- Advertisement -

The Big Bad Wolf Book Sale / BBW Books

-

අපි නිතරම දරුවන් මුල් කර ගෙන නගන චෝදනාව වන්නේ “මේ ළමයි පොතක් පතක් කියවන්නේ නැහැ…”

දරුවන්ට පොත් පත් කියවීමට හුරු පුරුදු ගොඩ නගන්නනට නම් බාල කාලයේ පටන්ම කියවන සමාජයක් වෙත ඔවුන් යොමු කළ යුතුයි. මේ වෙනුවෙන් පුස්තකාල, පොත් වෙළඳසැල් සහ පොත් ප්‍රදර්ශන ඉතාම වැදගත්. ඒත් අපේ අම්මලාට ඒ වෙනුවෙන් යොමු වීමට කාල වේලාවක් ඇත්තටම නැහැ.ඒක්ට හේතුව වෙන්නේ පොත් ප්‍රදර්ශන වගේම සෙසු ආයතනත් බොහෝ විට විවෘතව තැබෙන්නේ සම්මත වේලාවක් තුළයි. ඒ වෙලාවට අම්මලාටත් දරුවන්ටත් පොත් පත් මිලට ගැනීමට සහභාගී වීමට අවස්ථාවක් නැහැ.

- Advertisement -

ඒ නිසා මේ වගේ අවස්ථාවකින් ඔබට ප්‍රයෝජන ගන්න ලඟදීම පුළුවන්කම ලැබෙනවා. ඒ අවස්ථාව මගහරින්න නම් එපා..ඔබ සමහර විට අහල ඇති The Big Bad Wolf Book Sale එහෙම නැත්නම් BBW Books පොත් ප්‍රදර්ශනය ගැන.

ආරම්භය

The Big Bad Wolf Book SaleBBW Books මෙම පොත් ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ කරනු ලැබුවේ 2009 වසරේදීය. මැලේසියානු පොත් ප්‍රදර්ශනයක් වන අද වෙන විට ලෝකයේ රටවල් ගණනාවක ප්‍රදර්ශන කටයුතු සංවිධානය කර තිබේ. එම රටවල් අතර මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාවද ඇතුලත් වෙනවා.මෙම පොත් ප්‍රදර්ශනයට ඇතුලත් පොත් පමණක් නොවෙයි. විවිධ කියවන දේ මෙම ප්‍රදර්ශනයට ඇතුලත් වෙනවා. පොත් ගැන කිව්වාම අපේ මතකයට එන්නේ විෂය සහ විෂය සමගාමී පොත් පත් වුනත් මේ ප්‍රදර්ශනයේදී අපට අවශ්‍ය ඕනෑම අන්දමක පොත් මිළට ගන්න පුලුවනි. ප්‍රබන්ධ සාහිතයය, ළමා සාහිත්‍යය , තරුණ සහ වැඩිහිටි සාහිත්‍යය වැනි විෂයන් වගේම බිත්ති කඩදාසි, චිත්‍රපට, වැනි විවිධ දේ ඇතුලත්.

The Big Bad Wolf Book පොත් ප්‍රදර්ශනයේ අලුත්ම ඉංග්‍රිසි සංස්කරනයන් මිලට ගැනීමට පුලුවන්. මෙහි පොත් මිලියන 1.5 ක් පමණ ඇතුලත් වෙනවා. විවිධ විෂය ප්‍රභේද  ත් වර්ග 20,000 කට අධිකයි. ඒ වගේම මෙම ප්‍රදර්ශනයේදී ලැබෙන ආකර්ශණීය වට්ටම් අමතක කරන්න බැහැ. එය 60% සිට 80 % ක් තරම් ඉහලයි.

අපේ රටේදි මේ පොත් ප්‍රදර්ශනය දැක බලා ගන්න වගේම පොත් පත් මිළට ගැනීමට ඉදිරියේදී ඔබට අවස්ථාව තිබෙනවා. ජුනි මාසයේ 28 වැනි දින පටන්ගන්නා මෙම ප්‍රදර්ශනය ජුලි 8 වැනි දින තෙක් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේ (SLECC) පැවැත්වෙනවා.

වාසි බොහොමයක් තිබෙනවා

පොත් ප්‍රදර්ශනය දිගටම විවෘතයි.මොන තරම් ලාබදායක වුනත් කොතරම් ප්‍රයෝජන වුනත් අ‍පිට ඒවායින් ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි විදිහට යම් යම් බාධක ඇති වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් උදේටත් අපිට මේ වෙනුවෙන් කාලයක් කැප කරන්න බැහැ. හවසට ගෙදර එද්දී යන්න බලාගෙන ආ‍වත් ඒ වෙන විට ප්‍රදර්ශනය අවසන්. සති අන්තයටත් අපිට නොයෙක් වැඩ කටයුතු. Big Bad Wolf Book ප්‍රද්ශනයේදී මේ ගැන මැසවිලි අවශ්‍ය නැහැ. ජුනි 28 සිට ජුලි 8 තෙක් වූ පැය 255 ක් පුරාවටම ප්‍රදර්ශනය විවෘතයි. දවසේ පැය 24 ම විවෘත නිසා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගන්න පුළුවන්. කොටින්ම කිවවොත් එලිය වැටෙන්න පැයකට කලින් වුනත් ඔබට අවශ්‍ය නම් පොත් ප්‍රදර්ශනයට ගිහින් අවශ්‍ය දේ මිළට ගන්න පුලුවන්.

