- Advertisement -

දරුවාගේ ආරක්ෂාවට මව්පියන් සිතිය යුතු කරුණු

-

විද්‍යුත් මාධ්‍යයන්ගේ බහුල වීම නිසා ලෝකයේ කොතැන කෛලස සිදු වෙන අනතුරක් අපරාධයක් ඇසිල්ලක පමාවෙන් අපට දැනගන්න ලැබෙනවා. මොනතරම් අපිට දැනුවත් වීමට මාර්ග තිබුනත් දින දිනම සමාජය පුරා දරුවන් මුල් කර ගත් අපරාධයන්ගේ ඉහළ යෑමක් මිසක් අඩුවක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දරුවන් මුල් කර ගත් අපරාධ සිදුවීමෙත් කිසිම අඩුවක් නැහැ. අනතුරු ගැන දැන දැනත් ඒවායින් මිදෙන්නට තරම් සමාජය තවමත් දැණුවත් වී නැහැ.

ඉස්සර කාලයේ අම්මා, අත්තම්මා, නැන්දා , මාමා ඇතුලු ඥාතීන් දරුවන් ආරක්ෂා කළේ ඇස් වගේයි. දරුවන් දොස්තරවරුන් , ඉංජිනේරුවන් කිරීමේ අරමුණු නොතිබුනත් ඔවුන්ගේ එකම අරමුණ වුනේ අතක් පයක් නොකඩා දරුවන් හදා ගන්නයි. සත්මහල් ප්‍රාසාද නොතිබුනත් දරුවා හිට වැටෙන කාලයට දොරෙන් පිටතට යන තැන් අසුරා දැම්මා. මිදුලේ තිබෙන ළිඳට වුනත් අනතුරු නොවෙන විදිහට ආරක්ෂා කලා. ඒත් අද දරුවාට පවුල තුලවත් මේ ආරක්ෂාව නැත්තේ ඇයි…?

- Advertisement -
මව්පියන් කාර්ය බහුලයි

මීට දශකයකට පමණ පොරතුව මව්පියන්ගේ ජීවිත ඉතාම සැහැල්ලුයි. පියා ආර්ථිකයට බර දුන් අතර අම්මාගේ ප්‍රධාන වගකීම වුනේ දරුවන් රැකබලා ගැනීමයි. ඒත් අද දෙනේනාම රැකියාවක නිරත වෙන නිසා මේ වෙනුවෙන් විකල්ප අවශ්‍යයි. දරැවන් බලා ගැනීමට යොදවන බාහිර පාර්ශවයන්ගෙන් දරුවන්ට පූර්ණ ආරක්ෂාවක් බලාපාරොත්තු වෙන්න බැහැ.

මව්පිය දූ දරු සම්බන්ධතාවය දුරස් වීම

එදා අම්මාගේ එකම සම්පත තමාගේ දරුවා. දරුවාට සිටින එකම ගැලවුම්කාරයා වුනේ අම්මා තාත්තා සහ සහ ලේ ඥාතීනුයි. ඔවුන් එදා කිව්වෙත් “මගේ මොකෝ…අක්කාගේ නංගිගේ දරුවා මොකෝ…” කියලයි. ඒත් අද දරුවා ගැන මේ විදිහට හිතන පතන සමාජයක් නැහැ. පවුල තුළ කොටින්ම කිව්වොත් තාත්තා, බාප්පා, මාමා, වෙන දෙයක් තබා සීයාගෙන් වුනත් දරුවාට අතවර වීමට තිබෙන පරිසරය විශාලයි.

අනතුරු විය හැකි වටපිටාව

අතීතයේ දරුවන් ජීවත් වුන පරිසරයට වඩා අද ඔවුන් ජීවත් වෙන පරිසරය බොහොම වෙනස්. විදුලි මෙවලම්, අනාරක්ෂිත ස්විච්, වතුර පිරුන තටාක, පොකුණු වගේම නිවසේ අයගේ ඖෂධ නිසාත් දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත බවට පත් වෙනවා.දරුවන් කුතුහලයෙන් පිරුන කොටසක්. ඖෂධ වුනත් ඔවුන්ගේ අතට පත් වුනාම කටේ දා ගන්නේ රසයට නොවෙයි, ඒ ගැන තිබෙන කුතුහලය නිසයි. ඒ නිසා දරුවන්ගේ අනතුරු කොතැන කොයි මොහොතකද යන තීන්දු තීරණ වැඩිහිටි අපට ගැනීම අපහසුයි.

