- Advertisement -

දරුවන්ට හොඳම දේ ලැබෙනවාද….?

-

දරුවන්ට හොඳම දේ කිව්වත් සමහර විට දෙමව්පියන් තුළත් හොඳම දේ තෝරා ගැනීමට තිබෙන නොදැණුවත්කම නිසා පුංචි පුංචි අඩුපාඩු සිද්ධ වෙන්න පුලුවනි. ඕටස් කියන්නෙත් අපෙන් මග හැරෙන ආහාරයක්. පහසුවෙන් සාදා ගන්න පුලුවන් ඕට්ස් දරුවන්ට විතරක් නොවෙයි වැඩිහිටි අපටත් බොහොම ගුණදායකයි.

ඇවේනා සැටිවා (Avena Sativa) යන ධාන්‍ය ගසෙන් ලබා ගන්නා ඕට්ස්වල ඉතිහාසයත් හරිම අපූරුයි. පුරාණ කාලයේ රෝම ජාතිකයන් ඕට්ස් ගැන එතරම් වැදගත් තක්සේරුවක් ලබා දුන්නේ නැහැ. ඔවුන් ඕට්ස් සැලකුවේ අශ්ව ආහාරයක් විදිහටයි. බ්‍රිතාන්‍ය ජාතිකයින් මුලින්ම ඕට්ස් ආහාරයට ගත් අතර අද වෙන විට කැනඩාව, රුසියාව,ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල ඕට්ස් ඉතා ජනප්‍රිය ආහාරයක්.

- Advertisement -
ඕට්ස් වර්ග කීපයක් තිබෙනවා…

ස්ටීල් කට් :  ස්ටීල් කට් යනුවෙන් හැඳින්වෙන්නේ ඕට්ස් ඇටය කුඩා කොටස්වලට කැපීමෙන් සාදා ගන්නා විහේෂයක්. අයිරිස් සහ ස්කොටිෂ් ඕට්ස් යන නමිනුත් හැදින්වෙන ස්ටීල් කට් විශේෂය එළවලු සමග තම්බා අහාරයට ගැනීමට පුලුවනි.

රෝල්ඩ් ඕට්ස් : ස්ටීල් කට්වලට වඩා පහසුවෙන් තැම්බෙන මේ වර්ගයේදී ඕට්ස් පෙති විදිහට දකින්නපුලුවන්.

ඉන්ස්ටන්ට් ඕට්ස් : ක්වික් ඕට්ස් යන නමිනුත් හැදින්වෙන මේ වර්ගය ඉතාම ඉක්මනින් සාදා ගන්න පුලුවන්.

සෞඛ්‍යයමය  වාසි
ඕට්ස් නිසා අපිට ලැබෙන සෞඛ්‍යය වාසි බොහොමයක් තිබෙනවා. ඉතාම පහසුවෙන් අහිතකර කොලස්ටරෝල් LDL මට්ටම අඩු කර ගන්න පුලුවන්. හදවත් රෝග වෙනුවෙන් මේ අහිතකර කොලස්ටරෝල් මගින් ඇති වෙන බලපෑම ගැන කියන්න තව අතුරු කතා අවශ්‍ය නැති බව ඔබ දන්නවා. හදවත් රෝග වෙනුවෙන් වඩාත් වැඩි බලපෑමක් ඇති කරන්නේ අඩු ඝනත්ව ලිපොප්‍රෝටීනයි. ඒත් 1963 වසරේ සිදු කරන ලද සමීක්ෂනයකින් හදුනා ගත් අන්දමට ඕටස්වල අන්තර්ගත බිටා ග්ලුකැන් beta-glucan fiber තන්තු මගින් රුධිරයේ කොලස්ටරෝල් සංසරන මට්ටම අවම කිරීමේ හැකියාවක් තිබෙනවා.

දවසකට ඕට්ස් ග්‍රෑම් තුනක් ආහාරයට ගැනීමෙන් අහිතරක කොලස්ටරෝල් මට්ටම 8% සිට 23 % දක්වා පහළ මට්ටමට පත් කර ගන්න පුලුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ වසර 19 ක් පුරා වැඩිහිටියන් දස දහසක් දෙනා සම්බන්ධ කර ගෙන අධ්‍යනයක් පවත්වන ලද අතර එහිදී පෙනී ගියේ දිනකට ඕටස් තන්තු ආහාරයට ගත් පුද්ගලයන් කිරීටක ධමණීන් ආශ්‍රිත ආබාධ තත්වයන්ගෙන් ආරක්ෂාව ලද බවයි.

