- Advertisement -

කවි, ගීත ඇහුනොත් හිතට සැපයි

-

කවි, සින්දු ගැන අපේ අම්මලාට කරුණු කියා දීමට අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඒ මොකද කිව්වොත් දරුවා උපන් දිනයේ පටන් ”දොයි දොයි දොයිය බබා “යන නැළවිලි ගීතය නොදැනීම අම්මාගේ මුවින් නික්මෙනවා. ඒත් දැන් දැන් නම් නැළවිලි ගීත ගයන අම්මලා බොහොම අඩුයි. නමුත් ගීතයකින් ඇති වෙන මානසික ප්‍රබෝධය පිලිබඳව ලියැවුන මෙම අධ්‍යනය කියවලා බැලුවොත් දරුවන්ට විතරක් නොවෙයි, අපි කාටත් ගීතයකට සවන් දීමෙන් ලැබෙන කාර්යක්ෂමතාවය මොන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ” සෑම් පර්ගසන් ” සහ නෙදර්ලන්තයේ ”රඩ්බවුන්ඩ් ” විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ” සයිමන් රිට්ටර් ” විසිනුයි.

මේ මහාචාර්යවරුන්ට අවශ්‍ය වුනේ ගීතයක් මගින් පුද්ගලයාගේ මානසිකත්වය කොතරම් වෙනස් කරන්නේද ගැන අධ්‍යනයකින් සනාථ කර ගැනීමටයි. මේ වෙනුවෙන් ගීත වර්ග තුනක් තෝරා ගත්තා. ප්‍රිතිමත් ගීත, දුක හිතෙන ගීත සහ හිත සන්සුන් කරන ගීත විදිහටයි. ගීත ශ්‍රවණය නොවන තැනකත් තවත්  පිරිසක් සිටියා. එයින් අනතුරුව මෙම පර්යේෂකයින් විසින් සියළු දෙනාටම එක් සිද්ධියක් මුල් කර ගෙන ඔවුන් විසින් ගනු ලබන තීරණය ගැන අදහස් සාකච්ඡා කලා. එහිදී පෙනී ගිය අන්දමට ප්‍රිතිමත් ගීත ශ්‍රවණය කළ පුද්ගලයින් අතරින් වඩාත් සාර්ථක ලෙස තීරණ ගැනීමේ හැකියාව තිබුන බැව් පැහැදිලිව පෙනී ගිය කරුණක්. මෙම සාර්ථක අධ්‍යනය ඔවුන් විසින් ” ප්ලස් වන් ” පර්යේෂන පත්‍රිකාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

- Advertisement -

මේ එක් සිද්ධි අධ්‍යනයක්. නමුත් මිහිරි සංගීතය හෝ ප්‍රිතිමත් ගීත පුද්ගල සංවර්ධනයට මොන තරම් බලපාන්නේද ගැන දැන් අපිට යම් අදහසක් ඇති වේවා. ඔබටත් මේ ගැන යම් යම් සංකල්ප හිතේ ඇති. දැනටත් ඇතැම් ආයතනයන්හි මිහිරි ගීත සහ සංගීත ශ්‍රවණයට සලසා තිබනවා. එයින් ආයතනයට පැමිනෙන පාරිභෝගිකයන්ටත් වඩා ආයතනයේ සේවයේ යෙදී සිටින පිරිසට වඩාත් හිතකාමී පරිසරයක් ගොඩ නැගෙනවා. වැඩ පරිසරය සමග ඔවුන් බොහොම හෙම්බත්ව සිටින විට මේ සංගීත මගින් ආයතනයේ සේවයේ යෙදී සිටින පිරිසගේ විඩාවට යම් නිදහසක් ලැබෙනවා.

අපේ පවුලටත්  නරක නැහැ…

පවුලක් විදිහට හැම දෙනාගේම හිතේ සතුට ඉතාම වටිනවා. ඒ නිසා නිවසක රූපවාහිනිය නොබලන වේලාවටවත් ගීතයක් ඇහෙන්න ඉඩ සලසා දුන්නොත් වටිනා ප්‍රතිඵල ලැබෙන්න පුලුවනි. නිවසේ මුලුතැන්ගෙයටම සිරගතව සිටින අම්මාට වුනත් ප්‍රිතිමත් ගීතයක් ඇහෙන විට හිතට යම් නිදහසක් ඇති වෙනවා.ඊටත් රූපවාහිනියට වගේ ඇස් දල්වා ගෙන බලන්න වෙලාවක් යන්නෙත් නැහැ. වැඩ කරන අතරවාරයේම ගීතයක් ඇහෙනවා නම් කරන කාර්යයයේ තිබෙන බරත් සැහැල්ලු වෙනවා.

