ලොකු කුඩා කා අතරත් ඇති වන අසහනකාරී මෙන්ම පීඩාකාරී තත්ත්වයකි මලබද්ධය. අප ලබාගන්නා ආහාරවල පෝෂණය සිරුරට උරාගත් පසුව ඉතිරිවන කොටස් මල ලෙස සකස් වී සිරුරින් බැහැර වේ. මල බැහැර වීමේ ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම එනම් ඒ ස`දහා ඇති අපහසුතාවය, වේදනාව නැතිනම් බඩ වියලීම නිසා මල පිටකිරීමට ඇති අපහසුව මලබද්ධය ලෙස හැ`දින්වේ. දිනකට මල පිටකරන වාර ගණන සහ අවශ්‍යතාවය ඇතිවීම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුහට දිනකට වරක්වත් මල පිටකිරීමේ අවශ්‍යතාවය ඇති වේ.
අලූත උපන් කිරි කැටියෙකු මවගෙන් උරා බොන කොලෙස්ට‍්‍රම් නම් වූ ස‍්‍රාවය විරේකයක් ලෙස කි‍්‍රියාකරමින් දරුවාගේ කුසෙහි ඇති කලූ පැහැති මල හෙවත් මිකෝණියම් පිටකිරීමට උපකාරී වේ. මිකෝනියම් පිට වී අවසන් වූ පසු හො`දින් කිරි උරා බොන කිරිකැටියෙකුගේ මල තද කහ පැහැයක් ගනී. සාමාන්‍යයෙන් අලූත උපන් කිරිකැටියෙක් කිරි බොන වාරයක් වාරයක් පසා මල පිට කරන අතරම ඇතැම් දරුවන් මල පිට නොකර දින කිහිපයක් ගත කිරීම ද සාමාන්‍ය තත්ත්වයකි. මාස හයක් සම්පූර්ණ වනතුරු මව්කිරි පමණක් ලබාගන්නා බිළි`දුන්ට ස්වභාවිකවම අවශ්‍ය ජලය ප‍්‍රමාණය හිමි වන අතරම අමතර ආහාර ලබාගන්නා වයසේදී සිරුරට අවශ්‍ය නිසි ජල ප‍්‍රමාණය ලබාදීමට මව්වරුන් අවදානය යොමු කළ යුතුය. එසේම දරුවාට ලබාදෙන ආහාර වර්ග සහ ආහාර ලබා දෙන කාල සීමාව පිළිබ`දව ද අවදානය යොමු කිරීම වැදගත් වේ. සාමාන්‍යයෙන් දරුවෙකුට ආහාර ලබා දෙන්නේ ප‍්‍රධාන ආහාර වේල් තුනක් සහ කෙටි ආහාර වේල දෙකක් වශයෙනි. ඒවාට අමතරව අතර මැදදී මව්කිරි ලබාදීම ද සිදුවේ. දරුවාගේ නිරෝගී පැවැත්මට වැදගත් වන ජල පරිමාව ලබාදීම පිළිබ`දවත් මව්වරුන් වැඩි අවදානයක් යොමු කළ යුතුය.
සාමාන්‍යයෙන් දරුවන්ට අමතර ආහාර ස`දහා දරුවා හුරුකරන අවධියේදී මලබද්ධය ඇති වීමට ඉඩ කඩ වැඩිය. මව් කිරෙන් පමණක් පෝෂණය වූ උදරයට ඝන ආහාර හ`දුන්වා දීමේදී එසේ නොවන්නට නම් පළතුරු, එළවළු සහ නියමිත ජල පරිමාව දරුවාට ලබාදීමට සැලකිලිමත් වන්න.