ආරාධනය මේ විදිහටයි

පොත් රැගෙන යෑමේ පහසුකම් සලසාගෙන එන්න.

අනවශ්‍ය විදිහට ඇසුරුම් දැවටුම් නිසා පරිසරයට හානි වගේම අපිරිසිදු වීමට තිබෙන අවස්ථාවන් ඉතාම ඉහලයි. ඒ වගේම මේ විදිහට ආකර්ශනීය වට්ටම් ලබා දෙන විට ඇසුරුම් වෙනුවෙන් පිරිවැය දැරීමත් අපහසුයි. අපි නොදැන හිටියට ඒවා වක්‍ර විදිහට පොතේ මිළට එකතු වෙනවා. BBW Books ප්‍රද්ර්ශනයේදී ඒ විදිහට නොමග යැවීම් සිද්ධ නොවන නිසා ඔවුන්ගේ උපදෙස අනුව අපි මිළට ගන්නා දේ රැගෙන යන පිලිවෙලත් සූදානම් කර ගෙන යා යුතුයි.

පහසු ඇදුමක් වගේම පාවහන්

මේ ප්‍රදර්ශනයට පැමිනෙන විට පහසු ඇදුමක් වගේම පහසු පාවහන් පැළදගෙන එන්නැයි ඔවුන් උපදෙස් දෙනවා. ඒ කතාවත් ඇත්ත. අනවශ්‍ය විදිහට හිරට , දාඩියට, අපහසුතාවයන් දැනෙන ඇදුම් වගේම නිදහසේ ඇවිදින්න අපහසු පාවහන් නිසා පොත් ගැන අවදානය වගේම ප්‍රදර්ශන කුටි පුරා නිදහසේ ඇවිද යමින් පොතක පතක සුවය ලබන්න අපහසුයි. ඒ නිසා පහසු විදිහට ඇද පැලඳගෙන එන්නැයි සංවිධායකයන් උපදෙස් ලබා දෙනවා.

කාර්ය බහුල වේලාව්න් ගෙන් පසුව එන්න

අපි බොහෝ දෙනෙක් අපහසුතාවයන් විදින්නේ හිතා මතාම. අපිට යම් යම් දේවල් වෙනුවෙන් දුවන්නන් වාලේ නොගොස් අපිට අවශ්‍ය විදිහට පහසු කාලයකදි යන්න පුලුවන් අවස්තාව මේ ප්‍රදර්ශනයේදී ලැබෙනවා. ඒ නිසා හැම දෙනාම වාගේ ප්‍රදර්ශනයට ඇදෙන වේලාවන්හි තදබදය වැඩි නිසා රාත්‍රි කාලයේදී යන්න පුලුවන් නම් ඉතාම පහසුවෙන් පොත් පත් අතර ගැවසෙන්න අවස්ථාව ලැබනවා.

සැලසුම් කරන්න

ප්‍රද්ර්ශනයට පැමිණෙන විට අවශ්‍ය මුදල් වගේම එහි ගෙවන කාලයත් සැලසුම් කර ගෙන පැමිණෙන්න. පොත් බලන්න පමණක් නොවයි, අපිට අවශ්‍ය යමක් තිබුනොත් එය මිළට ගැනීමේ සූදානමත් තිබෙන්න ඕන. ඒ නිසා යම් මුදලක් අරගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් එකක්… කඩදාසිය ලිපේ දැම්මා වගේ ගිහින් එන්නත් බැහැ. අපි මේ පොතක් පතක් ස්පර්ශ කිරීම වැදගත්. පොත් සමග බැදීම ඇති වෙන්නේ එවිටයි. විශේෂයෙන් කුඩා දරුවන්ට පොත් පත් කියැවීමට උනන්දු කිරීමට හොඳම අවස්ථවක්. නිදහසේ පොත් පත් අතර ඇවිද යන විට දරුවන්ටත් පොත් පත් වෙනුවෙන් ඇහැ ගැටේවි. එතැනින් නොනැවති පොතක් තමාටම මිළට ගැනීමේ උවමනාව දෙවනුව ඇති වේවි.ඒ නිසා කාලය සහ මුදල්ද සැලසුම් කර ගෙන Bad Wolf Book ප්‍රදර්ශනයට ගියොත් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුලුවනි.

නොකල යුතු දේ

ප්‍රදර්ශනයක පොත් පත් තබා තියෙන්නේ යම් වර්ගීකරණ පිලිවෙලක් අනුවයි. ඒ පිලිවෙල නිසා අපිට ඉතාම ඉක්මනින්පොතකට ප්‍රවේශ වෙන්න පුලුවන්. ප්‍රදර්ශනය සංවිධායකයින් විසින් තබා තිබෙන පිලිවෙල වෙනස් කලොත් එයින් අදහස් වෙන්නේ පොත නැති වුනාට සමාන පාඩුවක්. අවශ්‍ය පාඨකයාට අවශ්‍ය පොත් අවශ්‍ය වේලාවට නැති වෙනවා. ඒ නිසා පොත් පත් ස්පර්ශ කරන ඔබ ඔබට අවශ්‍ය නැත්නම් එය කියවා බලා අදාල තැනින්ම තබන ලෙස සංවිධාකයින් කාරුනිකව ඉල්ලා සිටිනවා. එවිට පොත් පත් අස්ථානගතවීම ඉබේටම වැලකෙනවා.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article