අපේ සිරුරේ ඇති මුක්ත ඛණ්ඩක හෙවත් free radicals මගින් හෘදය වස්තුවේ පටක විනාශ කරන අතර ඒ තත්වය හෘදයාබාධ වෙනුවෙනුත් හේතු වෙනවා. ඊට හොඳම පිලියම ඕට්ස් වලින් ලබා ගන්න පුලුවනි. ඕට්ස්වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් විටමින් සී සමග සංයෝග වෙලා අහිතකර කොලස්ටරෝල් මගින් සිදු විය හැකි හානිය අවම කරනවා.

දියවැඩියා රෝගීන් වෙනවෙනුත් ඕට්ස් නිර්දේශිතයි. ඊට හේතුව වෙන්නේ ඕට්ස් මගින් ආහාරවල තිබෙන ග්ලූකෝස් රුධිරය වෙත උරා ගැනීම ප්‍රමාද කරන නිසා ඉන්සියුලින් ඉන්සියුලින් සංවේදීතාවය ඉහල යෑමත් ඕට්ස් ආහාරයට ගැනීමෙන් ඇති වෙනවා.

සිරුරේ බර අඩු කර ගන්න ජිම් යෑම වෙනුවට ඕට්ස් ආහාරයට ගෙන බලන්නකෝ..

ඕට්ස් මගින් සිරුරට ලැබෙන්නේ අඩු කැලරි ශක්තියක්. ඒ නිසා තරබාරුවෙන් මිදෙන්න පුලුවනි. ඉතින් මොකටද නේද ජිම් යන්නේ…ගෙදරදීම තරබාරුවෙන් මිදෙන්න පුලුවන් නම්. ඒ වගේම රුධිර පීඩනය අවම වෙනවා විතරක් නොවෙයි, තරුණ පෙනුමත් රැක ගැනීමට කදිම ආහාරයක්. සමේ කැසීම, සමේ වියලි බවටත් ගුණ ලබා දෙනවා. තන්තු බහුල නිසා මල බද්ධයට පහසුවෙන්ම විසදුමක් ලැබෙනවා.

ඕට්ස්වල පෝෂණීය අගය  : 

(ඕටස් ග්‍රෑම් 100 ක පෝෂණීය අගය %)

  • මැග්නීසියම් 64
  • පොස්පරස් 29
  • කොපර් 27
  • විටමින් බී 1 25
  • මැග්නීසියම් 17
  • තන්තු 17
  • ක්‍රොනියම් 15
  • ප්‍රෝටීන් 13

ඕට්ස් තන්තු බහුල නිසා පිලිකාවන්ගෙන් විශාල ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. මහා බ්‍රිතාන්‍යයේ කාන්තාවන් අලලා සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ ඕට්ස් ආහාරයට ගන්නා කාන්තාවන් පියයුරු පිලිකාවන්ගෙන් ආරක්ෂාව ලබන බවයි.

බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ ඕට්ස් ආහාරයට ගැනීමෙන් බැක්ටීරියා වැනි රෝග තත්වයන්ට එරෙහිව ශරීර ප්‍රතිශක්තිය හඹා යන ඔබට දරුවන්ට වගේම පවුලේ හැම දෙනාටම ඉතා පහසුවෙන් පිළියෙල කර ගත හැකි ඕට්ස් එක් කර ගන්න පුලුවන්.

මේ ටිකත් මතක තබා ගන්න…

ඔබ දැනටමත් අහිතරක කොලස්ටරෝල් මටට්මේ වගේම හදවත් රෝග සංකුලතාවයන්ගෙන් පෙලෙනවා නම් ඔට්ස් පිලියෙල කරන විට යොදය සහිත කිරි වෙනුවට මේද රහිත කිරි පාවිච්චි කරනන්. අලිගැටපේර, නිවිති වැනි හදවතට ගුණ දෙන අතිරේක වෙනුවෙන් යොමු වුනොත් ඒට්ස් ගුණ ලබා ගැනීම ඉතාම පහසුයි.

මුලාශ්‍රය (Cade JE, Burley VJ, et al., International Journal of Epidemiology).

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article