- Advertisement -

පොඩි ලොකු කාටත් ඇති වෙන සෙම් ගෙඩි

-

සාමාන්‍යයෙන් අප සිරුරේ වස ග්‍රන්ථි දෙසීයත් දෙසිය පනහත් අතර ප්‍රමාණයක් පිහිට ඇති බව කියවේ. මේ වස ග්‍රන්තිවලින් අප උගුරේ පිහිටා ඇති වස ග්‍රන්ථි යුගල සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ සෙම්ගෙඩි ලෙසටයි. අපගේ සිරුර තුලට ඇතුළු වන විෂබීජ සමග සටන් වැද ඒවා විනාශ කිරීමේ මහගු කාර්යයට උර දෙන්නේ වසා ගැටිතිය. අපගේ උගුරේ පිහිටි වස ග්‍රන්ථි මුඛය හරහා ඇතුළුවන විෂබීජ විනාශ කරයි.  කෙසේ වුවද වෛරස /බැක්ටීරියා/දිලීර මගින් අසාධනයට ලක් වූ පසු කෙල ගිලිමටවත් නොහැකි වන පරිද්දෙන් වේදනා කාරී වේ. ඒවා ඉදිමෙන අතර රත් පැහැයෙන් යුක්තය. මේ තත්ත්වය අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙම්ගෙඩි ලෙස හඳුන්වයි.

අඩු වැඩි වශයෙන් සංකුලතා ඇති කළ හැකි මෙම සෙම්ගෙඩි තත්ත්වය නිසා සාමාන්‍යයෙන්,

- Advertisement -
  • ගිලීමේ අපහසුතාවය
  • ඇඟපත වේදනාව/උණ
  • බෙල්ලෙහි කුද්දටි ඉදිමීම
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • කටහඬ වෙනස්වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

නමුත් සෙම්ගෙඩි අසධනයට ලක්කරනු ලබන වෛරසය/බැක්ටීරියාව/දිලිරයට අනුව තත්ත්වය උග්‍ර විය හැකිය. එවිට,

  • රුමැටික් උණ
  • වකුගඩු ප්‍රදාහය වැනි බරපතල තත්ත්වයන් වුවද ඇති විය හැකිය.

මෙවැනි තත්ත්වයන්හිදී සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප්‍රතිකාර අත්‍යවශ්‍ය බව සලකන්න.

වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු සෙම්ගෙඩි ආශ්‍රිත වෙනත් රෝගතත්ව 

  • උගුරේ වේදනාව
  • සෙම් ගෙඩි අවට ප්‍රදේශයේ ඇති සැරව ගෙඩි තත්ත්වයන්
  • කතා කිරීම/මුඛය විවෘත කිරීම/ගිලීමට අපහසු වීම
  • අධික උණ
  • සෙම් ගෙඩි තුළ ඇතිවන ගල්/තෙල් ගෙඩි වැනි තත්ත්වයන්
  • සෙම් ගෙඩි ආශ්‍රිතව කහපැහැ දුගඳකින් යුතු වී හාල් ඇටයේ හැඩැති කැබලි ඇතිවීම
ශල්‍යකර්ම මගින් සෙමගෙඩි ඉවත් කිරීමට සිදුවන්නේ

  • නිතර නිතර සෙම් ගෙඩි ආසාදන ඇති වන විට
  • රාත්‍රී නින්දේදී ගෙරවීම හා හුස්ම ගැනීමේ අපහසුතා ඇති විට
  • එක් සෙම්ගෙඩියක් පමණක් අසධනයට ලක්වීම
  • වැඩි වාර ගණනක් සෙම් ගෙඩි ආශ්‍රිත සැරව ගෙඩි ඇති වීම.

මෙවැනි තත්ත්වයන් ඔබට හෝ ඔබේ දරුවාට ඇත්නම් ඒ සඳහා සුදුසුම වෛද්‍යවරයා වෙත යොමු වී ලබාදෙන උපදෙස් මත ක්‍රියාත්මක වීම රෝග තත්ත්වය හේතුවෙන් ඔබට පීඩා විඳීමට සිදුවන ප්‍රමාණය අවම කරගත හැකිය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article