හැඳි නොගා හදන හොද්දයි… ගුටි නොගහ හදන දරුවයි… දෙකම ගුණාත්මක ලෙසින් පහළ මට්ටමක පවතින බව අතීතයේ පටන් අපේ කටවහරේ පවතින කියමනක්. ඒත් මේ පිලිගැනීමටත් දැන් වෙනස් අර්ථ කථන දීමට සිදු වෙලා තිබෙනවා. හොද්ද නිරන්තරව හැඳි ගාන විට බැක්ටීරියා ඇතුලු වෙලා ඉක්මනින් නරක් වීමට පුලුවනි. ඒ වගේම දරුවන්ට වුනත් දඬුවම් දෙන විට වයසට ඔරොත්තු නොදෙන විදිහට දඩුවම් දුන්නොත් අනාගතයේදී මේ දරුවන් වෙතින් දුර්වල පෞරෂ ලක්ෂණ පෙන්නුම් කිරීමට ඉඩ තිබෙනවා. වර්තමාන මනෝ වෛද්‍ය විද්‍යාඥයින්ගේ පිලිගැනීම මුල් කර ගත් මේ කරුණ කාරනාවන් අපේ දරුවන් හදා වඩා ගැනීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.
වරදේ ස්වභාවය …
දරුවෙකුට දඬුවමක් ලබා දෙන විට ඒවැරැද්දේ ස්වභාවය ගැන සිතන්නම අවශ්‍යයි. අත්වැරදීමකින් යමක් දරුවා අතින් කැඬුන බිදුන අවස්ථාවක ඔරොත්තු නොදෙන දඬුවම් ලබා දෙන දෙමව්පියන් දඬුවම් ලබා දිය යුතුතැනදී බොහොම නිහඬයි. යමක් කැඩුන බිදුන විටෙක ඒ තරම් දැඩි දඬුවම් අවශ්‍ය නැහැ. එය ප්‍රවේසමෙන්පාවිච්චි කරන හැටි ගැන දරුවාට කියා දීම ප්‍රමාණවත්.
දඬුවමේ ස්වභාවය …
දරුවා කියන්නෙත් ලෙයින් මසින් හැදුන ජීවියෙක්. ඒ නිසා දඬුවමක් ලබා දෙන විට එය ඔරොත්තු දෙනවාදැයි හිතන්න. ඇතැම්අවස්ථාවල දිමි ගොහොටු කඩා දැමීම, මිරිස් කොච්චි වැනි දේ ආලේප කිරීම වගේ අමානුෂිකදඬුවම් ලබා දෙන දෙමව්පියන් නැතුවාම නොවෙයි. මෙතැනදී අම්මාට තාත්තාට මෙහෙම හිතන්නපුලුවන්. “මගේ අතේ මිරිස් ටිකක් ගෑවුනාම කොච්චර අපහසුයිද…? ඉතින් ලපටි දරුවෙකුටමේ තත්වය ඔරොත්තු දෙයිද…?” එතකොට අම්මාට හෝ තාත්තාට දඬුවමේ ස්වභාවය ගැන හිතන්න පුලුවනි. දඬුවම් කරන්නේ දරුවා යහමගට ගැනීමේ යහපත් චේතනාවෙන් බව ඇත්ත. ඒත් මේ දඬුවම දරුවාට දරන්න පුලුවන් වීම ගැනත් ටිකක් හිතනන් අවශ්‍යයි.
දරුවාගේ මානසිකත්වය …
ඇග තැලුනට බේත් තිබෙනවා…හිත තැලුනට බේත් නැහැ. දඬුවමත් ඒ වගෙයි. දරුවාගේ මානසිකත්වයට යම් බලපෑමක් ඇති වුනොත් ඒයින් දරුවා මුදවා ගැනීම ඉතාම දුෂ්කරයි.සමහර අවස්ථාවලදී දරුවාට ලබා දෙන මානසික දඬුවම් නිසා ඔවුන්ගේ පෞරෂය මුලුමනින්ම බිඳ වැටෙනවා. එක්තරා පියෙක් පුතා කළ වරදට දඬුවමක් ලෙසින් ඔහු නිරුවතින් මිදුලේ සිටුවා තැබුවා. මේ වෙන විට දරුවාගේ වයස අවුරුදු හය හතක් විතර වුනා. එතැනින් යනෙන දරුවාගේ මිතුරන් ඔහුට හූ කියන්න පටන් ගත්තා. එතැන් පටන් දරුවා මිතුරන්ටවත් මුහුණ දෙන්න මැලි වුණා. නිතරම හුදෙකලාව ජීවත්වෙන මානසිකත්වයක් නොදැනීම දරුවාගෙන් නිර්මාණය වුනේ බාල කාලයේදී අනවශ්‍ය විදිහට දරුවා ලැජ්ජාවට පත් වුන නිසයි.
