දරුවන් හදා වඩා ගැනීමේදි දෙමාපියන් දරන ආකල්ප, කාලයත් සමඟ සීඝ්‍ර ලෙස වෙනස් වී ඇත. වර්තමානයේ බොහෝ දෙමාපියන් නීති පනවනවාට වඩා දරුවාව ස්වභාවික හැසිරීම් වලට අනුව වැඩෙන්නට ඉඩ ලබා දෙයි. මෙම ක්‍රමය තුලින් දරුවා දෙමාපියන්ගේ බල කිරීමකට හෝ තෑගි භෝග ලබා ගැනීමේ පරමාර්ථය වෙනුවට ස්වයං අවබෝධයෙන් හරි වැරදි දේ තේරුම් ගනී. කලකට ඉහතදී භාවිතා වූ ඍජු හැසිරීම් රටා පාලන ක්‍රමය හෙවත් දීමනා හා දඬුවම් වලට යටත් ව දරුවන්ගේ හැසිරීම් පාලනය කිරීම වෙනුවට වර්තමානයේ මෙම ජනප්‍රිය වූ ක්‍රමය භාවිතා වේ.
පුළුල් කෝණයකින් බලන කල, දරුවකු හදා වඩා ගැනීමේදි දෙමාපියන්ගේ පරම අරමුණ විය යුත්තේ අනාගතයේදි සමාජයත් සමඟ කාර්යක්ෂම ලෙස කටයුතු කල හැකි දරුවකු ඇති කිරීමය. දරුවන් හදා වඩා ගැනීමේ නූතන ක්‍රමයන් අනුගමනය කිරීමේදි, දෙමාපියන් හට නිතරම වැදගත් ප්‍රශ්න කිහිපයක් පැන නැගේ. අප දරුවන්ට බෙදා හදා ගැනීමේ වැදගත්කම ඉගැන්විය යුතුද? උදා: එසේත් නැත්නම් උවමනාවෙන් එසේ නොකල යුතුයි යන්න ඉගැන්විය යුතුද?
ප්‍රධාන ප්‍රශ්නය – බෙදා හදා ගත යුතුද/නැද්ද?
මෙම ප්‍රශ්නයෙන් පැන නැගෙන මූලික තර්කය වන්නේ වැඩිහිටියන් හට එකිනෙකා අතර තම ජංගම දුරකතනය/අව් කණ්ණාඩි වැනි දැ බෙදා ගැනීම අවශ්්ය නොවූවත් දරුවන්ට එසේ කරන ලෙස ඉගැන්විය යුත්තේ මන්ද යන්නයි. මතුපිටින්, තර්කානුකූල ලෙස බලන කල, අනාගතයේදි දරුවාට වැදගත් නොවන හැසිරීම් රටාවක් ඔහුට/ඇයට කුඩා කාලයේදි ඉගැන්වීම අනර්ථ ක්‍රියාවක් ලෙස ඔබට හැඟිය හැක. මෙම විවාදයේ පැන නැගෙන දෙවන කරුණ වන්නේ, දරුවන් සමාජයේ නීති කැලෑ නීතිය තුලින් හෝ ළමා උද්්යානයේ, කිසිදු දෙමාපිය මැදිහත් වීමකින් තොරව ඉගෙන ගන්නා බවයි. මේ මඟින් දරුවා ස්වෝත්සාහයෙන් හා ස්වයංවබෝධයකින් සමාජයත් සමඟ ගැටෙන්නට පුරුදු වේ.
පමණට වඩා දෙමාපියන් දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීම අහිතකර ප්‍රතිවිපාක ගෙන දෙන බව අප සියලුදෙනාම එකඟ වෙන කරුණකි. නමුත් ඉහත සඳහන් කල තර්ක සැමවිටම සාධාරණ නොවන අතර එහි විතර්ක විවාද මෙම තත්ත්වය වැඩි දුරටත් තේරුම් ගැනීමට උපකාරි වේ. වැඩිහියන් ඔවුන් සතු දැ පරිහරණය කිරීමේදි මෙසේ බෙදා ගැනීම අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් විය හැකි බව අප කවුරුත් තේරුම් ගත යුතු කරුණකි.
කිසියම් පුද්ගලයෙකුට අත්්යාවශ්්ය වූ විටකදී පමණක් ඔබ සතු අව් කණ්ණාඩිය හෝ දුරකතනය ඔබ ඔහු/ඇය සමඟ බෙදා ගන්නවා වන්නට පුළුවන. තවද,අප සමාජය අතරේ බෙදා ගැනීමේ සංකල්පය පොළාඹවන අවස්ථාද දකින්නට ලැබේ. (කෑම කන විටදී පිඟානක් ගෙන ඒම)
එහෙයින් ගුරුවරුන් හා දෙමාපියන් “දරුවන්ට බෙදා හදා ගැනීමේ වැදගත්කම ඉගැන්වීම සුදුසු නොවේ” යන තර්කය සමඟ වාද කරනවාට වඩා දරුවාට කුමන අවස්ථාවන්හිදී, කෙසේ ඔවුන් සතු දේ අන් අය සමඟ බෙදා ගත යුතුද යන්න පැහැදිලි කර දීම නුවණට හුරුය.
