- Advertisement -

කිරි කැටියෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන හේතු මෙන්න

-

දරුවෙකු උපන් විගස නොයෙකුත් හේතු නිසා නව ජන්ම දැඩි සත්කාර ඒකකයට දරුවන් ඇතුළත් කරනු ලබයි. මෙහිදී සමහරක් හේතූ නිසා දරුවා දීර්ඝ කාලයක් ප‍්‍රතිකාර ලබන අතර වැඩිදුර නිරීක්‍ෂණය සඳහා ගත් ළමුන් ආපසු මවට ලබාදේ. අද අප දරුවන් ඇතුළු කිරීමට හේතූ වන කරුණු පිළිබඳව සාකච්ජා කරමු.

නීරක්තිය හා රුධිර වහනය (Anaemia and bleeding)

අලුත උපන් දරුවාට නීරක්තිය ඇතිවීමට බලපාන හේතූ 03 කි.

- Advertisement -
  • රුධිරය ශරීරයෙන් ඉවත් වීම (Blood Loss)
  • රුධිර සෛල බිඳ හෙලීම (Haemolysis)
  • රතු සෛල නිපදවීම අඩුවීම (කලාතුරකින්) (Diminisbed Red Blood Cell Production Rate)
රුධිරය ශරීරයෙන් ඉවත් වීම (Blood Loss)

මෙහි දැක්වෙන රුධිරය ශරීරයෙන් ඉවත් වීමේ තත්ත්වය ඇති වීමට බලපාන හේතු කිහිපයකි.

ප්‍රසූතියේදී මවට මුහුණ දීමට සිදුවන තත්ත්ව :

  • පූර්ව ප‍්‍රසව රක්තපාතය (Anti Partum Haomoritage)
  • පෙකණිවැල පිපිරී යාම (Umbilical cord rapture)

සැඟවුණු රුධිර වහනය /ගුප්ත රුධිර වහනය (Occult blood losss) :

  • කලලය හා වැදෑමහ අතර රුධිර වහනය (Feto-maternal bleeding)
  • නිවුන් දරුවන් දෙදෙනෙකු අතර රුධිරය හුවමාරු වීම (Twin to twin transtansen)

දරුවාගෙන් රුධිරය ගැලීම (Neonatal bleeding) :

  • Cephalohematoma
  • පෙකණියෙන් රුධිරය ගැලීම
  • කපාලය තුල රුධිරය ගැලීම (Intra cranial bleeding)
  • පෙකිණියෙන් රුධිරය ගැලීම
  • ආහාර මාර්ග පද්ධතියේ රුධිර ගැලීම
  • අක්මාව, ප්ලීහාව පුපුරායාම
  • දරුවාගෙන් අධික ලෙස රුධිර පරීක්‍ෂණ සඳහා සාම්පල් ගැනීම (බහුලම හේතුවක්)
රුධිර සෛල බිඳ වැටීම

මේ සඳහා බලපානු ලබන හේතු සාධක පහත පරිදි වේ.

  • Rh සාධකය හෝ රුධිර ගණන නොගැලපිම
  • ජානමය ආබාධ තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි G6PD ඌනතාවය (G6PD Deficiency)
  • විෂබීජ ශරීර ගතවීම (Sepsis)
  • රුධිරය කැටි නොගැසීම (Disseminated intravascular coagulation – DIC)
  • මැලේරියාව
රතු සෛල නිපදවීම අඩු වීම

  • ආසාධන – වීෂබීජ ශරීර ගතවීම (Infection)
  • ඖෂධ
  • උපතේ සිටි ඇති ලියුකේමියාව

මේ තත්ත්ව සඳහා ප්‍රතිකාර ලෙස ප‍්‍රමාණවත් ලෙස විටමින් E, විටමින් 12, ෆෝලික් අම්ලය, යකඩ ලබාදීම, රුධිර ගණ හා Rh සාධකය ගලපා රුධිරය ලබාදීම යන ක්‍රම ක්‍රියාත්මක කරයි.

