දරුවෝ ඇති අම්මලා

happy_mother_and_new_born_baby

“දරුවන් තරම් සම්පතක් අම්මලාට නැත….” අපි සම්මතයට මේ විදිහට හිතුවත් සමහර අම්මලා තමන් මවක වීම ගැන තවමත් පසුතැවිල්ලෙන් පසු වෙන බව පසුගිය දා බීබිසී පුවත් සේවයේ සඳහන් වෙලා තිබුණා. මේ ආකල්පය ගැන අම්මාවරුන් විදිහට නම් හිතන්නත් අමාරුයි. දරුවෙක් බිහි කිරීම වෙනුවෙන් කායික වේදනාව දරු පැටියාගේ මුහුණ දැකීමත් සමග නැති වෙන තරම් දරු සෙනෙහසින් ඉපිලෙන කාන්තාවන්ට නම් මේ පුවත අහන්නත් අකමැති වෙන්න පුලවනි. ඒත් අපි අකමැත්තෙන් හෝ මේ ගැනත් අහල බලමු… අපේ ජනවහරට අනුව නම් වැලේ ගෙඩි වැලට බර නැහැ… එයින් අදහස් වෙන්නේ මවක් කිසිම දිනක දරුවන් තමන්ට බරක් විදිහට නොහිතන බවයි. ඒ වුන්ත අපේ රටේත් නව ජන්ම දරුවන්ගේ ජීවිතය හානි කරන්නට තරම් මව්වරුන්ගේ ක්‍රියාකලාපය වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා.

බිබිසි පුවත් සේවයේ වික්ටෝරියා ඩාබිෂර් (Victoria Derbyshire programme) වැඩසටහන විසින් අම්මාවරුන් වෙනුවෙන් සම්මුඛ සාකච්චාවක් පැවැත්වූවා. එහිදී පණස් හැවිරිදි මවක් වන “රේචල්” කියා සිටියේ “මට ඔරලෝසුව කරකවන්න පුලුවන් නම් මම දරුවන් හදන්නේ නැතුව සිටින බවයි…” ඇය තිදරු මවක්. ඇගේ බාලම දරුවාගේ වයස අවුරුදු දාහතක්. ඉතින් ඇය මේ විදිහට සඳහන් කරනු ලැබුවේ පියෙකු නොමැතිව දරුවන් හදා වඩා ගැනීමට ඇය විසින් දරණ ලද මහත් වෙහෙස නිසයි. සැමියා නොමැතිව දරුවන්ට ආරක්ෂාව දීමට සිදු වීම ඇයට අභියෝගයක් වුනා. ඇත්තටම ආපස්සට හැරී බලන විට මේ ගැන සතුටු විය හැකි වුනත් ඇය හිතන්නේ මේ තරම් කාර්යක් කරන්න තරම් ඇය මුහුකුරා ගිය තැනැත්තියෙක්ද යන්නයි.

මවක් දරුවන් බිහිකිරීමත් සමග ජීවිතය දුෂ්කර වන බව පොදුවේ පිළිගන්නා කරුණක් වන නමුදු, සියලු අභියෝග පරයමින් දරුවන් සිටීම සම්පතක් ලෙස සැළකීමට බොහෝ දෙමව්පියෝ හුරු පුරුදුව සිටිති.

අනවශ්‍ය අවස්ථාවකදී දරුවන් හැදිය යුතු නැහැ… මේ වැඩසටහනට සහභාගී වුන තවත් මවක් කියා සිටියේ දරුවන් හැදීම හොඳයි… ඒත් අනවශ්‍ය අවස්ථාවකදී මේ උගුලට වැටිය යුතු නැති බවයි. ඇය මේ විදිහට කිව්වත් නුවනැති අඹු සැමියන් විදිහට ඔබට මේ වෙනුවෙන් විකල්ප තිබෙනවා. ‍දරුවෙක් අහඹු ලෙස ගැබ් ගැනීම වලක්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය ක්‍රම සහ විධි තිබෙනවා. අවිවාහකබව, අනවශ්‍ය දරුවෙක්.. වැනි අවස්ථාවන්හිදී දරුවන් ගැබ් ගැනීම ගැන කිසිම මනාපයක් නැතැත් මේ පිලිබඳව තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. ඒ නිසා දරුවන් හැදීමේ උගුලට වැටුනා යැයි පසුතැවෙන්න කිසිම හේතුවක් නැහැ.