“බෙදා ගන්න එපා” යන්න ඉගැන්වීමේ ක්‍රමයේ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට ලැස්ති වන්න.
“බෙදා හදා නොගැනීමේ” ක්‍රමය අනුගමනය කල දරුවන් කිහිප දෙනෙකු අධ්‍යනය කිරීමෙන් ලබා ගත් වැදගත් ප්‍රතිඵලයක් පහත දැක්වේ. මේ තුලින් දරුවා ළමා උද්‍යානයේ ස්වාධීන තීරණ ගැනීමට මෙන්ම තවත් බොහෝ දේවල් ඉගෙනීමට පෙළඹෙන බව සොයා ගෙන ඇත.
රුපවාහිණි වැඩසටහනක් වන කැටලිස්ට් විසින් පෙර පාසල් වියේ පසුවන ගැහැණු හා පිරිමි දරුවන් හට සෙල්ලම් බඩු ලබා දිමෙන් කල පරීක්ෂණයක ප්‍රතිඵල පහත දක්වා ඇත. මෙයින් තහවුරු වී ඇති ආකාරයට පිරිමි දරුවන් නොපැකිළිව වෙනත් ළමයෙකුගෙන් සෙල්ලම් බඩුව ඉල්ලා හෝ උදුරා ගෙන ඇත. මෙය අඩ දබරයක්, කම්මුලට පහර දීමක් දක්වා දුර දිග යාමට ඉඩ තිබුණි. ගැහැණු දරුවන් මෙම තත්ත්වයට හාත්පසින් වෙනස් අයුරින් එනම් පෙළක් ඉතා ඉවසිලිමත්ව හා අනෙක් අය ප්‍රචණ්ඩව මීට ප්‍රතිචාර දක්වා තිබුණි. රණ්ඩු කරනවා වෙනුවට, ඔවුන් සෙල්ලම් බඩුව අතැති දරුවාව නොසළකා හැර තමා නියත වී සිටි ක්‍රීඩාව වෙත අවධානය යොමු කර ඇත. අවසානයේදි, තනිව සෙල්ලම් බඩුව සමඟ කෙලි සෙල්ලමේ යෙදුණු දරුවා එය නතර කර කණ්ඩායමත් සමඟ එක්ව තිබේ.
මානව පරිණාම ක්‍රියාවලියේදි මිනිසා තම හැසිරීම් රටාවට එක් කරගත් එක් වැදගත් අංගයක් ලෙස බෙදා හදා ගැනීමේ පුරුද්ද හැඳින්වේ. මෙය කණ්ඩායමේ තම පැවැත්ම තහවුරු කර ගැනීමට ඉවහල් වන හැසිරීම් රටාවකි. මේ සම්බන්ධව සිදු කල පර්යේෂණ වලදී අනාවරණය වී ඇති කරුණු වලට අනුව අන් අය සමඟ බෙදා ගැනීම ජනප්‍රිය වීමට හා තම ශාස්ත්‍රීය කටයුතු වල උසස් ප්‍රතිඵල ලබා ගැනීමට ඉවහල් වන බව සොයා ගෙන ඇත.
දරුවාට මෙසේ ස්වාධීනව හා ස්වභාවික හැසිරීම් වලට අනුව ඉගෙන ගැනීමට ඉඩ සැලසීම සාධාරණ විවාදයක් වූවත්,ඒ සම්බන්ධයෙන් ගැටලු ඇතිවන අවස්ථා නැත්තේද නොවේ. දෙමාපියකු ලෙස ඔබ තම දරුවා වන කුඩා රුවිනි මිතුරියකගේ උපන්දින සාදයට ආරාධනය කර නොතිබීම හෝ සිඟිති පුතු රවීන් මිතුරන් සමඟ අඩ දබර කොට නිවස වෙත පැමිණීම දැක බලා ගැනීම උහුලා ගත හැකිද යන්න ප්‍රශ්න කල යුතු කරුණකි.
ඔබ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සූදානම් නම් පමණක් කැලෑ නීතිය අනුව දරුවාට ජීවිතය හා සම්බන්ධ වැදගත් පාඩම් ඉගෙන ගැනීමට සැලසීම යහපත් වේ.
බෙදා ගන්නවුන් හා බෙදා නොගන්නා පිරිස ලෙස සමාජයක සැකැස්ම සෑදෙන්නේ දෙමාපියන් තම දරුවන්ගේ බලාපොරොත්තු වර්ධනය කරන ආකාරය අනුවයි. දරුවා කුමන සමාජයක් අනුව හැඩගැහෙනවාද යන්න ගනු ලබන අවසන් තීරණය දෙමාපියන් වන ඔබ සතු වේ.