මන්දතාපය (Hypothermia)

කිහිල්ලෙන් උණ පරීක්‍ෂා කිරීමේදී එය 36.5 – 37.5 (97.7 – 99.5 F) දක්වා අඩු වීමයි. මෙම තත්ත්වය වළක්වා ගැනීමට,

  • කාමර උෂ්ණත්වය 26 – 280 ක්‍ තබා ගැනීම
  • වන්ද්‍යකෘත උණුසුම් තුවායක් මගින් දරුවා වියළි/උණුසුම් කිරීම
  • මවගේ සමට ස්පර්ශ වීමට තැබීම, කිරි ලබාදීම
  • හිස හොඳින් වසා තැබීම
  • මව සමග දරුවා තැබීම

ඉහත තත්ත්වවලදී යථා තත්ත්වයට පත් නොවුනි නම් දරුවා ළදරු ඒකකයේ වීදුරු පෙට්ටිය (Incubator) තුළ තැබීම හෝ warmer එක තුළ තැබීම කළ හැක.

දරුවා බර අඩුවීම (Law birth weight babies)

දරුවාගේ බර අඩුවීමට නොමේරූ බව මෙන්ම සති ගණනට සාපේක්‍ෂව ගර්භාෂය තුළ දී  දරුවා නිසි පරිදි වර්ධනය නොවීම යන හේතූ දෙක ප‍්‍රධාන ලෙස බලපායි.

මොවුන්ගේ ගැටලු අනුව ලබාදෙන ප‍්‍රතිකාර වෙනස් වේ. දරුවාගේ බර 1800g ට වඩා වැඩි හා දරුවාගේ වයස සති 34 ට වඩා වැඩි නම් මව සමග දරුවා වාට්ටුව තුළ තැබිය හැක. සති 34 වඩා අඩු හා බර 1800g ට වඩා අඩු නම් විශේෂ ප‍්‍රතිකාර ළදරු ඒකකයට ගැනීම කළ යුතුය.

මෙවැනි තත්ත්වයන්හිදී දරුවාගේ පෝෂණය උදෙසා නාසයෙන් හෝ මුඛයෙන් බටයක් ඇතුළු කොට ඒ ආධාරයෙන් පෝෂණය සැපයීම හෝ කුඩා කෝප්පයක් ආධාරයෙන් කිරි බිමට සලස්වයි. එසේම එම දරුවන්ට යම් රෝගී තත්ත්වයක් ඇත්නම් ඒ අනුව ප‍්‍රතිකාර ලබා දීම සිදු කෙරේ.

මන්ද මධුරක්තිය (Hypoglycemia)

එනම් රුධිරයේ පවතින සීනි මට්ටම 45m/dl (2.6mmol/l) වඩා අඩුවීමයි. මෙමගින් දරුවාට වලිප්පුව ඇති විය හැක. එමගින් මොළයේ සෛලවලට හානි වී මිය යා හැක. රුධිරයේ සීනි වැඩිවීමට වඩා සීනි අඩුවීම නිසා ඇතිවන අහිතකර ප‍්‍රතිඵල වඩා භයානක වේ.

මේ සඳහා ලබා දෙන ප‍්‍රතිකාර දරුවාගේ තත්ත්වය මත වෙනස් වේ.

  • මව්කිරි ලබාදීම
  • දොවා කිරිදීම
  • 10%, 12.5%, 15% Dextrose ශිරාගත කිරීම
  • Hydrocotizone වැනි ස්ටීරොයිඩ ලබාදීම
  • Glucogen හෝමෝනය ලබාදීම
නවජ සුති කම්පනය (Neonatal Shock)

ප‍්‍රමාණවත් තරම් රුධිර සංසරණයක් නොමැති වීම නිසා ඔක්සිජන් හා පෝෂණය, මොළයේ හා අනෙක් පටකවලට නොලැබීමෙන් එහි ක‍්‍රියාකාරීත්වය ඇන හිටීම මෙම තත්ත්වයයි. මේ සඳහා ලබාදෙන ප්‍රතිකාරද ප‍්‍රතිකාර කම්පනයේ තත්ත්වය මත වෙනස් විය හැක.

