- Advertisement -

තම සිරුරේ පෞද්ගලිකත්වය රැකගන්න දරුවන්ට කියා දෙන්න

-

කුඩා කාලයේ සිටම, තම ශරීරය ආරක්‍ෂා කරගැනීමට වයසට සරිලන පරිදි දරුවන් දැනුවත් කිරීම , ළමා අපයෝජන අවම කර ගැනීමෙහි ලා අතවශ්‍ය කාරණයකි.

( 2016 වසරේදී ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති ළමා ලිංගික අපයෝජන පිළිබද පැමිණිලි සංඛ්‍යාව 1257 කි. – දත්ත උපුටා ගැනීමකි )

- Advertisement -

ඇත්තටම ඉහත සංඛ්‍යාව මේ වන විට තවත් වැඩිවෙලා ඇති නේද ? පුවත් පත්, රුපවාහිනී / ගුවන් විදුලි පුවත් , සමාජ ජාලා ඇසුරෙන් අපි දකින්නේ අසන්නේ මෙවන් දේ ගැනමයි නේද ?

මෙවන් වකවානුවක වැඩිහිටියන් විදියට අප දරුවන් ආරක්‍ෂා කර ගන්න ඔවුන් පසුපස නිරන්තරයෙන් ගැවසෙමින් සිටීම විතරක් ප්‍රමාණවත් ද ? අපිට හැමදාම හැම මොහොතකම ඔවුන් පසුපසම ප්‍රයෝගිකව සිටිය හැකිද ? ඔවුන් තනිවන අවස්ථාවන් අනන්තවත් ඔවුන්ට උදා වෙනවා නේද ?

කුඩා දරුවන්ගේ ශරීරය ඔවුන් විසින්ම ආරක්‍ෂා කර ගැනීම ගැන ඔවුන්ව දැනුවත් කිරිම අද කාලයේ හැටියට ඉතා කාලෝචිත යයි මම සිතනවා. මෙය ඔබට අලුත් කාරණයක් නොවෙන්නට පුළුවන්. බොහෝ සමාජ සංවිධාන වලින්ද මේ පිලිබදව දැනුවත් කිරීම දැන් පුළුල් ලෙස සිදු කෙරෙමින් පවතිනවා. මේ ගැන තවමත් ක්‍රියාත්මක නොවූ මව්වරු පියවරු සහ භාරකරුවන් සිටී නම් මේ පුංචි සටහන ඔවුනට වැදගත් වේවි.

දරුවන්ට ලිංගික අපයෝජන විය හැකි ක්‍රම කීපයක් සඳහන් කලොත් :

දරුවා ගේ ගුරුවරුන් ගෙන් : මම මෙය විශේශයෙන් සදහන් කලේ දිවා කාලයේ වැඩි කාලසීමාවක් දරුවා ගත කරන්නේ පාසලේ, අමතර පන්ති, පාසල් කාල සීමාවෙන් පසු පවත්වෙන ක්‍රීඩා පුහුනුවීම් හෝ වෙනත් විශය බාහිර ක්‍රියාකරකම් වලයි. අද අපට අසන්නට ලබෙන පුවත් ගැන මා අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. ඒ නිසා එම ගුරුවරුන් සහ පාසලේ / පන්තියේ භාරකරුවන් ගැන සොයා බැලීම අපගෙ යුතුකමයි.

නන්නාදුනන පුද්ගලයන් ගෙන් : මොවුන් දරුවන් සමග හිතවත් වීමට ඉඩ කඩ අැත්තේ දරුවන් කැමති කෑමක්, විසිතුරු දෙයක්, සෙල්ලම් බඩුවක් වැනි දෙයක් ලබා දීමෙන් වෙන්න පුලුවන්. එමෙන්ම අනවශ්‍ය ආකාරයේ ආදර කරුණාවක් දක්වා ලමුන් ආකර්ශනය කර ගන්නටද පුලුවන්. මෙවන් අයට මුහුන දෙන ආකාරය ගැන ඔබ දරුවාට කියා දෙන්න.

නෑදෑයන් / හිත මිතුරන් : මෙය විය හැකි සම්භාවිතාව අවම වුවත් මෙය සිදුවිය හැකි ඉතා භයානකම ආකාරයයි. මෙවන් අවස්ථා වලදී දරුවන්ට තම සිරුර ආරක්ශා කර ගැනීමට කියා දී තිබීමම, ඔවුන්ට අනතුර හදුනා ගැනීමට රුකුලක් වේවි.

මම සමාජ ජාල පරිහරණයේ දී මේ සම්බධයෙන් හමුවූ සරළ නමුත් අගනා වීඩියෝවක් ඇසුරු කර ගනිමින් මෙය ලිවීමට සිතුවෙමි. දරුවන්ට තේරෙන භාෂාවෙන් මේ ලිංගික අපයෝජන වලින් මිදීමට අපි ඔවුන් මෙසේ දැනුවත් කරමු.

“එපා” කියන්න – යන්න – කියන්න – හිනැහෙන්න

“පුතා / දූ , ඔයා දන්නවද ඔයාගේ ඇගේ තියෙන ඔයා විතරක් අල්ලන්න ඕන තැන් ටික ? ඔයාගේ තොල් , පපුව , ඒ වගේම කකුල් අතරේ තියෙන කොටස් ඒ කිව්වේ පුතා / දු චූ දාන තැන , ඇයි තව කක්කි දාන තැන. ඒ තැන් ඔක්කොම ඔයාගේ විතරයි. කවුරුහරි ඒවා ඔයාට කරදරයක් , අපහසුවක් වෙන විදියට අල්ලනවනම් ඔයාට තේරෙනවනේ පුතේ / දුවේ.. එතකොට ඔයා කෑ ගහල “එපා” කියල කියන්න. එහෙම කියල එතනින් දුවල යන්න. ගිහින් ටක් ගලා ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න මේ ගැන. ඔයාගේ අම්මා, තාත්තා, ආච්චී,සීය නැත්නම් ගුරුතුමී .. මේ ඕන කෙනෙක්ට කියන්න පැටියෝ .. සද්ද නැතුව ඉන්න නම් එපා හොඳේ ?  ඔයා මේ විදියට කලොත් ඔයාට හැමදාම හිනාවෙලා ඉන්න පුළුවන්”

අද කාලේ දෙමව්පියන් හුඟක් බුද්ධිමත්. ඉස්සර වගේ නෙමෙයි, දරුවන් සමග මිතුරන් ලෙස අදහස් හුවමාරු කර ගන්නවා. මෙවන් දේ ගැන කථා කරන්නත් ඔබ ලැජ්ජා විය යුතු නෑ. අද කාලේ දරුවන්ට හොදින් සමාජ අවබෝධය තියෙනවා. ඔවුන්ට දේවල් පැහැදිලි කර දුන්විට හොඳින් වටහා ගන්නවා.

ඕගොල්ලන්ගේ අදහසුත් බෙදා ගනිමුද මේ ගැන ?

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article