- Advertisement -

දරුවන්ගේ මතට තිත

-

අපේම දරුවන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඉතා සිඝ්‍රයෙන් ඇබ්බැහි වීමේ අවදානමක් දැන් ගොඩ නැගනෙ බව ප්‍රසිද්ධ රහසක්. එක් එක් දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛන මගින්  මේ තත්වය තවත් තහවුරු කරනවා. වෙනදා මත්ද්‍රව්‍ය පාවිච්චිය ගැන චෝදනා එල්ල වුනේ පිරිමි දරුවන්ට විතරත් වුනත් දැන් අලුත්ම තත්වය අනුව ගැහැණු දරුවන් පවා මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වෙන බවට වාර්තාවන් තිබෙනවා. එහෙමනම් සංඛ්‍යා ලේඛන ගැන විමසමින් වැඩිහිටියන් විදිහට අපි දෙනෙත් වසා ගෙන සිටීම සාධාරණද…? දරුවන්ට ආදරයක් තිබෙන වැඩිහිටි පරම්පරාවක් විදිහට දරුවන්ගේ මතට තිත තැබීම යුගයේම අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. එහෙමනම් අපි දරුවන් මත්ද්‍රව්‍ය උවදුරු වෙනුවෙන් යොමු වීම වලක්වා ගන්නේ කොහොමද…?

දරුවා සමග කතා කරන්න

අද දරුවන්ට තමන්ගේ ගැටළු ප්‍රශ්න කතා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ ගැටළු දෙමව්පියන් විසින් කථා කළ යුතු වෙනවා. ඒත් අද අම්මලා හිතතන්නේ දරුවන්ගේ ජීවිතය තියෙන්නේ සිලබස් එකේ කියල නිසා ඔවුන් අධ්‍යාපනයෙන් ඔබ්බට දරුවාගේ වෙනත් අවශ්‍යතාවයන් බෙදා හදා ගැනීමක් නැහැ. ඒ නිසා දරුවා සමාජ විරෝධී කටයුතුවල යෙදෙන තෙක් දෙමව්පියන්ට ඒ ගැන දැණුවත්වීමක් ලැබෙන්නේ නැහැ.

- Advertisement -
දරුවා ඇසුරු කරන්නේ කවුදැයි බලන්න

අද දරුවන් අතර මත්ද්‍රව්‍ය රැල්ල ඉතා බරපතල විදිහට පැතිරී තිබෙන නිසා ඔබේ දරුවා වුනත් මෙහි ගොදුරක් විය හැකියි. සමවයස් කණ්ඩායම් අතර පවා ඇත්තේ තවත් කෙනෙක් මත්ද්‍රව්‍ය රැල්ලට ගොදුරක් කර ගැනීමේ චේතනාවයි. ඒ නිසා නිතරම දරුවා ඇසුරු කරන්නේ කවුදැයි සොයා බලන්න. සමහර අවස්ථාවලදී දරුවාට මේ තර්ජනය ඔබ සමග කියා ගැනීමට හැකියාවක් නොමැතිව පසුතැවිලි වෙනවා විය හැකියි. ඒ නිසා නිතරම දරුවාගෙන් ඔහු හෝ ඇය ඇසුරු කරන කණ්ඩායම් වෙතින් හිරිහැර කරදර තිබෙනවාදැයි විමසා දැනගන්න.

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලැබුනොත්

ඔබට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන් ගැන තොරතුරු ලැබුනොත් ඒ බව පාසලේ බලධාරීන්ට දන්වා සිටින්න. මෙම තොරතුරු රහසිගතව තබා ගෙන අදාල කරුණු කාරණාවන් සත්‍යද යන්න විමසා බැලීම පාසල් ප්‍රධාණීන්ගේ යුතුකමක්.