පොදුවේ ලබාදෙන ප්‍රතිකාර ලෙස,

  • ඔක්සිජන් ලබාදීම
  • රුධිරයේ සීනි මට්ටම අඩු නම් ඒ සඳහා ප‍්‍රතිකාර කිරීම
  • උෂ්ණත්වය අඩු නම් සාමාන්‍ය මට්ටමට ගෙන ඒමට අවශ්‍ය කටයුතු කිරීම
  • ශිරා මගින් තරලය ලබාදීම
  • හෘදයේ ක‍්‍රියාකාරීත්වය වැඩි කිරීමට ඖෂධ ලබාදීම (උදා: Dopamine, Dobatamine)
ස්වසන අපහසුව (Respivatory Distress)

මෙහිදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ ලෙස,

  • මෙහිදී ස්වසන වේගය වඩා වැඩිවේ
  • හුස්ම ගැනීමේදී පපුවේ මැද කුඩා වලක් සෑදීම
  • කෙඳිරි ගෑම
  • ස්වසනය නැවැත්වීම

එසේම මේ තත්ත්වයට ඇති වීමට පොදු හේතූ ලෙස,

නොමේරූ ළදරුවෙකුට නම් : 

  • පෙනහලු තුල ඇති සර්ෆ්ක්ටන්ට් නම් රසායන ද්‍රව්‍ය අඩුවීම (මෙමගින් ගර්ත හැකිලීම වළක්වයි)
  • උපතේදී ඇතිවන නියුමෝනියාව (Congenital pneymonia)
  • මන්ද තාපය (Hypothermia) ශරීර උෂ්ණත්වය අඩුවීම
  • මන්ද මධුරක්තිය (Hypo lycemia) රුධිරයේ සීනි අඩුවීම

මේරූ දරුවෙකු නම් :

  • ස්වසන වේගය වැඩි වීම (TTNB – Transitory Tachypnea of NewBorn)
  • දරුවාගේ මළ ස්වසන මාර්ගයට යාම (Meconium Aspiration)
  • නියුමෝනියාව
  • ශරීරයේ විවිධ අවයවවලට ඔක්සිජන් හා රුධිරය නොලැබීමෙන් පටක මිය යාම

ශල්‍ය හේතූ ලෙස :

  • මහා ප‍්‍රාචීරය ආශ‍්‍රිතව ඇතිවන හර්නියා තත්ත්වය
  • ස්වාස නාලය හා අන්ත ශ්‍රෝතය අතර සම්බන්ධතාවයක් ඇති වීම

වෙනත් හේතූ ලෙස :

  • ආජන්මජ හෘද රෝග
  • පරිවෘත්තීය රෝග

ප‍්‍රතිකාර ලෙස :

  • ශරීර උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයේ පවත්වා ගැනීම
  • හෘද ස්පන්දන වේගය, රුධිරයේ පවතින ඔක්සිජන් ප‍්‍රතිශතය, ස්වසන වේගය, ස්වසනය කිරීමට දරන වෑයම, රුධිරයේ සීනි මට්ටම, රුධිර පීඩනය නිරික්‍ෂණය කිරීම (Monitor)
  • ඔක්සිජන් ලබාදීම, රුධිරයේ ඔක්සිජන් මට්ටම 90% – 94% පවත්වා ගැනීම
  • ස්වසන අපහසුව දිගටම පවතී නම් කෘතිම ස්වසන යන්ත‍්‍රයකට හෝ ස්වසනය සඳහා උපකාරී වන යන්ත‍්‍රයකට සම්බන්ධ කිරීම
  • මව්කිරි ලබාදීමට නොහැකි නම් ශිරා මගින් තරලය ලබාදීම
  • මව්කිරි ලබාදීමට හැකි නම් දොවා බටයක් මගින් ලබාදීම
  • ප‍්‍රමාණවත් රුධිර සංසරණයක් පවත්වා ගැනීම
  • රුධිරයේ සීනි මට්ටම පවත්වා ගැනීම
දරුවා ස්වසනය නවත්යි නම් (Apnoea)

විළුඹ පිට ඇතිල්ලීම, තට්ටු කිරීම මගින් ස්වසනය උත්තේජනය කළ හැකිය. එසේ කිරීමෙන් ස්වසනය උත්තේජනය නොවේ නම් කෘතිම ස්වසන යන්ත‍්‍රයකට සවි කිරීම සිදු කෙරේ. නොමේරූ දරුවෙකු නම් Aminophyllin ඖෂධය ලබාදීම සිදු කෙරෙන අතරම රුධිර වගා කිරීම මගින් (Blood culture) රුධිරයට විෂබීජ ඇතුළු වී ඇති දැයි පරීක්‍ෂා කර ඒ සඳහා ප‍්‍රතිජීවක ඖෂධ ලබාදේ.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය E.M.S ඒකනායක මහතා සමග සුතිකා පුහුණුව ලැබූ හෙද නිලධාරීනි ක්‍රිෂාන්ති ගංගා මහත්මිය විසින්  සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article