දරුවාට පවුල ගැන දැණුවත්බව ලබා දෙන්න

අද ඔබ තුරුලේ හිටියත් හෙට අනිද්දා වෙන කොට ඔහු සමාජය සමග ගණුදෙණු පටන් ගන්නවා. එය වලක්වන්න බැහැ. ඒ නිසා දරුවා තමාගේ තරාතිරම ගැන දැනගැනීම වැදගත්. මව, පියාගේ නම දුරකථන අංකය, නිවසේ ලිපිනය, රැකියාව සහ සේවා ස්ථානයේ ලිපිනය යන කරුණු ඔවුන් දැන සිටීම වැදගත්. ඇතැම් දරුවන් වයස අවුරුදු දහය පහලොවක් වුනත් අඩුම වහයෙන් මව‍ගේ පියාගේ දුරකථන අංකයවත් දන්නේ නැහැ. සමහර දෙමව්පියන්නම් දරුවාගේ පොත් පත්වල නිවසේ දුරකථන අංකය සහ දෙමව්පියන්ගේ අංක සටහන් කරනවා. හදිසි අවශ්‍යතාවයක් වුනොත් දරුවා ගැන තොරතුරු ලබා ගැනීමට මේ නිසා පුලුවනි.

අනතුරු අවදානම ගැන දරුවාටත් කියා දෙන්න

දරුවන් ගැන අමුතු ආදරවන්තකම් දක්වන පිරිස් වෙතිනුත් ආරක්ෂාව ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. ඒ නිසා දරුවාට ඒ  ගැනත් තොරතුරු ලබා දීම වැදගත්.

මව්පියන් සමග සන්නිවේදනය ගොඩ නගා ගන්න

අද පවුලක් තුළ තිබෙන සන්නිවේදනය ඉතාම දුර්වලයි. උදේ පාන්දරින්ම නිවසෙන් පිටත්ව යන පවුල නැවත හවසට එක වහලක් යටතට ආවත් ඔවුන් ජීවත්වෙන්නේ විවිධ ලෝකයන්හි බව අමතක කරන්න එපා. එක් එක් අය රූපවාහිනිය, ජංගම දුරකථනය, පරිගණකය සමග නිවස තුළම හුදෙකලා වෙනවා. මේ නිසා දවසේ තොරතුරු බෙදා ගැනීමට අවස්ථාවක් නැහැ. එක් එක් අය තමාගේ දවසේ අත්දැකීම් ඔවුනොවුන් අතර බෙදා ගන්නවා නම් මත්ද්‍රව්‍ය වැනි අහිතකර දේ වෙනුවෙන් දරුවා යොමු වීමට තිබෙන ඉඩ පරිසරය වලක්වා ගත හැකියි. ඒත් අපි මේ ගැන දැනගන්නේ දරුවා මතට ගොදුරක් බවට පත් වුනාට පසුවයි.

මව්පියන්ගේ ඇවතුම් පැවතුම්

දරුමල්ලන් ලද විට දෙමව්පියන් එදා  ප්‍රවේසම් වුනා. අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්. දරුවන් නොව මුනුපුරන් ලැබුවත් දෙමව්පියන්ගේ සංවරයක් නැහැ. ඇතැම් අවස්ථාවන්හි මවගේ පෙම්වතා විසින් දරුවා ඝාතනය කිරීමට පවා යොමු වුන අවස්ථාවන් තිබෙනවා. ප්‍රේමාතුර මව්පියන් නිසා අකලට මිලින වෙන මල් කැකුලු ගැනත් අපේ අවධානය යොමු වීම ඉතා දැඩි අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article