- Advertisement -

ළඳරුවන් හදා වඩා ගැනීමේදි සැලකිලිමත් විය යුතු දෙවල්

-

ළඳරුවාට කිරි පෙවීම, නිදි කරවීම, සැනසීම දෙමාපියන්ට තරමක අසීරු කාර්යයක් විය හැක.බොහෝ අයට ඔවුන් තම දරුවාව නරක් කරනවාදැයි ද හැඟීමක් දැනේ. තම දරුවන්ගේ අවශ්‍යතා නිසි ලෙස සපුරනවාද යන්න හරිහැරි තේරුම් ගැනීමට සමහර දෙමාපියන්ට නොහැකිය. ඔබත් මෙවැනි දෙමාපියකු නම් පහත සඳහන් උපදෙස් ඔබට ළඳරුවකු නිසි පරිදි හදා වඩා ගන්නා ආකාරය පිළිබඳ අදහසක් ගෙන දේ.

Wayne NJ, හි විලියම් පැටසන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා සහකාර ආචාර්ය කැරී මසියා වෝනර් ට ඇයගේ මාස 12ක් වයසැති පුතණුවන් ගේ අත්දැකීම් බෙදා ගනියි. ඇය පවසන ආකාරයට, ඕනෑම දෙමාපියකු තම ළඳරුවාගේ කිරිබීම, නින්දට යාම, නිදා ගැනීම වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි ලෙස විමසිලිමත් වන්නේ එහි අහිතකර රටාවන් දිගු කාලීනව දරුවාගේ ජීවිතය කෙරෙහි බලපෑ හැකි බැවිනි. තවද දෙමාපියන්ට තම ළඳරුවාව නරක් කිරීම අපහසු වූවත් නොදැනුවත්වම යම් අහිතකර පුරුදු තම බාල දරුවා තුල පුහුණු කල හොත් එය අනාගතයේදි බලපෑ හැකි බව ඇය පවසයි. පහත දැක්වෙන්නේ දෙමාපියන්ට තම ළඳරුවන් ව හදා වඩා ගැනීමේදි මුහුණ දීමට සිදුවන අභියෝගකාරි අවස්ථාවන් වලට කෙසේ මුහුණු දිය යුතුද යන්න දැක්වෙන ප්‍රවීණයන්ගේ අවවාද කිහිපයකි.

- Advertisement -

දරුවා හඬන විට මා කුමක් කල යුතුද?

පළමු මාස 3 හිදි, දිවා හෝ රාත්‍රී කාලයේදි දරුවා හඬන විට ඇයව වඩා ගන්න. මෙයින් ළඳරුවා තැති ගනියි යැයි ඔබ සිතුවත් දෙමාපියකු ලෙස ඔබ මුල් මාස 3 හිදි දරුවාගේ හැඟීම්වලට ප්‍රතිචාර දැක්විය යුතු වේ. මරියා කොන්වෙල් මේ පිලිබඳ වැඩි දුරටත් විශ්ලේෂනය කරයි. ඇය Children’s Hospital of Philadelphia Care Network හි ළමා වෛද්‍ය විශේෂඥවරිය ලෙස සේවය කරන්නීය.

ඇය පවසන අන්දමට අලුත උපන් ළඳරුවාට සුරක්ෂිත බවක් දැනිය යුතුයි. එම නිසා මුල් මාස කිහිපයේදි දරුවාට හැඬීමට ඉඩ දී ඔබේ රාජකාරිය වෙත අවධානය යොමු කිරීම සුදුසු නොවේ. ඔබ දරුවාගේ හැඬීමට ප්‍රතිචාර දැක්වීම ඔහුට/ඇයට ඔබ කෙරෙහි විශ්වාසයක් ගොඩ නැංවීමට ඉවහල් වේ. ඔබ ඊට ප්‍රතිචාර දැක්වීමට ගන්නා කාලය හා ආකාරය අනුව එය තීරණය වේ. මාරියා පවසන්නේ දරුවා මාස 3 පසු කල විට දෙමාපියන්ට දරුවා හැඬීමේදි ඇයටම සන්සුන් වන්නට ඉඩ දිය හැක. පසුව සාමාන්‍යයෙන් දෙමාපියන්ට දරුවාට තමා විසින්ම තම සනසන්නට අවස්ථාව ලබා දිය හැක. මාස 9 පිරෙන විට ළඳරුවා තම හඬන විට මව හෝ පියා ඊට ප්‍රතිචාර දක්වන බව හඳුනා ගනියි. නමුත් දෙමාපියන් මෙහිදි අවබෝධ කර ගත යුතු වැදගත් කරුණ නම් ළඳරුවා මෙසේ හඬන්නේ අවධානය දිනා ගැනීමටද එහෙමත් නැත්නම් උදව් ඉල්ලාද යන්නයි. අතින් සඥා කිරීමෙන් හා සෙමින් කතා කිරීමෙන් ඔබට දරුවාට ස්වාධීනව නිදා ගැනීම වැනි ස්වයං සනසා ගැනීමේ කරම ප්‍රගුණ කල හැකි වේ.

