- Advertisement -

පිරිසුදුකාරක සහ විෂබීජ නාශක හිතන තරම් සුබ නැහැ

-
“දත් කැකුළු පාලා
සුරතල් සිනාසීලා
බොලඳ බස් දීලා
කෙලී සියොලඟ දූලි ගාලා…”

 

එදා දරුවෙක් ගැන කතා බහ ගොඩ නැගුනේ මේ විදිහටයි. ඒත් අද අම්මලා විෂබීජ වෙනුවෙන් දක්වන්නේ බියක්. එක අතකට අම්මලාගේ පැත්තත් සාධාරණයි. මොකද කිව්වොත්.. දරුවෙක් ලෙඩ වුනාම ගෙදර සුරතලයාට ඇති වෙන වේදනාව. අනිත් පැත්තෙන් දරුවා වේදනාවෙන් පීඩා විදිනවා දකිද්දී දෙමව්පියන්ට දැනෙන මානසික කම්පනය. මේ නිසාම අද දරුවන්ගෙන් විෂබිජ දුරස් කිරීමට දෙමව්පියන් විශාල උත්සාහයක් දරනවා. ඒ නිසා නිතරම දරුවා කාලය ගත කරන පරිසරය පිරිසිදු කරනවා. ඒත් මේ පිරිසිදු කිරීමට යොදා ගන්නා විෂබීජ නාශක සහ රසායනයන් නිසා ඇති වෙන අතුරු විපාක ගැන දෙමව්පියන් යමක් දැන සිටියොත් වඩාත් අගෙයි නේද…?

මෙම පර්යේෂනය සිදු කරනු ලැබුවේ කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසිනුයි. එහි ප්‍රධාණී ලෙස Anita Kozyrskyj, කටයුතු කළ අතර 2009 වසරේ මෙම අධ්‍යනය සතුන් ආශ්‍රය කර ගෙන සිදු කරනු ලැබුවා. එම අධ්‍යනයට සමගාමීව මෙම කණ්ඩායම විසින් පිරිසිදුකාරකයන්ගේ රසායනයන් දරුවන්ට බලපාන්නේ කෙසේදැයි අවධානයට ලක් කරනු ලැබුවා.

- Advertisement -

මේ අධ්‍යනය වෙනුවෙන් මාස 3 සිට 4 අතර දක්වා වූ දරුවන් 750 දෙනෙක් සම්බන්ධ කර ගත්තා. ඇත්තටම මේ කාලයේදී හැම දෙමව්පියෙක්ම තමාගේ දරුවන්ගේ ශාරිරික පවිත්‍රතාවය වගේම පරිහරණය කරන භාණ්ඩ, රෙදි පිලි යන සෑම දෙයක් ගැනම විශේෂ අවධානයක් දක්වනවා. ඒ නිසාම මේවායේ විෂබීජවලට දරුවන් නිරාවරණය වෙතැයි වූ බිය නිසා විවිධ රසායනයන් අඩංගු සේදුම් සහ විෂබීජනාශක දියර භාවිතා කරනවා.

කොයි දෙයක් වුනත් පමණ ඉක්මවා හොඳ නැහැනේ.. ? අපි ඒ බව දන්නවා. පිරිසිදුකාරක වෙනුවෙනුත් කියන්න තියෙන්නේ ඒ දෙයයි. ඒ වගේම මේ දරුවන්ට සාපේක්ෂව පිරිසිදුකාරක සහ විෂබීජනාශක භාවිතා නොකරන දරුවන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය ඉහල අගයක පැවැතුනේ නැහැ. මේ සම්බන්ධතාවය තහවුරු කිරීමට තව දුරටත් පර්යේෂණ අවශ්‍ය බව මේ කණ්ඩායමේ අදහසයි. ඒ වගේම ඔවුන්ට මේ නිෂ්පාදන සමාගම් වෙතින් චෝදනාවක්ද පැමිණියා. කෙසේ හෝ වේවා ඉදිරි අධ්‍යනයන් මගින් මේ පිලිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි. කොහොම වුනත් වඩාත් පරිසර හිතකාමී දේ වෙනුවෙන් යොමු වීම වැදගත් බව ඔවුන් මෙම අධ්‍යනයෙන් සමාජයට ලබා දුන් පණිවිඩය බවට පත්ව තිබෙනවා.

ඒ නිසා ස්වභාවික පිරිසිදු කාරක වඩාත් හොඳයි යන අදහස මේ පර්යේෂකයින් විසින් ඉදිරිපත් කලා. ඒ ගැන කිව්වාම දැන් ඔබටත් සමහර විට බාල කාලය මතකයට නැගේවි.

ඉස්සර කාලයේ දරුවන්ට බෝවෙන රෝගවලින් ආරක්ෂාව ලැබීමට අපුරු ස්වභාවික ආරක්ෂක තිබුනා. කොහොඹ කොළ එල්ලීම. ඒ වගේම දරුවාගේ අතේ පෙරුම්කායම් ගැට ගැසීම, කහ දියර ඉසීම වැනි ස්වභාවික දේ භාවිතා කළා. එහෙමනම් ඉදිරියටත් පරිසර හිතකාමී විදිහට දරුවන් වෙනුවෙන් පිරිසිදුකාරක සහ විෂබීජ නාශක භාවිතා කිරීමට දැන් කාලය එලැඹ ඇති බව හැගෙනවා නේද….?

CNN Health’s weekly newsletter ලිපිය ඇසුරිනි

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article