මලබද්ධය වළක්වා ගැනීමට දරුවාගේ ආහාර වේලට එක් කළ යුතු දේ
තන්තුමය කොටස් සහිත ආහාර (නොපාහින ලද සහල්, තිරි`ගු, බාර්ලි, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග*
එළවළු වර්ග (වැටකොලූ, පතෝල, කොහිල, කොසල් මුව, වට්ටක්කා, පුහුල්*
පලා වර්ග (නිවිති, කංකුං, ගොටුකොළ, මුකුණවැන්න, කතුරුමුරුංගා, මොණර කුඩුම්බිය*
පළතුරු වර්ග (බෙලි, කෙසෙල්, අඹ, ගස්ලබු, අලිගැටපේර, පේර, දොඩම්, නාරං*
ඇට වර්ග (කඩල, මුං ඇට, කවුපි, පරිප්පු* යනාදියෙනි.
මලබද්ධ තත්ත්වය බොහෝවිට නියමාකාර ආහාර රටාවක් නොමැතිකම නිසා ඇති වුවද දිගින් දිගටම පවතී නම් ඒ පිළිබ`දව පුළුල් ලෙස නිරීක්‍ෂණය කිරීමට වෛද්‍යවරයාට සිදුවේ. මන්ද, කෙලින්ම බලපාන හේතු සාධක මේ ස`දහා නැතිවුවද ඇතැම්විට නිදන් ගත රෝග තත්ත්වයන් සහ යම් යම් මානසික ගැටලූද මලබද්ධයට හේතු විය හැකිය.
නිදන්ගත රෝග තත්ත්ව
ස්නායු ආබාධ
මාංශ පේශීන් වල දුර්වලතාවය
තෛරොයිඞ් ගරන්ථියේ අවක‍්‍රියාකාරීත්වය වැනි තත්ත්වයන්ය.
මානසික ගැටලූ
වැසිකිලි යාම සඳහා නිශ්චිත වේලාවක් නොමැතිකම
වැසිකිලි භාවිතය හුරු කරන කාලසීමාව
මලපහ කිරීමේ වේදනාත්මක අත්දැකීමක් ලබා තිබීම
ජීවත් වන පරිසරය වෙනස් වීම
පෙර පාසැල් යාම ආරම්භ කිරීම
මල බද්ධය නිසා ඇති වන රෝග තත්ත්ව ලෙස ගුද මාර්ගය පිපිරීම්, ගුද මාර්ගය පිටතට පැමිණීම, කලාතුරකින් අර්ශස් අවස්ථා ද දැක්විය හැකිය.
ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව දරුවන්ට නියම කෙරෙන රතකල්කය හෙවත් දෙසදුන් කල්කය මල බද්ධය දුරලන්නට වඩාත් උචිත ඖෂධයකි. කොල්ලූ, වද කහ, වැල්මි, රත් හදුන්, සුදු හදුන්, සහිඳ ලූණු යන ආදී ද්‍රව්‍යයන්ගෙන් සැකසී ඇති රත කල්කය වෛද්‍යවරයා විසින් නියම කරන මාත‍්‍රාව ලබාගැනීම වඩාත් සුදුසුය.
කෙසේ වුවත් මලබද්ධය දිගින් දිගටම පවතී නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගනිමින් ප‍්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.
මල පහ කිරීමට නිශ්චිත වේලාවක් වෙන් කර ගනිමින් දරුවා නිවැරදි ඉරියව්වක පිහිටුවා මලපහ කිරීමට පුහුණු කරවීම ද මෙම තත්ත්වයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු කරුණු දෙකකි. එමෙන්ම ක්‍ෂණික ආහාරවලින් ඈත්ව පෝෂ්‍යදායී සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට හුරු වී නිසි ජල පරිමාව ලබාගැනීමෙන් දරුවන්ට ඇති වන මල බද්ධය වළක්වා ගැනීමට හැකියාව ලැබේ. එහි වගකීම පැවරෙන්නේ වැඩිහිටි ඔබටයි.
කැස්බෑව, ජඹුරලිය ආයුර්වේද රෝහලේ කාර්යභාර වෛද්‍ය නිළධාරී ආයුර්වේද වෛද්‍ය ජගත් රුහුණගේ මහතා සමග සිදුකරන ලද සාකච්ඡාවක් ඇසුරෙනි