නැවත නැවත දඬුවම් කරන්න එපා …
ඇතැම් දෙමව්පියන් දරුවාට පන්නපන්නා දඬුවම් කරනවා. එක් වරක් දඬුවමක් දුන්නා නම් ඒ වරදට නැවත නැවත ඒ අවස්ථාවේදී දඬුවම් කිරීම සුදුසු නැහැ.අවවාදයක් වුනත් එහෙමයි. කෙළවරක් නැති අවවාද කළයක් මුනින් නාවල ජලය දැමීමට සමානයි. වරදකට දඬුවමක් ලබා දුන්නාට පසුව නැවත දඬුවමක් ලබා දියයුත්තේ දරුවා ඒ වරද නැවත කලොත් පමණයි.
එදත් මෙහෙමයි… අදත් මෙහෙමයි එපා …
දරුවාට දඬුවම් කරන විට “ඔයා එදත්මෙහෙමයි… අදත් මේ වැරැද්ද කරනවා. හෙටත් නම් ඉතින් හැදෙන එකක් නැහැ…” යන විදිහට චෝදනානගන්න එපා. වර්තමානයේදී සිද්ධ වුන දෙය පමණක් නිමිත්ත කර ගන්න. පෙර වැරැදි මේඅවස්ථාවට පාදක කර ගත් විට අද දවසේ වැරැද්ද වෙනුවෙන් ඔබ ලබා දෙන දඬුවම ගැන දරුවාටකිසිම අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අම්මා, තාත්තාගේ සම්ප්‍රදායික වචන කීපයක් පමණක් ලෙසින් මේ තත්වය දරුවාගේ හිතට කාවැදීම පමණක් සිදු වීම නිසා දරුවා නිවරැදි කිරීම සාර්ථක වෙන්නේ නැහැ.
දරුවා ප්‍රතික්ෂෙප නොකරන්න …
බොහෝ දෙමව්පියන් දරුවාට දඬුවම් කිරීමෙන් පසුව ඔවුන් ප්‍රතික්ෂෙප කරනවා. අයියලා නංගිලාටත් කියනවා. “මෙයා එක්ක කතා කරන්න එපා.. මෙයා අපේ පවුලේ නොවෙයි.. කුනුකාණුවෙන් අහුලා ගත්තේ.. ” මෙවැනි වචන ඔබ නොසිතා කිව්වත් දරුවන් තුළ ඒවා තදින්මතැන්පත් වෙනවා. මේ නිසා දඬුවමක් ලබා දුන් එයින්පසුව නැවත මානසික දඬුවම් ලබා දීම එතරම් සුදුසු නැහැ. දඬුවමෙන් පසුව නැවත ඔවුන්ට පෙරපරිදි කාරුනික වෙන්න.
දරුවාට දඬුවමක් ලබා දුන්නේ ඔවුන් යහමගට ගැනීමට බැව් පහදා දෙන්න …
දඬුවම් කරමින් අම්මා , තාත්තා මේ උත්සාහ කරන්නේ ඔවුන් යහමගට ගැනීමට බැව් පහදා දෙන්න. දඬුවම් නොදී හදා වඩා නොගත්තොත් අනාගතයේදී සමාජයෙන් ප්‍රතික්ෂෙප වීමට තිබෙන ඉඩ ගැන පහදා දෙන්න. තල මිටක් සොරෙන් කෑ දරුවාට එදා ගුරුතුමා පහර නොදුන්නා නම් ඔහු රජෙක් නොව සොරෙක් බවට පත් වීමට ඉඩ තිබුන බව කියා දෙන්න. ඒ වගේම ගුරුවරයා දඬුවම් කිරීම ගැන උරන වුනත් පසුව ඒ බව රජතුමාටම ඒත්තු ගිය ජාතක කතාව වැනි ආදර්ශ කතා කියා දෙන්න. එවිට දරුවාටම ඒ බැව් තේරුම් ගන්න පුලුවනි.
දඬුවමෙන් පසුව විපරමෙන් සිටින්න …
අද දරුවන් ඉතාම ආවේගශීලියි. බොහෝදරුවන් දඬුවමෙන් පසුව ගෙදරින් පැන යෑම, සිය දිවි හානි කර ගැනීම කටයුතු කර ගැනීමටතරම් දරුනුයි. මේ නිසා දරුවා කාමරවලට දමා දොර වැසීම වගේම ඔවුන්ට කාමරයේ දොර වසාගෙන සිටින්නට අවසර දෙන්න එපා. කවුරුන් හෝ දරුවා ගැන විපරමෙන් සිටින්න. ආවේග පාලනය කරගත නොහැකි නිසා ඔවුන් දරුණු තීරණ ගැනීමට ඉඩ තිබෙනවා.