- Advertisement -

“මං ඔයාට ආදරේ නෑ” යනුවෙන් දරුවා පැවසූ විට ඔබ එයට ප්‍රතිචාර දැක් විය යුත්තේ කෙසේද?

-

තම ආදරණීය දරුවාගේ මුවින් පිටවිය හැකි ද්වේශ සහගත වදන් පෙලකි “මං ඔයාට ආදරේ නෑ”. මෙය දෙමාපියන්ව මනස්තාපයට පත් කල හැකි අවස්ථාවකි. තමාගේ දරුවාගෙන් හැරෙන්නට සමාජයේ අනි කිසිවකුගෙන් ඔබට මෙසේ හිත රිදවිය හැකි වැකියක් අසන්නට වන්නේ නැත.

මෙසේ තම දරුවාගෙන් ආවේගශීලි ප්‍රකාශයක් අසන්නට සිදුවීම දුඛ්කදායක කරුණක් වූවත් නිසැඟයෙන්ම දෙමාපියන් වන ඔබ මීට බැන වැදීමකින් හෝ දරුණු දඬුවමක් ලබා දීමෙන් ප්‍රතික්‍රියා කිරීමට ඉඩ ඇත. ඔබ මෙවන් තත්ත්වයකට මුහුණ දීමට ප්‍රථම දරුවාව සමඟ සංයමයෙන් කටයුතු කිරීම සඳහා බුද්ධිමත්ව ප්‍රතික්‍රියා කිරීමට සූදානම් විය යුතුය. ඔබගේ දරුවා “මං ඔයාට ආදරේ නෑ” යනුවෙන් පැවසූ විටකදී කටයුතු කල යුතු ආකාරය ඉගැන්වෙන අත්දැකීම් බහුම මවකගේ උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

- Advertisement -

ලිහිල්ව ගෙන ඔහුගේ/ඇයගේ බරපතල ප්‍රශ්න පිලිබඳ අවධානය යොමු කරන්න.

දරුවාගේ මුවින් පිටවන සෑම වදනක් ම ඔහු/ඇය උවමනාවෙන් නොපවසන බව දෙමාපියන් ලෙස ඔබ දැන ගත යුතු කරුණකි. දරුවාට මේ පිලිබඳ මනා අවබෝධයක් නැති අතර ඔහු/ඇය ඔබගේ දෙමාපිය පාලන රටාවන් ගැන කලකිරීමකින් පසුවනවා වන්නට පුළුවන. මෙම වදන් වලින් දරුවා හඟවන්නට උත්සාහ ගන්නේ තමා මව හෝ පියා සමඟ අමනාප බවයි. නමුත් ඊට ඔබ ක්ෂණයකින් “ඒ උනාට මං පුතාට හරි ආදරෙයි” යනුවෙන් පැවසිය යුතු වේ. මෙ වචන පේලිය දරුවාගේ ආවේගය සන්සුන් කරන අතර දෙමාපියන්ගේ අනපේක්ෂිත ප්‍රතිචාරය ඔහුව මවිතයකට පත් කරයි.

අනවශ්‍ය ලෙස සීමාව ඉක්මවා ප්‍රතිචාර නොදක්වන්න.

ඔබගේ දරුවා මෙසේ දරුණු ප්‍රකාශයක් කල විට එසැණින් දරුවාගේ වරද නිවැරදි කර, ඔහු/ඇය තමාට එසේ කතා නොකල යුතු බවට තරයේ අවවාද කිරීම සාමාන්‍යයෙන් සිදුවේ. මෙවැනි අවස්ථාවකදී ඔබ දරුවා සමඟ ආවගශීලිව කටයුතු කිරීම හෝ දඬුවම් ලබා දීම නුවණට හුරු නොවේ.එයින් සිදුවන්නේ ළමයා ඔබේ හැඟීම් පාලනය කිරීමට ගන්නා ප්‍රයත්නය සාර්ථක වීමය. ඔබේ දරුවා ඔබව පිළිකුල් නොකරන බවත් ඔහු/ඇය එසේ පවසන්නේ සිත් තුල ඇති කණගාටු බව නිසි ලෙස ප්‍රකාශ කිරීමට නොහැකි වීම නිසා බව සලකන්න. මෙසේ කේන්ති ගැනීම හෝ සිත් තැවුලට පත්වීම සාමාන්‍ය දෙයක් බවත් ඒ නිසා අන් අයගේ සිත් රිදවීම නොකල යුතු බවත් ඔබ සංයමයෙන් ළමයාට පහදා දෙන්න. කෙසේ වෙතත් පිළිකුල් කිරීම, රිදවීම වැනි ඍණාත්මක හැඟීම් දනවන වචන දරුවාත් සමඟ අවම ලෙස භාවිතා කරන්න. මන්ද, වෙනත් අවස්ථාවකදී, ඔහු/ඇය අයුතු ලෙස එය හාවිතා කිරීමට ඉඩ ඇති බැවිනි.

දරුවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.

ළමයාට “මං ඔයාට ආදරේ නෑ, මට ඔයාව පේන්න බෑ” යනුවෙන් කේන්තිය පිටකරන්නේ ඔහුට/ඇයට නිසි ලෙස තම අදහස් හෝ හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකි නිසා බව දෙමාපියන් වන ඔබ තේරුම් ගැනීම, දරුවාගේ මානසික තත්ත්වය මනා ලෙස අවබෝධ කර ගැනීමට උපකාරි වේ.ඔහුට මිතුරන් සමඟ තව දුරටත් කෙලි සෙල්ලමේ යෙදිය නොහැකි වීම, දරුවා කේන්තියෙන් පසුවන බැවින් ඔහුට දෙමාපියන්ගේ අණට කීකරු වීමට මැලි කමක් දැක්වීම වැනි හේතුන් නිසා ඔහුගේ මුවින් මෙවැනි ආවේගශීලි ප්‍රකාශ පිටවිය හැකි බව දෙමාපියන් තේරුම් ගනී.

දරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය කරන්න.

ඔබගේ දරුවා සන්සුන් වූ විට මොහොතකට ඔහු/ඇය සමඟ සාකච්ඡාවේ යෙදෙන්න. දරුවාට තම අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීම සඳහා උපකාරි වන්න. ඔහුගේ/ඇයගේ වාග්මාලාව වර්ධනය කිරීමට උත්සාහ ගන්න. මේ තුලින් දරුවාට වඩාත් නිවැරදිව හා පැහැදිලිව තමගේ හැඟීම් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ. උදාහරණයක් හැටියට, “මට ටැබ් එකත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නැති හින්දා මං ඔයත් එක්ක තරහයි” හෝ “ඇයි අම්ම මට යාලුවගේ ගෙදර යන්න දෙන්නෙ නැත්තේ? ඒ හින්දයි මට තරහ ගියේ”
අන් කිසිවකුගේ හිත නොරිදවා තම අදහස් ප්‍රකාශ ක්‍රීමේ මාර්ග තමා විසින්ම සොයා ගැනීමට ඉඩ දරුවාට ඉඩ දෙන්න.

කවදාක හරි, දෙමාපියන්ට/මව්වරුන්ට මෙම වදන් පෙල තම දරුවාගෙන් අසන්නට සිදුවේ. ආවේගශීලි ලෙස ප්‍රතිචාර නොදක්වා මේ සඳහා නිසි ලෙස සූදානම් වීමෙන් ඔබට දරුවාව සන්සුන්, පරිණත හා ආදරණීය පුද්ගලයෙකු බවට පත්කිරීම සඳහා උපකාරි විය හැකි වේ.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article