කිව්වේ කවුද කියල දැනගත්තොත්

අද බොහෝ තොරතුරු ගැන කිසිම කෙනෙක් සඳහන් කිරීමට අකමැති වෙන්නේ තොරතුරු ලබා දුන් අයගේ රහස්‍යබව ආරක්ෂා නොවන නිසා ඇති වෙන පසුවිපාක නිසාය. අහවලාගේ අම්මා හෝ තාත්තා පංතියේ දරුවන් ගංජා එහෙම නැත්නම් වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පැමිණිලි කලායැයි කිසිම විටෙක දැන ගැනීමට තැබීම නොකල යුතුයි. එවිට ඔබගේ දරුවා මත්ද්‍රව්‍ය භාවිතා කරන දරුවන්ගෙන් තාඩන පීඩනවලට ලක් වෙන නිසා තොරතුරු සත්‍යද යන්න සොයනවා විනා තොරතුරු දැනුම් දුන් අය ගැන ප්‍රසිද්ධ කිරීම නොකළ යුතු කටයුත්තකි.

ඔබේ දරුවාත් විශ්වාස නැත

අනේ අනිත් ළමයි වගේ නොවෙයි, අපේ පුතා හෝ දුව වැරැදි වැඩ වල යෙදෙන්නේ නැතැයි යන උපකල්පනයේ ස්ථාවරව සිටින්න එපා. ඔබේ දරුවා වුනත් මේ වැරැදි කටයුතුවලට යොමු වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා නිතරම දරුවාගේ හැසිරීම ගැන මෙන්ම ඔහු භාවිතා කරන හැසිරෙන තැන් ගැන ඔවුන්ට නොදැනෙන සේ විපරම් කරන්න. ඇතැම් විටෙක ආගන්තුක ටොපියක්, ලොසිංජරයක්, ඔබට හමු වුනොත් ඒ ඔස්සේ තව දුරටත් විමසිලිමත් වෙන්න. අද මත් ද්‍රව්‍ය වෛවාරන නිර්මාන ලෙසින් ඉදිරිපත් වෙන්න පුලුවන්. ඇතැම් ඔෟෂධ පවා මත්ද්‍රව්‍ය ලෙසින් පාසල් දරුවන් භාවිතා කරන යුගයක ඔබ නොදන්නවාට වඩා බොහෝ දේ දරුවන් දන්නා තැනට පත්ව සිටිති. එහෙත් ඔවුන් යම් වැරැදි කටයුත්තක යොමු වෙන අවදානමක් තිබේ නම් ඉතාම ඉක්මනින් ඒ වෙනුවෙන් තීරණ ගැනීම අවශ්‍ය වේ.

ලැජ්ජාවට කරුණක් නොවේ

ඔබේ දරුවා මත් ද්‍රව්‍ය වෙත ඇබ්බැහිව ඇත් නම් එය වසං කිරීම නොව ඔවුන් එම වැරැදි කටයුත්තෙන් මුදවා ගැනීම අනිවාර්යෙන් කළ යුතුය. මේ ගැන කියන්නේ කාටද කියමින් තනිවම විසඳුම් සෙවිය  යුතු නැත. මත්ද්‍රව්‍ය නිවාරන ඒකක වෙතින් හෝ ආසන්න රෝහල මගින් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔබට තොරතුරු ලබා ගැනීඹ පහසු වේ.

පුනරුත්ථාපනය කලා.. දැන් හරි

ඔබේ දරුවා මත්ද්‍රව්‍ය වෙත යොමුව සිට පුනරුත්ථාපනයෙන් පසුව දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා නම් නැවත මෙම වැරැදි කටයුත්තට යොමු නොවේ යැයි සහතික වීමට නොහැකියි. ඒ නිසා නිරන්තරවම ඔහු හෝ ඇය ගැන අවධානයෙන් සිටින්න.

රෑ වැටුන වලේ දවල් වැටෙන්නට ඉඩ තැබිය යුතු නැත. පුනරුත්ථාපනයෙන් පසුව අදාල ආයතන හෝ වෛද්‍යවරුන් විසින් දරුවාගේ හැසිරීම් රටාවන් අධ්‍යනයට සහ ඔහු වෙනුවෙන් අවධානය දැක්වීමේ පිලිවෙත් ගැන වැඩිහිටියන් දැණුවත් කිරීමක් සිදු වෙනවා. ඒ අන්දමට ඔබ දරුවා පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන්න. මත්ද්‍රව්‍ය නිසා අනාගතයේදී ඔබේම දුව පුතා ශාරිරික ලෙසින් සහ මානසික රෝගී තත්වයක ගොදුරක් වුවහොත් ඒ පශ්චත්තාපයෙන් කිසිම දිනක ඔබට මිදෙන්නට නොහැකියි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article