- Advertisement -

ගෙදරට තීන්ත ආලේප කිරීමට පෙරාතුව…

-

අලුත් අවුරුද්දක් ලඟ එන නිසා අපි කවුරුත් නිවෙස් ලස්සන කිරීමට දැන් ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ වගේම නිවසේ තීන්ත ආලේප කිරීමටත් උනන්දු වෙන මේ කාලයේදී සායම් තෝරා ගන්නේ කොහොමද කියල ටිකක් හොයල බැලුවොත්.

වර්ණ වලින් අපේ මනසට විශාල බලපෑමක් සිද්ධ වෙනවා. මේ නිසා අපි වර්ණ තෝරා ගැනීමේදී ඒ ගැන උනන්දු වීම ඉතාම වැදගත්. අතීතයේදී වගේ නොවෙයි, දැන් නිවෙස් අලංකාර කිරීමට විවිධ වර්ණ යොදා ගනන්වා. එක නිවසක වර්ණාවලියක් අපිට දැක ගන්න පුලුවනි. පුරාණ කාලයේදී විවිධ ප්‍රතිකාර වෙනුවෙනුත් වර්ණ යොදා ගෙන තිබෙනවා. මිසරය, ග්‍රීසිය, වැනි රටවල්වල ප්‍රතිකාර සඳහා වර්ණ භාවිතා වුනා.

- Advertisement -
රෝස වර්ණය :

ආයේ කියන්නත් දෙයක්යැ නේද…? කාන්තාවන්ගේ වර්ණයනේ… මේ නිසා ගැහැණු දරුවන්ගේ කාමරයේ ආලේප කිරීමට ගැලපෙනම වර්ණයයි. මානසික සන්සුන් බව ඇති කරන මේ වර්ණය ගැහැණු දරුවාගේ කාමරයට ආලේප කිරීම යහපති.

සුදු වර්ණය :

අපෝ පිරිමහන්න බැහැ… ඉක්මනින්ම කිලුටු වෙනවා. ඒත් සුදු පැහැය කියන්නේ පවිත්‍රතත්වයේ සංකේතයක්. සිතට නිවුන බවක් ඇති කරන සුදු වර්ණය ගැබිණි අම්මාගේ කාමරයට ඉතාම ගැලපෙනවා.

අළු වර්ණය :

අළු මලානික වර්ණයක් බව හැබෑව.. ඒ වුනත් බිත්තිය අපිරිසිදු වුනත් ඒවා ඉස්මතු වෙන්නේ නැහැ.ඒ වගේම වර්ණ පිලිබඳ විශේෂඥයින් කියන්නේ අලු පැහැය හිත සැහැල්ලු කරන වර්ණයක් බවයි. අලු පැහැයට අකමැති නම් නිල් හෝ සුදු වර්ණය සමග මිහ්‍ර කර ගෙන ආලේප කරන්න.

කහ වර්ණය :

හිතේ ප්‍රබෝධවත්බව සහ අලුත් බවක් ඇති කිරීමට කහ වර්ණය උපකාරී වෙනවා. අපේ ජීවිතයට අලුත් වීමක් අවශ්‍යයි. එහෙ නැති වුනොත් ජීවිතය විඩාවක්. නිවසේ තිබෙන අදුරු අහුමුලු සිරිකතගේ පැමිනීමට බාධා කරන බව අපේ ජන සම්මත විශ්වාසයක්.

නිල් වර්ණය :

නිල් පැහැති වර්ණය නිසා ශාන්ත බව ඇති වෙනවා වගේම ධනාත්මක චින්තනය ගොඩ නගා ගැනීමටත් ඉවහල් වෙන බව ඩෙන්මාර්කය් “කීල්ස් ‍ෆින්කෙන්” සඳහන් කරනවා. මානසික විඩාවට නිල් පැහැය ඉතාම හොද විසඳුමක් බව දැන් පිලිගෙන තිබෙනවා.

