දරුවන්ගේ ඉන්ද්‍රිය සංවර්ධනයට වැලි සහ වතුර සමග කරන ක්‍රියාකාරකම් ඉතාම වැදගත්. ළදරු අධ්‍යාපනය පිලිබඳ මාරියා මොන්ටිසෝරි සදහන් කරන අන්දමට අපිට දරුවන් මුල් කර ගෙන පරිසරයෙන් දැනුම ලබා දෙන අතරම ඔවුන්ගේ ඉන්ද්‍රිය සංවර්ධනයට පමණක් නොව දැනුම වෙනුවෙනුත් යමක් කිරීමට පුලුවනි. අද බොහෝ අම්මමලා තමන්ගේ පහසුවට ආලින්දයේ හෝ වෙනත් ඉඩ පරිසරයක් ඇති තැනක කොටුවක් සාදා එහිි සෙල්ලම් බඩු සමග දරුවා රඳවා තබනවා විනා ඔවුන්ට ගහක් ,කොළක්, නිලක් වටපිටාවක් පෙන්වන්නේම නැහැ. දරුවන්ගේ ආරක්ෂාවට වගේම දරුවා සමග මවට කාර්යන් ඉටු කර ගැනීමට මේ තත්වය ගොඩ නගා ගත්තත් ඔබට හැකි විටෙක හෝ දරුවාට පරිසරයේ මෙවන් සිදුවීම් පෙන්වා දීමට උනන්දු වුනොත් අනාගතයේදී පරිසර හිතකාමී දරුවෙක් ලෝකයට දායාද කරන්න පුලුවනි.
පරිසර ගවේශනයෙන් දරුවාට ලැබෙන වාසි
දරුවා පරිසරය සමග ගනුදෙණු කරන විට ඔහුගේ ඉන්ද්‍රියයන් සංවේදී වෙනවා. ඇසට යම් යම් දේ දැකීමටත්, බල්ලෙක් බුරන, බල්ලෙක් කෑගසන කුරුල්ලෙක් නාද කරන හඩ දෙසට අවධානය දැක්වීමටත්, ගඳ සුවද වෙනස, මෘදු සහ තද බව වැනි සංවේදන හඳුනා ගන්නවා.
කුතුහලය :
පරිසරයට නිරාවනරය වුනාම දරුවාට විවිධ කුතුහලයන් ඇති වෙනවා. “ගිරවුන්ගේ පිහාටු කොළ පාට ඇයි… , අහස නිල් ඇයි…” මෙවන් විවිධතාවයන් ගැන දරුවා නිරීක්ෂනය කිරීම පටන් ගන්නේ අවට පරිසරය සමග ගොඩ නගා ගන්නා සම්බන්ධතාවයන් නිසයි.
අත්දැකීම් :
පරිසරය නිසා දරුවන්ට බොහෝ අත්දැකීම් ලැබේවි. ඔවුන් මුලින්ම අත්දැකීම් ලබා ගන්නේ පරිසරයෙන්. මාළුවන් ගොඩට ගත් විට මියයන බව, සමනළ තටු ඉතා සිනිදු බව , මුහුදු රැළ නැගී බිෙඳෙන බව වැනි අත්දැකීම් පොත පතින් කියනවාට වඩා තමාගේම අත්දැකීමෙන් ලබා ගැනීම ආරම්භ වෙන්නේ ඔවුන් සහ පරිසරය අතර තිබෙන සම්බන්ධතාවය නිසයි.
අපිට ඉතින් පරිසරය පෙන්වන්නත් වෙලාවක් … ඉඩක්
ඔබ උදේට මිදුල අමදින විට දරුවාටත් පුංචි ඉදලක් දෙන්න. ඉස්සර කාලයේ නම් පොල් අත්තේ රටාවට වැඩිහිටියන් මිදුල ඇමදූ පිලිවෙල අද නැතැත් හැකි අන්දමින් හෝ දරුවාටත් මිදුල ඇමදීමට ඉදලක් ලබා දෙන්න. මිදුල අමදින අතරවාරයේම ඔවුන්ට පුංචි පාඩමක් කියා දෙන්නත් පුලුවන්. මිදුල ලස්සනට තිබුන විට හිතට ඇති වෙන සතුට, අද දවසේ නම් ඩෙංගු වැනි මදුරුවන් බෝවීම වලක්වා ගැනීමට ඇති හැකියාව කියා දෙන්න පුලුවනි. සෙල්ලම් අවසාන වූ විට ආම්පන්න තැන තැන දමා පැමිනියොත් මිදුල අපිරිසිදු වෙනවා වගේම රෝග බෝ වෙන මදුරුවන්ට නිවාස සැදෙන බවත් කියා දීමට පුලුවනි.