ගීතයෙන් මොන තරම් වෙනසක් කරන්න පුලුවන්ද..?

මේ එක්තරා සිදු වීමක්. මෙය සත්‍ය සිදුවීමක් විදිහට එක්තරා සම්මුඛ සාකච්ඡාවක සදහන් වුන සිදුවීමක්. එක්තරා මවක සහ දියණියක් අතර ඇති වුන බහින් බස් වීම කෙළවර වුනේ මව විසින් ඇගේ දියණියට කම්මුල හරහා වැරෙන් පහර දීමයි. මේ සිදුවීමෙන් පසු මව නගරයට ගියේ දියණිය නිවසේ හුදෙකලාව සිටියදී. හිතේ ආවේග පාලනය කර ගත නොහැකි දියණිය නිවසින් යෑමට තීරණය කලා. ඇයට යන්නේ කොතැනකටදැයි අරමුණක් තිබුනේ නැහැ. ඒත් හිතේ තරහ නිසා ඇය තමාගේ ඇදුම්ද බෑගයක දමා ගෙන බස් රථයට නැංගා. ටික දුරක් යද්දී බස් රථයේ තිබුන ගුවන් විදුලියෙන් ගීතයක් ඇසුනා.

ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා…අම්මා වට කර ලිප ගිනි ඇවිලෙනවා…මේ ගීතය ඇසෙත්ම ඇයට තමාගේ අම්මාගේ ගුණ හිතට නැගුනා. මෙතෙක් වේලා සිටි දැඩි තීරනයෙන් මිදුන ඇය නැවත නිවසට ගියා. එම සාකච්ඡාවේ සඳහන් කළ අන්දමට මේ දියණිය දැන් වෛද්‍යවරියක්. මේ සත්‍ය සිදුවීම මගින් අපට පෙනේනේ ගීතයෙන් පුද්ගලයෙකුගේ ජීවිතය මොන තරම් වෙනස් කිරීමට පුලුවන්ද යන්න ගැනයි.

දරුවන්ට ධනාත්ම ගීත ඇසෙන්න ඉඩ සලසන්න…

එක්තරා වයසකදී දරුවන් අවවාද රුස්සන්නේම නැහැ. එවන් ගැටෙන කාලපරිච්චේදයකදී ඔවුන්ගේ මානසිකත්වය ගොඩ නැගීමට ගීතය වැදගත් මෙහෙවරක් ඉටු කරනවා. ඒ නිසා ඔබේ නිවසේ වුනත් දරුවන්ට ධනාත්මක ගීත ඇසෙන ඉඩ පරිසරයක් නිර්මානය කිරීම ඉතාම වැදගත්.

ප්‍රිතිමත් ගීත නිසා මොලයේ සතුටු කලාපය උත්තේජනය වෙනවා..මොළයේ සතුටු කලාපය උත්තේජනය වීම ඉතාම වැදගත්. ඒ නිසා අපේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට පුලුවනි. වෙහෙසකර හෝර්මෝන නිදහස් වීම මෙතැනදී වලක්වා ගැනීමට පුලුවනි. අපේ මානසික සෞඛ්‍යය පිරිහීමට බොහෝ සේ බලපාන්නේ මේ වෙහෙසකර හෝර්මෝන  බව අපි දැන සිටියත් ඒවා මට්ටු කරන්නේ කොහොමදැයි දැන්නේ නැහැ. ඔන්න ඒ වෙනුවෙන් ඉතාම හොඳ විකල්පයක් දැන් ඔබේ වෙත තිබෙනවා. නිතරම ප්‍රිතිමත් ගීත හෙවත් ඔබේ හිතට සතුටක් දැනෙන ගීතවලට සවන් දෙන්න. ඔබේ මොළයේ සතුටු කලාපට උත්තේජනය වීමත් සමග ඔබ වගේම පවුලේ හැම දෙනාම ප්‍රිතිමත් පවුලක් බවට පත් වේවි.

Behavioral Health, Blog ඇසුරින්

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article