කොළ වර්ණය :

පරිසරයටම බද්ධ වී තිබෙන කොළ පැහැය හිතට සැනසිල්ලක්. සිත නිවන වර්ණයක්. ඒ නිසාම නිවෙස් ආලේපයට කොළ වර්ණය ඉතාම හොදින් ගැලපෙන බව දැන් පිලිගෙන තිබෙනවා.

දම් වර්ණය :

සාමකාමී වටපිටාවක් ගොඩ නගන දම් වර්ණය දරුවන් පාඩම් කරන කාමර වෙනුවෙන් ගැලපෙන බව වර්ණ විද්‍යාඥයින්ගේ අදහසයි.

රතු වර්ණය :

ඉස්සර කාලයේ නම් රතු වර්ණය ආලේප කළේ මස් විකුණන අලෙවිසැල් වල අනන්‍යතාවය පෙන්වීමටයි. අදටත් බිත්තිවල රතු වර්ණය ආලේප කිරීම ඉතාම සීමිතයි. ඒ වුනත් රතු තිබෙනවා.

තැඹිලි වර්ණය :

මේ වර්ණයත් ඉතාම අඩුවෙන් ආලේප කළත් ස්නායු උත්තේජනයට හොඳ හැකියාවක් ඇති වර්ණයක් විදිහට පිලිගැනීමක් ඇති වර්ණයක්.

තීන්ත ආලේප කිරීමේදිත් සැලකිලිමත් විය යුතු කරුණු…

තීන්ත ආලේප කිරීමේදී අපි දරුවන්ගේ සෙෆඛ්‍යය තත්වය ගැනත් සැලකිලිමත් වීම වැදගත්. තීන්ත දිය කිරීම අපි වාස්පශීලී සංයෝග එහෙම නැත්නම් Volatile Organic Compounds වර්ග යොදා ගන්නවා. මේවායේ දිය කිරීමෙන් පසුව තීන්ත ආලේප කලාම බිත්තියේ විශාල පරාසයක පැතිරෙනවා. VOC වාෂ්ප වුනාම තීන්ත ඝන බවට පත් වෙනවා.

දරුවන්ට අහිතකරයි…

ඒත් නිතරම දරුවන් මේ සංයෝගවලට නිරාවරනය වීම අහිතකර බැව් දැන් විද්‍යාඥයින් විසින් හදුන්වා දෙනවා. ඒ නිසා තීන්ත ආලේප කළාට පසුව දරුවා ඒ පරිසරයෙන් ඈත් කර තැබීම වැදගත්.

අපෝ බිත්ති විනාසයි…

දරුවන්ටත් කුරුටු බලි අදින කාලයක් තිබෙනවානේ… දැන් නිතරම තීන්ත ආලේප කරනවා. ඒ නිසා දරුවා නිරන්තරවම වෙනුවෙන් නිරාවරණය වීමේ අවදානමක් තිබෙනවා.

ගෙදර අපාය වගේ තියා ගන්නද….?

ඔව් ඒකත් ඇත්ත. ඒ වුනත් අපේ රටේ තවමත් 95 % ක් දෙනා නිවෙස් වල තීන්ත ආලේප කරනවා. ඒත් දරුවන් සාමාන්‍ය තේරුමක් ඇති වයසට එන තෙක් බිත්ති අලංකරණ කඩදාසි යොදා ගැනීමට පුලුවනි. ඒ වගේම තීන්ත මිලට ගැනීමේදී VOC රහිත තීන්ත වර්ගයක් වෙනුවෙන් යොමු වීම ඉතාම වැදගත්. මේ පුංචි වෙනස්කම් වලින් දරුවන්ට විය හැකි අනතුරු අවදානම ඔබට නැති කර ගැනීමට පුලුවනි.

Health & Science
Volatile organic compounds found in paint and other fumes can be harmful

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article