මිදුල ඇමදීමෙන් පසුව කෝටුවකින් යම් යම් රටාවන් හෝ සතුන්ගේ රූප ඇඳ දරුවා සතුටු කරන්න පුලුවනි. ඉස්සර කාලයේ අම්මලා අත්තම්මලා දරුවන්ට සතුට ලබා දුන්නේ මේ විදිහටයි. ඔබ මේ පුංචි කවි පද අසා තිබෙනවාද..?
” මට මතකයි මට මතකයි සීයා අපේ තුම්
මිදුල පුරා කෝටුවකින් ගෝනෙක් ඇඳ දුන්…”
ඉතින් අද දරුවන්ට එවන් පරිසරයක් නැතැත් පුංචි හෝ ඉඩක් තිබෙනවා නම් මේ අන්දමට දරුවන් සතුටු වෙන පුංචි සිතුවම් හෝ රටාවන් ඇදීමෙන් ඔවුන් සතුටු කරන්න පුලුවනි.
ගහ කොළ හදුන්වා දෙන්න
කාලයක් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලදී විශාල ආන්දෝලනයක් නැගුනේ පරිසරය ප්‍රශ්නවලට ගමේ දරුවන් වැඩි ලකුනු ලබන නිසා ඔවුන්ගේ සමත්වීම ඉහල බවයි. ඊට හේතුව වන්නේ මේ දරුවන් නගරයේ දරුවන් මෙන් නොව පරිසරයට සම්බන්ධව සිටීමයි. ජීවියෙකු ලෙසින් උපත ලද ඔබේ දරුවාටත් කිසිම දිනක පරිසරයෙන් දුරස්ව සිටින්න බැහැ. ඒ නිසා නිතරම ගහ කොළ සතා සිවුපාවා ගැන කියා දෙනන්. හවසට නිදා ගන්නා පැලෑටි පොත පතින් කියා දෙනවාට වඩා නිදිකුම්බා පැලයක්, සියඹලා ගහක් දකින විට මතකයට නැගේවි. කුප්පමේනිය පැලයක් සමග බළලෙක් සෙල්ලම් කරන අන්දම දකින දරුවාට ඒ ගැන නැවත නැවත කියා දීම අවශ්‍ය නැත. බල්ලාගේ බිරීම, බළලාගේ ඤාව් ශබ්දය අනුව එක් එක් සතුන්ගේ නාද නිරීමේ වෙනස්කම් ඔවුන්ට හොදින්ම හුරු පුරුදු වෙනු ඇති.
පරිසරයට සම්බන්ධ වුනාම ලැබෙන වාසි
දරුවෙක් පරිසරය සමග සම්බන්ධ වුනාම ඔවුන් ඉතාම හොදින් පරිසරය නිරීක්ෂනය කිරීමට යොමු වෙනවා. ඒ වගේම පරිසරයේ රටාව හොදින්ම තේරුම් ගැනීමට සමත් වෙනවා. පරිසරයට ආදරය කරන වගේම තමා ජීවත්වෙන වටපිටාව ලස්සනට තබා ගැනීමට දරුවා මූලිකම අධ්‍යාපනය ලබා ගන්නේ අතදරු කාලයේ පටන්ම දෙමව්පියන් විසින් අවට වටපිටාව ට දරුවන් සම්බන්ධ කිරීමෙන් වුනත් බොහෝ දෙමව්පියන් ඒ ගැන සැලකීමක් දක්වන්නේ නැහැ. ඒත් ඔබ බාල කාලයේ පටන්ම දරුවා පරිසරයට සමීපව සම්බන්ධ කලොත් අනාගතයේදී ඔබේ දරුවා පරිසරයට ආදරය කරන දරුවෙක් බවට පත් වෙනු නොඅනුමානයි.