දරුවාව නලවා නිදි කරවීම.

පළමු මාස 3 හිදී, දරුවාට තමා විසින්ම තමාව සනසා ගත නොහැක. එම නිසා ඔබට දරුවාව නලවා නිදි කල හැක. නමුත් මාස 3-6ත් අතර කාලයේදි ඔබට මෙය අවම කල හැක. .Children’s Hospital of Philadelphia හි ප්‍රවීණ විශේෂඥ ජෝඩි මින්ඩෙල්ට අනුව දරුවාට නිදා ගැනීමේ හැකියාව පුරුදු කරවීම අනිවාර්ය වන අතර ඔහු/ඇය කෙමෙන් වැඩෙත්ම දෙමාපියන්ගේ උපකාරය නොමැතිව තනියෙන් නිදා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඇය වැඩි දුරටත් පවසන්නේ හැකි නම් මාස 3 කාලයේදි වුවද දෙමාපියන්ට මෙම හැකියාව දරුවන් තුල වර්ධනය කල හැකි බවයි. සමහරක් සති 6 වයසැති කුඩා බිළිඳන්  ජංගම දුරකතනයක් හෝ කිසියම් සෙල්ලම් බඩුවක් දෙස බලා තනිව නින්දට වැටෙනවා මා දැක ඇත.

දරුවාට සුප්පුව පුරුදු කරවීම.

The American Acadmey of Pediatrics සඳහන් කරන ආකාරයට, ඔබේ බිළිඳා වයස මාසය සම්පූර්ණ කරන විට ඔබ රාත්‍රීයේදි සුප්පුවට හුරු කරවීමෙන් Sudden Infant Death Syndrome (SIDS) ඇතිවීමේ අවදානම අවම කර ගත හැකි වේ. නමුත් මෙහිදී දරුවා හඬන සෑම අවස්ථාවකදීම ඔබ සූප්පුව කටේ ගැසිය යුතුයි යන්න අදහස් නොවේ. Gesell Institute of Child Development හි සහකාර අධ්‍යක්ෂ මාර්සි ගුඩෙමි ට අනුව මෙවන් අවස්ථාවන්හිදී දෙමාපියන් තම ලඳරුවාගේ මූලික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. දරුවා බඩගින්නෙන් හඬන්නේ නම් ඇයට ඔබ කිරි පෙවිය යුතුයි. බිළිඳා මාස 9 පිරෙන විට, බොහෝ දෙමාපියන් දරුවාට ස්වයං සැනසීමේ ක්‍රම භාවිතා කරන්නට ඉඩ ලබා දේ.

දරුවාට ඇයගේ/ඔහුගේ සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.

දරුවන් තමා අසල ඇති දෑ ග්‍රහණය කරන්නට ඉමහත් කුතුහලයක් දක්වයි. වෛද්‍ය ගුඩෙමි ට අනුව දෙමාපියන් තම දරුවාට අසල් ඇති භාණ්ඩ ගවේශනය කරන්නට ඉඩ ලබා දිය යුතුයි. එම නිසා දෙමාපියන් තම දරුවන් ගැවසෙන පරිසරයේ ඇති භාණ්ඩ වල සුරක්ෂිතභාවය පිළිබඳ විමසිලිමත් විය යුතුය. උදාහරණයක් හැටියට දුරස්ථ පාලකයේ බැටරිය ගලවා දරුවාට එයත් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දීම එතරම් බුද්ධිමත් දෙයක් නොවන නමුත් හැකි පමණ ඔබ සතු, දරුවන්ට ආරක්ෂාවක් ගෙන දෙන භාණ්ඩ ගවේශනය කිරීම්ට අවස්ථාව ලබා දෙන්න.

කටින් හැපිය හැකි ප්‍රමාණයේ කෑම ජාති දරුවාට ලබා දෙන්න.

සාමන්‍යයෙන් වැඩිහිටියකු කිසියම් දෙයක් කන විට එය දරුවන්ටත් අවශ්‍ය වේ. ඇය/ඔහු හඬා වැලපෙන්නේ දරුවාටත් එම ආහාරය ඕනෑ කරන බැවිනි. සෞඛ්‍යයට හිතකර කෑම ජාති, කුඩා ප්‍රමාණයෙන් දරුවාට ලබා දීමේ වරදක් නැත. ඔබට පොත්ත ඉවත් කරන ලද පලතුරු හෝ යෝගට් ලබා දිය හැක. නමුත් ඔබ ගන්නා ආහාර අධික සීනි හා තෙල් සහිත ආහාරයක් නම්, ඔබට වෙන යම් දෙයක් දරුවාට ලබා දිය හැක. වෛද්‍ය මසියා වෝනර් පවසන ආකාරයට මෙම කාලය දරුවාගේ කථන හැකියාව වර්ධනය කිරීම සඳහා සුදුසු කාලයයි. දෙමාපියන්ට දරුවා හඬා අවසන් වන තෙක් බලා හිඳ තමා අතේ ඇති ආහාරය නම් කරන ලෙස පැවසිය හැක.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article