පවුලක ළදරු දරුවාගේ තුවායට නම් ඉතාම වැදගත් තැනක් ලැබෙනවා. ඒ අම්මා තාත්තා දරුවාට තිබෙන ආදරය නිසයි. හදිසියේවත් විෂබීජයක් එහෙම නැත්නම් වෙනත් ආසාදනයක් ඇති වුනොත් කියන බිය නිසා දරුවාගේ තුවාය ගැන තිබෙන සැලකිල්ල පවුලේ සෙසු සාමාජිකත්වය වෙනුවෙනුත් දැක්වීම ඉතාම වැදගත්.
ඒ වගේම අපි සමහර අවස්ථාවලදී තුවාය ගැන යම් සැලකිලල්ක් දැක්වීමට උනන්දු අවස්ථා නැතුවාත් නොවෙයි. අලුහම් හෝ සමේ වෙනත් ආසාදනයක් ඇති විට එහෙම නැත්නම් වෙනත් රෝග තත්වයක් තිබෙන විට පවුලේ සාමාජිකයාගේ වුනත් තුවාය වෙන් කර තැබීම සිදු වෙනවා. කුරුලෑ වගේම ඉන්නන් සිටින විටත් අපි තුවාය වෙන් කර ගැනීමට උනන්දු වෙනවා. ඒ වගේම පවුලේ වුනත් ඒ වගේ සමේ රෝග තත්වයන් තියෙන සාමාජිකයා පාවිච්චි කරන තුවාය ඈත් කර තැබීමට උනන්දුයි. අද දවසේ කතා බහ කරන විදිහට තුවාය කියන්නේ බැක්ටීරියාවන්ට ප්‍රවාහන මාධ්‍ය සපයන ආයතනයක්. ඒ නිසාම තුවාය කියන්නේ විෂබීජ ආකරයක්.
අපි හිතන්නේ මුහුණ පිහින තුවාය ඉතින් කිලුටු වෙන්නෙත් නැති නිසා සතියකට වතාවක් සෝදා පිරිසිදු කර ගත්තාම මදැයි යන අදහස වුනත් එය සම්පුර්ණයෙන් වැරැදි සහගත අදහසක්. ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබඳ මහාචාර්ය “පිලිප් ටර්නෝ” සඳහන් කරන අන්දමට මුහුණ පිහින තුවාය කියන්නේ විෂබීජ ආකරයක්. මුහුණ පිහින තුවාය තෙතමනයෙන් තියෙන නිසා coliform වැනි බැක්ටීරියා වගාවීමට ඉතාහ හොඳ තෝතැන්නක් ඇති වෙනවා. ඒ නිසා බැක්ටීරියා ආසාදනයන්ට අපි නිරාවරනය වීමට තිබෙන අවස්ථාව තුවාය හරහා ඇති වීමට තිබෙන ප්‍රවනතාවය දහස් ගුණයකින් ඉහළ බැව් මෙම මහාචාර්යරයා පෙන්වා දෙනවා.
ඒ අතරම ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු නැසුවා ප්‍රජා රෝහලේ ආසාදිත සහ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය “ආරොන් ග්ලේට්” පෙන්වා දෙන අන්දමට මිනිසුන්ට විෂබීජ මගින් රෝග බෝවීමට ඇති අවදානම ඔවුන්ට පාලනය කර ගැනීම පහසුයි. ඒ වෙනුවෙන් වූ සුවපිලිවෙත් ගැන දැන් සමාජය බොහෝ සෙයින්ම දැණුවත්. ඒ වුනත් තමන්ගේ තුවාය මේ විදිහට ලෙඩ රෝග වෙනුවෙන් රෝග බීජ වපුරනවා නම් දැන් අපි තුවාය ගැන මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්වීමට කාලය ඇවිත්.
සාමාන්‍යයෙන් තුවායක බැක්ටීරියා බිලියන පහක් පමණ ජීවත්වෙනවා. අපි තුවාය පාවිච්චි කළාම මේ ප්‍රමාණය බිලියන දහයටත් වඩා වැඩියෙන් ඉහළ යෑමක් සිදු වෙනවා. ඒ නිසා ඔවුන්ගේ උපදෙස වන්නේ තුවාය පාවිච්චියෙන් පසුව සෝදා වියලා ගැනීම ඉතාම වැදගත් බවයි.
අපි කලබලයට තුවාය නානකාමරයේ තබා යෑමට පුරුදුව සිටිනවා. දරුවන් අතරත් මෙය ඉතාම බහුල සිරිතක්. ඒත් තුවාය තෙතමනය සහිතව මේ විදිහට තිබීම බැක්ටීරියා වගා වීමට හොද පරිසරයක්.
තුවාය සෝදන්න උපදෙස්
අයර්ලන්තයේ එනිස් ආසාදාන රෝග පාලන දෙපාර්තමේන්තුව විසින් තුවාය සෝදා ගැනීමට උපදෙස් කීපයක් ලබා දී තිබෙනවා. ඒ අනුව මුහුණ පිහින තුවාය සෙල්සියස් අංශක 60 ක උණුසුම් ජලයෙන් සෝදා ගැනීම මගින් බැක්ටීරියාවන්ගේ වගාව පාලනය කර ගැනීමට පුලුවනි. ඒ වගේම යාන්තම් තෙත ගියාම මදැයි කියනන්ත් එපා. අඩුම වශයෙන් විනාඩි 45 ක කාලයක්වත් තුවාය වියලා ගැනීම වැදගත්. අපි ඉතින් නිවසෙන් පිටත් වෙද්දී තුවායත් ගෙට දාලා යන්නේ හදිසියේ වැස්සොත් කියන අදහස නිසයි. හවසට ආවාම නැවත්ත මේ තුවායම පාවිච්චි කරද්දී සාමානයයෙන් වියලී තිබෙනන් පුලුවනි. ඒ වුනත් ඒ වියලීම මද පවනේ නිසා බැක්ටීරියාවන්ට බලපෑමක් සිදු වෙන්නේ නැහැ. අව්වේ වියලා ගැනීමට යොමු නොවන උදවිය රෙදි සෝදන යන්ත්‍රයේ වියලන කොටසේදී වුනත් හොදින් වියලා ගැනීම වැදගත්.
ඒ වගේම අපේ මුලුතැන්ගෙදයි තිබෙන අත්පිස්නාවලත් මේ විදිහටම අවදානම තිබෙනවා. තෙතමනය තිබෙන තැන්වල බැක්ටීරියාවන්ට හොඳ තෝතැන්නක් සපයනවා. ඒ නිසා කිසිම විටෙක අත්පිස්නාව තෙතමනයෙන් තබනන් එපා. ස්පොන්ජ් වුනත් නිතරම වියළිව තබා ගැනීමට උනන්දු වීම එබේම සෞඛ්‍යට හිතකරයි.
අපි නොදැනීම විවිධ විෂබීජ පැතිරෙන තවත් ක්‍රමයක් තිබෙනවා. වැසිකිලි කොමඩ් එකට වතුර මුදා හරින විට එහි පියන වසා වතුර ටැංකිය ක්‍රියාත්මක කරනන්. එසේ නැති වුනොත් වතුර පහරේ වේගයට මේ විෂබීජ වැසිකිළියේ කොමඩ් එකේ සිට අවට පරිසරයට පැතිරෙන්න පුලුවනි. ඒ නිසා ටිකක් සැලකිලිමත් වීමත් වැදගත්.
C-net වෙබ් අඩවියේ Richard Nieva ගේ ලිපියක් ඇසුරිනි