල තත්ත්වය සමනය කිරීමට සැලැස්වීම යහපත්ය.
ප්‍රතිවිපාක දඬුවම ක්‍රියාත්මක කිරීමේ කාලය නිර්ණය කිරීම.
දරුවකු නොමනා ලෙස හැසිරීමේදී, ප්‍රමාද වී ප්‍රතිවිපාක දඬුවම ලබා දීමෙන් ඵලක් නොවේ. උදාහරණයක් වශයෙන් දරුවා ඩිස්පැන්සරියේ යටිගිරියෙන් කෑ ගැසූ විට, ඊට දඬුවමක් ලෙස දරුවාට නින්දට පෙර කතන්දර කියා දීම ප්‍රතික්ෂේප කිරීම නිෂ්ඵල දෙයකි.
විසඳුම
දරුවාට ප්‍රතිවිපාක දඬුවම ලබා දියෙ යුත්තේ, වැරැද්ද කල සැණින්ය. දරුවා, ඔහුගේ/ඇයගේ සහෝදරයාට ක්‍රිකට් පිත්තකින් ගැසූ විට ඔබ කල යුත්තේ හෙට දිනයේ සත්තු වත්තට යාමට නියමිතව තිබූ ගමන අවලංගු කිරීම නොව එසැණින්ම දරුවාගේ පිත්ත ඔහු වෙතින් ලබා ගැනීමයි. ප්‍රතිවිපාක දඬුවම ඒ විගසම ලබා දීමෙන් දරුවා ඔහුට ක්‍රිකට් පිත්ත අහිමි වූයේ අයහපත් හැසිරීම නිසා බව වටහා ගනියි.
පමණට වඩා හේතු පැහැදිලි කිරීමට යාම.
දරුවා අයහපත් ලෙස හැසිරීමේදි, ඔවුන්ට ලැබෙන්නට නියමිත දඬුවම මෙන්ම ඊට හේතූන් පමණට වඩා පැහැදිලි කිරීමට යාමෙන් වළකින්න. දරුවන් කුඩා වැඩිහිට්යන් නොවේ. ඔවුන්ට ඇත්තේ කෙටි අවධාන විනස්තියකි. ඔබ ඕනෑවටත් වඩා කතා කිරීමෙන් කිසිදු ඵලක් සිදු වන්නේ නැත.
විසඳුම.
නොමනා හැසිරීමක් සිදු වූ කලෙක, ඔබ කල යුත්තේ දඬුවම කෙටි සහ සරල ලෙස ඇඟවීමයි. උදාහරණයක් ලෙස , “කෑමට පෙර, ඔයාට චොක්ලට් කන්න බෑ” යැයි කියමින් දරුවාට තරවටු කිරීම ඔහුට/ඇයට ඒ පිළිබඳට මනා අවබෝධයක් ලබා ගැනීමට ප්‍රමාණවත් වේ. චොක්ලට් මඟින් දරුවාගේ දන්ත සෞඛ්‍යයට හෝ ආහාර රුචියට ඇති විය හැකි හානි පිළිබඳ විස්තර කිරීමෙන් වළකින්න. භාවිතා කරන වාග් ශෛල්‍යය පිළිබඳවද අවධානය යොමු කරන්න. මෙය දරුවාගේ වයසට අනුකූල විය යුතු වේ. උදාහරණයක් ලෙස , දරුවාගේ කං කෙදිරි ගෑම නැවැත්වීමට නම්, ඊට දෙමාපියන් කල යුත්තේ වයසට උචිත පරිදි “ඔයා කෙඳිරි ගාන්නේ ඇයි කියල මං දන්නව, ඒත් ඔයාට පුලුවන් ලොකු ළමයෙක් වගේ හැසිරෙන්න” යනුවෙන් පැවසීමයි.
නිවැරදී මාර්ගය අනුගමනය කිරීම.
දරුවන් හික්මවීමෙහි ලා අනුගමනය කල යුතු ක්‍රම වේද තේරුම් ගැනීමෙන් පසුවත් ඔබට දෙමාපියකු ලෙස වැර දීමට ඇති ඉඩකඩ බොහෝය. දෙමාපියකු වශයෙන් නිවැරදී මාර්ගයේ ගමන් කිරීම සඳහා “Practical Wisdom for Parents” ග්‍රන්ථයෙහි කර්තෘ වන නැන්සි ශූල්මාන් පහත දැක්වෙන උපදෙස් නිර්දේශ කරයි.
එකම දේ පිළිබඳ කල්පනා කර පසු තැවීමෙන් වළකින්න.
දෙමාපියෝ, මනුෂ්‍යයෝය. සිදුව ඇති දෙය පිළිගෙන ඉදිරිය ගැන සිතන්න. වෙනස් කල නොහැකි දෙය ගැනි සිතමින් කාලය නාස්ති කිරිම නිශ්ඵල දෙයකි.
ක්‍රමක්‍රමයෙන් නීති පනවන්න.
දරුවන් හික්මවීමේ සියලු ක්‍රම වේදයන් සහ නීති සම්පූර්ණයෙන් පුනරීක්ෂණයට භාජනය විය යුතුව තිබුණත්, වඩාත් වැදගත් ප්‍රශ්න දෙකක් තෝරා ගෙන එතනින් ආරම්භ කරන්න. නීති රාශියක් පනවමින් දරුවාව ආතතියට ලක් කිරීම නොකල යුතුයි. දරුවා සංයමයෙන් පසුවන විටකදී, ඔබ අසලින් ඔහුව\ඇයව ඉඳ ගැනීමට සලස්වා මෙම නීති පිළිබඳ පහදා දෙන්න. මෙමඟින් ඉදිරියේදි තමා හැසිරිය යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් දරුවාට ලැබේ.
දරුවාට විකල්ප තේරීම් ලබා දෙන්න.
විනය යනු ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම නොවේ. මෙයින් සිදුවන්නේ දරුවාව යහපත් හැසිරීම් රටාවන් සඳහා හික්මවීමයි. උදෑසන ආහාර වේලාවේ දරුවා තමාට අවශ්‍ය දේ ඉල්ලා කං කෙඳිරි ගාන විට ඔබ කල යුත්තේ ඒ පිළිබඳව වාද විවාද කරනවා වෙනුවට දරුවාට උදෑසන ආහාර වේල සඳහා විකල්ප තේරීම් දෙකක් ලබා දීමයි. උදා: බිත්තර හෝ සමපෝෂ. දරුවාට මෙම තීරණය තනිව ගැනීමට ඉඩ දෙන්න. මෙය දරුවාගේ තීරණ ගැනීමේ හැකියාව ද දිරිමත් කරයි.
හැසිරීම් රටා වෙනස් කිරීම සඳහා යම් කාලයක් ගත වේ.
අයහපත් හැසිරීම් රටාවන් වෙනස් කිරීම සඳහා යම් කාලයක් ගතවන අතර මනා ඉවසීමක් ද අත්‍යවශ්‍ය වේ. මෙය එක් දිනකින් සිදු කල හැකි දෙයක් නොවේ. දෙමාපියකු දිගටම තම දරුවන් වෙත නීති හා ප්‍රතිවිපාක දඬුවම් පැනවීමේදි, දරුවා තම හැසිරීම් රටාව කෙසේ හැඩ ගස්වා ගත යුතුද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගනියි. මෙහි සාර්ථකත්වය සඳහා ප්‍රයත්න 20 වැය වුවද, දරුවාගේ හැසිරීම් රටාව අවසානයේදි යහපත් වේ