“මග හොඳට තිබේනම්
යන්න දෑසත් තිබේ නම්… ”
බැදිවල යෑම අවශ්‍යම නැහැ.

දරුවන් හැදීම තමන්ගේ ජීවිතයට බලපාන බව දන්නේ නැහැ

තවත් මවක් කියා සිටියේ දරුවන් හැදීම මේ තරමට මගේ ජීවිතයට බලපාන බව දැන සිටියා නම් මම දරුවන් හදන්නේ නැහැ… ඒත් සැබෑම මවක් නම් තමාගේ ජීවිතය පරදුවට තබා දරුවන් රැක බලා ගැනීමට යොමු වෙනවා. ඒවා සතුටක් මිස කරදරයක් විදිහට දැනේනේ නැහැ. මේ විදහට හදවතට දැනේනේ ඇය ඇත්තටම දරුවන් වෙනුවෙන් වූ බැදීමක් නැති නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ.

2016 වසරේ ජර්මනියේ පවත්වන ලද සමීක්ෂනයකට සහභාගී වුන මව්වරු 1200 ක් දෙනෙකුගෙන් 8% ක්ම කියා සිටියේ ඔවුන් දරුවන් ලැබීම ගැන කනගාටු වෙන බවයි. මෙම අධ්‍යනයේදී එක් මවක් කියා සිටියේ දරුවන් ලත් කාන්තාවන් අතර බොහෝ දෙනෙක් තුළ තමා මවක වීම ගැන පසුතැවීමක් ඇතැත් ඔවුන් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට මැලි බවයි. එය වරදකාරී ලෙසින් සමාජය හිතන නිසා සඳහන් නොකළත් ඇත්තටම ඔවුන් හිතින් පසුතැවෙන බවයි. මේ ගැන සමාජය විවෘතව කතා නොකරන නිසා බොහෝ දෙනෙක් තමාගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන බව ඒ මව්වරුන්ගේ අදහසයි.

මේ වගේ සිතුවිලිවලට බලපාන මානසික ප්‍රශ්න තිබෙනවා

අම්මාවරුන් සහ දරුවන් අතර තිබෙන සදාතනික බැඳීම පසෙක තබා උපන් හැටියේම දරුවන් ගඟක මුහුදට දමන මව්වරුන්ද නැතුවා නොවේ. එම සංසිද්ධීන් සමග ගලපා බලන විට අම්මාවරුන් තුළ ඉහත දක්වන අන්දමේ සිතුවිලිත් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ වෙනුවෙන් බලපාන මානසික ප්‍රශ්නත් තිබෙන බව අමතක කළ යුතු නැහැ.

මව මුහුණ දෙන මානසික ප්‍රශ්න

දරුවෙක් ලැබෙන්න සිටින අවධියේදී මව මුහුණ දෙන මානසික ප්‍රශ්න මේ තත්වයට හේතු වෙනවා. මව සහ දරුවා අතර ආදරයෙන් බැදීමක් ගොඩ නැගෙන්න නම් දරු ගැබ දරණ කාලයේදී අම්මාට බාහිර පරිසරයෙන් ලැබෙන ආදරය, පිලිගැනීම,ගරුත්වය සහ කරුණාව ඉතාම වැදගත් සාධක විදිහට සැලකෙනවා. මවට ලැබෙන සමාජ අප්‍රසාදය, අනාරක්ෂිත බව නිසා ඒ සියලු පීඩන පෙරලා දරුවා මුල් කර ගෙන ප්‍රතිචාර දැක්වීමට තරම් ප්‍රබල සාධක විදිහට පසුකාලයකදී බලපාන්න පුලුවනි. ඒ නිසාම දරු ගැබක් දරණ මවක වෙනුවෙන් සමාජයෙන් ලැබිය යුතු පිළිගැනීම සහ ආරක්ෂාව අනිවාර්යෙන්ම ලබා දීම වැදගත්.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here